
Central College - Anuradhapura
June 6, 2025 at 12:25 PM
හුදෙක් පොහොසත් බව මුදලින් නොව මනුෂ්‍යත්වයෙන් ,ආකල්ප තුළින් සහ සාරධර්ම අනුගමනයෙන් ලැබිය හැකි බව රටක් ලෙස ලෝකයට පිළිබිඹු කිරීම උදෙසා 'පොහොසත් රටක් ලස්සන ජීවිතයක්' ආදර්ශ පාඨය කරගනිමින් රජය විසින් දියත් කරන ලද "Clean SriLanka" ව්‍යාපෘතිය මේ දිනවලදී දිවයින පුරා ක්‍රියාත්මක වෙමින් පවතී. ඒ සඳහා අප පාසල තුළද පිරිසිදු කිරීමේ වැඩසටහනක් පසුගිය දිනකදී පවත්වන්නට යෙදුණි. විදුහල්පතිතුමා ඇතුළු අධ්‍යන, අනධ්‍යන කාර්‍ය මණ්ඩල සමඟින් සිසු සිසුවියන්ද, දෙමාපියන් ද එක්ව ඔවුන්ගේ නොමද දායකත්වය රට වෙනුවෙන් ලබාදුන්නේ සිත් තුළ දළුලන්නා වූ දේශාප්‍රේමි හැඟීම් සමූදාය ක්‍රියාවට භාජනය කරමින් ය.
ධනාත්මකව ආකල්පවලින් පෝෂිත ,පූර්ණ පෞරුෂයෙන් හෙබි පුරවැසියන් බිහිකිරීමේ මැදි විදු මාතාවගේ ඒකායන පරමාර්ථයන් මුදුන්පත් කිරීම සඳහා ඉදිරියටත් මෙවන් වූ කර්තව්‍යයන් සිදුකරන්නට අප පාසල් ප්‍රජාව බලාපොරොත්තුවෙන් සිටී.
Captioned by - P.Kamesha Gimandini
https://www.facebook.com/share/1BhSukX7Kj/?mibextid=wwXIfr
#newsupdate
#cleansrilanka
#acc
#cbuacc

❤️
❤
🔰
❤️🔥
🇱🇹
😮
32