☠︎︎☘︎ ...❝තෙරක් නොපෙනෙන බියකරු සසරක වෙසෙනා මිනිසුනේ❞,🥺🙏🏻🌼❗☛  (👼🏻👧🏻🧒🏻🏃🏻👩🏻🧑🏻‍🦱👩‍❤️‍👨🤰🏻👩🏻‍🍼👩🏻‍🦳👨🏻‍🦳⚰️🪦🕯️🏳️🏴☠️.)🌼🙏🏻❗...༻☘︎☠︎︎
☠︎︎☘︎ ...❝තෙරක් නොපෙනෙන බියකරු සසරක වෙසෙනා මිනිසුනේ❞,🥺🙏🏻🌼❗☛ (👼🏻👧🏻🧒🏻🏃🏻👩🏻🧑🏻‍🦱👩‍❤️‍👨🤰🏻👩🏻‍🍼👩🏻‍🦳👨🏻‍🦳⚰️🪦🕯️🏳️🏴☠️.)🌼🙏🏻❗...༻☘︎☠︎︎
June 1, 2025 at 04:37 PM
එක්තරා පසේබුදුරජාණන් වහන්සේ නමකගේ කාලයේ අයියලා මල්ලිලා තුන් දෙනෙක් හිටියා..මෙයලගේ රැකියාව වුනේ මී පැණි වෙළදාම.. දවසක් පසේ බුදුරජාණන් වහන්සේට අසනීපයකට මීපැණි ටිකක් ඔනී වුනා.. උන් වහන්සේ පාත්‍රයත් අරගෙන නගරයට වැඩියා.. නගරේ හිටපු එක්තරා තරුණියක් පසේ බුදුරජාණන් වහන්සේව දැක්කා..දැකලා කාරණාව විමසුවා.. මී පැණි අවශ්‍ය බව දැන ගත් ඇය, බුදුරජාණන් වහන්සේට මීපැණි විකුණපු සහෝදරයන්ගේ තැන පෙන්නුවා.. පසේ බුදුරජාණන් වහන්සේ මීපැණි වෙළද සැලට වැඩම කලා..එදා මී පැණි කඩේ හිටියේ මල්ලි විතරයි.. අයියලා දෙන්නා ගමනක් ගිහින්.. පසේ බුදුරජාණන් වහන්සේ දැකලා හිත පැහැදුනු මල්ලි, පාත්‍රයේ කටින් උතුරා යන තෙක්ම මී පැණි පූජා කලා.. එහෙම පූජා කරලා අපූරූ පැතුමකුත් පැතුවා.. """"මේ මීපැණි දානයෙන් දවසක මට මේ දඹදිව් තලයේ තනි රජෙක් වෙන්න ලැබේවා!!! මාගේ ආඥාව පොලවේත්,අහසේත් යොදුනක් දුර පැතිරේවා.!!!"""" පසේ බුදුරජාණන් වහන්සේ මීපැණිත් අරන් වැඩියා..වඩිනකොට අර පාර පෙන්නපු තරුණියව යළි මුණ ගැසුනා.. පසේ බුදුරජාණන් වහන්සේට මීපැණි ලැබුන බව අසා, ඇය විමසා සිටියා මීපැණි දුන් තරුණයා කල ප්‍රාර්ථානාව කුමක් ද කියා..? ඔහු දඹදිව අග රජ බව පැතූ බව දැන ගත් ඇය, පසේ බුදුරජාණන් වහන්සේට වස්ත්‍රයක් පූජා කොට,.. """අග රජ වන ඔහුගේ අගමෙහෙසිය වෙම්වායි පැතුවා.!!!""" ටික වෙලාවකින් අනිත් සහෝදරයෝ දෙන්නා මී පැණි කඩේට ආවා.. මල්ලි තමන් පසේබුදු රජාණන් වහන්සේට මීපැණි පුදා රැස්කල පින සහෝදරයෝ දෙන්නට අනුමෝදන් කලා.. විකුණන්න තිබ්බ මීපැණි පසේබුදුරජාණන් වහන්සේට පූජා කල නිසා, අයියලා දෙන්නට තරහා ගියා.. එක අයියෙක් මෙහෙම බැන්න.. "මේ කාලේ සැඩොල් කුලයේ අයත් කසට වස්ත්‍ර අදිනවා..පසේබුදු වගේ එන්න ඇත්තේ ඒ වගේ සැඩොලෙක් වෙන්න ඇති.." අනිත් එක්කේනා මෙහෙම බැන්නා.. "උබ මී පැණි දුන්න අයගේ ගුණ අපිට මොකටද? ඔය පසේබුදුන් ව මුහුදෙන් එතෙරට විසි කරපිය.." අයියලා බැන්නත්, මල්ලි කොහොම හරි අන්තිමේදි අයියලාව පසේ බුදුරජාණන් වහන්සේ ගැන පහදවා ගත්තා..අවසානයේ මල්ලිගේ මීපැණි පූජාව අයියලා දෙන්නත් එකහිතින් අනුමෝදන් වුනා.. කාලය ගෙවිලා ගියා..සහෝදරයෝ තුන්දෙනා මීපැණි පීදූ පිනෙන් දෙව් මිනිස් ලෝකයේ සැරිසරමින් ගෞතම බුද්ධ සාසනයේ උපන්නා.. මේ කර්ම විපාක හරි පුදුමයි.. සහෝදරයෝ තුන් දෙනා සසරේ කර ගත්ත කර්මය ඔන්න දැන් විපාක දෙනවා.. අග්‍ර උතුමන්ට දන් පැන් දීලා, පිනක් කරලා පැතූ පැතුමන් සුණු විසුණු වෙන්නේ නෑ වගේම වචනය වරද්දගෙන කර ගත්ත කර්මයත් හරි අපූරුවට විපාක දෙනවා.. පසේ බුදුරජාණන් වහන්සේට මී පැණි පිදූ මල්ලි, තම ප්‍රාර්ථනාව අනුව දඹදිව අග රජු වීම පිණිස බින්දුසාර රජුවේ පුතුව,අශෝක නමින් උපදිනවා.. අධිරජ "ධර්මාශෝක" නමින් මුලු ජම්බුද්වීපයටම අග රජු වෙනවා.. "පසේ බුදුන්ව මහා මුහුදෙන් එහාට විසි කරපිය" කියපු අයියා දඹදිව නොඉපද, මුහුදෙන් එහා ලංකාද්වීපයේ උපදිනවා.. එයා තමයි දේවානම්පියතිස්ස රජතුමා.. "උබ ඔය පැණි දුන්නේ සැඩොලෙක්ට වෙන්න ඇති" කියපු අනිත් අයියා..සැඩොල් ගමක සැඩොලෙක්ව උපදිනවා..ඔහු තමයි අශෝක රජුට ධර්මය කියපු, නිග්‍රෝධ මහරහතන් වහන්සේ... පසේ බුදුරජාණන් වහ්න්සේට මීපැණි ලබා ගන්න පාර පෙන්නපු තරුණිය,ඇයගේ ප්‍රාර්ථනාව අනුව අශෝක රජතුමාගේ අග මෙහෙසිය වෙනවා..ඇය තමයි "අසන්ධිමිත්‍රා" සසරේ පින් මහිමයෙන් ඇයගේ ශරිරයේ සංධි පේන්නේ නෑ කියනවා..ඒ නිසා තමයි ඇයට අසංධිමිත්‍රා යන නම ලැබෙන්නේ.. සසරේ එකට ඉදලා එකට කරපු පිනෙන් අයියලා මල්ලිලා ආයෙත් ගෞතම බුද්ධ සාසනයේ එකට මුණ ගැහුනා.. =================================== බුදුරජාණන් වහන්සේගේ හඬට කියන්නේ "බ්‍රහ්මස්වරය" කියලයි..එතරම් මිහිරි කඬ හඩක් මේ තුන් ලෝකේ කිසිවෙකුටවත් නෑ.. අපිට තියෙන්නෙ කැඩුණු හඬවල්, බිඳුණු හඬවල්, කාකස්වර, හැබැයි භාග්‍යවතුන් වහන්සේගේ හඬ එහෙම නෑ..ඒ හඬ අංග 8කින් යුක්තයි.. 1️⃣ඒ හඬ පහසුවෙන් මුවෙන් නික්මෙනවා 2️⃣ඒ හඬ සිනිඳුයි 3️⃣ඒ හඬ පහසුවෙන් තේරුං ගන්න පුලුවන් 4️⃣ඒ හඬ කනට හරි සැපයි. 5️⃣ඒ හඬ කිසිදු අවුල් වියවුල් නෑ. 6️⃣ඒ හඬ එකතු වෙලා තියෙන්නේ. 7️⃣ඒ හඬ ගඹුරුයි. 8️⃣ඒ හඬ නින්නාද දෙනවා. අසන්ධිමිත්‍රා හරි සද්දාවන්තයි.. ඇයට දවසක් හිතුනා භාග්‍යවතුන් වහන්සේගේ හඬ මොන වගේ ද කියලා දැන ගන්න.. රහතන් වහන්සේලාගෙන් දැන ගත්තා භාග්‍යවතුන් වහන්සේගේ හඬ හිමාලයේ ඉන්න "කුරවීක" කියන පක්ෂියාගේ හඬට සමානයි කියලා.. ඇයට ඔනී වුනා හිමාලයෙන් කුරවි පක්ෂියෙක් ගෙන්නගෙන ඒ හඬ අහන්න.. කුරවීක කුරුල්ලාගේ නාදය මොන වගේ ද දන්නවද??? කුරවි කුරුල්ලා ඉදුණු අඹවලින් වෑස්සෙන පැණි බී තෘප්තිමත් ව පියාපත් ගසමින් නාද කරන්නට පටන් ගන්නවා... ඒ හඬ කෙතරම් මිහිරි ද කියනවා නම්, ඒ හඬ කන වැකුණු මෘගයෝ හා පක්ෂීහූ මත් වූවන් මෙන් එයට ඇහුම්කන් දෙන්නට පටන් ගන්නවා... තණකොළ කන සත්තු කටට ගත් තණ බිම හෙළා එයට ඇහුම්කන් දෙනවා... අහසේ පියාඹන පක්ෂීහු පියාපත් නොගසා ඒ හඬ අහං ඉන්නවා.. දියෙහි පිහිනන මාළුවෝ, වරල් නොගසා ඒ හඬ අහං ඉන්නවා... ඒ කුරවීක පක්ෂියාගේ හඬට වඩා සිය ගුණයෙන්, දහස් ගුණයෙන් තථාගතයන් වහන්සේගේ නාදය වූ බ්‍රහ්ම ඝෝෂාව ඉතාමත් මිහිරි ය... ඉතින්, අසන්ධිමිත්‍රා තමන්ට කුරවීක පක්ෂියෙකුගේ හඬ ඇසීමේ ආසව අශෝජ රජතුමාට කිව්වා.. සසරේ පැතූ පැතුමෙන්, ධර්මාශෝක රජතුමාට යොදුනක් පුරාවට අහසේත්, පොළවේත් තම ආඥාව පතුරවන්න පුලුවන්කම තිබ්බා.. ඒ නිසාම තමයි "මහාකාළ නාගරාජයාට" කතා කලාම නාගරාජයා ඒ මොහෝතෙම රජු ඉස්සරහා පෙනී ඉන්නේත්.. ඒ අනුභාවය නිසාම රජතුමා රනින් කූඩුවක් හදලා, “මේ කූඩුවෙහි කුරවික පක්ෂියෙකු ඒවා” කියමින් ඒ කූඩුව හිමාලයා යැව්වා.. රජානූභාවයෙන් කුරවීක කුරුල්ලෙක් ඒ රන්කූඩුවට ඇවිත්, යළි රාජ මාළිගාවට ආවා.. කුරුල්ලා ආවට මෙයා දැන් නාද කරන්නේ නෑ... ඒ නිසා රජතුමාත් දේවියත් රහතන් වහන්සේලාගෙන් ඇහුවා කුරුල්ලා නාද කරවන්නේ කොහොමද කියලා... “දේවයන් වහන්ස, නෑයන් දුටු කල මේ පක්ෂියා හඬ නගන්නාහ” යි රහතන් වහන්සේලා කිව්වා.. දැන් කොහෙන්ද ඉතින් කුරවීක නැයෝ හොයන්නේ??? ඒකට පිළියමක් කල්පනා කරපු රජතුමා, කූඩුව වටේට ම කණ්ණාඩි තිබ්බා.. කුරවීක කුරුල්ලා උගේ ඡායාව කණ්ණාඩිවලින් දැක, ‘නෑයන් පැමිණියේ ය’ යි සිතා නාද කරන්නට පටන් ගත්තා... මේ හඬ අහපු අසන්ධිමිත්‍රා දේවිය, “මේ තිරිසන් සතාගේ ස්වරය මෙතරම් මිහිරි නම් සර්වඥතා ඤාණයෙන් බබළන මාගේ තථාගතයන් වහන්සේගේ ස්වරය කෙතරම් මිහිරි වන්නට ඇති දැ” යි බුද්ධාලම්භන ප්‍රීතිය උපදවා ඒ ප්‍රීතියෙන් ම ඒ මොහොතේම සෝවාන් ඵලයට පත් වූවා.. ඇය විතරක් නෙවෙයි ඒ හඬ අහලා හටගත් ශ්‍රද්ධාවෙන් 700ක් දෙනා සෝවාන් වූ බව බ්‍රහ්මායු සූත්‍ර අටුවාවේ සඳහන්.. මේ ලෝකයෙයි, කුරවීක කුරුල්ලාට තරම් මිහිරි නාදයක් වෙනකෙකුට නැති බැවින් මාගේ බුදුරජාණ් වහන්සේට "කුරවීක භාණී" යැයි කියති... "කුරවීක භාණි" වූ මාගේ බුදුරජාණ් වහන්සේට නමස්කාර වේවා!!! - බ්‍රහ්මායු සූත්‍ර අටුවාව ඇසුරෙනි. -
Image from ☠︎︎☘︎ ...❝තෙරක් නොපෙනෙන බියකරු සසරක වෙසෙනා මිනිසුනේ❞,🥺🙏🏻🌼❗☛  (👼🏻👧🏻🧒🏻🏃🏻👩🏻🧑🏻‍🦱👩‍❤️‍👨🤰🏻👩🏻‍🍼👩🏻‍🦳👨🏻‍🦳⚰️🪦🕯️🏳️🏴☠️.)🌼🙏🏻❗...༻☘︎☠︎︎: එක්තරා පසේබුදුරජාණන් වහන්සේ නමකගේ කාලයේ අයියලා මල්ලිලා තුන් දෙනෙක් හිට...
🙏 5

Comments