දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
June 12, 2025 at 12:33 PM
*Spring is far away* 🖤 (වසන්තය තව දුර ඇති) ```Episode 112``` | Why did you do this to me 🚫 Do not copy or share without author's permission "හෙටත් මම එනවා. මගෙ යාළුවෙක් එනවා මං එක්ක. එයාටත් දුවව බලන්න ඕනි කිව්වා." "ඔයා ඒක යාළුවන්ටත් කිව්වද නිර්වාන් ?" "එයා විතරයි දන්නෙ කැලී. එයා තමා මේ ගැන දන්න අන්තිම කෙනා. ඒ වගේම මින්දිව බලන්න එන අවසාන අමුත්තා." "එහෙනම් කමක් නෑ." නිර්වාන්ගෙ වචනය විශ්වාස කරපු කැලිෆෝනියා ඒකට අවසර දුන්නා. ඉතින් දැන් මේ හැමදේකම ඇත්ත දන්නේ නිර්වානුයි එයාගෙ යාළුවායි, මේ ගෙදර වැඩ කරන ගෑනු ළමයයි විතරයි. "පරිස්සමින් යන්න නිර්වාන්. හෙට යාළුවා එක්ක එන්න. මම බ්‍රෙක්ෆස්ට් එකත් රෙඩි කරලා තියන්නම් අපි තුන්දෙනාට." "අපි තුන්දෙනාට ?" නිර්වාන් පුදුමෙන් වගේ එහෙම අහද්දි කැලිෆෝනියා හිනා වුණා.. "ඔව්.. හෙට වැඩ කරන කෙනා එයාගෙ ගෙදර ගිහින් එන්න යනවා. හවස් වෙලා තමයි ආයෙ එනවා කිව්වේ." කැලිෆෝනියා එහෙම කියද්දි නිර්වාන් ලොකු කල්පනාවකට වැටිලා ඇඳේ ඉන්න දරුවා දිහා බැලුවා. කැලිෆෝනියාට නිර්වාන්ගෙ මේ හැසිරීම ගැන වෙනසක් තේරුණා. හරියට නිකන්, නිර්වාන් දරුවා ගැන වද වෙනවා වගේ.. "මොකද උනේ ?" "නෑ කැලී.. ඔයා කොහොමද හෙට උදේයි හවසයි තනියම ඉන්නේ. මට යාළුවා එක්ක වැඩි වෙලා ඉන්න බෑනේ. අර්ජන්ට් වැඩ ගොඩාක් තියෙනවා කරන්න." "කමක් නෑ. මම ගෙදර දොර වහන් නේ ඉන්නේ. ප්‍රශ්නයක් වෙන්නෙ නෑ." කැලිෆෝනියා කිව්ව නිසා නිර්වාන් ආයෙමත් කොළඹ ගියා. වැඩ කරන ගෑනු ළමයා එයාගෙ බෑග් එකත් හදාගෙන ලෑස්ති උනා පහුවෙනිදා උදේම රෑටත් එක්ක උයලා තියලා ගමට යන්න. මොකද එයාගෙ තාත්තාගෙ අසනීප හොඳටම වැඩි වෙලා තිබුණේ.. රෑ වෙලා දුවට කිරිත් දීලා නිදා ගන්න යන්න කලින් කැලිෆෝනියා එයාගෙ පොතේ ඉතුරු ටික ලියන්න ගත්තා. ඒ අද සිද්ධ වුණ දේවල් වගේම හෙට සිද්ධ වෙන්න නියමිත දේවල්.. 〝 නිර්වාන් හෙට මින්දිව බලන්න එයාගෙ ෆ්‍රෙන්ඩ් කෙනෙක් එක්ක එනවා කිව්වා. වැඩ කරන ගෑනු ළමයත් යනවා හවස් වෙලා එන්න. මොනවා උනත් නිර්වාන් මින්දිගෙ ආරක්ෂාවට වැඩ කරයිනේ. ඒ එන යාළුවාගෙන් අපේ සීක්‍රට් එක කැඩෙන එකක් නෑ. මම බලාගෙන ඉන්නවා හෙට ආයෙමත් එයා මාවයි මින්දිවයි බලන්න එනකම් 〞 °•°•°•° (වර්තමානයට) පොත එතනින් ලියලා ඉවර කරලා තියෙනවා දැක්කම මම පියවි සිහියට ආවා. ඇයි අම්මා එතනින් පොත නතර කලේ. එයා ඉතුරු ටික ලිව්වෙ නැත්තෙ මෙතනින් එහාට එයාලගෙ සීක්‍රට් එක කැඩුන නිසාද. නැත්තම් අම්මා...... නෑ නෑ එහෙම වෙන්න බෑ. ඒක මෙච්චර ඉක්මනින් වෙන්න බෑ. මම ආසම නැති, අම්මයි මායි වෙන් වුණ ඒ දවස එදා කියලා නම් කියන්න එපා. හොඳින් හරි නරකින් හරි සිද්ධ වෙලා තිබුණත් මට ඒක දරාගන්න බෑ. මම මෙච්චර වෙලා, විනාඩි ගාණකට හරි අම්මා එක්ක ජීවත් උනා. මට බෑ ඒ හීන ලෝකෙන් එළියට එන්න. දෙවියනේ මාව ඒ හීන ලෝකෙන් එළියට ගන්න එපා.. කල්පනා කරලා කරලා මම පොත වහලා ඒක බොක්ස් එක ඇතුලට දැම්මා. බොක්ස් එකේ පරණ දිග ගවුම් වගයකුත් තිබුණා. සමහර විට ඒවා අම්මගෙ වෙන්න ඕනි. තව ලස්සන ජුවලරි වගයකුත්. Photo Album වල ඉන්නෙ අම්මයි තාත්තයි. මම ඉපදුන දවසෙ තාත්තා අම්මා එක්ක ගත්තු සෙල්ෆි එකකුත් ෆොටෝ එකකට අරන් තියෙනවා. ඒවා බලලා මම බොක්ස් එක වහලා දැම්මේ කවුරු හරි එන්න කලින් රූම් එකෙන් එළියට යන්න ඕනි නිසා. ආයෙමත් යන්න හදද්දි ලැප් එක තියෙන ටේබල් එකේ කකුලක් ගාව පෙන් එකක් වැටිලා තියෙනවා. ඒ පෙන් එක අයියගෙ බිස්නස් වැඩ ගැන ඩීටෙල්ස් තියෙන එකක් වෙන්න ඇතිනේ. ඉතින් මම අහුලලා තිබ්බා. ඒත් ඒ පෙන් එකේ ගහලා තියෙනවා ඩේට් එකක්. ඒක මගෙ බර්ත්ඩේ ඩේට් එක. එහෙනම් මේ පෙන් එකෙත් මොනවා හරි විශේෂ දේවල් ටිකක් තියෙනවා මං ගැන හරි මගෙ අම්මා ගැන හරි. කවුරු හරි එන්න කලින් මේකත් බලන්නම ඕනි මම. සමහර විට අර පොතේ ඉවර වුණ තැන ඉඳන් ඉතුරු ටික මේකෙ තියෙනවද දන්නෑනේ. අයියගෙ ලැප් එක ඔන් කරලා මම පෙන් එකත් ගහලා පුටුවෙන් ඉඳගත්තා. ෆයිල්ස් වලට ගිහින් පෙන් ඩ්‍රයිව් එකත් ඕපන් කරලා බැලුවා. ෆයිල්ස් සීයක් විතර එක ගොඩේ එකේක නම් වලින්. හැම එකේම තියෙන්නේ අපේ කම්පැනි එකේ ඒවද කොහෙද. නෑ හැම එකේම නෙවෙයි. එකක් තියෙනවා ඒක තියෙන්නේ ෆයිල්ස් ගොඩක් මැද. ඒ ෆයිල් එකේ නම DCM0103 කියලා. DCM කියන්නේ Dear California Martinez නම් 0103 කියන්නේ බොක්ස් එක ඇරුණු ඩේට් එක නම් ඒ ඩේට් එකයි අම්මගෙයි අතර තියෙන සම්බන්ධය මොකක්ද ? December 31 මගෙ බර්ත්ඩේ එක. අම්මා July 08 නම් මේ January 03 තියෙන විශේෂත්වය මොකක්ද. මම කරන්න ගත්තු වැඩෙත් පැත්තක දාලා ඒ ගැන කල්පනා කරා. ටික වෙලාවක් යද්දි මට මතක් උනා අම්මා ලියලා තිබ්බ ඒ නෝට් බුක් එකේ අවසාන දවස. එදා තමයි January 02, ඒ කියන්නේ මම ඉපදිලා දෙවනි දවස. ඒ දවසින් තමයි අම්මා ලියන එකත් නතර කරලා තිබ්බේ. එහෙනම් මේ පෙන් එකේ ඒ පොතේ ලිව්ව ඉතුරු ටික තියෙනවද දන්නෑ.. "Sh!t." DCM0103 ෆයිල් එක ඕපන් කරාම පාස්වර්ඩ් එකක් ඉල්ලනවනේ. ඒ පාස්වර්ඩ් එක 01/03 ත් නෙවෙයි. අපි කාගෙවත් බර්ත්ඩේස් නෙවෙයි. කල්පනා කරන්න පුළුවන් තරම් කල්පනා කරලා මම ඔෆිස් එකෙ තියෙන අයියගෙ ලැප් එකේ පාස්වර්ඩ් එක ගැහුවා. හිතාගන්න බැරි විදිහට ෆයිල් එක ඕපන් උනා. මම හිතුවට වඩා අයියා දක්ෂයි. කවුරුත් හිතන්නෙ නෑනෙ ඔෆිස් එකේ ලැප් එකක තියෙන පාස්වර්ඩ් එකක් මේකට දායි කියලා. අනික ඒ පාස්වර්ඩ් එක දන්නෙ අයියයි මායි විතරයි. වැඩි වෙලා ඉන්නෙ නැතුව මම ෆයිල් එකේ තියෙන ඩොකියුමන්ට් බැලුවා. එකක CCTV රෙකෝඩින් එකක් තියෙනවා. අනිකෙ ඕපන් වෙන්නෙ නැති හිස් ෆයිල් එකක්. ඉතින් මම CCTV එකේ ෆයිල් එක ඕපන් කරලා බැලුවා. ඒකෙ හිටියෙ අම්මා. එයාගෙ රූම් එකේ මාව තොටිල්ලෙන් තියලා එයා මාව නළවනවා නින්ද යන්න. රෙකෝඩින් එකේ තියෙන ඩේට් එක 01/03. එහෙනම් මේක තමයි තාත්තා අම්මා බලන්න එයාගෙ යාළුවා එක්ක ආපු දවස... °•°•°•° (අතීතයට) කැලිෆෝනියා දරුවව තොටිල්ලෙන් තියලා කාමරේ ජනේලෙ ලඟට වෙලා බලන් හිටියේ කාර් එකෙන් බහින නිර්වානුයි එයාගෙ යාළුවයි දිහා. උදේ පටන් ගත්තු වැස්ස පැයකටවත් නැවතුණේ නෑ. මුළු පරිසරයම අඳුරු වෙලා තියෙද්දි කැලිෆෝනියාගෙ හිතට බයකුත් දැනුණා. නිර්වාන් එයාගෙ යාළුවා එක්කගෙන ගේ ඇතුලට එද්දි කැලිෆෝනියා දරුවා ඉන්න තොටිල්ල ලඟට වෙලා හිටියා. ටික වෙලාවක් යද්දි ඒ දෙන්නා කාමරේට ආවා දරුවා බලන්න. "ඔයාලා එන්න ලේට් උනා නේද ?" "ඔව්.. මේක කරනවද නැද්ද කියලා කල්පනා කරලා කරලා අන්තිමට තීරණයක් අරන් මම ආවෙ කැලිෆෝනියා." නිර්වාන් කියන්නෙ මොකක් ගැනද කියලා කැලිෆෝනියාට සැකයි. ඊයෙ නිර්වාන්ගෙ හැසිරීම අමුතුයි වගේම දැන් එයා ඇවිත් කතා කරන්නෙත් වෙනස්ම විදිහකට. "මොකක්ද ඔයා ගත්ත තීරණේ නිර්වාන්.." "තීරණේද ?" "හ්ම්ම් ?" කැලිෆෝනියා එහෙම අහද්දි නිර්වාන් කැලිෆෝනියා ඉස්සරහට ආවා. නිර්වාන්ගෙ ඇස් දිහා බලන් හිටපු කැලිෆෝනියාට දැනුනෙ නෑ එයාගෙ බඩ පසාරු කරන් පිහි තලයක් ගියා කියලා.. "අහ්.." නිර්වාන් පිහිය ආයෙමත් පස්සට අදිද්දි කැලිෆෝනියා නිර්වාන්ගෙ අතින් අල්ලගත්තා. තමන්ගෙ ගවුම ලේ වලින් තෙත් වෙනවා දැකපු කැලිෆෝනියාට දැනුනේ බයක්. "නි..ර්..වා..න්.. ඇයි.. මේහ්.." "Im so sorry කැලිෆෝනියා. ඔයා තවත් ජීවත් වෙන්න ඕනි කෙනෙක් නෙවෙයි." දෙවනි වතාවටත් නිර්වාන් කැලිෆෝනියාගෙ බඩට පිහියෙන් අනිද්දි වේදනාවට කැලිෆෝනියාගෙ කකුල් හිරි වැටිලා ගියා. ඒ විතරක් නෙවෙයි. ඒ ඇස් වලින් ආපු කඳුළු කම්මුල් දිගේ පහලටත් බැස්සා. ඒත් හිත රවට්ට ගන්නද කොහෙදෝ කැලිෆෝනියා හිතුවා මේක එයා දකින නරක හීනයක් වෙන්න ඇති කියලා. "ඔයා.. ඇ.. ඇයි.. මට.. මෙහෙම.. දෙයක්.. කලේ.. ඔයා.. මට.. පොඩ්ඩක්.. වත්.. ආදරේ.. ක.. කලේ නැද්ද.. නිර්වාන්.." "තවදුරටත් නෑ කැලිෆෝනියා." "අහ්.." තුන් වෙනි වතාවටත් පිහියෙන් ඇනපු නිර්වාන් කැලිෆෝනියාගෙ බෙල්ලෙන් අල්ලගෙන එයාව මූණට ලං කරගත්තා.. "මං තමුසෙට ආදරේ නෑ කැලිෆෝනියා. තමුසෙ මගෙ ජීවිතේ කෑවා මේ ළමයා එක්ක ඇවිල්ලා. තමුසෙ එදා මාව ගෙට දාගත්තා වගේ කී දෙනෙක් ගෙට දාගන්න ඇද්ද." නොකරපු වරදකට නිර්වාන් එච්චර චෝදනාවක් එල්ල කරද්දි, පිහියෙන් ඇන්නට වඩා වේදනාවක් කැලිෆෝනියාගෙ හිතට දැනුණා.. "ඔයා.. මං.. ගැන.. එච්චර.. පහත්.. විදිහට.. හි.. හිතන්නෙ.. ඇයි.. නිර්වාන්.. මින්දියි.. මායි.. ඔයාගෙ.. ජීවිතේ.. කෑවෙ.. කවද්ද.. කියන්න.. මට.. ඔයාමයි.. මට.. ආදරේ.. කලේ.. ඔයා.. මින්දි.. ඉපදුනාම.. මටත්.. වඩා.. සතුටු.. උනා.." "ඒ සතුට බොරු සතුටක් කියලා තමුසෙ දන්නවද කැලිෆෝනියා. ඒක මම කරපු රඟපෑමක්. තමුසෙට මම එදාම කිව්වා මින්දිව ඇබෝෂන් කරමු කියලා. තමුසෙ ඒක ඇහුවෙ නෑනේ. ඉතින් මේක තමයි අන්තිමට මට කරන්න ඉතුරු වෙලා තිබ්බේ.." "ඔයාට.. මෙහෙම.. කරන්න.. බෑ.. නිර්වාන්.. මට.. කියන්න.. ඔයා.. මේ.. කරන්නෙ.. ජෝක් එකක්.. කියලා.." "මේක ජෝක් එකක් නෙවෙයි කැලිෆෝනියා." හතර වෙනි වතාවටත් නිර්වාන්ගෙ අතේ තිබ්බ පිහි තලය බඩට යද්දි කැලිෆෝනියාගෙ ඇඟේ තිබ්බ සම්පූර්ණ ශක්තියම නැති වෙලා ගියා.. "පේනවද.. මේක ජෝක් එකක් නෙවෙයි කැලිෆෝනියා." එහෙම කියපු නිර්වාන්, පිටිපස්සට වෙලා ට්‍රව්සර් එකේ පොකට් දෙකට අත් දාන් හිටන් හිටපු ඇන්ඩෲස් දිහා බැලුවා. "You did it well Nirvan." (ඔයා ඒක හොඳටම කලා නිර්වාන්) කට කොනින් හිනාවක් දාලා ඇන්ඩෲස් ඇවිත් කැලිෆෝනියාගෙ අතින් ඇදලා අල්ලගත්තේ නිර්වාන් එයාව අතාරිද්දි. "දැන් ගිහින් ළමයව ගන්න." "එ..පා.." නිර්වාන් ලේ කැලිෆෝනියාගෙ තැවරුණු අත් දෙකෙන් තොටිල්ලෙ හිටපු දරුවව අලන්න යද්දි කැලිෆෝනියා කෑ ගැහුවා.. "මින්දිට.. මුකුත්.. කරන්න.. එපා.." "බයවෙන්න එපා ළමයෝ. අපි එයාට මුකුත් කරන්නෙ නෑ. එයා අද ඉඳන් ඔයා නැතුව ඈත ලස්සන කන්දක් උඩ තියෙන ඕපනේජ් එකක හැදෙයි." ඇන්ඩෲස් එහෙම කියද්දි නිර්වාන් මින්දිව අතට ගන්න හැදුවා. ඒත් ඒ පාරත් කැලිෆෝනියා දරුවා දිහා බලාගෙන කෑ ගැහුවේ අඬන ගමන්.. "එයාව.. ඔහොම.. අල්ලන්න.. එපා.. නිර්වාන්.. එයාගෙ.. ඇඟේ.. ඔයාගෙ.. අතින්.. මගෙ.. ලේ.. ගාලා.. ඔයා.. එයාට.. පෙන්නන්න.. එපා.. මට.. ස්ටැබ්.. කරේ.. මම.. අවුරුදු.. ගාණක්.. ආදරේ.. කරපු.. ඔයාමයි.. කියලා.." "මට.. එක.. දවසක්.. හරි.. ආදරේ.. කරා.. නම්.. ඒක.. කරන්න.. එපා.. නිර්වාන්.. ප්ලීස්.. මගෙ.. දුවගෙ.. ඇඟේ.. .මගෙ.. ලේ.. තියා..එයාගෙ.. ලේ.. වත්.. ගෑවෙන්න.. ඉඩ.. තියන්න.. එපා.." "මං.. නැති.. දවසක.. එයා.. ඕෆනේජ්.. එකක.. හැදුනත්.. කමක්.. නෑ.. ඒත්.. ඔයා.. එයාට.. ආදරේ.. නැත්තම්.. එයාව.. ආදරේ.. තියෙන.. තැනකට.. බාර.. දෙන්න.." "මම.. තරහා.. නෑ.. ඔයා.. එක්ක.. මං.. ඔයාලා.. දෙන්නටම.. ආදරෙයි.." "Enough." එහෙම කියපු ඇන්ඩෲස් කැලිෆෝනියාගෙ උගුර තුවාල කරලා බිමට දැම්මා. ඒ වතාවෙ තමාව රවට්ටපු නිර්වාන්වයි, තමන් පණටත් වඩා ආදරේ කරපු මින්දිවයි දාලා කැලිෆෝනියා මේ ලෝකෙන් යන්නම ගිහින් තිබුණා. "මේ කෙල්ල කිව්ව එක හරි නිර්වාන්.. ඔයා ගිහින් අත් දෙක වොශ් කරගන්න. මම ළමයව අරන් පහලට එන්නම්." "හරි." නිර්වාන් පහලට යද්දි ඇන්ඩෲස් මින්දිගෙ කටට සූප්පුවක් ගහලා අතට ගත්තා. නිර්වාන් කියලා තියෙන විදිහට දරුවා මේ දැන් ඉපදුණා වගේයි ඇන්ඩෲස්ට පේන්නේ. දරුවා අතට ගත්තම, තමන්ටත් මේ වගේම දුවෙක් ඉන්නවා කියලා ඇන්ඩෲස්ට මතක් උනත් නිර්වාන් එක්ක ගහපු ප්ලෑන් එකේදි එයාට අනුකම්පාව ගාවගන්න බැරි උනා. නිර්වාන් උනත් මේ දේ කලේ හිත ඇතුලේ ලොකු වේදනාවක් හංගගෙන.. කැලිෆෝනියා බිම වැටිලා ඉන්න විදිහ බලලා ඇන්ඩෲස් පහලට ගිහින් දරුවව සෝෆා එකක් උඩින් තිබ්බා. උදේ ඉඳන් පටන් ගත්තු වැස්ස තාම ඉවරයක් වුණේ නැති නිසා දෙන්නට මේක කරන්න ගොඩක් ලේසි උනා. "මම කිව්වා මගෙ ගාඩ්ස්ලට වත්ත පහලට වෙන්න වලක් කපන්න කියලා." "මේක අහුවෙයිද ඇන්ඩෲස් ?" "වැස්ස නිසා කිසිම සාක්ෂියක් ඉතුරු වෙන්නෙ නෑ නිර්වාන්. කවුරු හරි ඇහුවොත් කියන්න ඔයා එයායි දරුවයි රටකට යැව්වා කියලා." "හ්ම්ම්.. එතකොට එයාගෙ අම්මයි තාත්තයි ?" "ඒ දෙන්නා ගැන මම බලා ගන්නම්. ඒ දෙන්නා නම් අනිවාර්යයෙන්ම මේකට ප්‍රශ්නයක් වෙනවා නිර්වාන්." "හ්ම්ම්.." කාමරේට ගිහින් නිර්වාන් ඇන්ඩෲස්ගෙ ගාඩ්ලා එක්ක වැටිලා ඉන්න කැලිෆෝනියා ලඟට ගියා. කැලිෆෝනියාගෙ කම්මුල් වල තාමත් තෙතට තියෙන කඳුළු දැක්කම නිර්වාන්ට දැනුනේ එයාගෙ මුළු ඇඟම පිච්චිලා යනවා වගේ. මොනවා උනත් එයා මේ ප්‍රශ්න එන්න කලින් කැලිෆෝනියාට ආදරේ කරා කාටත් වඩා. "මගෙයි වැරැද්ද. මම එදා එහෙම නොකරා නම් එයාට අද මෙහෙම වෙන්නෙ නෑ." "මේවට ෆීලින්ග්ස් ගාවගෙන බෑ නිර්වාන්. මේක සම්පූර්ණයෙන්ම ඔයාගෙ වරද. මෙච්චර දෙයක් කරන්න ඔයාට කන්ෆිඩන්ස් තිබ්බ එකේ ඉතුරු ටිකත් කරමු මිනිස්සු දැනගන්න කලින්." ඇන්ඩෲස් එහෙම කියද්දි ගාඩ්ස්ලා කැලිෆෝනියාගෙ බොඩි එක කවර් එකක් ඇතුලට දාන්නයි ගියේ. ඒත් නිර්වාන්ට මතක් උනා කැලිෆෝනියාගෙ කරේ තිබ්බ නිල් දියමන්තිය. "ඉන්න." "ඇයි ?" "එයාගෙ නෙක්ලස් එකේ බ්ලූ ඩයමන්ඩ් එකක් තියෙන්නේ." "What ?" ඇන්ඩෲස්ට එහෙම කියවුණා. මොකද ඒ වෙද්දි ලංකාවෙ නිල් දියමන්ති එකක් වත් තිබුණෙ නෑ. හැමෝම නිල් දියමන්තිය දිහා පෙරේතකමින් බලන් ඉද්දි නිර්වාන් ඒක කැලිෆෝනියාගෙ කරෙන් ගලවලා අරගෙන, එයාගෙ අතේ තිබ්බ පබළු වළල්ලත් ගලව ගත්තා. කැලිෆෝනියාගෙ බොඩි එක හැමෝම එකතු වෙලා වත්තෙ පහල ගැඹුරු වලක් කපලා වැලළුවා. වැස්ස නිසා පිටත පරිසරයේ කිසිම සාක්ෂියක් ඉතුරු උනේ නෑ. අනිත් හැම සාක්ෂියක්ම නිර්වාන් එයාගෙ ලඟට ගත්තා. කාමරේ පවා කිසිම සාක්ෂියක් ඉතුරු වෙන්නෙ නැති වෙන්න ක්ලීන් කරලා එයාලා මින්දිවත් අරගෙන ඉදල්ගස්හින්න ඕෆනේජ් එකට ගියා. මින්දිව අලුත් බ්ලැන්කට් එකක ඔතලා, කැලිෆෝනියාගෙ කරේ තිබ්බ බ්ලූ ඩයමන්ඩ් එකත් පැත්තකින් තියලා නෝට් එකකුත් තියලා වැස්ස පෑව්වට පස්සේ ඕෆනේජ් එකේ ගේට් එක අයිනෙන් තියලා ගියා. °•°•°•° (වර්තමානයට) වීඩියෝ එක බලලා ඉවර වෙද්දි මගෙ ඇඟට පණ නෑ වගේ. වටේම කැරකෙනවා වගේ පෙනකොට පුටුවෙන් නැගිටපු මම අනිත් පැත්තට හැරෙද්දි අයියයි අක්කයි දෙන්නම ඇවිත් අල්ල ගත්‍තා. ඒත් එතනින් එහාට මට කිසිම දෙයක් පෙනුනේ නෑ. ඇස් දෙක නිලංකාර වෙලා ගිහින් මාව වැටුණා.. පැය ගාණක් ගියා.. "නංගි.. නංගී.." මහීක මින්දිව ඇඳෙන් තියලා වතුරත් ඉහලා බැලුවට එයා නැගිට්ටෙ නෑ. තමන්ගෙ අතින් වුණ පොඩි මිස්ටේක් එකක් නිසා මින්දි හැමදෙයක්ම අකුරක් නෑර දැනගත්තා කියලා දැනෙනකොට එයාට දැනෙන්නේ වරදකාරී හැඟීමක්.. "ඔයාට රූම් එකේ දොර ලොක් කරලා එන්නයි තිබුණෙ අයියේ. නංගි මේ දේවල් ගැන සැකෙන් ඉන්න හින්දා කොහොමත් පොඩි දේ ඉඳන් චෙක් කරනවා කියලා ඔයා දන්නවනේ." "මම දැනන් හිටියා එයාට මේක දරාගන්න බැරිවෙයි කියලා." මහීක එහෙම කියද්දි හේෂාන් මින්දි ලඟින් ඉඳගෙන කෙල්ලගෙ ඔළුව අතගෑවා. මහීක බැරිම තැන හේෂාන්වත් ගෙන්න ගත්තා, ප්ලෑන් එකේ විදිහට දේවල් උනේ නැති නිසා. "ඒ උනාට අයියේ මින්දි ඒක දැනගත්තා. මට ඒකට සතුටුයි. දරාගන්න බැරි උනත් එයා ඒක කරා. තවත් අපි මේක එයාගෙන් හංග හංග මහන්සි වෙන්න ඕනි නෑ නේද." හේෂාන් එහෙම කියද්දි මහීක ඔළුව වැනුවේ ඒක 'හරි' කියන්න. ඒත් මහීෂා බයෙන් ඉන්නේ මින්දි අදින් පස්සෙ මේක ගැනම කල්පනා කර කර ඉඳීද කියලා. ඒක එහෙම වෙනවා කියලත් එයා දන්නවා. "ඒ උනාට එයා අදින් පස්සෙ ඇන්ඩෲස්ට මොනවා කරයිද දන්නෑ." ඇන්ඩෲස්ට මුකුත් කරනවට වඩා ඇන්ඩෲස් ඉස්සරහට ගිහින් 'ඇයි මෙහෙම කරේ' කියලා මින්දි අඬනවා කියලා නම් හේෂාන් දන්නවා. ඒත් මෙදා පාර මින්දි මේකට මොන වගේ හැසිරීමක් දෙයිද කියන එක නම් කුතුහලයක්. "ඒත්.. කොහොමද තමන් ඇත්තටම ආදරේ කරන කෙනෙක්ට මෙහෙම කරන්නේ. මම මේ ගැන දැන ගත්ත දවසෙ ඉඳන් කල්පනා කලේ ඒක." නිර්වාන් වගේ නෙවෙයි හේෂාන්. දරුවා ඉපදිලා දවස් ගාණක් ගෙවෙන්නත් කලින් තමන් ආදරේ කරපු කෙනාව සාහසික විදිහට නිර්වාන් මරලා දැම්මට හේෂාන් කැමති නෑ මින්දිගෙ අතක් වත් සීරෙනවට වත්.. "මගෙ තාත්තටත් අපිට වගේ හිතක් පපුවක් තිබ්බා නම් අද මෙච්චර දෙයක් වෙන්නෙ නෑ හේෂාන්. එයා නංගිගෙ අම්මට කිව්ව විදිහට මගෙ අම්මව ඩිවෝස් කරලා අපිව අරන් එයා ලඟට ගියා නම් අද හැමෝම සතුටින්." ........ මට ඇස් දෙක හිමිහිට අරින්න පුළුවන් උනා. බලද්දි රූම් එකේ අයියයි අක්කයි ඉන්නවා. ඇඳේ මට එහා පැත්තෙන් හේෂානුත් ඉඳගෙන ඉන්නවා. තවත් තත්පරයක් වත් බලාගෙන ඉන්නෙ නැතුව මම හේෂාන්ගෙ පපුවට තුරුලු උනේ ඇස් වල පිරිලා තිබ්බ කඳුළු පිට කරන්න.. "එයාලා මගෙ අම්මවත් මැරුවා හේෂාන්. ඔයාගෙ රාදිතාගෙ තාත්තා මගෙ අම්මව මැරෙව්වා හේතුවක් නැතුව." "Don't cry.. දැන් අපිට ඒ අතීතය වෙනස් කරන්න බෑ." "ඒ උනාට ඒ මගෙ අම්මා. එයාට ජීවත් වෙන්න අයිතිය තිබුණා. එයා කාටවත් වරදක් කරපු කෙනෙක් නෙවෙයි. මේ හැමදේකම වරද තාත්තගේ. එයාමයි මුලදි කරන්න පුළුවන් හැම දෙයක්ම කරලා අන්තිමට අම්මට එහෙම කලේ. " එයාගෙ පපුවෙ මූණ හංගගෙන මං අඬද්දි එයා කලේ සයිලන්ට් වෙලා මගෙ ඔළුව අතගාපු එක විතරයි. මේක එයා දන්නවා නම් ඒ නිහඬතාවය  හරි. ඇන්ඩෲස් මගෙ ෆැමිලි එක නැති කරන්න ගත්තේ මම ඉපදිලා දවස් තුනෙන්මයි. එක මගෙ අම්මා. මට තිබ්බ වටිනම දේ එයා මට නැති කරලා මාව අනාතයෙක් කරා. කලින් හොඳට හිටපු මගෙ තාත්තව අවසානේ අමනුස්සයෙක් ගානට පත් කරා. ඒ හැමදෙයක්ම කරලා එයා බලාපොරොත්තු උනේ එයාගෙයි මිහිරිගෙයි එෆෙයා එක කරගෙන ගිහින් රූපසිංහ ෆැමිලි එකම නැති කරලා දාන්න. අඬන්න බෑ මට තවත්. හේතුවක් දන්නෙ නෑ, එත් මගෙ ඇස් වලින් තවදුරටත් කඳුළු එන්නෙ නෑ. තමන්ගෙ ලේ කියලා හරි කැක්කුමක් තිබුණා නම් තාත්තා එහෙම කරන්නෙ නෑ. එයාට ඕනි උනේ ටික කාලෙකට අම්මගෙ ජීවිතේ එක්ක සෙල්ලම් කරන්න. එයා කරේ අම්මා වගේ දකින දකින හැම කෙනා එක්කම සෙල්ලම් කරපු එක. ඒ හැමෝම අතරින් එයාගෙ අතින්ම මැරිලා යන්න උනෙත් මගෙම අම්මට. තාත්තා දෙවනි පාරටත් හිතුවා නම් එදා අම්මා ඒ වගේ වේදනාවක් විඳින්නෙ නෑ. සමහරවිට එයා අදටත් මං එක්ක ඉන්නවා මගෙ හැමදේටම. "ඔයාට පුළුවන්ද මට එහෙම කරන්න ?" මම නැගිටලා හේෂාන්ගෙන් එහෙම අහද්දි එයා මගෙ මූණ දිහා බලාගෙන හිටියා. මම නොදැනුවත් උනාට එයාත් මේ වීඩියෝ එක කලින් දැකලා තියෙනවා. ඒ උනාට මට එක වචනෙකින් වත් ඇඟෙව්වෙ නෑ.. "මට ආදරේ කරලා, මාව රවට්ටලා, එච්චර වේදනාවක් දීලා මාව මරලා දාන්න පුළුවන්ද ?" .......................................................... 🖤 ... *පුළුවන්ද හිතකින් එහෙම කරන්න ?* *අපිට අද වැඩියෙන්ම ආදරේ කරන මිනිස්සු පසු කාලෙක අපේ විනාශයට හේතුවක් වෙන්න පුළුවන් 💔* *දැන් ඔයා දන්නවනේ කැලිෆෝනියාගෙ මරණයට ඇන්ඩෲස් සම්බන්ධ උනේ කොහොමද කියලා ❓* *රියැක්ට් කමෙන්ට් එකක් දාන් යන්න❗* > Sachy Collins
Image from දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰: *Spring is far away* 🖤 (වසන්තය තව දුර ඇති)  ```Episode 112```  |  Why...
❤️ 😢 🥺 😭 🥹 ❤‍🩹 💙 😔 429

Comments