
දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
June 12, 2025 at 12:33 PM
*🩷ආදරියේ🩷*
~දඩබ්බර හිත් දෙකක් මැද අතරමං වූ ආදරියයි ඇය~
💋💋💋💋💋💋💋💋💋💋💋💋💋
1️⃣5️⃣
කැලණිය පංසලට ආවට දුශේන්ට දැනුනේ උදේ ඉදන් තිබ්බ කේන්තිය තරහව නිවිලා යන බවක්,අම්මා වෙනුවෙන් සූදානම් කර ගත්තු බෝධි පූජාව ඉවර කරලා,පිං පමුනුවලා,කොල්ලා බෝමලුව පැත්තට ගියේ හිත ටිකක් සංසුන් කරගන්න.
එදා ඉරිදාවක් නිසා කැලණිය පුද බිමේ සෙනග,දුශේන් සුදු වැල්ලේ බෝපත් පෑගෙන්නේ නැති වෙන්න අඩිය තියලා ආවේ බෝසමිඳුන් අභියසට,එයා ඇස් පියන් බෝදියත් වන්දනා මාන කරේ කවදාවත්ම නැති සංසුන් කමකින්.
ටිකකින් එයා ඇස් ඇරියේ හුතට ලොකු සැනසීමක් දැනෙද්දි,ඒත් ඊලග තප්පරේ එයා යන්න හැරෙද්දිම දැක්ක දේත් එක්ක අර සංසුන් හිත තප්පරයක් නොයවා කැඩිලා ගියා.
හාස්කමකට වගේ ඒ ඇස් වැහිලා ඇරෙද්දි එයා ගාව හිටියේ වෙන කවුරුත් නෙමෙයි නේහා.
සුදු බිමටම දිග ගවුම බෝමලුවේ වැල්ල සිඹිනවා,අත් දෙකේ පැන් කලයකුත් තියන් ඇස් පියන් මොනවාදෝ ප්‍රාර්ථනා කරන නේහා දිහා දුශේන් බලන් හිටියේ හුස්මක්වත් නිගෙන,වෙනදට කඩලා තියෙන කොන්ඩේ අද ගෙඩියක් වෙන්න බෙල්ල මුලින් ගැටගහලා කටුවක් ගහලා.ලාවට ගාපු තොල් ආලේපනය නොපෙන තරම්.
තප්පර විනාඩි විදිහට ගෙවිලා ගියා දුශේන්ට ගානක් නෑ,
"යන යන තැන මට ඔයාවම මැවිලා පේනවද මං දන්නේ නෑ,ඒත් අහම්බෙකින් හරි අපි හම්බෙන්නේ මගේ හිත නිවෙන්නම ඕනේ තැන් වලදි,"
දුශේන් හිතලා ඉවර වෙනවත් එක්කම නේහාගේ ඇස් ඇරුනා,ඇරුන ඇස් වලට ඒ කොළපාට ඇස් මුන ගැහෙද්දි කෙල්ල කලබල උන පාර තව පොඩ්ඩෙන් පැන් කළෙත් බිම,ඒත් දුශේන් ඒක අල්ලගත්තේ මුනේ හිනාවකුත් ඇඳන්.
"ඇස් පේන්නේ නෑ,කන් ඇහෙන්නේ නෑ,අතත් පන නෑ වගේ "නේහා ගල් වෙලා වගේ බලන් ඉද්දි දුශේන් ආයේ පැන් කලේ එයාගේ අතට දුන්නා.
ඒත් නේහාගේ කට නෙමෙයි ඇරුනේ,මේ අනපේක්ෂිතව හමුවීමෙන් නේහා අවුල් වෙලා හිටියේ.
"මොකද අද ඔය කට ඇරෙන්නේ නෑ"
"මේ මේ ඔයා"නේහට කියන්න වචන එන්නෙත් නෑ.
"යන යන තැන මොකද මට මේ ඔයාවම හම්බෙන්නේ,මගේ පස්සෙන් එනවා නේද තමුන්"ඔන්න දුශේන් එහෙම කියනවත් එක්කම නේහාගේ සුපුරුදු යකා ඇවිස්සෙනවා
"මොකක්ද කිව්වේ,මං ඔයාගේ පස්සෙන් එනවා,"
"ඇයි එහෙම නෙමෙයිද"දුශේන් සාක්කු දෙකේ දෑත් රුවාගෙන කියන්නේ.
"විකාරද,අනික තමුන් පස්සේ මට එන්න වෙන වැඩ නෑ කියලා හිතුවද"නේහාටම එයාගේ කට කන්ට්‍රෝල් නෑ ඔහොම ව්ව්ලාවට.
"මොනවද මං මේ කියන්නේ,කමක් නෑ මේ කැම්පස් එක නෙමෙයි,මොකද මෙයා මෙතන මාව උල තියන්න ඈ"අයේ කෙල්ල හිතෙන් හිතුවා.
"අහ් එහෙම නැද්ද,ඒත් දෙයක් නම් කියන්න ඕනේ ගෑනූ දැරිවියෝ මෙහෙම තැනකට ආවම ඔහොම කේන්තියෙන් හැසිරෙන එක නම් එච්චර හරි නෑ"
"ඒක මං බලාගන්නම්"එහෙම කියපු නේහා ගස්සගෙන ගියේ ඉන්නේ පංසලේ කියලත් අමතක වෙලා.
"ඒ මේ"ආයේ දුශේන් කියපු නිසා අඩි දෙකක් ගියපු කෙල්ල හැරිලා බැලුවා.
ඒත් එක්ක ආව දුශේන් කෙල්ලගේ කොන්ඩේ ගහලා තිබ්බ කට්ට ගලවලා දැම්මේ එයාගෙ කොන්ඩේ ලෙහිලා යද්දි.
"හව් නයිස්"
එහෙම කියපු දුශේන් කොණ්ඩ කට්ට සාක්කුවේ දාගෙන යන්න ගියේ හරිම ආකර්ශනීය හිනාවකින් සංග්‍රහ කරලා
වුන දෙයින් කෙල්ල හොල්මන්.,එයාගේ දිග කොන්ඩේ ලෙහුනත් කෙල්ල හිටියේ ගල් ගැහිලා.
"සුදූ"කන ලගින්ම ඇහුන සද්දෙට නේහා ගැස්සුනා.
"මොකද ළමයෝ මේ හොල්මනක් දැක්කා වගේ"සුලෝචනා ඇහුවේ බය වෙලා වගේ නේහා බලන් ඉද්දි.
"මො කුත් නෑ නැන්දා"
"මේ කොන්ඩෙත් කඩන්,මං හිතුවේ ඔයා පැන් කලේ දාලාත් ඇති කියලා"
"අහ් මේ නෑ මේ,මගේ කොණ්ඩ කට්ට කැඩුනා නේ"නේහාට ගොත ගැහෙනවා.
"ම්ම් හරි හරි ගිහින් ඕක දාලා එන්න,රෑ වෙනවා අපිට යන්න"එහෙම කියද්දි කෙල්ල ඉක්ක්මනට පැන් කලේ වත් කරන්න් අ ගියේ ගැහෙන පපුව එක අතකින් අල්ලන්.
මේ දුශේන්ගේ අමුතු හැසිරීම එයාට හිතාගන්න බෑ,මුලින්ම මොකක් හරි කියලා තමන්ව තරහ ගස්සලා රංඩු කරවලා,අන්තිමේට මෙහෙම හිතුවක්කාර වැඩක් කරලා යනවා,ඒත් එක්ක ඒ ඇස් බැල්ම .
"එයා කොහොමද එහෙම හිතෙන හිතෙන ඒවා කරන්නේ,ව්ව්ව් මොකට මට කොහේ ගියත් මේ වසවර්තියා හම්බෙනවද මංදා"
කෙල්ල හිත හිතම පංසලෙන් එලියට ආවා.
==========================
දුශේන් නිදාගන්න කියල ඇදට වැටුනේ පාන්දර,ෆිල්ම් එකක් බල බල ඉදලා ඉවර වුනේ දැන්.
ඇදේ පෙරලිලා එයාගේ කාමරේ වහලේ එල්ලෙන විදුලි ලාම්පු ව දිහා බලන් හිටිය දුශේන් ආයේ නැගිට්ටේ දෙයක් මතක් වෙලා.
ටක් ගාලා කන්නාඩිමේසේ උඩ තිබ්බ නේහාගේ කොණ්ඩ කට්ට අතට ගත්ත දුශේන් ඇද වියලට හේත්තු වුන.
ටිකක් වෙලා ඒ කොණ්ඩ කට්ට දිහා බලන් හිටිය කොල්ලට,ඉස්සෙලාම නේහව හම්බුන විදිහ එයා එක්ක රංඩුවට ආව විදිහ,එදා යොමාල් එක්ක යන්න ගිය වලිය නතර වුන විදිහ,ලයිබ්‍රි එකේදි වුන සිදු වීම,අවුරුදු උත්සවේදි ඒ හැම දේම ආයෙත් මතක් වුනා....
කෙල්ල දුශේන්ව දැක්ක ගමන් ගල් ගැහෙන විදිහ,මතක් වෙලා දුශේන්ගේ කට කොනේ ඇඳුනේ හිනාවක්.
"නොපන්නුවට මං දැක්කම,මං ලගට ආවම ඔයාව හිරි වැටිලා යනවා,ලොකුකමට හංගං හිටියට ඔය හිතුවක්කාර ඇස් මට ඒක හැනවෙලේම පෙන්නවා"
"ඇත්තමයි බේබ් ඔයා නම් පිස්සුවක්"දුශේන් ඇස් දෙකත් වහන් ටිකක් වෙලා කල්පනා කරා.
"මට මෙච්චර පිස්සු හදවන්න පුලුවන් වුන ඔයාව යොමාල්ට දීලා පාඩුවේ ඉන්නේ නම් නෑ මං කීයටවත්"
"මේ දුශේන්ට එහෙම කිසිම දේකට ලේසියෙන් හිත යන්නේ,ඒත් ගියොත් ඒ දිහා ආයේ කාටවත් බලන්නවත් මං දෙන්නේ නෑ"
කොණ්ඩ කට්ට කරක කරක ඒකට හෙමින් මුමුනපු දුශේන්ගේ මූනේ තිබ්බ හැගීම හරියට කාටවත් කියවන්න පුලුවන් එකක් නම් නෙමෙයි .
🌺🌺🌺
හෙට කොටසට විරාමයක්.
Novel by✍🏻
Sewmini Kaweesha ✨

❤️
❤
🩷
♥
💖
🩵
💗
💜
🤍
🥺
393