දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
June 12, 2025 at 02:34 PM
*Episode 09* https://whatsapp.com/channel/0029VacaftZKmCPMAznVS62Z/18200 කියවලා එන්න Written in Our Stars 🖤✨ ඔයා, ඔව්, ඔයා තමයි👀 දන්නවද මේ කතාව,ආදරණීයම පිරිමි ආත්ම දෙකක අයිතිකාරියක් වූ අහිංසක දඟකාරියකගේ කතාවක්‌ 🥹❤‍🩹✨🖤 *Episode 10* ඩාන්ස් එකේ ප්‍රැක්ටිස් ඉවර කරද්දී 4.30 යි.දැන් නම් අම්මටසිරි වෙන්න වහිනවා. ඊයා මන් නම් ආස නෑ මේ වැස්සේ චරස් චරස් ගගා ගගා ඇවිදින්න. "යෙශකයා කාර් එක ගාවට දුවන්න තමා තියෙන්නේ, කුඩයක් නෑනේ?" "තියෙනවා" "එහෙනම් ඉක්මනට එනවා,මන් දුවන් යනවා" යකෝ දැන් මන් සිංහලෙන් කිවුවා. කුඩයක් තියෙනවා කියලා, ඒ කියද්දී මේ මෝඩයා වැස්සේ දුවන්න හදනවා. දුවන්න යද්දීම මන් ඉස්සිලා මෙයාගේ කොලර් එකෙන් ඇඳලා ගත්තා. "මොකද ඕයි" "මාත් එක්ක කුඩේ යටින් යන්, තෙමෙන්න ඕනේ නෑ නේ" "කමක් නැද්ද " "කමක් තියෙනවා, ඒත් එන්නකෝ" මේ හාමුට එන්න කිවුවට මට ගහන්න ඕනේ. මෙයා මේ රිටක් වගේ උසයි. මන් ඉස්සිගෙන කුඩේ අරන් යනවා. මෙයා බෑග් එක බබා වගේ බදා ගෙන යනවා. "ආ මට අමතක වුණා නේ තමුසේ කොටයි කියලා,කෝ දෙනවා කුඩේ මන් ගන්න" "කොට නෑ හරිද, මට පුළුවන්" "ආ පුලුවන් නම් අරන් එනවා" කහ ගැරඩියෙක් වෙලා චීනෙකුටම අහුවෙයන්, මට මේ කරන දුෂ්ටකම් වලට "ආ අද පුංචි බේබිත් යනවද" "නෑ සංකල්ප අන්කල්.." "මේ ඇණේ ගෙදර අරන් ගිහින් අපි කනක් ඇහිලා ඉන්න ද?ගෙදරින් දාලා යන් අන්කල්" මට උත්තර දෙන්න දුන්නෙත් නෑ, මැද්දෙන් පැන ගෙන කච කච ගානවා.දෙන්න හිතෙනවා මේ වගේ වෙලාවට "මහන්ස්යි නේ සුදු" "නෑ කලු, මට නම් සුට්ටවත් මහන්සි නෑ" මන් මුණ බලන්නෙත් නැතුව ජනේලෙන් එලිය බලන් ම උත්තර දුන්නා. "අහස ලස්සනයි නේ යෙශු" "නෑ කැතයි" "ඔයා මට ආදරේ නෑ නේද " "නෑ ආද...." "ඕ කියන්න ගියපු එක කියන්නේ බලන්න " "මන් කිවුවේ, නෑ, මන් ආදරේ නෑ කියලා" කපටියා, මන් අහු වෙයි ඕවාට (අනේ ඇති බන් රණ්ඩු වුණා. අපිට කන් කරච්චලේ වගේ අහන් ඉදලා😒 නේද?? 🤌) "පුතේ ආවද?මන් හිතුවේ තව පරක්කු වෙයි කියලා" හරි හොදයි. දැන් අම්මට මේ මාව පෙන්නේ නැති තරමට,අර දත් සෙට් එකම එලියට දාන් ඉන්න හැකරැල්ලේග්ගේ බොරු හිනාවක් ලොකු වෙලා.මරු, අයියේ, ගානට අපේ අම්මටත් බොලේ බස්සලා "අනේ එදාට හරි ලස්සනට ඉදි නේද පුතේ, මටත් බලන්න තිබ්බා නම්" අප්පෝ හොද වෙලාවට අවුරුදු උත්සවේ බලන්න අම්මලට එන්න බැරි "ඔව් aunty, අපි දෙන්නට ම එකම කලර් එකෙන් කොස්ටියුම් මහන්නත් දීලා තියෙන්නේ" අපි දෙන්නට ම අවුරුදු ඇදුමක්(චීත්තෙයි, හැට්ටෙයි සහ සරමයි, ෂර්ට් එකයි)තමා අඳින්න තියෙන්නේ.දැන් නම් ලැජ්ජයිත් වගේ මතක් වෙද්දී. පාසලක් ඉදිරියේ ඩිපියුටි හෙඩා එක්ක මන් තනියම නටන්න ඕනේ. සංසාරේම පතන් ආවා මගේ ආදරේ මදි වුනාද? සින්දුවේ මේ කොටස මගේ කන් දෙකේ දෝංකාර දෙනවා. අයියාට තියෙන්නේ මන් ගාවට ඇවිත් ඇස් දෙක දිහා බලලා ඔහොම අහන්න (ඒ කෑල්ල ලස්සනට තියෙයි හැබැයි 😂) *Author Yethu✨🖤* එපිය කොටයි, සමාවෙන්න හෙට අවුරුදු උත්සවෙන් හමුවෙන තුරු පරිස්සමට ඉන්න🥲👀 ආදරෙයි රියැක්ට් දාන අයට විතරක්‌😒💗 Comment දාන අයට ගොඩක් ආදරෙයි😽❤️‍🔥
Image from දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰: *Episode 09* https://whatsapp.com/channel/0029VacaftZKmCPMAznVS62Z/182...
❤️ 🩷 💗 💜 😂 106

Comments