දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
June 12, 2025 at 02:37 PM
Episode 38 🤍 💐 'මේ...වා බො...රු ස..හ.ස්..වර මා..ව වි...ශ්..වාස ක..ර...න්න ප්...ලී..ස් මේ..වා බො..රු ..' මුකුත් නොකියම එයා මාව තුරුල් කරගත්තෙ ඒ පපුවට මගේ ඔලුව අත ගාන ගමන් එයා කිව්වෙ 'අඩන එක නවත්ත ගන්න මැණික මට තමුසෙව විශ්වාසයි තමුසෙ මෝඩ කෙල්ලෙක් නෙමේ කියන්න මන් දන්නවා අමා' මට හරි පුදුමයි සහස්වර ඔයා ගැන වෙන කෙනෙක් නම් මේ සිද්ධ වෙන දේවල් වලදි තමන්ගෙ වයිෆ්ව ගර්ල්ෆ්‍රෙඩ්ව අවිශ්වාස කරයි ඒත් ඔයා මට දුකයි අවුරුදු ගානක් ඔයාව රිද්දුව එකට මට සමාවෙන්න ඒ හැමදේටම 'කෝ දැන් අඩන එක නවත්තනවා' මගේ ඇස් වල කදුළු පිහිදාන ගමන් එයා එහෙම කිව්වත් මට නවත්තගන්න බෑ 'ගිහින් වොශ් එකක් දාගෙන එනවා අද මා එක්ක ඔෆිස් යමු ම්ම්' එයා මාවත් ඇදෙන් නැගිට්ටවලා එක්කන් ආවේ අපේ රූම් එකට 'ස..සහස්වර අ..ර ෆෝ..ටෝ ටික අ..යා..න් ප..බ්..ලිශ් ක...රන..වා කි..කිව්වා' 'ඕ ශිට් තමුසේ ඒ ගැන හිතන්න එපා මන් ඒක බලාගන්නම්' 'ම..ට බ..ය..යි' 'මේ මන් තමුසෙට දැන් එකපාරක් කිව්වා ඔය අඩන එක නවත්තගනින් හැමතිස්සෙම හොට්ට පෙරාගන්නවා' එයා කේන්තියෙන් එහෙම කියලා ස්ටූල් එකටත් පයින් ගහන් හයියෙන් දොරත් වහන් ගියා බාත් රූම් එකට ගිහින් නයිට් ඩ්‍රෙස් එක පිටින්ම මන් ශවර් එක යටින් හිට ගත්තා ඇයි අයාන් තමුසේ මෙහෙම මට කරන්නෙ මන් තමුසෙට කරපු වැරැද්ද මොකද්ද මාව අත ඇරලා දාලා ගියේ තමුසෙනේ කොච්චර වෙලාවක් මන් ශවර් එක යට හිටියද කියන්න දන් නෑ මට ඇති කියලා හිතෙනකන් මන් හිටියා ටවල් එකත් ඇදගෙන මන් ආවේ රූම් එකට අල්මාරියෙම් ගවුමකුත් අරන් ඒකත් ඇදගෙන කොණ්ඩේ ඩ්‍රයි කර කර ඉන්නකොට ෆෝන් එක රින්ග් වෙන සද්දි ඇහුන නිසා මන් බැලුවේ කවුද කියලා ස්ක්‍රීන් එකේ වැටිලා තිබ්බ නමත් එක්ක මගේ මුළු ඇගම ආයෙමත් සීතල වෙලා යන්න වැඩි වෙලාවක් ගියේ නෑ වෙව්ලන අත් වලින්ම මන් අන්සාර් කලේ ඒ කෝල් එක 'හෙලෝ බේබි' '.........' 'හෙලෝ බේබි අහගෙනද ඉන්නේ' '...........' 'ඔකේ ඔකේ ඔයා කතා කරන්න එපා මන් කතා කරන්නම්කො' මට කතා කරගන්න තියා හිටන් ඉන්නවත් පණ නැතිව මන් වාඩි උනේ ඇදෙන් 'මෙහෙමයි අර ෆෝටෝස් ටික ලීක් නොකර ඉන්න නම් තමුසේ මෙන්න මේ දේ මට කරලා දෙනවා' 'මො...මොකක්ද' 'දැන් ද කට ඇරුනේ හරි හරි ඒවා වැඩක් නෑ මේක අහගන්නවා සහස්වරයගේ A&S කන්ස්ට්‍රක්ශන් එක විතරමයි මට දැනට ඕනි අනිත් ඒවා පස්සෙ බලාගමු තමුසෙයි තමුසෙගෙ මිනිහයි මට ගහපු කම්මුල් පාරවල් මතක ඇති නේද ම්ම් දිස් ඊස් ජස්ට් අ බිගිනින්ග්' හයියෙන් හිනා වෙන ගමන් ම එයා ෆෝන් කෝල් එක කට් කලා මට හිතාගන්න බෑ මන් මොකද දැන් කරන්නෙ කියලා මම සහස්වර අපි කවුරුත් උප්පත්තියෙන් සල්ලිකාරයෝ නෙමේ සහස්වර මේ දේවල් අමාරුවෙන් ගොඩනගාගත්තු දේවල් එහෙම තියෙද්දි ඒවා එහෙම මන් නිසා විනාස වෙන්න දෙන්න මට බෑ මට තේරෙන් නෑ අයාන් මෙහෙම පලිගන්න හදන්නෙ ඇයි කියලා අයාන් උපතින්ම සල්ලිකාරයෙක් එහෙම තියෙද්දි ඇයි එයාට සහස්වරගෙ දේවල් එයාට මගේ දේවල් ඉල්ලන්න තිබ්බනෙ 'ඔයා ලෑස්ති වෙලා ඉවරද' කල්පනා ලෝකෙන් මන් මිදුනේ සහස්වරගෙ කටහඩට මන් ඔලුව වනලා හරි කිව්වාම එයා මගේ හැන්ග් බෑග් එකත් අරන් මගේ අතිනුත් අල්ලන් පහළට යන්න පඩිපෙළ බහිනවා මන් බලන් හිටියෙ ඒ මුණ දිහා ගානට ශේව් කරපු අඩුත් නැති වැඩිත් නැති රැවුල ජෙල් ගාලා උඩට උස්සපු කොණ්ඩෙ ඒ ඇස් නිල් පාට ඔෆිස් කිට් එකත් ඇදගෙන එයා හරි කඩවසම් 'අයුමි රෙඩි ද' අයුමිත් සාරි එකක් ඇදගෙන එනකොට මායි සහස්වරයි තාත්තටයි නැන්දටයි වැදලා ආවේ කාර් එකට 'යන ගමන් බ්‍රෙක්ෆස්ට් ගමු' මන් හිනා වෙලා ඔලුව වැනුවා එතකොටම වගේ අයුමිත් පිටිපස්සෙ ශීට් එකට නැග්ගෙ මටත් රවාගෙනම 'සුදු අයියා අද ඇයි මෙයා' මාව ඇස් වලින් පෙන්නන ගමන් අයුමි එහෙම අහනකොට සහස්වර හැරුනේ අයුමිගෙ පැත්තට 'ඇයි චූටි සුදූ එයාට එන්න බැයිද ශී ඊස් මයි වයිෆ් ' සහස්වර එහෙම කිව්වාම අයුමි සද්ද නොකර ශීට් එකට හේත්තු උනා එක පැත්තකින් අයාන් අනිත් පැත්තෙන් අයුමි මේ දෙන්නටම ඕනි මගෙ ජීවිතේ විනාස කරන්න මගේ අතකින් අල්ලගත්තු එයා කාර් එක ස්ටාර්ට් කරලා පාරට දැම්මා පැයකින් විතර අපි ආවේ කම්පැනි එකට යන ගමන් කමු කිව්වට අන්තිම ඔෆිස් එකේ කැන්ටින් එකෙන්ම සැන්විච් වගේකුයි ටී දෙකකුයි ගත්තා උදේට කෑමත් අරන් මන් එයාගෙ අතේ එල්ලිලාම ආවේ එයාගෙ ඔෆිස් රූම් එකට ඒ එන අතරමගදි උනත් ගොඩක් අයගෙ ඇස් තිබ්බෙ අපි දෙන්නා ලග මොකද මන් මේ එන තුන්වෙනිපාරනේ මොකද මෙයා මාව එක්කන් එනවා කියලා ඈ මට සෝෆා එකෙන් ඉදගන්න කියලා එයා ගියා එයාගේ ටේබල් එකට ලැප් එකේ ඔලුව ඔබාගත්තා එයා මන් ෆෝන් එකේ ඔලුව ඔබා ගත්තා පැයක් යනකනුත් අපි දෙන්නම එහෙමයි 'එක්ස්කියුස්මී සර් 'කමින්' නැවත හමුවෙමු…🤍💐 ළමයි React නම් 200 ගනන් තියේ එ උනාට දවසට කමෙන්ට් පහක් විතරයි තියෙන්නෙ ඒකත් හැමදාම කමෙන්ට් කරන අයගෙන් විතරයි කතාව ලියන්න මටනම් එපා වෙලා තියෙන්නෙ දැන් 😪💔 Writer :- Mandi
Image from දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰: Episode 38 🤍 💐   'මේ...වා බො...රු ස..හ.ස්..වර මා..ව වි...ශ්..වාස ක.....
❤️ 💗 💜 🩵 💚 🩷 👍 💙 242

Comments