
දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
June 12, 2025 at 02:40 PM
*පිනිදි - 2🎀🖤*
(මැර බලය පාගා දැමූ යුවතිය.......)
*🚫කතු අයිතියකින් තොරව උපුටා ගැනීම තහනම්*
------------------------------------------------------------------------------------------------------------------------------------------------------
*🥀හතළිස් එක් වන කොටස🥀*
පහුවදා උදේ එළි වුනේ දෙන්නගෙම හිත්වල නැවුම් බලාපොරොත්තු ගොන්නකුත් එක්ක....
කලින්ම ඇහැරුනේ කෙල්ලට.....තමන්ගේ ඔලුව පපුවේ තියාගෙන පිටට අතකුත් තියාගෙන ලං කරගෙන නිදාගෙන ඉන්න කොල්ලව දැක්කහම කෙල්ලට ඇත්තටම කොල්ලගෙන ආදරේ හිතුණා ...ලෝභ හිතුණා ..
ඒ මූණෙ පැහැදිලිව පේන්න තියෙන සැනසිලිදායක පාට කෙල්ලට කියන්න බැරි තරම් සතුටක් ගෙනාවා....මොකද පහුගිය කාලේ පුරාම මේ විඳපු දුකට එක පැත්තකින් තමනුත් වග කියන්න ඕන කියන හැඟීම කෙල්ලගේ හිතේ තිබුණ නිසා...ඊයේ දවසින් ඒ හැමදේම ඉවර කරලා එකම ඇඳ බෙදාගෙන ඒ උණුසුමේ සැතපුනේ ආයි කිසිම දවසක කොල්ලගේ හිත රිද්දන්නෙවත් ඒ හිතෙන් ඈත් වෙන්නෙවත් නෑ කියන පොරොන්දුව තමන්ගේ හිතටම දෙන ගමන්..
ගතින් ඈත් වුණත් හිතින් ඈත් වුණේ නෑ කියලා කෙල්ල දන්නවා. ඒත් ඒ හැමදේම දැන් වෙලා ඉවරයි...
පහුගිය කාලෙ ගෙවන්න සිද්ධ වෙච්ච ජීවිතයේ කෙල්ලට ලොකු පාඩමක් ඉගැන්නුවා. ඒ පාඩම තමයි කොච්චර උගත්කම බුද්ධිමත්කම තිබුණත් තමන්ගෙයි කියන තමන් ආදරය කරන දෙයක් බෙදා ගන්න උනොත් මනුස්සයෙකුට ඇතිවන හැඟීම මොන වගේද කියන එක.....
කෙල්ලටත් වුනේ අන්න ඒක තමයි....
අනෝද් කියන දඩම්බරයාව තමන්ට කලින් වෙන කෙනෙකුට අයිති වුණා කියලා කියන හැඟීම කෙල්ලගේ හිතට වාවන්නෙ නැතුව ගිය එක තමයි ප්රශ්නේ වුණේ ...
කෙල්ලන ඒ පපුව දිගේම උඩට ඇදිලා ගිහින් ඒ නළලට ඔලුවට හාදු තිබ්බේ කොල්ලව ඇහැරෙන්නෙ නැති වෙන්න....
"හැමදාම මට හොරෙන් තමයි ඕව කරන්නේ මං ඇහැරිලා ඉන්න වෙලාවට ඉල්ලුවත් ගන්න බෑනේ......"
කොල්ලා හෙමිට ඇස් දෙක ඇරියේ ලස්සනට හිනාවෙලාකොල්ලා හෙලීටර් ඇස් දෙක ඇරියේ ලස්සනට හිනාවෙලා....
කොල්ලගෙ ඒ වචන ඇහෙද්දිම කෙල්ල ලැජ්ජාවෙන් කොල්ලගේ පපුව අස්සෙම මූණ හංගගත්ත....
"බැඳලා දරුවෙකුත් හම්බවුණාට පස්සේ මේ තරම් ලැජ්ජ වෙන නෝනා කෙනෙක් ඉන්නවද කියලනම් මම දන්නෙ නෑ....කෝ කෝ බලන්න ඔය මූණ කෝ පොඩ්ඩක් පෙන්නන්නකෝ මැණිකේ කොච්චර රතු වෙලාද කියලා බලන්න.....ඔන්න දැන් ඉතින් මාව දාලා දුවන්න හැඟෙන්න ඔට්ටු නෑ. හරිද ඒව ඉවරයි. ආයෙමත් එහෙම කාලයක් අපිට ඕනේ නෑ මැණික......තාම ප්රශ්න ඔක්කොම විසඳීලා නැති හින්දා පොඩ්ඩක් අමාරු වෙයි. ඒත් අපි උහුලගෙන ඉමු කොහොමහරි මේ ප්රශ්න ටික විසඳගන්න ඕනේ. මගෙන් ඈත් වෙලා යන්න හදන්න එපා එතකොට මං තනි වෙනවනේ....."
"එහෙම අපි දෙන්නම තනි නොවී ඉන්න නම් මගේ මහත්තයටත් කරන්න දෙයක් තියෙනව ..."
"හරි ඔයා කියන්න බලන්න ඒ වෙනුවෙන් මං මොකක්ද කරන්න ඕනේ කියලා...මට කරන්න පුළුවන් බැරි දේවල් ඔයා දන්නවනේ මැණිකේ පුළුවන් දෙයක් නම් විතරක් කියන්න.."
"අපෝ මේක ඔයාට කරන්න පුළුවන්. කරන්න තියෙන්නේ එකම දෙයක් මගෙන් කිසිම දෙයක් හංගන්නෙ නැතුව හැමදේම මට කියන්න මතක් කරලම කියන්න. එතකොට මගේ ඔයාගේ රහසක් නෑ ඔයා ගැන හැමදේම මං දන්නවා මං ගැන හැමදේම ඔයා දන්නවා..පිටින් ඉන්න අයට අපි දෙන්නා අතර ප්රශ්න ඇති කරන්න එතකොට අමාරුයි. ඔයාට තේරෙනවද මං කියන දේ..."
"ඒකනං එක්ක මට හොඳට තේරෙනවා ඔයා කියන දේ අපි එහෙම කරමු......"
"එහෙනම් දැන් නැගිටින්නකෝ මට hospital යන්න තියෙනවා.."
"අද නිවාඩුවක් දාන්න බෑ.........."
"ඇයි ඒ මොකටද......"
"නෑ නෑ ඔයා යන්න ඔයාගේ ජොබ් එකනේ ඊටත් ඔයා ඩොක්ටර් කෙනෙක් නම් එහෙම හේතුවක් නැතුව නතර කරගන්න එක හරි නෑ......"
"එහෙනම් නැගිටලා වොශ් එකක් දා ගන්න මං ඔයාට තේ අරන් එන්නං ..."
"අර මං නිදාගෙන ඉන්නකොට මට හොරෙන් දුන්නේ අන්න ඒකත් දීලා යන්න බැයිද...."
බෙල්ල එහෙම ඇල කරලා කොල්ලා අහනකොට කෙල්ලට හිනා....බෙල්ලටට මූණට නළලට ඔලුවට අන්තිමට තොල් වලටත් හාදු තියලා තමයි කෙල්ල කාමරයෙන් එළියට බැස්සේ....
"ඔබමයි මාගේ දේවතාවි
ඔබමයි මාගේ දේවතාවි
පෙර පින් බලයෙන් මා හට හිමි වූ
දුර යන්නට එපා මගෙන්
දුර යන්නට එපා මගෙන්
සසර පුරාවට ඉන්න ළඟින්
සසර පුරාවට ඉන්න ළඟින් "
බාත් රූම් එක ඇතුලේ ඉඳගෙන කොල්ලා සිවුරුහන් කරන සින්දුව අහගෙන කෙල්ල ඉන්නව තේ එකත් අතේ තියාගෙන දොර ළඟ....
සිංදුවත් අහගෙනම ආපහු හැරුණ කෙල්ල තේ එක මේසෙ උඩින් තියලා කොල්ලට අඳින්න ඇඳුමක් හොයන්න ගියා....
ඇත්තටම කෙල්ලගේ අල්මාරියේ කොල්ලගේ ඇඳුම් නැහැ. ඊයෙනේ මෙහෙට ආවෙත්..දැන් ඉතින් මොකද කරන්නේ.....ඇඟිල්ලකුත් කටේ ගහගන පෙන්න ටිකක් වෙලා කල්පනා කළා......
හරි කරන්න දෙයක් තියෙනව ....කෙල්ලගේ travel in බෑග් එක ඇඳ උඩට දාලා ඒක ඇරියා...
පහුගිය අවුරුදු එකහමාරට කොල්ලගේ උපන්දිනේට සිංහල අලුත් අවුරුද්දට කෙල්ල කොල්ල වෙනුවෙන් ගත්ත ඒත් කොල්ලට නොදුන්න ඇඳුම් සූට් දෙකක් තිබුණා...
එයින් එකක් අරගෙන ඇඳ උඩ ලස්සනට තියලා කෙල්ල කාමරෙන් පිටවෙලා ගියේ දෝණිව බලන්න....
කෙල්ල ඒ කාමරේට යනකොටත් අනෝජට තුරුල් වෙලා දෝනී තාම නිදි....
ඇහැරවන්න ඕනේ නෑ දැම්ම .....ආච්චිත් එක්කම නැගිටින්නේ නැතෑ කියලා හිතලා කෙල්ල ගියා කමලම්මට උයන්න උදව් කරන්න...
ඒ වැඩ ටික ඉවර කරලා මේසෙට කෑම ටිකක් දාලා කාමරයට එනකොට කොල්ල හිටියෙ නෑ කාමරේ.....
පරක්කු වෙන නිසා කෙල්ලත් ඉක්මනින්ම බාත් රූම් එකට ගියේ වොෂ් එකක් දාගන්න......
ඇඟ හෝදගෙන ඒම ආපු කෙල්ලට දකින්න ලැබුණේ ඇඳ පුරාම එළලා තියෙන ලස්සන ලස්සන සාරි වගයක්...
ඒ ඒ සාරියට ජැකට් එකත් ඒකෙම තිබුණා....
ඇඳ උඩ තිබුණා සාරි ටික ඔක්කොම අත ගාලා බලලා කෙල්ල ඇදෙන් නැගිට්ටේ කොල්ලා කොහෙද කියලා හොයලා බලන්න....
===========================================================================
අදට කතාව ඉවරයි ළමයි...
කමෙන්ට් කරගෙන යන්න දිගටම කතාව බලන්න ඕන නම්.........
> 𝔀𝓻𝓲𝓽𝓮𝓻 𝓼𝓪𝓷𝓭𝓪
0702756395 නම්බර් එකට whatsapp message එකක් දාලා ඔයාලගෙ අදහස කියන්න කෝ බලන්න කතාව ගැන
ඔය නිහඩ බව දරන්න අමාරු නිසාම පිනිදී ඉක්මනට ඉවර කරන්න බලනවා ....

❤️
❤
🩵
🩷
♥
💐
💚
💛
💜
😂
140