දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
June 12, 2025 at 02:42 PM
*_පාද පරිචාරිකා - 2_*✨🖤🎀 (මෑත යුගයේ යශෝධරාවක් වූ පතිනියයි ඈ....) *🚫 කතු අයිතියකින් තොරව උපුටා ගැනීම දඩුවම් ලැබියහැකි වරදකි* --------------------------------------------------------------------------------------------------------------------------------------- *♥️හතළිස් හය වන කොටස♥️* "සරත් ආනන්ද ....ඔය ඇත්තමද හාමුදුරුවනේ ...එතකොට එතකොට මේ...පුතාලා මේ ගෙදර ගිහින් කිව්වේ හාමුදුරුවෝ ගැනද " "කලබල වෙන්න කාරණාවක් නෑ පුතා ....මං අනෝමගෙ තාත්තා තමයි ...මගේ හිතුවගේ ඇක්සිඩන්ට් එකෙන් පස්සේ තමයි මම මහණ වුණේ ...ඉන්දියාවේ තමයි මහණදම් පිරුවේ ...තනි මට දේපළ හම්බකරලා මොකටද කියලා හිතුන නිසා මං මහණ වුණා ... ඒත් හිතේ නිදහසේ මහණදම් පුරන්න ලැබුණේ ටික කාලයයි .....පුතා දන්නවද ඒකට හේතුව ...." "නෑ.......අපේ.....හාමුදුරුවනේ " හැමෝම පුදුම වෙලා බලාගෙන ඉන්දැද්දී අතුල අපේ හාමුදුරුවෝ කියලා කිව්වා ...මේනකා නම් මේ කිසිම දෙයක් දන්නේ නැහැ . ඒත් කොල්ලනම් දන්නවා මේ ගැන හැබැයි කොල්ලගේ සීය කියලා දැනගෙනහිටියේ නෑ .... "ඔයයි මමයි හිතාගෙන හිටියට ඒක අනතුරක් කියලා ඒක හිතාමතා කරපු දෙයක් ...අනතුරක් නෙමෙයි මිනීමැරුමක් ..." "ඒක වෙන්නෙ කොහොමද හාමුදුරුවනේ .....කොහොමද මං ඒක පිළිගන්නේ " "මේ වෙනකොට මම ඔයාලගේ අතීතය අනාගතය වර්තමානයේ එකතු කරලා ගොඩක් කතා කියලා තියෙනවා ....ඒ කිසිම දෙයක් බොරු වෙලා නෑනේ නේද .." "ඒකනම් ඇත්ත හාමුදුරුවනේ .." "මම ඔයාලත් එක්ක කියපු හැමදේම මගේ දුව අනෝමා එහෙම නැත්නම් මිහින් පුතාගේ අම්මා මා එක කියපු මට පෙන්නපු දේවල් ....ඔය කතාවත් මට කිව්වේ එයා තමයි ...මුලින්ම උපලබ්ධි අවධියක මාව හොයාගෙන ආවේ අවුරුදු ගානකට කලින් ...ඇවිල්ලා මං ඉස්සරහ ඇඬුවා ...තාත්තට බලන්න හිටපු එකම දරුවාව අර මිනිස්සු නැති කෙරුවා කියලා ...මුලින්ම මට එයත් එක්ක අදහස් හුවමාරු කරගන්න පුළුවන් තරමේ ශක්තියක් තිබුණේ නැහැ ...පස්සේ භාවනාවටම යොමු වෙලා තමයි එයත් එක්ක අදහස් හුවමාරු කරගත්තේ ...ඒ කාලේ තමයි මාත් එක්ක කිව්වේ ..ඒක අනතුරක් නෙමෙයි හිතාමතා කරපු දෙයක් කියලා ..මිහින් පුතා ගාවට මේ දැරිවීව එකගෙන ආවෙත් මගේ දු......මිහි න් පුතාගේ වෙලාවත් එක්ක එකට ගැටෙන්න පුළුවන් ගිය ආත්මෙත් පුතා ගාවම හිටපු පුතාගේ සහකාරී වන හොයාගන්න මගේ දූ ගොඩක් මහන්සි වුණා ....මේ හැම දෙයක්ම එයා කරේ ලොකු බලාපොරොත්තුවක් ඇතුව ....මොකද එයා දැනගෙන හිටියා එයාගේ ජීවිතයට වගේම පුතාගේ ජීවිතේටත් අනතුරක් තියෙනවා කියලා .....අනිත් එක එයා දැනගෙන හිටියා ප්‍රමාද කරන්න මිසක් ඒ අනතුර නතර කරන්න අපිට බෑ කියලා .හැබැයි වෙන්න තියෙන කරදරය අවම මට්ටමකට ගේන්න මට පුළුවන් කියලත් එයා දැනගෙන හිටියා ...ඒ උනත් පුතාගේ වෙලාවෙ තිබුණ කරදර හරි බලසම්පන්නයි ...ඒ නිසාම වෙන්න ඇති අවශ්‍ය වෙලාවට මට ලංකාවට එන්න බැරි උනා ...අනතුරට කලින් මං ලංකාවට ආවත් මිහින් පුතාව හම්බවෙන්න හම්බවෙන්නවත් එයාට මේ ගැන කියලා තියන්නවත් මට කාලයක් හම්බවුණේ නෑ ...ඊට කලින් සියලුම කරදර වුණා ...මට එන්න බැරි වුණත් මගේදූ මේ දැරිවිව පුතාට කිට්ටු කරලා පුතාගේ ජීවිත අවදානම නැති කරගන්න තරම් බල සම්පන්න වුණා ... එයා කවදාම හරි තවත් ආත්මෙකට යන්නේ එයාගේ ජීවිතේ උදුර ගත්ත හයට නීතියෙන් දඬුවම් ලැබිච්ච දවසකට ..ඒ දවස වෙනකම් අපි අවටම අපිත් එක්කම ඉඳීවි ...ඒක කරන්නත් පුළුවන් මේ දැරිවිට තමයි කියලා එයා දන්නවා ...ඒ හින්දමයි මේ දැරිවිගේ දොස්තර හීනෙන් අයින් කරලා නීතිය පැත්තට යොමු කරන්න මම තීරණය කළේ ...ඒ අධ්‍යාපන කටයුතු නතර වුණේ පුතා හින්දා කියලා දන්නවනේ.....ඉතිං ආපහු ඒ වැඩ පටන් ගන්න ඕනේ ....කාලය ගියා කියලා කිසිම ප්‍රශ්නයක් ඇතිවෙන්නේේ නැහැ ...ඔයාට පුළුවන් කලින් තීරණය කරලා තිබුණ කාල සීමාවෙදිම තමන්ගේ අධ්‍යාපන කටයුතු ඉවර කරගන්න ....එහෙම කරොත් අපිට පුළුවන් වෙයි එයාට සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න ..." "අහගෙන ඉන්නකොටත් පුදුම හිතෙනවා හාමුදුරුවනේ ...මොකද අනෝමටයි මටයි හතුරො කියලා ජාතියක් හිටියේ නෑ ....මේව කව්ද කලේ කියන එක හරි ප්‍රශ්නයක් ...." "බයවෙන්න එපා පුතා චීවරයෙ හිටියට මාත් මේ වෙනකොට ගොඩක් දේවල් හොයාගෙන තියෙන්නේ. කපිල පුතත් මට ගොඩක්උදව් කරා .....දැන් ඔයාලා ඒ දේවල් ගැන දැනගෙන හිටියේ නැති උනාට කමක් නැහැ ...අපේ මුලින්ම කරන්න ඕන මේ දැරිවිව ඒ පැත්තෙන් ඉස්සරහට යවන එක ඊට පස්සේ පුළුවන් අනිත් දේවල් ..." '"හාමුදුරුවනේ නිකමටවත් අපරාධකාරයෝ ගැන ඉඟියක්වත් දුන්නේ නැද්ද අම්මා .." "මෙහෙමයි පුතා ඔයාලට පහුගිය ටිකේ තිබුණ කරදර හොඳටම ඇති ...මේ දේවල් ගැන දැනගත්තා කියලා අපරාධකාරයො දැනගත්තොත් නිකමට හරි ඒක අපට අවාසියි....අපි මුල ශක්තිමත් කරගෙන අපේම කෙනෙක් එතෙන්ට යොදාගෙන තමයි මේ වැඩේ පටන් ගන්න ඕනේ ....අපි අතර ඉන්න ඒකට සුදුසුම කෙනා මේ දැරිවි " රිව්දිලී ඉලක්ක කරගෙනමයි හාමුදුරුවෝ මේ කතාව කියන්නේ .... "හැබැයි මේනකා නෝනා ගැන මගේ දූ ඉන්නේ හරිම පැහැදීමෙන් ....ඔයා මිහින් පුතාට සලකන හැටි දැකලා .එයා කියනවා සමහර විට මං හිටියත් ඒ තරම් මගේ පුතාට උනත් ආදරේ කරන එකක් නැහැ කියලා ..අනිත් එක සෑහෙන්න වතාවක් එයා මේ කලා දුවව බේරගත්තා ....ඒ හැම වතාවකම විශාල කරදරයක් වෙන්න තිබුණා ..ඒ නොදරුවව පාවිච්චි කරන්න ආපු පිරිස බොහොමයි ...මේනකා නෝන ගැන තියෙන පැහැදීම නිසා ඒ දරුවාට කිසිම වෙලාවක අනතුරක් වෙන්න ඉඩ තිබ්බේ නැහැ ....මගේ දුවගේ යාළුවෙක් විදිහට එයාගේ පුතාව ආදරයෙන්ම බලා ගත්ත එක ගැන එයා හරියට සතුටු වෙනවා ..." "අනේ හාමුදුරුවනේ .. එදා ඉදලා අදටත් අද ඉඳලා මතුවටත් සුදු පුතා මගේ පුතා ...එයාව නම් දැන් අනෝමටවත් දෙන්න බැහැ .....මං හරි ලෝබයි මෙයා ට...." "ඒක එයා දන්නවා ....එයාට ඉල්ලගෙන එන්නත් බෑ නේ...ඔයා කාටවත් මේ දරුවාව දෙන්නෙ නෑ කියලා ඉස්සර ඉඳලම එයා දැනගෙන හිටියා ....මිහින් පුතාට කරදරයක් වුණානම් මේ තත්ත්වය වෙනස් වෙන්න තිබුණා. පොඩි කාලේඉඳලා ..." "අපිට එයත් එක්ක කතා කරන්න බැරිද හාමුදුරුවනේ .." "ඒක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි අතුල පුතා ...එයාට ඒ වගේ දෙයක් කරන්න බැහැ ....මට පුළුවන් හැබැයි සන්නිවේදනය කරවන්න එයාට කියන්න දෙයක් එයාගෙන් අහන්න දෙයක් තියෙනවා නම් " "මට දැනගන්න ඕනේ එදා එක් සිටන්ට් එක දවසේ හරියටම මොකද වුණේ කියලා " "ආ ඒකද ඒකනම් මටත් කියන්න පුළුවන් ...ඔයාලා හිතාගෙන හිටියට ඔයාලට හතුරු නෑ කියලා නොදැනුවත්වම වුණත් හතුරො ඉඳලා තියෙනවා ....දවස් ගාණක් තිස්සේ දුවගේ පස්සේ පන්නලා තමයි එදා අපරාධකාරයෝ සාර්ථක වෙලා තිබුණේ ....නම් ගම් කියන්න තාම මට බැහැ. ඒවා පසුවට අපි කතාකරගමු...දැනට අපිට කරන්න පුළුවන් දේ ගැන තමයි කතා කරන්න ඕනේ ...හිතට බරක් ගන්නෙ නැතුව මේ දරුවාගේ අධ්‍යාපන වැඩ කටයුතු ටික ගැන විතරක් මේ වෙලාවෙ හිතන්න ආ තවත් දෙයක් තියෙනවනේ සුබ කටයුත්තක් කෙරෙන්න යන බවට ඉඟි තියෙනවා මට ..ඒකත් හරිම වැදගත් දෙයක් හැබැයි ඔය ගත්ත තීරණේ පොඩ්ඩක් වත් පස්සට දාන්න එපා ....ඔය මංගල කාරණාව නිසා ප්‍රශ්න ගොඩක් විසඳෙන්න තියෙනවා ...ඒක ඔය ළමයි හැමෝම තරයේම මතක තියාගන්න ඕන කාරණාවක් ....ඔය මංගල කටයුත්තෙන් පස්සේ ඔය ළමයි එනවා මාව හොයාගෙන .මං කියපු දේ ඇත්තම ඇත්ත කියලා පිලි අරගෙනම ...ඒක නිසා මං මිහින් පුතාට ආයෙමත් කියනවා ගත්ත තීරණය වෙනස් නොකර ඒ කටයුත්ත පුළුවන් තරම් ඉක්මනට කරන්න ..ඔයාලගේ ජීවිතයට වාසනාව පෑදෙන්නේ ඔය මංගල කාරණාවත් එක්ක...ඒක ඔය ළමයි හැමෝටම වාසනාව ගේනවා ...වැඩිපුරම වාසනාව ගේන්න කෙනෙක් ඉන්නවා. ඒ උනාට එයා මේ වෙලාවේ මෙතන නෑ ..අදට ඔය කතා කෙරුවා ඇති කියලා තමයි මම හිතන්නේ. එහෙනම් මේ ළමයි ගිහිල්ලා එමු මට කියන්න ඕන කාරණා ටික මම කිව්වා ..ඒවා ගැනත් හිතේ තියාගෙන කටයුතු කලොත් තමයි හොඳ ..මට දැන් දුර බැහැරකට වඩින්න තියෙන්නේ මේ දරුවෝ පන්සලේ ඉඳිද්දී මම පිටවුණා කියලා අමනාප වෙන්න එපා මේක නොගිහින්ම බැරි ගමනක් " "එහෙමයි අපේ හාමුදුරුවනේ අපි අමනාප වෙන්නේ නැහැ. හාමුදුරුවෝ වඩින්නකෝ ...." "එහෙනම් දරුවනේ පරිස්සමට " හාමුදුරුවෝ පිටවෙලා ගියාට පස්සේ කට්ටියම ගෙදර එන්න ආවා ...ගියාට වඩා හිතේ බරෙන් ආවත් හාමුදුරුවෝ තමන්ගෙම කෙනෙක් කියන සතුට මිහින්ගේ හිතේ තදින්ම තිබුණා .... එන ගමනෙදිම සඳරුට කතාරලා විස්තර කියන්නත් කල්පනා කරලා ආපහු හිතුවා ...කෙල්ලත් එක්කම සඳරුගේ ගෙදර ගිහිල්ලා එනවා කියලා .... තාත්තලාට තාත්තාගේ වාහනේ ගෙදර යන්න කියලා කෙල්ලවත් දාගෙන මිහින් ගියේ සඳරුව හොයාගෙන ..... "සප්පට සිරි මගේ ප්‍රෙඩා කාලෙකට පස්සේ මාව හොයාගෙන ආවමද කොහෙද තනියම වාහනේ අරගෙන මට සතුටුයි ඇත්තටම සතුටුයි ...ඔන්න ඔය වගේ පිට් එකේ හිටපන් මස්සිනා ....." මිහින්ගෙ පිටට තට්ටුවක් එහෙම දාලා සඳරු කිව්වේ කෙල්ලගේ කොන්ඩෙත් අවුල් කරලා ..... "කකුල් දෙක බැරිවෙන්න ඉස්සර මං නිතරම ආව ගිය තැනක් තමයි බ්‍රෝ මෙතන ..මගේ කෙල්ල ගැන කතා කරන්න නංගිගේ බර බරේ ඉවසන්න බැරි උනහම මට දුක හිතුනහම ෆන් එකක් ගන්න හිතුනාම මං ආව තැනක් තමයි මේ " "මගේ අන්න ඒ යාළුවා ආපහු ආවා කියන එක තමයි මං මේ කිව්වේ ..නිතරම කඩා වැටිලා මට බෑ...ජීවත් වෙලා වැඩක් නෑ මට මැරෙන්න ඕනේ කියලා කියන දියාරු මිහිනයට වඩා මගේ යාළුවා හරි ශක්තිමත් එකෙක් ....අන්න ඌව තමයි මට ඕනේ ......" "මේ බලපන් හයයි හතරේ පොරක් වගේ ඇවිල්ලා ඉන්නේ ඒ මිහින්ම තමයි .." "දැක්කත් සතුටුයි බං උඹව ඔය විදිහට ....කියන්න වචන නෑ මට....." "හරි හරි බ්‍රෝ.....මං දන්නවනේ මගෙ ප්‍රෙඩා ගැන.....ඒක නෙමෙයි අපි ආවේ පන්සල් ගිහිල්ලා...එද උඹටයි මටයි සාරානන්ද හාමුදුරුවෝ බාගෙට කියපු ඒ නමේ කතාව අද ඔක්කොම කිව්වා .....උඹ දන්නවද සාරානන්ද හාමුදුරුවො කියන්නේ කවුද කියල...." "ම්.......සරත් ආනන්ද ......සාරානන්ද එහෙමනෙ අපි එදා කතා වුණේ......කියපන්කො බලන්න...කවුද මේ සරත් ආනන්ද ...." "එයා.......අපේ අම්මගේ තාත්තා බං ....මගේ සීයා ...." "නෑ.........සත්තයි කියපං .....නගා මූ කියන්නෙ ඇත්‍තද....." "ඔව් අයියේ .......එයා....හරි ....." "ඒ .........මේ.......පිස්සු හැදෙනවනෙ බං මේවා අහලා ..." "ම්.......ඔව් බං අද නං ලොකු කතාවක් කිව්වා ...." "වෙලාවට මට එන්න බැරි උනානේ බං අද ඔය ගමන යන්න ...." "උඹ හිටපු නැති නිසානේ මම මේ තකහනියක් ආවේ කතන්දරේ කියලා යන්න ...." "ඉතින් කියපන්කෝ සාරානන්ද හාමුදුරුවෝ මොකද කිව්වේ කියලා " මිහින් හාමුදුරුවෝ කියපු සම්පූර්ණ කතාවම සඳරු එක්ක කිව්වා ..... "ඔන්න ඕකයි බං කතාව ...." "හිතාගන්නත් බෑ බං එහෙම වෙන්න බැරි නෑ තමයි ...ඒ කාලෙත් හතුරො ඉන්න ඇති .....ඒ ගැන මොකුත්ම ඉඟියක් හාමුදුරුවෝ දුන්නේ නැද්ද ...." "මේ බං ඉස්සෙල්ලම සුදු නෝනට උගන්නන්න කිව්වා ....ඊට පස්සේ බලමු කිව්වේ කරන දෙයක් ..." "ඒකත් ඇත්ත තමයි බං අපිට යමක් කරන්න පුළුවන් වෙන්න ඕනනේ....ඕවට පියවර ගන්න කලින් ...... නගා උඹ ලෑස්ති නම් මං කතා කර ගන්නම් ආයේ ස්ටඩි වලට..." "අපි කොහොමහරි මේක කරන්න ඕනමයිඅයියේ ...." "කරමු බං අපි දෙන්නත් ඉන්නවනෙ......අපිට පුළුවන්. නතර වුනු තැන ඉඳලා වැඩ ටික කරන්න පටන් ගනිමුකෝ ......" සඳරු කිව්වේ දැඩි විශ්වාසයෙන් ..... "සුදු නෝනගෙන් වැඩිපුරම වාසනාව තියෙන කෙනෙක් ගැන හාමුදුරුවෝ කිව්වා .... අද මේ වෙලාවේ පන්සලේ නෑ කියලත් කිව්වා ...මට හිතෙන්නෙම ඒ කිව්වේ උඹ ගැන කියලමයි ....." "කොහොමටත් කවදමහරි මගේ නගා මට වාසනාව ගේනවා .....ඒක ෂුවර් " "බලමුකෝ අපි ..." සඳරු හෙට අපි දෙන්නා ..අගලවත්තෙ යන්නයි ඉන්නෙ .....උඹත් එනවද ...." "ඇයි හදිස්සියෙම......" ==================================================================================================== අදට කතාව ඉවරයි ළමයි... කමෙන්ට් කරගෙන යන්න දිගටම කතාව බලන්න ඕන නම්......... > 𝔀𝓻𝓲𝓽𝓮𝓻 𝓼𝓪𝓷𝓭𝓪 0702756395 නම්බර් එකට whatsapp message එකක් දාලා ඔයාලගෙ අදහස කියන්න කෝ බලන්න කතාව ගැන
Image from දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰: *_පාද පරිචාරිකා - 2_*✨🖤🎀 (මෑත යුගයේ යශෝධරාවක් වූ පතිනියයි ඈ....)  *�...
❤️ 👍 💛 😁 😮 🤍 89

Comments