දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
June 12, 2025 at 02:43 PM
🦋 𝗙𝗜𝗡𝗗 𝗧𝗛𝗘 𝗗𝗥𝗘𝗔𝗠 🦋 ⚜ සිහිනය සොයා ⚜ 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 *STORY BY LOCHI* 💜 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 Chapter 0️⃣ 3️⃣ 🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃අපි ඊලග දවසේ කලින්ම ගියේ කැම්පස් එකට එහේ උදෙන්ම ලෙක්චර් එකක් අපිට ඒක නිසාම අපි තුන්කට්ටුව ඉතිම් කොහේ ගියත් ඉන්නවා.. " ඒ හායි ලියා " " ම්ම් හායි මහේශ් අයියේ " " අම්මේ හුග දවසකින් දැක්කේ කොහෙද අපිව දැං පේන්නෙත් නෑනේ " " අනේ එහෙම එකක් නෑ අයියේ මේ දවස්වල වැඩ ගොඩක් තීනවා ඉවර කරන්න ". " ම්ම් ආරංචි උනා බෑන්ඩ් එකකට ගිහිල්ලා කියලා මොකෝ තැන හොදයිද " " ම්ම්ම් අවුලක් නෑ ඇයි " මහේශ් කියන්නේ ලාස්ට් ඉයර් එකේ ඉන්න කෙනෙක් මම තර්ඩ් ඉයර් එකේ එයා මම ආව දවසේ ඉදලා මාත් එක්ක කතා කරනවා ඕනාවට වඩා වැඩී මම එයාව ගොඩක් මග හරිනවා නැත්තම් වදයක් නේ මට මගේ වැඩ කර ගන්න දෙයක් නෑ. " නංගි අපේ කම්පිටිශන් එකක් තීනවා ඒකේ ඩාන්කින්ග් එයිටම් එකට ඔයාව තේරුනා ඒකට පැක්ටිස් තියේ එන්න හොන්ද හවසට අහ් මේ ඔයා ඉන්නේ l and l band එකේනේ " " ම්ම් ඔව් අයියේ මට මේ ලියුම ඔයාලගේ ලීඩර්ට දෙන්න " " අහ් මේ " ශිට් ගියානේ මම දෙන්න ඕනිද මේක රෙද්ද මට කෑගහන්නත් හිතුනා ඒත් බය උනේ සල්ලිකාර මුලු කැම්පස් එකම එයාගේ අල්ලේ නටද්දි මම කොහොමද විරුද්ධ වෙන්නේ ඒක නිසා අරන් යන්නම්කෝ ඒත් මොකක්ද අර නැටුම අනේහ් මට ටැක පන්නනවා මූ... " මේ මොන දේ උනත් උබලා දෙන්නගෙන් එකෙක් නටන්න ඕනි මාත් එක්ක ඒකේ එච්චරයි ආයේ කතා නෑ "" " අඩෝ අඩෝ තිසුවවම අරන් පලයන් මන් නෑ ඕවාට " " ඉදකිම් මටත් ඉන්න මහලොකු යාලුවා " " හරි හරි තිසුවා ඉන්නවානේ " " අනේ මේ යමන් බන් අපි දෙන්නා මූට දෙකට නැවෙන්නේ මොකටද " " මට දැං පෙනිලා තීන්නේ මූ දෙකට නැමෙන්නේ ෆෝත් ඉයර් එකේ අක්කෙක්ට කියලා " " මොකක් අඩෝ " " අනේ ඒම එකක් නෑ බන් " තිසුවා දසියගේ බෙල්ලෙන් අල්ල ගත්තේ මොකක්ද ඒ කතාව කියලා අහන ගමන් මම කොහොමත් ඉතිම් මුන් දෙන්නටම ආදරෙයිනේ අපි එකට ඉන්නෙ මොනා කරත් ලෙක්චර් එක ඉවර වෙලා මාව ගෙනිහින් ඇරලුවා මම හෙමින් සීරුවේ ඇතුලට ගියේ මට යන්න විනාඩි 15 ක් වගේ පරක්කු උනා " මෙහේ එනවා හෙර ඕවට නම් හෙන දක්ශයි වගේ නේ " හුටා ඉවරයි දැක්කා නේද පියන් දෙකේ බෙලි කට්ටා කියන්න නම් ඒවා ගොඩායි " පියන් දෙකේ බෙලි කට්ටා ඒක මටද කිව්වේ ආහ් " කලබලේට කොරොස් කටෙත් අත දානවානේ ඔන්න හිතින් කියන්න ගියපු එක කටින් කියලා දැං නම් මට තේරෙනවා මාව මේ බාල්කෙම එල්ලයි කියලා " අහ් නෑ මේ අහ් මේ මේක දෙන්න කිව්වා මහේශ් අයියා " " මොකා අයියා තමුසෙට දැන් අයියලා ගොඩක් ඉන්නවා නේ " එක ඇහිබැමක් උස්සන් අහන කොට නම් මට මල යකා ආවේස වේගෙන ආවේ මාව දාලා වෙන එකියක් එක්ක ගිහිල්ලා මට ඉන්න අයියලා ගනින්න එනවා සෙද්ද " මට ඉන්න අයියලා ගනිනවට වඩා මේ ලීඩර් මහත්තයට වෙන වැඩ ඇතිනේ ඔන්න ඔය රෙද්ද නිසා එන්න පරක්කු උනේ ඕන එකක් කර ගන්නවා ".. යකූ මේකිද බොස් මමද බොස් කියලා හිතන්න ඇති මම ගස්සලා පද්දලා ගිහිල්ලා දොර අරිනකොටම එලියට ආවනේ විහාරයා """" හම්මට තාපොඩ්ඩෙන් ඉවරයි මොකෝ බන් නිකම් මලපැනලා වගේ """" """" වගේ නෙවෙයි එහෙම තමා හුහ් """" මම විහාරයාටත් ගස්සගෙන එන්න ආවේ නැත්තම් නෝන්ඩියනේ මුකුත් නොකියා මන් වයලින් එක ටියුන් කරද්දී එතන ලොකු අවුලක් """"" ශිට් දැං මූ නැතුව කොහොමද බන් වැඩක් කරන්නේ රෙද්ද එන්නෙ නැත්තම් කියන්න ඕනේ අනික කී බෝඩ් එක තමා වැදගත්ම අයිටම් එක එහෙම වෙලත් මූට ටිකක් කලින් එන්න බෑද මගුල."""" මම හිමීට ගිහිල්ල විහාර අයියගෙන් ඇහුවේ ඇයි කියලා එයා කිව්වා අද නෙත්සර අයියා එන්නේ නෑ කියලා... ඉතිම් දැං මටත් අවුල්නේ ඉන්න අමාරුයිනේ """ ඔයාලාගේ අකමැත්තක් නැත්තම් මට පුලුවන් key board එක play කරන්න """" """"" තමුසෙට එච්චර හරියක් කරන්න පුලුවන් නම් ලොකු දෙයක් """" """" ඇයි හිතනවද බෑ කියලා එහාට වෙනො ඔතනින් ඕක උඩ ඉදගන්නේ කොයි වෙලාවෙත් මොලේ කලදක් නැද්ද දැං ඔයාම කියන්නේ මට ඩ්‍රම්ස් ගහන්න පුලුවන් මෙයාට ගිටාර් ගහන්න බැරි උනාට කියලා මම ඒ වගේ තමයි මෙතන තීන ඕන අයිටම් එකක් ප්ලේ කරන්න මට පුලුවන් මම වැඩිපුර interesting වයලින් නිසා පැත්තට ආස වුනේ """" වෙතන ඉදපු අනිත් අය බයවෙලා වගේ මගේ දිහා බලන් ඉන්නවා ඇහුවම කියනවා කව්රුත් එයාට ඔහොම කතා කරලා නැහැල්ලු එහෙම කරන්න එයාලට බයයිලු අනේ රෙද්ද මට මොකෝ මම දන්නවනේ මිනිහගේ තරම කට විතරයි ... """"" ම්ම් කියන විදිහට වැඩත් තිබුනොත් හොදයි අතන ඔක්කෝම plug කරලා තීන්නේ පටන් ගමූ '""""" ඊට පස්සේ එයා ගිහිල්ලා එයාහේ ආසම ගිටාර් එක ගනිද්දී අනිත් කෙනා ඩෘම් එක ලග ඉද ගත්තා අනිද්දා කොන්සර්ට් එක ඒ අස්සේ මේ නෙත්සරයා නෑ මටත් කේන්තියි දැං නම් ලියා කීබෝඩ් එක ප්ලේ කරද්දී තශ්වින් නම් පුදුමෙන් බලන් ඉදියත් ඒක ඇගෙව්වේ නෑ මොකද තමන් ආදරේ කරපු වගේම තාමත් ආදරේ කරන කෙල්ල ගොඩාක් දියුණු වෙලා ඒකම තමයි කොල්ලට පුදුමේ උනේ එදා ප්‍රැක්ටිස් කරලා ඉවර කලේ නෙත්සරට එන්න පුලුවන් වෙන්නේ කොන්සර්ට් එක දවසේ කියලා කිව්ව නිසා ආපහු practice තිබ්බේ නැත්තෙම ඒක නිසා. concert day ජීවිතේ පළවෙනි වතාවටයි මෙහෙම අත්දැකීමක් මට හම්බෙන්නේ පුංචි කාලේ ඉදලා තිබ්බ හිනයක් ප්‍රසිද්ධ වයලින් ශිල්පිනියක් වගේම අති දැවැන්ත වේදිකාවක් උඩ වාදනය කරන්න මම ඇන්දේ ලස්සනම ලස්සන ග්‍රීන් සීකුයින්ස් අල්ලපු තැනින් තැනින් දිලිසෙන ගල් අල්ලපු ගවුමක් ඇත්තටම කියනවා නම් මට අද ස්පෙශල් ඉවෙන්ට් එකක් තීනවා මෙකේ ට්‍රම්පට් එක වගේම වයලින් එක ගහන්නනෝන නිසා..ලස්සනට ඉන්න ඕනනේ හරියටම රෑ 10ට පටන් ගන්න තීනවා බොරු ඕන නෑනේ මම තාම ලෑස්ති වෙලා නෑහ් ඉක්මනට ඇවිද ඇවිදම දත් මැදලා යට ඇදුම් ටික ඇද උඩට විසිකරලා සෙන්ට් බෙන්ට් ටිකත් විසි කලා ඉක්මනට නාගන්න ඕන නිසා මාව ගන්න කේවියන්ස් බෑන්ඩ් එක එනවා කිව්ව නිසා ලොකු අවුලක් උනේ නෑ ඉක්මනට ඇවිල්ලා ඇදුමත් දාගෙන සරල විදිහට කොන්ඩේ පොඩි ඩිසයින්ට් එකක් දාගත්තේ කැපිලා නොපෙනෙන්න ඕන නිසා මට අප්පච්චි යන එන ගම බඩු ටික එකතු කරනකොට කැව්වා අන්තිමට මන් නැවතුනේ මම කවදාවත්ම ඇස් දෙකෙන් දකින්න තරම් පිං නොකරපු සුදු මල්මාලයක් දාලා තීන මගේ අම්මගේ ලස්සනම ලස්සන ෆොටෝ එක ඉස්සරහා මොනා කලත් ඒ මූණ බලලා ගිහාම හිතට හරි සැනසීමයි අම්මා මගේ ජීවිතේ මගෙ අම්මා තාත්තා දෙන්නම එක්කෙනෙක් කාටවත් ඒක තේරෙන්නේ නෑහ් ඒ දුක මෙච්චරක් කියලා කියන්න බෑ .. පීක් පීක් පීක් ...... " අන්න වාහනේ ඇවිල්ලා ඒක තමයි කිව්වේ ඉක්මනට කන්න කියලා නැලවි නැලවි ඉන්නවා " මම මෝඩ ගොං හිනාවක් දාලා අප්පච්චි ගෙනාපු වතුර කෝප්පෙන් වතුර ටිකක් බීලා චූටි කිස් එකකුත් අප්පච්චිට දීලා වාහනෙට දිව්වේ මං චුට්ටක් පරක්කු නිසා " මං එන්නම් තව ටිකකින් " මම මගේ වයලින් එක ඇතුලෙන් තියන්න කියලා දීලා පිටිපස්සට යන්න ගියේ ඒකේ ඉඩ නෑහ් මොකක් කරන්නද කියලා හිතා ග්න්න බෑ අනිත් ගෑනු ලමයි ඔක්කොම පිටිපස්සේ " පුතේ ඔය කාගේ හරි ඔඩොක්කුවකින් ඉද ගන්න ඉඩ මදි ප්‍රශ්නයක් තීනවා " ඉස්සරහා ඉන්නේ විහාරයයි තශ්විනුයි තශ්මිනුයි වීදුරුව ලග ඉන්නේ තශ්වින් දෙන්නාගෙම මැද්දේ විහාර අයියා ඉන්නවා ශේක් එකේ බූරුවා හින වෙන විදිහට හිනා වී ගෙන දත් ඇන්දම ගලවන්න හිතුනා.. එක පාරටම වෑන් එක කලුවට උනේ ඇතුලෙ ලයිට් එක ඩිම් වෙන්න ගනිද්දී ඒ කරුවල අස්සේ කවුරුහරි මගේ අතින් අල්ලලා ඇදලා අර ගත්තා ඒ මනුස්සයගේ ඇග උඩ මං ටික දුරක් යනකල්ම මම කලබල් වෙලා ඉදියේ මගේ අතේ පිට අල්ල හිමීට හරි සිනිදුවට අතගෑව ඒ එයා එයා දන්නවා මං කලබල වෙලා කියලා ටික දුරක් යනකොට නම් ලයිට්ස් හරි ගියා මම මගේ අත ඇදලා අර ගත්තේ මාව එපා කියපු කිසිම මනුස්සයෙක්ව මගේ ජීවිතේට ඕන නැති නිසා මට රිදෙනවා නම් මට ආපහු කාවවත් ඕන නෑහ් පැය තුනක විතට ගමනක් කිව්වම තමා මාව උඩ ගියේ මේ මනුස්සයහේ ඔක්කේ යන්න පුලුවන්ද ඒකත් මට මම මුකුත් නොකියා එළිය බලා ගත්තා අනිත් අය නම් එක එක කතාවල ඊට පස්සේ නෙත්සර අයියගේ කීමට කට්ටියම සිංදු කියන්න ගත්තා ගමන හරි බෝරිං කියලා... ඒ එක්කම එයාලා ප්ලේ කලේ we don't talk enymore සිංදුව ඇත්තටම ඒක මගේ හිත රිද්දන්නම කිව්ව එකක් කියලයි හිතුනේ අපි ඔහේ සිංදු කිය කිය ඇවිල්ලම අපිටත් වෙලාව නොදැනිම අපි එතන්ට ඇවිල්ලා.. වාහනේ නවත්තපු ගමන් මන් දොර ඇරන් බහින්න ගියේ මගේ හුස්ම හිර වෙනවා තව ටික්ක් ඕකේ හිටියා නන් ඇත්තමයි එයත් ඊට පස්සේ වාහනෙන් බැහැලා ගියේ මං වගේ එකෙක් මෙතන නෑ වගෙයි ශිට් මේ මිනිහා නම් කොහොමත් මගේ කව්රුත් නෙවෙයිනේ මමත් මගේ වයලින් එක අරන් ගියේ ඒවා settle කර ගන්න ඕන නිසා. එතන ඇත්තටම ලස්සනයි පාට පාට ලයිට්ස් ඔක්කොටම වඩා තරු පිරුණු අහසේ තීන පුංචි පුංචි තරු කැට වගේම හද එළිය හොදින් තින්නේ හරියට දිව්‍ය ලෝකයක් වගේ මෙච්චර සෙනගක් මට හිතා ගන්න බෑ... මුලු ස්ටේජ් එකම කරුවල උනේ මගේ කොටස තීන නිසා එයා මාව හදුන්වලා දෙද්දී කිසිම වෙලාවක මගේ දිහා බැලුවේ නෑ ඒත් එයාවේ පිට පැත්ත මට පේනවා මම එයා දිහාම බලන් ඉදියේ එදා දවසේ දුක මට දෙගුණ තෙගුණ වෙලා දැනෙද්දීයි.තමන් පණවගේ ආදරේ කරපු මනුස්සයා තමන්ව දාලා යන කොට එන හැගීම් ගොඩාක් අයට දැනිලා ඇති මොකද මම දන්න තරමින් කිසිම කෙනෙක්ගේ පළමු ප්‍රේමය සාර්තක නෑහ් . දැං මගෙත් එහෙමයි. ලයිට්ස් සෙට් වෙලා තිබ්බේ මට විතරයි මම පටන් ගැම්මට අවශ්‍යවන හිත ගත දෙකම සන්සුන් වෙන මියුසික් එකක් දෙනකොට එයාලා උනත් ආස වෙන්නනැති මම වයලින් එක play කලේ ඇසි පියාගෙන මොකද අද ටිකක් මන් කලබලයි ඒකයි . මන් ඇස් අරින කොට මට පේන හැම තැනකම ෆෝන් චෝච් එක ලස්සනට තාලෙට දෙපැත්තට වැනෙනවා ඒක හරි සුන්දර දසුනක් මම ඒ එක්කම අහස දිහා බැලුවා අහස වළාකුලකින් වැහිලා ඒත් මම එතන මවේ අම්මව දැක්කා එයා සතුටින් අත වනනවා වගේ මගේ ඇස්වල කදුලු පිරුණා ඇස් දෙකින් නොදැක්කත් හොද දේවල් වලදි මම දැකලා තීන රූපේ කොහෙන් හරි මැවෙනවා.ආදරෙයි අම්මා මම ඈත අහස දිහා බලාන මිමිණුවා. කොන්සර්ට් එකට ලංකාව මෙන්ම වෙනත් රටවල්ද කලබපු ගායක ගායිකාවෝ ආවා සෙනගත් හොද ගානට තිබ්බා මන් හිතන්නේ අපි ගෙදර එනකොට නම් 3 විතර වෙන්න ඇති මන් එහෙන්මම නිදි මර ගාතේ ගිහිල්ලා වතුර ටිකක් ඇගට දාන් ඇදුමක් දාන් ඇදට වැටුනා.සර් කිව්වනේ ඊලග දවසේ හැමදේම ගැන බලමු කියලා. ☰☰☰☰☰☰☰☰☰☰☰☰☰☰☰☰☰☰☰☰☰ 𝚜𝚝𝚘𝚛𝚢 𝚋𝚢 𝚕𝚘𝚌𝚑𝚒 ❤️‍🩹🦋
Image from දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰: 🦋 𝗙𝗜𝗡𝗗 𝗧𝗛𝗘 𝗗𝗥𝗘𝗔𝗠 🦋  ⚜ සිහිනය සොයා ⚜  🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼�...
❤️ 👍 💜 91

Comments