
දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
June 12, 2025 at 02:43 PM
*පලිගැනීම ❗💔*
(ආදරයත් වෛරයත් අතර ඇත්තේ කුඩා නිමේෂයකි!)
පසුගිය කොටසින්,
*"හරි ඩොක්ට හරි"*
(35) අවසාන කොටස
--------------------------------------
"නෙතූ මැණික ඇයි මාව මැරුවෙ"
"නෑ සදරු නෑ මං මං මැරුවෙ නෑ ඔයාව"
කෙල්ල කෑ ගහගෙන නැගිට්ටෙ වට පිට බල බල කව්රුවත් පේන්න හිටියෙ නැති නිසා නෙතූගෙ හිතට බයක් දැනුණා.කෙල්ල වට පිට බැලුවමයි එයාට තේරුනේ ඉන්නෙ ගෙදර කියල , කෙල්ල හිමින් හිමින් අඩි තියල ගියේ පඩිපෙල දිගේ පහළ තට්ටුවට
"සචින් සචි"
කෙල්ලට දැණුනෙ එයාගෙ පිටි පස්සෙ කව්රු හරි ඉන්නව වගේ හැගීමක් කෙල්ල ක්ෂනික පිටි පස්ස හැරුණා.ඒත් කව්රුවත් පේන්න හිටියෙ නෑ.නෙතූගෙ පපුව වේගෙන් ගැහෙන්න ගත්තා.වෙනදට වඩා අමුතු වෙනසක් එයාට දැනුනා.
"ආ නෝනෙ නැගිට්ටෙ දැන්ද"
"ලීලා අම්මා සචින් කෝ"
"මාතියා උදේම වැඩට තමා ගියා,නෝනෙ කෑම කන්න ඇවිත් මං කෑම ලෑත්ති කලා"
"හරි ලීලා අම්මා"
"නෝනෙ මට අදිසියේ ගමේ යන්න වෙලා මං සුමානෙකින් එන්නම්"
"ඒ ඇයි ලීලා අම්මා"
"මගෙ සීයා ලෙඩ ඇඳේ නෝනෙ බලාගන්න තමා යනවා"
"හ්ම් හ්ම් ලීලා අම්මා ගිහිං එන්නකො"
"මං මාතියටත් කීවා අද රෑම පිටත් වෙන්න කියල"
"හරි ලීලා අම්"
කෙල්ල ට වචන හිර උනේ ජනේලෙ වීදුරුවෙන් දැක්කෙ එහා මෙහා යන පිරිමි චායාවක්
"නෝනෙ .."
ලීලා කෙල්ලට කතා කරත් සද්ද නැතුව කෙල්ල බලන් හිටියෙ එලිය
"නෝනෙ මොකද මේ"
"අ... ආහ් ලීලා අම්මා එලියෙ කව්ද ඉන්නව වගේ"
"එලියෙ , එලියෙ කවුරු ඉන්නද නෝනෙ"
ලීලා ගිහිං එලියෙ බලල ආවේ කෙල්ල කල්පනා කරන්න ගත්තා. 'නැගිට්ට වෙලේ ඉදන් මොනවද මේ පේන බහුබූත'
ට්‍රිං ට්‍රිං....
නෙතූගෙ ෆෝන් එක රින්ග් වෙන සද්දෙට කෙල්ල ගැස්සිලා ගියේ ලොකු කල්පනාවක කෙල්ල හිටියෙ
"හෙලෝ සචින් කියන්න"
"මැණික මං අද ගෙදර එන්න රෑ වෙයි ඔයා නිදා ගන්න. ආ ලීලා ගමේ යනව කිව්ව පරිස්සමෙන් දොරවල් හොදට වහල නිදාගන්න හොදේ"
"හරි සුදූ "
කෙල්ල ෆෝන් එකත් තියල ගියේ ලීලගෙ රූම් එකට
"බරටම ලෑස්ති වෙනව වගේ, ලීලා අම්මා ගියහම මට පාළුයි අනේ..."
කෙල්ල ලීලවත් බදාගෙන කිව්වෙ
"අනේ මං සුමානෙකින් එන්නම් නෝනෙ"
ලීලත් කෙල්ලව බදාගෙන සැනසුවෙ ඉක්මනට එන පොරොන්දුව මත ලීලා ගෙදරින් පිට උනා.
ලීලා ගෙදරින් ගියත් එක්කම නෙතූ ජනෙල් දොරවල් වහගත්තෙ කෙල්ල ගෙදර තනියම නිසා ත් සචින් එන්නත් රෑ වෙනව කිව්ව නිසා.
නෙතූ තනියම කෑමත් හදල තියල වොශ් එකක් දාගෙන කෑම කන්න හදනකොට වෙලාව රෑ 9 යි . කෑමත් කාලා සාලෙට ආවෙ නිදි මතකුත් තිබ්බෙ නැති හින්දා ටීවි එක දාගෙන ෆිල්ම් එකක් බලන්න හිතාගෙන,ටීවි එකත් දාලා සෝෆා එකෙන් ඉදගත්ත ගමන් නෙතූ ට ඇහුන බෙල් එක ගහන සද්දයක් කෙල්ල නැගිටලා ගිහින් දොර ඇරිය ඒත් කවුරුත් පේන්න හිටියෙ නෑ .නෙතූ ට දොර ඇරපු ගමන් දැනුනෙ කවුරු හරි කෙනෙක් ගේ ඇතුලට එනව වගේ කෙල්ල ගැස්සිලා ගියා.
'මොකද්ද ඒ උනේ දෙයියනේ හොල්මන් ද මන්දා නෑ නෑ මගෙ හිත වෙන්නැති' කෙල්ල එහෙම හිත හිත ඇවිත් ආයෙ වාඩි උනේ ටීවි එකේ සවුන්ඩ් එකත් වැඩි කරලා. ටික වෙලාවක් ෆිල්ම් එක බල බල ඉද්දි නෙතූ ට නින්ද ගියා පුටුවෙම
"මැණික මං කියන දේ පොඩ්ඩක් අහන්න දැන්වත් ප්ලීස් මැණික නෙතූ අහන්නකො, ඔයා දන්නවද මැණික සචින් අපිව රවට්ටලා ඌ ඌ ඔයාව මගෙන් උදුරගෙන මේ හැමදේකටම වග කියන්න ඕනි ඌ පාහරයා අපෙ ආදරේ විනාස කරා මැණික ඌව මං අතාරින්නෑ පලිගන්නවා"
'එපා නෑ.... '
නෙතූ කෑ ගහගෙන නැගිට්ටා එයා දැක්කා එවෙලෙ එයාගෙ ඉස්සරහ සදරු ගෙ රුව බොදවෙවී පෙනුනෙ
"ස..ස..සදරු ඔයා කොහොම" කෙල්ල ඇස් දෙකත් පිහදාලා ආයෙත් බලනකොට කවුරුත් හිටියෙ නෑ. නෙතූ හොදට ම බය උනා. කෙල්ල ගෙදරින් එළියට දුවගෙන ආවෙ පපුව හෝ ගාලා ගැහෙනවා.තිබ්බ බයටම නෙතූ එවෙලෙ සචින් ට කෝල් එකක් ගත්ත
ඔබ අමතන දුරකථනය මේ මොහොතේ කාර්යබහුල බැවින් පසුව අමතන්න....
"අනේ දෙයියනෙ ගන්නකො සචින් ෆෝන් එක අනේ"
කෙල්ල ආයෙ ආයෙ උත්සහ කරත් වැඩක් උනේ නෑ සචින්ගෙ ෆෝන් එක වැඩ කරේ නෑ.
++++++++++
"ඒ සචින් දැං යමු බං 12ටත් කිට්ටුයි "
තිසරු ආවෙ සචින්ගෙ ඔෆිස් රූම් එකට එහෙම කියාගෙන , කොල්ල හිටියෙ තාමත් ලැප් එකේ මූන ඔබාගෙන
"හ.. හරි හරි බං යමං පොඩ්ඩක් හිටපන්"
"අනේ උබ ඉදහං මං යනවා යන්න අම්ම ගෙදර තනියම බං මං යනවා."
තිසරු එහෙම කියල යන්න ගියේ සචින් ට ගෙදර යන්න ගානක් වත් නෑ
"හරි එහෙනම් උබ පලයං මං තව විනාඩි පහලොවෙන් යනවා"
සචින් ලැප් එකත් ඔන් කරගෙන හෙව්වෙ පරන යාලුව රිතූ ගැන
'ඔහ් ෂිට් වැඩක් නෑ. මේකි මැරිල වත්ද ඒත් එහෙම වෙන්න බෑ '
"Excuse me sir"
සචින් නිකටට අතත් තියන් කල්පනා කර කර ඉද්දි ආවෙ ගාමන්ට් එකේ සික්‍යුරිටි
"ආ රත්නපාල ඇයි මොකද්ද ප්‍රස්නෙ"
"සර් කට්ටියම ගෙදර ගියා මං මේ ඔෆිස් එක වහන්න ආවෙ සර් ඉන්නව දැක්කෙ දැන් තමයි"
"ආහ් මාත් දැං යනව රත්නපාල මේක ක්ලෝස් කරන්න "
"හරි සර් "
සචින් එහෙම කියල එලියට ආවෙ බෑග් එකත් අරගෙන සචින් දැනුයි ෆෝන් එක අතට ගත්තෙ එතකොට තමයි දැක්කෙ නෙතූගෙන් කෝල්ස් පහලොවක් විතර ඇවිත් සචින් කෝල් බැක් කරේ කාර් එකට නගින ගමන් කොල්ල හිටියෙ හිතේ බයෙන්
"හෙ... හෙලෝ.. නෙතූ ඇයි ඇයි මෙච්චර කෝල්ස් ආයූ ඕකෙ "
"ස..සචින් ඉක්මනට ගෙදර එන්නකො අනේ මට තනියම ඉන්න බයයි එක එක විකාර පේනව සචින් බය හිතෙනවා"
" අයියෝ ළමයො මං බය උනා.. ඔයා දොරවල් වහගෙන ඉන්න මං දැං එන්න හැදුවෙ ඔෆිස් එකෙන් "
"අනේ සචින් ගේ ඇතුළෙ ඉන්න බෑ සචින් අපි අපි කොහේට හරි යමුකො අනේ ඉක්මන්ට එන්න සචින්"
කෙල්ල නහයත් ඇද ඇද කිව්වෙ
"හරි ළමයො හරි මං පුලුවන් ඉක්මනට එන්නම් විකාර නැතුව ඔයා ගේ ඇතුලට යන්න හොදද"
ෆෝන් එකත් කට් කරල සචින් වේගෙන් එන්න ආවෙ ගෙදර , කාර් එකේ රේඩියෝ එකත් ඔන් කරේ ඒ වෙද්දි රෑ 12.30 ටත් ලං වෙලා පාරෙ තිබුන පාළු ගතියක් පේන මානෙක පාරෙ තිබ්බෙ සචින්ගෙ කාර් එක විතරයි.කොල්ලට ටිකක් අමුත්තක් දැනුනෙ ඒ නිසා. සචින් කාර් එකේ වේගෙ 80 ට විතර පෑගුවෙ රේඩියෝ එකේ සවුන්ඩ් එකත් තව වැඩි කරලා.
"අනේ මහත්තයා..."
පුංචි ළමෙක් පාලම අයිනෙ හිටගෙන සචින් ට කතා කරනව එයා දැක්කා කාර් එක ස්ලෝව් කරේ එවෙලෙ, ඒත් කවුරුත් පේන්න හිටියෙ නෑ සචින් රේඩියෝ එක ඕෆ් කරා.
'ඈ යකෝ මටද පිස්සු නැත්තං මනස්ගාත' කොල්ල ආයෙ කාර් එක වේගෙන් එලවන් යද්දි කාර් එක ඉස්සරහට පොඩි ළමයෙක් පනිනව සචින් දැක්කෙ චායාවක් වගේ
"ඕහ් ෂිට්" සචින් කෑ ගහගෙන කාර් එක රයිට් සයිඩ් එකට කැපුවත් එයාට කාර් එක නවත්ත ගන්න බැරි උනා.පාලමේ කනුවකුත් කඩාගෙන කාර් එක ලොකු ප්‍රපාතෙකට වැටුනා.
'1 ටත් ලගයි මෙයා තාම නෑනෙ අප්පා' නෙතූ එහෙම හිත හිත ගේ ඇතුලට ගියේ බයෙන් බයෙන් දොර හිමීට තල්ලු කරලා හිමින් හිම්න් අඩි තිබ්බෙ ගේ ඇතුලට යන්න එතකොටම කලු පූසෙක් එලියට දිව්වෙ නෙතූ මර හඩ දීලා කෑ ගැහුවා.
'බුදු අම්මෝ... හපොයි මූටද මං බය උනේ' නෙතූටත් හිනා. එයා මෙච්චර වෙලා බය වෙලා තියෙන්නේ පූසෙක් ට කියල දැක්කම, කෙල්ල සෝෆා එකෙන් ඉදගෙන ෆෝන් එක ආයෙ අතට ගත්තෙ සචින් ට කෝල් කරන්න කෝල්ස් දෙක තුනක් ගත්තත් සචින් ගෙ ෆෝන් එක වැඩ කරේ නෑ.නෙතූ ගනන් නොගෙන හිටියෙ සචින් ගෙ ෆෝන් එක කොයි වෙලෙත් වැඩ කරන්නෙ නැති හින්දා. සෝෆ එකට ඇලවෙලා හිටිය නෙතූට ටික වෙලාවකින් හොදටම නින්ද ගියා.
ට්‍රිං ට්‍රිං
කෙල්ලගෙ ෆෝන් එකට එක දිගට කෝල්ස් ආවා නෙතූ හිටියෙ සුව නින්දෙ කෙල්ල ඇසුත් පොඩි කර කර නැගිටල ෆෝන් එක ගත්තා.
"හෙලෝ නෙතූ උබට මං කොච්චර කෝල් ගත්තද යකෝ කොහෙද හිටියෙ"
"මම ..මට නින්ද ගිහින් හිටියෙ ඇයි තිසරු අයියෙ මොකක්ද ප්‍රස්නෙ"
"යකෝ සචින් ඇක්සිඩන්ට් වෙලා"
"මො.. මොකක් ඒ කොහෙද දෙයියනෙ අයියෙ එයා එයාට මොකද"
"කලබල වෙන්න එපා උබ හොස්පිටල් එකට වරෙන්"
කෙල්ල එහෙම්මම දිව්වෙ පාරෙ යන වීල් එකකට අත දාලා නවත්තගෙන හොස්පිටල් එකට පුටුවක ඉඳගෙන ඔළුවත් තියන් ඉන්න තිසරුව දැක්කෙ නෙතූ හොස්පිටල් එකට ඇතුල් වෙද්දිම යි.
"අයියෙ සචින් කෝ අනේ කතා කරන්න කො"
කෙල්ල අඩ අඩා ඇහුවෙ තිසරු ගෙ උරහිසින් අල්ලගෙන
"ඌව ICU දැම්ම නංගි තත්වෙ ටිකක් බරපතලයි"
තිසරු ට කියන්න හම්බුනේ එච්චර යි කෙල්ල දිව්වෙ ICU එකට
මූන අතපය සීරිලා හැම තැනම තුවාල හාට් බීට් එක හොදට ම ස්ලෝ සචින් හිටියෙ ජීවිතයත් මරණයත් අතර සටනක
කෙල්ල ගිහිං ඒ අතකින් අල්ලගෙන හොදට ම අඩන්න ගත්තා. තිසරු එලියෙ ඉදන් බලන් හිටියෙ ඒ දිහා එයාටත් තිබ්බෙ ලොකු දුකක්
"අනේ සුදූ මට ඉන්නෙ ඔයා විතරයි.මාව දාලා යන්න හිතන්න වත් එපා"
"ඩොක්ට සචින්"
තිසරු ගියේ ඩොක්ටව හම්බෙන්න
"අපි කරන්න පුලුවන් හැමදේම කරල තියෙන්නෙ පුතා අපි බලමු"
ඩොක්ට එහෙම කියල යන්න ගියේ තිසරු ගෙ පිටට තට්ටු කරල
"නංගි මේ කිරි එක බොන්න ඔයා උදේ ඉදල මොකුත් කාලත් නෑ නේද"
"මට බෑ අයියෙ මට සචින් ව සනීප කරල දෙන්න "
"ඩොක්ටර්ස්ලා පුලුවන් හැමදේම කරල තියෙන්නෙ නංගි බය වෙන්න එපා සචින් ට ඉක්මනට සිහිය ඒවි"
කෙල්ල ආව වෙලේ ඉදන් සචින් ලගින් හෙලවුනේ වත් නෑ .ඇද ගාවින් පුටුවකුත් තියන් නෙතූ හිටියෙ සචින් ගෙ අතත් අල්ලගෙන කියෝ කියෝ , තිසරු කෙල්ලට කන්න බොන්න කියල බල කරත් කෙල්ල නෑ ගනන් ගත්තෙ, තිසරුත් හොස්පිටල් එකටම වෙලා හිටියෙ නෙතූත් තනියම නිසා.
රෑ 10 විතර උනා සචින් ට සිහිය එන පාටක්වත් එයාගෙ හාට් බීට් එකේ වෙනසක් වත් වෙලා තිබ්බෙ නෑ ඒ වෙනකනුත් ,නෙතූ බලන් හිටියෙ ඇස් වල කදුළු පුරෝගෙන,තිසරුත් රූම් එකේ බිම වාඩිවෙලා හිටියෙ ඔළුවත් තියන්
"නෙ..නෙතූ"
කෙල්ල හිටියෙ සචින් ගෙ අතත් අල්ලගෙන ඇද විට්ටමට හේත්තු වෙලා නින්ද ගිහින්,කෙදිරි ගගා කතා කරන සද්දෙ ට කෙල්ල ඇහැරුනා.
"ස සචින්.. ඔයාට මොකද උනේ රත්තරං"
සචින් ට සිහිය ඇවිත් තියනව දැක්ක ගමන් තිසරු කතා කරේ ඩොක්ටට
"That's good පේශන්ට දැං හොදයි එයාගෙ රිපෝට්ස් නෝමල් වෙලා."
ඩොක්ට එහෙම කියද්දී නෙතූ ට සැනසීමක් දැණුනෙ ,තිසරු ගෙ මූනෙ ඇදුනෙ සැනසුම් හිනාවක්
"මොකද්ද බං උබට උනේ දැන්වත් කියපං උබ ඩ්‍රින්ක් දැම්ම ද"
තිසරු ඇහුවෙ සැකේට
"පිස්සුද බං නෑ ඒක මහ අමුතු දෙයක් බං"
"අමුතු දෙයක් "
නෙතූ ඇහුවෙ සචින් කියපු දේ තේරුම් ගන්න බැරුව
"ඔව් නෙතූ මට දෙයක් දැනෙනවා ඒත් අනේ මන්ද "
"ඔයාට විතරක් නෙමෙයි සචින් මටත් ඒක දැනුනා දැං දවස් ගානක ඉදන් ඊයෙ මට ඒක වෙනදට වඩා දැනුන ඔයාට කොච්චර කිව්වත් ගනන් ගත්තෙ නෑනෙ"
"මොනවද බං උබලට දැණුනෙ මට තේරෙන්නෑ හරියට කියපල්ලකො"
තිසරු ඇහුවෙ නෙතූගෙයි සචින් ගෙයි දිහා මාරුවෙන් මාරුවට බලන ගමන්
"සදරු තමයි මාව මරන්න හැදුවෙ"
"සදරු සචින්ගෙන් පලිගන්න හදන්නෙ"
නෙතූ යි සචිනුයි දෙන්නම එකට එහෙම කිව්වෙ තිසරු ගත්ත හුස්ම ආයෙ පහලට දාන්නත් අමතකයි ඒක ඇහුවම
"සදරු.."
"ඔව්"
"උබල කියන්නෙ සදරු ගෙ හොල්මන සචින්ව මරන්න හදනවා කියලද"
"ඔව් බං ඔව් "
" ඊයෙ මං දැක්ක සචින් සදරු ඇවිත් කිව්ව ඔයාගෙන් පලිගන්නව කියල තව මොනවදෝ කිව්ව ඒත් මට තේරුන්නෑ"
"ඇයි ඔයා මට නොකිව්වෙ "
"ඔයා පිලිගන්න වද ඕව නෑනෙ"
"හරි හරි මේ අහපං මං දන්නව ඕකට කරන්න ඕන දේ "
"උබ කට්ටඩ්ඩියෙක්ද"
සචින් හිනා උනේ තිසරු ට
" අපේ ගමේ ලොකු හාමුදුරුවෝ ඕවට දස්සයි. උබට හොද උනාම යමන් එහෙ හාමුදුරුවො සෙතක් කරල දෙයි"
"හොද වෙනකං ඉන්න බෑ බං මට තියෙන්නෙ අද දවස විතරයි "
"මොකක්"
තිසරු ඇහුවෙ සචින් ඒ කතා කරපු විදිහට නෙතූ ත් කලබල වෙලා බැලුවෙ සචින් දිහා.
"නෑ නෑ අපි අදම යමු නෙතූ මට බයයි ඔයාට කරදරයක් උනොත්"
සචින් කිව්වෙ කෙල්ලගෙ අතින් අල්ලගෙන
"ම්ම්ම් ඒ ත් ඔයාට තාම හොද මදිනෙ සචින්"
"ඒත් මේක සුළුවට හිතන්න බෑ මැණික ඊලගට මොනව වෙයිද කව්ද දන්නෙ"
"ඔව් සචින් කියන එක ඇත්ත නෙතූ අදම යං අපි"
සචින් වත් හොස්පිටල් එකෙන් ඩිස්චාර්ජ් කරගෙන නෙතූ යි තිසරු යි සචින්ව වීල් චෙයා එකකින් එක්ක ආවෙ කොල්ලට ඇවිදින්න තරම් හයියක් තිබ්බෙ නෑ.
තිසරු ගෙ ගම උනේ මාතර ,වැලිගම පෙදෙස
උදේ 10 ට විතර කොළඹ ඉදන් මාතරට යන ගමන ආරම්භ කරා. පැය තුනහමාරක් විතර ගියා එයාලට වැලිගම ට යන්න
"තව පොඩි දුරයි පන්සලට තියෙන්නෙ"
තිසරු කිව්වෙ කාර් එක ඩ්‍රයිව් කරන ගමන් සචින් නම් හිටියෙ නෙතූ ගෙ උකුලෙම නින්ද ගිහින්, කොල්ලව හොස්පිටල් එකෙන් ඩිස්චාර්ජ් කර ගත්තෙ බලෙන් වගේ ,මොකද සචින් ට සිහිය ආව විතරයිනෙ හොස්පිටල් එකේ අය කැමති උනේ නෑ එයාව එක්කන් යනවට ඒත් කරන්නම දෙයක් නැති නිසා නෙතූ යි තිසරු යි බැගෑපත් වෙලා සචින් ව ඩිස්චාර්ජ් කර ගත්තෙ.
"සචින් සුදූ නැගිටින්න ළමයො අපි ආවා පන්සලට"
කෙල්ල හිමීට සචින් ගෙ ඔලුව පිරිමදිමින් කිව්වෙ කොල්ලව ඇහැරවගන්න
"ම්ම්ම්.. අපි ආවද මැණික හම්මෝ මාර නින්දක් නෙ ගියේ"
"බෙහෙත් වල සැරට වෙන්නැති සුදූ නැගිටල මූන චුට්ටක් තෙම්ම ගන්නකො හරියාවි"
"හ්ම් මැණික... ඒ තිසරුවෝ මේකද පන්සල"
සචින් කාර් එකේ වින්ඩො එකෙන් එලියට මූන දාගෙන ඇහුවෙ පන්සල දිහා බලාගෙන
"ඔව් උබ මීට කලින් ඇවිත් තියෙද මෙහෙ"
"න්නෑ නෑ බං මං මේ පන්සල ගැන අහල තියෙයි "
"ආ ඔව් මේක පෞරාණික වටිනාකමක් තියෙන පන්සලක්ලු"
සචින් ව කාර් එකෙන් එලියට අරගෙන වීල් චෙයා එකේ තියාගෙනම එක්කන් ගියේ පන්සල ඇතුලට ,කොල්ලට ඇවිදින්න බෑ කකුල් ඉදිමිලා හොදට ම
"බබා සීයෙ ලොකු හාමුදුරුවෝ නැද්ද පන්සලේ"
තිසරු කතා කරේ බෝධි මළුව අතුගගා හිටිය වයසක මනුස්සයෙකුට
"ආ තිසරු මහත්තය නොවැ මේ.... ලොකු හාමුදුරුවෝ ඉන්නව මං කතා කොරන්නම් මහත්තයල එන්න"
"අපිත් යන් වරෙන් කෝ පරිස්සමෙන් නංගි"
තිසරු රෝද පුටුව තම අතට ගත්තෙ නෙතූ ට හරියට ඒක හසුරුවන්න නොතේරෙන නිසා.
"ඔහෙන් වාඩි උනා නම්..තිසරු මහත්තය දැක්කෙ මයෙ හිතේ අවුරුද්ද කට විතර පස්සෙ නොවැ"
හාමුදුරුවො ඇවිත් කතා කරා තිසරුත් නෙතූත් හාමුදුරුවන්ට වැන්දත් සචින් ට රෝද පුටුවෙම ඉන්න උනා.
"අනේ ඔව් හාමුදුරුවනේ ගමේ එවෙන්නෙත් නෑ දැං වැඩිය අම්මවත් මං කොළඹ එක්කන් ගිය නිසා"
"ඒකනෙවැ ..... මේ මහත්තයලා?"
හාමුදුරුවො අතින් සන් කරලා ඇහුවෙ සචින් දිහා බලලා.
"මේ මගෙ කොළඹ යාලුවෙක් හාමුදුරුවනේ මෙයාලට පොඩි අදෘශ්‍යමාන කරදරයක් තකහනියක් ආවේ මේ.."
තිසරු හාමුදුරුවො ලගට කිට්ටු වෙලා වෙච්ච හැමදේම කිව්වා.
"යක්කු එලවන්න නම් බැරුවා ආරස්සාවක් මං දාලා දෙන්නම් මහත්තයලට"
"අනේ පිං සිද්ධ වෙනව හාමුදුරුවනේ...."
සචින් තම දෙඅත් එක් කරල කිව්වෙ , හාමුදුරුවො ලගට ඇවිත් සචින් ගෙයි නෙතූ ගෙයි අත්වල කහ නූල් ගැට ගැහුවෙ මතුරන ගමන්
"බවතු සබ්බ මංගලම්...
මෙන්න මේ පිරිත් පැන් මහත්තයලගෙ ගේ වටේ ඉහින්ට ලක්ෂ වාරයක් ජප කරපුව ඕං කිසිම අමනුස්සයෙකුට කරදර කොරන්ට බෑ තව එකක් ඔය නූල තුන් වරුවක් යනකං ගලවන්ට එපා "
"එහෙමයි එහෙමයි හාමුදුරුවනේ "
සචින් එයාලා ගෙනාව පිරිකර හාමුදුරුවන්ට පූජා කරල පන්සල වටේ ඇවිදල ආයෙත් එන්න ආවෙ කොළඹ
"අපි ගිහිං එන්නම් හාමුදුරුවනේ ගොඩක් ස්තුතියි මේකට"
නෙතූ කිවුවෙ නැවතත් හාමුදුරුවන්ට වදින ගමන්
"ඒව කාරි නෑ නෝනා.. දළදා හාමුදුරුවන්ගේ පිහිටයි"
තිසරුත් ඇවිත් හාමුදුරුවන්ට සමු දුන්නෙ නැවත කොළඹ එන්න හැරිලා.
තිසරුගෙ ගමේ ඉදන් නැවත කොළඹට එනකොට රෑ 10 විතර උනා. එන ගමන් රෑ කෑමත් කෑවෙ රෙස්ටුරන්ට් එකකින් නවත්තලා.
"මං යනවා එහෙනම් උබල පරිස්සමෙන් ඕමනාවක් උනොත් මට කෝල් එකක් දියන් "
තිසරු යන්න ගියේ නෙතූ වයි සචින් වයි එයාලගෙ ගේ ගාවින් බස්සලා.
"හරි බං උබට තෑන්ක්ස් ආ මට කෝල් එකක් ගහපං ගිහිං පරිස්සමට"
තිසරු ටත් සමු දීලා දෙන්නත් එක්ක ගේ ඇතුලට යන්න ආවෙ
"නෙතූ "
"ම්ම්ම්... මොකෝ "
"අපි මෙහෙන් යමු"
"මොකක් අපි කොහේ යන්නද සචින් ඇයි ඔයා එහෙම කියන්නෙ "
"නෙතූ මට බයයි මේ ගෙදර ඉන්න බෑ නෙතූ අපි ඉතාලි යමු මේ දැම්ම "
"ඉතාලි ඒත් කොහොමද "
"නෙතූ මං හැමදේම කියන්නම් දැං ඔයා ගිහිං අපේ බෑග් ලෑස්ති කරන්න හරිද "
"හරි මං එහෙම කරන්නම්කෙ"
_-වසරකට පසු -_
"My conregulation Sachin "
"Thanks doctor "
සචින් දුවගෙන ගියේ පේශන් රූම් එකට
"නෙතූ ඔයා හොදින් නේද මැනික අපේ පැටිය එයත් හොදින් නේද"
සචින් ඇහුවෙ කදුළු පිරි දෙනෙතින් එයාගෙ පුංචි පවුල දිහා බලන් ,එයාලා ඉතාලි ඇවිත් දැං අවුරුදු එකහමාරක් සචින්ගෙ මාමගෙ උදව්වෙන් එයාලා ඉතාලි ආවෙ ගාමන්ට් එකක වැඩ කරන ගමන් එයාලා තීරණේ කරේ ජීවිත කාලෙටම ඉතාලි වල ඉන්න
"ඔව් සුදූ බලන්නකෝ අනේ එයාගෙ ලස්සන "
" ම්ම්ම් නෙතූ..අපේ පැටියට මොකද්ද දාන නම"
"සදරු කියල දාමු සුදූ"
"සදරු"
සචින් නෙතූ දිහා බැලුවෙ බයවෙලා වගේ
"මොකෝ ඔයා අකමැති නම් වෙන නමක් දාමු මට හිතුන නිසයි කිව්වෙ සචින් "
"නෑ අපි සදරු කියල දාමු ඒක එයාට ගැලපෙනව"
සචිනුත් එහෙම කිව්වෙ එයාලගෙ චූටි පැටියගෙ නලල සිපගෙන
නිමි.
*ආදරය කියන්නෙ,*
*ලොකු ආත්මාර්ථකාමී බවක්,*
*ලොකු ඊර්ෂියාවක්,*
*එහෙමත් නැතිනම්....*
*බෙදාගන්න අකමැති බදාගෙන භුක්ති විඳින දෙයක්,*
*ඒත් එක්කම,*
*අහිමි වීම ගැන ලොකු බයක් එක්ක ජීවත් වීමක්,*
*මේ ඔක්කොම එකතු උන තැනක ආදරය උපරිමයෙන් තියනව 🤍*
> Copied
*ඉදින් ප්‍රේමිය,*
*පලිගැනීම වෛරීයයි ආදරයත් වෛරයත් අතර ඇත්තේ කුඩා නිමේෂයක් පමණයි!♡*
> අදින් කතාව ඉවරයි ළමයි ඉතිං කතාව එක්ක අන්තිම වෙනකං ඉදලා comments,reacts කරපු හැමෝටම thnks 🥹🤍
Written by *Ashiii~✍🏼*

❤️
❤
♥
👍
💜
🩷
☹️
♥️
💗
💙
212