
දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
June 13, 2025 at 04:32 AM
*Bound by pain, United by love...*
`The Bitter Sweet Harmony ❤️🔥`
> March 10, 2025 by Pari🖤
11th Episode..❤️🔥
" අනේ නිකන් හිටපන්... කෝ මගේ නිරූ පැටියා...."
" අම්මේ ආං ඉන්නවා.. උබ ගියපු වෙලේ ඉඳන් අම්මා අම්මා අම්මා.. කෑම ටික කවාගත්තෙත් බොහොම අමාරුවෙන්.."
" කෝ කතා කරන්න..."
" නිරූ මෙන්න අම්මි කතා කරනවා..."
" අම්මී...."
"මගේ චූටි පැටියා මොකෝ කරන්නේ..."
" බබාත අම්මි ඕනේ...."
" හෙට බබා එන්න අම්මිව බලන්න හරිද... නැන්දි එක්ක එන්න..."
" බා... බබාත අම්මි ඕනේ... " කියමින් නිරූ අඬන්න ගත්තා.
" හරි හරි මැණික... අහන්නකෝ හෙට අනිවාර්යයෙන්ම එනවා හරිද."
" චී චී නිරූ බබා අඬද්දි හරි කැතයි ඈ.. " කියමින් සංජනා නිරූගේ කඳුලු පිස්සා.
ඒත් එක්කම ආරුට කෝල් එකක් ආවේ දිව්‍යාගෙන්.
" සංජු අම්මා කෝල් ගන්නවා.. ඔහෙන් කට් කරන්න... හෙට එන්න අපි ඇතුගල පැත්තේ එහෙම ගිහින් එමු.. ස්කෝලෙ යනකොට ගියාට පස්සෙ ගියෙත් නෑනේ..."
" Good idea.. let's go... bye... නිරූ බබා අම්මිට බායි කියන්න..."
" අම්මි බායි..."
" බායි මැණික..."
" හෙලෝ අම්මේ ගෙදර ගියාද..."
" ඔව් දැන් ටිකකට කලින් ආවෙ..."
" දැන් රෑට කෑම..."
" ආ.. අපි දෙන්නා එද්දි අරන් ආවා.. ඔයා කෑවද..."
" නෑ තාම තව වෙලාව තියනවනේ..."
" කාලා මතක් කරලා බෙහෙත් ටික බොන්න..."
" අම්මේ..."
" ආරු.. මම ඔයාගේ අම්මා... ඔයාගේ පුංචි වෙනස්වීමක් වුනත් මට තේරෙනවා.. වෙඩින් එකේදි වෙච්ච දේවල් වැඩියේ ගණන් ගන්න එපා එයාලා හැමදාම ඔහොමනේ.."
" නෑ අම්මේ මට අද එයාලට පෙන්නන්න ඕන කරලා තිබ්බ දේ පෙන්නුවා.. එයාලා හිතුවේ ඒ අය නැතුව අපි මහපාරට වැටෙයි කියලානේ..."
" ඒක නම් ඇත්ත තමා... ඔයා කොහොමද ආයුශ්ගේ අයියව දන්නේ..."
" අම්මේ..."
" කියන්න ආරු.. ආයුග් ඇවිල්ලා ඔයාව අල්ලපු විදිහෙන්ම මට තේරුනා ඔය දෙන්නා ගොඩක් කල් ඉඳන් දන්නවා කියලා..."
" අම්මේ.. ආයුග්ව මට හම්බුනෙත් colomboවල ඉද්දි තමා... ඒත් අම්මේ ඇයි ආයුග් එයාගේ පවුලෙන් වෙන්වෙලා ඉන්නෙ..."
" පොඩිකාලේ වුනු සිද්ධියයක් හින්දා.."
ආරුට මතක් වුනේ ආයුග් එදා කිව්ව දේවල්.
.. මම අවුරුදු 20ක්... ඔව් අවුරුදු 20ක්... අම්මා තාත්තාගේ ආදරේ නැතුව සහෝදර සහෝදරියෝ නැතුව විඳෙව්වා... ඒත් උබ.. උබේ අම්මා එක්ක හොඳට ඉන්නවා... උබෙ අම්මා දිව්‍යා.. ඒකි තමා මේ හැමදේටම මුල.. ඒකි කරපුවට දැන් උබ විඳෝපන්....
ඒ වචන ආයේ ආයේ ඔලුව ඇතුළේ දෝංකාර දෙද්දි ආරුගේ ඔලුව පිපිරෙන්න වගේ වේදනාවක් දැනුනා.
" මොකක්ද අම්මේ ඒ සිද්ධිය..." ආරු දිව්‍යාගෙන් අහන ගමන් බැල්කනි එකට ගියා.
" ඔයත් හිටියා ඒක වෙනකොට... ආයුශ්ට ඔයාගේ වයසෙම මල්ලි කෙනෙක් හිටියා... එයයි ආයුශ් ආයුග් ඔයා මයූ පස් දෙනා තමා පොඩිකාලේ එකට හිටියේ... එදා අපි බිමල් අයියලාගෙ මහගෙදර හිටියේ මට මතක විදිහට වෙසක් එකට ගිහින් ද කොහෙද... ඔය පස් දෙනා එහාට මෙහාට දුව දුව සෙල්ලම් කර කර හිටියා.. කොහොමහරි මම කුස්සියේ ඉඳලා සාලේ පැත්තට එනකොට දැක්කෙ පඩිපෙළ ළඟ ළමයෙක් වැටිලා ඉන්නවා... මම එකපාර බයවෙලා දුවගෙන ගියේ ඔයා කියලා හිතලා බලනකොට වැටිලා හිටියේ ආයුශ්ගේ මල්ලි.. මම ගිහින් ඉක්මනට පොඩි එකාව ගත්තත් ඒ වෙනකොට පඩිපෙළේ ඔලුව වැදිලා ගොඩක් ලේ ගිහින් සිහියත් නැති වෙලා.. මම දැක්කා ආයුග් පඩිපෙළ උඩ ඉන්නවා... පොඩි එක්කනාව හොස්පිටල් එකට එක්කන් යන අතරෙම මැරුනා.. පස්සෙ කතාවක් ගියා ආයුග් තමා පොඩි ළමයාව තල්ලු කරේ කියලා ඒ හින්දා තමා සරලා ආයුග්ව අතහැරියේ ඊටපස්සේ ආයුග්ව හදාගත්තේ බිමල් අයියාගෙ අම්මයි තාත්තයි.. "
" එතකොට අම්මෙ ඇත්තටම ඒ ළමයව මැරුවේ.."
" ඒක දන්නෙ නෑ ආරු.. මම දැක්කා විතරයි ආයුග් පඩිපෙළ උඩ ඉන්නවා.. "
ආරුට ඒ වෙලාවේ තමා තේරුනේ ඇයි ආයුශ් මෙච්චර අම්මට වෛර කරන්නේ කියලා. ඒත් ඇත්තටම ආයුග් ද එයාගේ මල්ලිවම මැරුවෙ... ආයුග් දැන් හැසිරෙන විදිහත් එක්ක ආරුට හිතාගන්න බැරිවුනා..
" ආරු..."
" ආ... ඇයි අම්මේ.." ආරු ආයුග් ගැන හිත හිත ඉද්දි ආරුගෙ සද්දයක් බද්දයක් නැති හින්දා දිව්‍යා කතා කරා.
"දැන් ඕවා ගැන හිතන්නෙපා.. ඒත් මට කියන්න.. ඔයා අවුරුදු තුනකට කලින් දෙපාරක්ම හොස්පිටල් හිටියේ ආයුග් හින්දා නේද..."
" හරි හරි ආරු.. ඔයාට කියන්න බෑ නම් කමක් නෑ ඒත් හැමදේම හිතේ හිර කරන් ඉන්න එපා.. තේරුනානේ මට කියන්න බෑ නම් ආයුශ්ට හරි කියන්න..."
" ඒත් අම්මේ..."
" ආයුශ් ඔයාට කැමැත්තෙන් ඉන්නේ ආරු.. ඒක ඔයාත් දන්නවා ඇතිනේ.. මම මුකුත් කියන්නේ නෑ ඒක ඔයාගෙ කැමැත්තක්.. මොකද මේක ඔයාගේ ජීවිතේ.. හ්ම්.. දැන් මුකුත් හිතන්න කරන්න ඕන නෑ දැන් කාලා බීලා නිදාගන්න.. තව සංජුට කියන්න වැඩ ගොඩ දාගන්නෙපා මේ ටිකේ කියලා දැන්වත් දෙන්නා පොඩ්ඩක් පාඩුවේ ඉන්න..."
" හරි අම්මේ..."
" හරි මම එහෙනම් තියන්නම්.. රෑ වෙනකන් ඇහැරන් ඉන්න එපා.. කාලා බීලා නිදාගන්න..."
කෝල් එක කට් කරලා ආරු බලන් හිටියේ ඈතින් පේන ඇතුගල බුදු පිළිමේ දිහා. ආරු සාමාන්‍යයෙන් පන්සල් යන්න කැමති කෙනෙක් නෙවෙයි ඒත් අද ආරුට බුදු පිළිමේ දකිද්දි හිතට සැනසීමක් දැනුනා.
ඒත් පරණ මතක ගලන් එන එක නම් නතර වුනේ නෑ.
ආරුට මතක් වුනේ එදා එයාව පාර මැද වැටුන විදිහ. ආරු හිතුවේ එයා මැරෙන්න ඇති කියලා. ඒත් ආරු ආයෙමත් නැගිට්ටේ හොස්පිටල් එකක ඇද උඩ ඉඳන්. ඇඟට දැනුන අමාරුව වගේම ඊට කලින් දවස්වල වින්ඳ දුක ආරුගේ ඔලුවට එද්දි දැනුනේ ඔලුව පැලෙන්න තරන් වේදනාවක්. ආරුට එයාගේ ඇඟම අප්පිරියා වෙලා තිබ්බේ.
ආරු නැඟිට්ටම දිව්‍යා ඇවිල්ලා ආරුව බදාගත්තා. ආරුට මතක ඇති කාලෙක දිව්‍යා ආරුව බදාගත්තාමයි ඒ.
" ආරු.. ඔයා හොඳින් නේද.. ඇඟට අමාරුවක් එහෙම දැනෙනවද..." ආරුගේ ඔලුව සිපගෙන ඒක තමා දිව්‍යා පළවෙනියටම ඇහුවේ.
ඒත් ආරු කතා කරගන්න තරන් මානසිකත්වයක ඒ වෙනකොට හිටියේ නෑ. අඩුම අඬන්නවත් කඳුලක් ආවේ නෑ.. ආරු කරේ බලාගත්ත අත බලාගෙන හිටිය එක විතරයි. ඩොක්ටර් ආරුව චෙක් කරන්න ආවම ආරු බයවෙලා කෑගහගෙන පස්සට ගියා.
නර්ස්ලා එකතු වෙලා ආරුට නින්ද යන්න බෙහෙතක් විඳලා තමා ආරුව සන්සුන් කරේ. ඊට පස්සෙ තුන් හතර වතාවක්ම ආරු හොස්පිටල් එකේ ඉද්දි සූසයිට් කරගන්න හැදුවා. කිසිම කෙනෙක් අඩුම psychiatrist කෙනෙක් ඇවිල්ලා ආරු එක්ක කතා කරත් කරත් ආරු නෙවෙයි එදා වෙච්ච කිසි දෙයක් කිව්වේ.
පහුගිය කාලේ වින්ඳ දුක මතක් වෙද්දි ඒ අස්සේ ආයුග්ගේ රූපේ මැවි මැවි පෙනෙද්දි ආරුගේ නහයෙන් ආව උණු ලේ බිඳක් ආරුගේ අතට වැටුනා.
ඒක දැක්ක ආරු ඉක්මනට ගිහින් ආයෙමත් බෙහෙත් පෙත්තක් බිව්වා.
" ආං තව ලෝඩ් එකක් ඇවිල්ලා බන්.. හෙට වරායෙන් එළියට ගන්නවලු.. මොකද කරන්නේ..." සරස් ඇහුවේ බැල්කනි එකට වෙලා ඉන්න ආයුග්ගෙන්.
ඒත් ආයුග් ඒ කිව්ව දේ ගණන් ගත්තේ නෑ.
" ඒක අපේ අතට ගන්නෙ නැද්ද බන්.. මං කොල්ලොන්ට කියන්න්ද..." සරස් ආයෙමත් කිව්වා.
" උබ මොන ලෝකෙද ඉන්නේ බන්.. මං මෙච්චර සීරියස් දෙයක් කතා කරන කොට උබට දැහැන් ගත වෙන්න තරන් මොනාද ඔච්චර වෙන්නේ.." කියන ගමන් සරස් ආයුග් හිටිය තැනට ආවා.
සරස් දැක්කේ ආයුග් බලන් ඉන්නේ එහා බිල්ඩින් එකේ බැල්කනි එකකට වෙලා ඉන්න ආරු දිහා කියලා.
" ඒකි මොකද මෙහෙ කරන්නේ... යුග්... මම උබට කතා කරන්නේ... " සරස් ආයුග්ගේ පිටට පාරක් ගැහුවා.
" මොනාද බල්ලො කරන්නෙ..."
" තොට මං කීපාරක් කරාද යකෝ... කන් ඇහෙන්නේ නැද්ද... අරකි මොකද මෙහෙ කරන්නේ..."
" ඒකිත් මෙහෙ නැවතිලා බන්.. ඒත් ඒකිගේ මහ එකී ගියානේ... ඒකත් හොඳයි නවත්තපුවා ආයේ පටන් ගන්න පුලුවන්..."
" පිස්සුද යකෝ උබට... උබට මොකක්ද ඒ කෙල්ල ඔච්චරටම තියන වෛරේ.. උබට වැරැද්දක් කරේ ඒකි නෙවෙයිනේ ඒකිගේ අම්මානේ..."
" ඒකිත් හේතුවක් තමා යකෝ මට මගේ මල්ලි නැතිවෙන්න.. ඒකි තමා එදා අල්ලන සෙල්ලම් කරමු කිව්වේ.."
" තෝ නම්... යකෝ ඔය සිද්ධිය වෙනකොට උබට වයස කීයද ඒකිට වයස කීයද.. උබ මොනාද බන් කරන්නේ දැන්වත් ඕක නවත්තපම්... "
" නවත්තන්න... හහ්... හීනෙන් තමා... ඒකිව මං බාගෙට මරනවා..."
" උබ කලිනුත් ඒක තමානේ කරේ.. උබ දවස් දෙකක් තිස්සේ ඒ කෙල්ලට කොච්චර වද දුන්නද...බලපන් ඒකි දිහා උබට පව් කියලාවත් හිතෙන්නේ නැද්ද..."
" නෑ.. ඒකි පව් නෑ.. උබ ඒකි හෙන අහිංසකයි කියලා හිතන් හිටියට බලන්න තිබ්බේ අද වෙඩින් එකේ තිබ්බ කට.. හහ්.. ඒකි... ම්ම්... මරු.. ඒත් ඉතින් ඒකිට මාත් එක්ක නම් හැප්පෙන්න වෙන්නෙ නෑ... බලමුකෝ ආයෙමත් අපි හම්බෙමු... සාක්ෂි..."
" සාක්ෂි.... පොඩ්ඩක් හිටපන්... එදා උබ ඒකිව බේරගත්තා නේද.. එදා එතන හිටියෙත් බ්ලේඩ්ගේ උන් නේද..."
" හ්ම්ම්..."
" මට හිතෙනවා මේකි බ්ලේඩ් ගැන මොනාහරි දන්නවා ඇති කියලා බන්... එදා අපි විතරක් නෙවෙයි ඒකිව හොයලා තිබ්බේ උබේ මල්ලියි බ්ලේඩ්ගේ සෙට් එකයි ඒකිව හොයලා තිබ්බා.."
" ඒ කියන්නේ මේකිගේ මාර්ගෙන්ම බ්ලේඩ්ටත් උගුලක් අටවන්න පුලුවන් වෙයි වගේ..."
" ඒත් බන්... බ්ලේඩ් හැදුවේ මෙකිව මරන්න... මම හිතන්නෑ ඒකිට ජීවත් වෙලා ඉන්න පුලුවන් වෙයි කියලා..."
" හහ්... ඒකිව මරන්න... ඒකිට කරන මඟුලක් කරන්න පුලුවන් මට විතරයි ඒකිට රිද්දන්න පුලුවන් මට විතරයි..."
" අනේ මන්දා බන් මට නම් උබව තේරුන් ගන්න බෑ... ඒක නෙවෙයි ඒකි ඉන්නේ VIP area එකේ නේද... ඒකිට එච්චර සල්ලි තියනවද... එක රෑකටම ලක්ෂ එකහමාරක්නේ බන්.."
" මටත් හිතාගන්න බෑ ඒකි ගැන... අද ඒකි හිටිය විදිහ ඇදන් හිටිය ඒවා එහෙම ඔක්කොම බ්‍රෑන්ඩඩ්.. අනික මේකි අවුරුදු තුනක් අපිට අහුවෙන්නේ නැති වෙන්න හැංගිලා හිටියා කියන්නේ එසේ මෙසේ එකියක් වෙන්න බෑ.. හැබැයි ඒකිට මගෙන් බේරුමක් ඇත්තෙත් නෑ..."
" උබේ මල්ලිත් ඒකිගේ පස්සෙන් නේ..."
" හ්ම්ම්ම්.. මං ඌට ඒකිව දෙන්නෙත් නෑ..." කිව්ව ආයුග් ආයෙමත් රූම් එකට ගියා.
මේ අතරේ....
" තාත්තේ අරුන්ට කොහෙන්ද අච්චර සල්ලි.." නිශූ සෝෆා එකෙන් ඉඳගන්න ගමන් සුදේශ්ගෙන් ඇහුවා.
" කියලා වැඩක් නෑ සුදේශ්.. දැක්කද උන් තුන්දෙනා ඇඳන් හිටිය ඒවා එහෙම..." නාලි.
" ඒ විතරක් නෙවෙයි අරුන් දෙන්නා ගිය කාර් එක... මං හිතන්නේ කාර් එක කෝටි තුනක්වත් ඇති..." නිශූ.
" මටත් හිතාගන්න බෑ එච්චර සල්ලි කොහෙන්ද කියලා.. අනික නිශූ ආරු මැරුනා කියලා නේද කිව්වෙ ඒකි කොහොමද ඉන්නේ..."
" කවී මට එහෙම තමා කිව්වෙ තාත්තේ... මාත් ඒකිව දැක්කම ශොක් වුනා.. කවීටත් මං කිව්වා කොහොමත් වැඩිකල් ඒකි පණපිටින් ඉන්නේ නෑ... "
" ඊට කලින් හොයාගන්න කොහෙන්ද උන්ට එච්චර සල්ලි කියලා..." නාලි.
" කොහොමත් උන් illegal වැඩ කරලා නම් සල්ලි හොයන්නෑ මට හිතෙන්නේ නිශූ උන් ඔයාටත් හොරෙන් මොකක් හරි ගේමක් ගහලා තියනවා නැත්තන් අවුරුදු තුනෙන් ඔච්චර සල්ලියක්..." සුදේශ්.
" ඔව් මට කොහොමත් ගෙදර වෙන දේවල් කිව්වෙත් නෑනෙ... අනික බලන්නකෝ තාත්තේ උන් පහුගිය අවුරුදු තුනම රට ඉඳලා තියෙන්නේ අර පොඩි භාණ්ඩෙට ගේකුත් තියනවලූ.. තාත්තේ මොකක් හරි ගේමක් ගහලා ඒකිව මේ පැත්තට නම්මගත්තා නම් හරි ඈ.. ආරුව නම් නම්මන්න බෑ..."
" ඒක ඇත්ත ඒත්.. ඊට කලින් උන්ට එච්චර සල්ලි කොහෙන්ද කියලා හොයන්න ඕන.. කවීන්ට කිව්වොත් හොයයිනෙ.."
" ඔව් තාත්තේ කවීන් දැනටමත් හොයනවා ඇති බය වෙන්න දෙයක් නැ..."
පහුවදා උදේ දහයත් පහුවෙලා ආරු නැගිටිනකොට. මූණ එහෙම හෝදගෙන ෂෝට් එකකට බැගී ටී එකකුත් දාගෙන බ්‍රෙක්ෆස්ට් එකත් අරන් ආරු හොටෙල් එකේ ගාඩ්න් එක පැත්තට ගියේ සංජනා මඟ එනවා කියලා මැසේජ් එකක් දාලා තිබ්බ හින්දා.
ෆෝන් එකත් ඔබ ඔබ ඇවිද ඇවිද හිටිය ආරු ළඟට ගෑනු කෙනෙක් ආවා.
" Excuse me... washroom තියෙන්නේ කොහෙද කියලා කියන්න පුලුවන්ද.."
" රශ්මි....." ආරු පුදුමෙන් ඒ කෙනා දැකලා කිව්වා.
" අර්... ඔයා මාව දන්නවද... දෙයියනේ සාක්ෂි.. අඳුරගන්නත් බැරි වුනා ඔයා සෑහෙන්න වෙනස් වෙලානේ.. ලස්සන වෙලා...."
රශ්මි කියන්නේ ආරුගේ ස්කූල් මේට් කෙනෙක්. අද තියන මීට් එකට එයත් එන්න ඉන්න කෙනෙක්.
" ඔයත් එහෙම තමා.. ඔයාලා දැන්ම ආවේ රෑටනේ පාර්ටිය තියෙන්නේ..."
" ඔව් ඔව් රෑට තමා.. අපි ඉතින් සංවිධානයනේ.. කලින් ආවා... ඒත් ඔයා කලින්..."
" අහ්... මම ඊයේ ආවේ මයූගේ වෙඩින් එක ඊයේනේ ඔහොම්මම මෙහෙ නතර වුනා..."
" ආ ඒක මිසක්.. ඔයාව කොච්චර කාලෙකින් දැක්කේ සාක්ෂී... දැන් මොකද කරන්නේ..."
" ම්ම්... මම..."
" රශ්මි.. මොකද බන් කරන්නේ මෙහෙ වරෙන් වැඩ තියනවා..." පිරිමි කටහාඬක් ඇහුන හින්දා ආරුත් ඒ පැත්ත බැලුවා.
" අර් ඒ..."
" සදිල් බන්.. මතක නැද්ද..."
" ආ මතකයි කටහඬ එකපාර අඳුරන්න බැරිවුනා..."
" මොකද බන් කරන්නේ මෙතන කයිය ගහන්නද තියේන්නෙ..." කියන ගමන් සදිල් ආවා.
" බලපන්කෝ කවුද ඉන්නේ කියලා අඳුරනවද.."
" ම්ම්.. ම්හ්..."
" සාක්ෂි බන්.."
" සාක්ෂි.. පිස්සුද බන්..."
" මොකො සදිල් විශ්වාස නැද්ද මං සාක්ෂි කියලා.."
" ආරු..." ඒත් එක්කම ආරුට කවුරුහරි කතා කරා. කටහඬ අඅයුශ්ගේ වගේ හින්ද ආරු හිතුවේ ආයුශ් කියලා ඒත් හැරිලා බලද්දි තමා ආයුග් කියලා දැක්කේ. ආයුග්ව දැක්කම ආයෙමත් පුරුදු විදිහට ආරුව නොසන්සුන් වුනා.
ආයුග් ආරු ළඟට ඇවිල්ලා ආරුගේ ඉණ වටේ අත යැව්වේ ඊයේ වගේ.
" සාක්ෂි මේ..." රශ්මි.
" අහ්.. nice to meet you.. I'm Ayug... Sakshi's Husband..."
" සාක්ෂි මැරි කරලද එතකොට...." සදිල්.
එත් ආරු හිටියේ නම් ප්‍රශ්නවලට උත්තර දෙන මානසිකත්වයක නෙවෙයි.
" කොහොද බබී ඔයා ගියේ.. මම ඔයාව හෙව්වනේ..."
ආරුට ආයුග්ගේ මේ කතා එක්ක දැනුනේ ලොකු බයක්. පිට බලන් ඉන්න කෙනෙක්ට තේරුනේ ඒ ආදර කතා කියලා උනත් ආරු දන්නවා ඒ වචන අස්සේ තියන තර්ජනය.
ඒත් එක්කම ආරු දැක්කේ ඈතින් එන සංජුව. ආරුව දැක්කම සංජුගේ අතේ හිටිය නිරූ බැහැලා ආරු ළඟට දුවගෙන එන්න ගත්තා.
" අම්මී...." කියාගෙන ආරු දිහාට දුවගෙන එන නිරූ දිහා ආයුග් බැලුවේ පුදුමෙන්.
මේ වෙනකොට ආරුගේ නහයෙන් ආයෙමත් ලේ එන්න අරන් තිබ්බා. ආරු එහෙම්ම සිහිය නැති වෙලා වැටුනේ ආයුග්ගේ ඇඟට.
_________________________________
ආරුට මෙච්චර සල්ලි කොහෙන්ද ළමයි... ගෙස් කරන්න බලන්න පුලුවන් නම්... ඔට්ටුයි බෑ.. ( ගෙස් කරොත ළමයා ගැන කියනවා )
Reaction දාන්න..comment කරන්න...
ආදරෙයි හැමෝටම 🖤

❤️
❤
👍
💚
💐
💜
😂
🤍
🥺
🩵
194