
දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
June 13, 2025 at 08:31 AM
*_අනන්තරා_* 🥀💗
*WRITTEN BY :- සිතූ 🌼🥀*
📌. පෙර කොටස
https://whatsapp.com/channel/0029VacaftZKmCPMAznVS62Z/17793
> කියවලා එන්න ලමයෝ 🫣
📌.එපිසෝඩ් 31
🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖
*" නංගී අනායට මොකද උනේ..දැන් කෝ මගේ කෙල්ලා ..."*
*" අයියේ එයා ඔයාලගේ හොස්පිට්ල් එකේ ඉන්නේ.."*
ඒත් එක්කම ෆෝන් එක කට් කරලා පැත්තකට විසි කරපු අභී වේගෙන්ම වාහනේ අරන් ගිහින් නැවතුනේ JK Hospital කියලා ගහලා තිබුන එයාලගේම හොස්පිට්ල් එකක් ඉස්සරහ ...
🍁🍁🍁🍁🍁🍁🍁🍁
> අද එතැන් සිට....👀
වාහනේ පාර්ක් කරන්න කී එකත් සිකියුරිටි එකේ බෝයි කෙනෙක් ට විසි කරපු අභී කලබලෙන්ම දුවගෙන ගියේ හොස්පිට්ල් එක ඇතුලට..
*"දැන් ටිකකට කලින් ගෙනාව පේශන්ගේ රූම් නම්බර් එක කියනවා.."*
*"සර් මේ.. සර්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ගැනද අහන්නේ..කලින් නම් හිටියේ රූම් නම්බර් තර්ටි නයින් වල ඒත් ඩොක්ටර් කිව්වා ඒ සර්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කියලා ඒ නිසා අපි මැඩම් ව තර්ඩ් ෆ්ලෝ එකේ රූම් එකකට චේන්ජ් කරා..."*
එකපාරටම කලබලෙන් ආපු එයාලගේ ප්‍රදානියා නිසා රිසිප්ශන් එකේ හිටපු ගර්ල්තුත් බය වුන.. කෙල්ලා බයට ඉක්මනට වචන එකතු කරලා අභීට අනායගේ රූම් නම්බර් එක කිව්වා...
*"ඕකේ ...ගුඩ් "*
රිසිප්ශන් එකේ ගර්ල්ගෙන් අනායා ගැන අහපු අභී එතනින් කියපු විදියට තර්ඩ් ෆ්ලෝ එකට ආවා..ඇත්තටම තර්ඩ් ෆ්ලෝ එකේ තියෙන්නේ අභීගේ ඔෆිස් රූම් එක එක්ක තවත් ස්පෙශල් රූම්ස් දෙකක් විතරයි...හදිස්සියේ හරි අභීගේ අම්මා හෝ එයාගේ ලගම කෙනෙක් ඇඩ්මිට් උනොත් විතරයි හොස්පිට්ල් එකෙන් තර්ඩ් ෆ්ලෝ එකේ රූම්ස් දුන්නේ..
🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁
කෙවින් එක්ක මීනූ අනායව හොස්පිට්ල් ගෙනල්ලා විනාඩි ගානක් යද්දී කෙල්ලට සිහිය ආවා..අනායව චෙක් කරපු ඩොක්ටර් නම් අනායව අදුන ගත්තා ..මොකද කෙල්ලා මීට කලිනුත් අබී එක්ක හොස්පිට්ල් ඇවිත් තිබුන නිසා...අනායට තියෙන ස්ට්‍රෙස් එකට වගේම එයාට වේල් ගානකින් හරියට කැමක් ඇගට වැටුනේ නැති නිසා කෙල්ල වීක් වෙලා ඉදපු නිසා ෆේන්ට් උනා කියලා තමයි ඩොක්ටර් කිව්වේ...
අනායව චෙක් කරපු ඩොක්ටර් එතනින් එලියට යනවත් එක්කම කෙල්ලා මෙච්චර වෙලා හිර කරගෙන ඉදපු කදුලු වලට ඔහේ ගලන්න දුන්නා.සැරින් සැරේට පිටවෙන ඉකි ගැහිල්ල එක්ක කෙල්ලා ඇස් පියන් තද කරගෙනම ඔහේ අඩන්න ගත්තා.....ඒ දිහා බලන් හිටපු මීනු තප්පරේට අනායා ගාවට ගිහින් කෙල්ලව බදා ගත්තේ ඒ විදියට ඉකි ගගහා අඩන දිහා බලන්න ඉන්න බැරි නිසාමයි..
*" මේ අහපන් මැනිකේ දැන් ඇඩුවා කියලා මේ දේවල් වෙනස් වෙන්නේ නෑනේ..අපි ඕක අමතක කරලා දාමු බං..උබට ඕවා හිත හිත ඉන්න කාලයක් නෑ බං .."*
*" මට බෑ මීනූ මං කොහොමද එහෙම කරන්නේ..දෙයියනේ මට කියන්න එපා එයාව අමතක කරන්න කියලා...මං එයාට ගොඩාක් ආදරෙයි මීනු..එයා කොහොමද වෙන කෙනෙක්ව මැරි කරන්නේ... එයාට එහෙම කරන්න බෑ මීනූ..."*
අනායා මීනුව බදාගෙන විනාඩිගානක් යනකන් ඉකිගගහා අඩනව...කෙල්ලා හුස්ම අල්ලද්දී මීනුටත් ඇඩෙනවා..මොකද මීනූ දන්නවා අනායා අභීට මොනතරම් නම් අදරේ කරාද කියලා...
තප්පර ගානකට පස්සේ කෙල්ලා මීනුව අතෑරලා සෝෆා එකට වෙලා එයා අඩන දිහා බලන් හිටපු කෙවින් ගාවට ගියා...
*" එ..වැටෙයි බං පරිස්සමින් .."*
අනායා ඇදෙන් බහින්න යද්දී මීනූ කෙල්ලව අල්ලගත්තා ඒත් මීනුවත් අතෑරලා කෙවින් ගාවට ගිය කෙල්ලා කෙවින් ගේ අතේ තිබුන ෆෝන් එක උදුරලා ගත්තා...
*" මට ඒ වීඩීයෝ එක බලන්න ඕන කෙවින් ප්ලීස්..ඒ මගේ අභී නෙවෙයි නේද කෙවින්..ඔයා ඔයා ..මට බොරු නේද කියන්නේ..ප්ලීස් කෙවින් මට ඒ වීඩියෝ එක දාලා දෙන්න.."*
කෙල්ලා ඉකි ගගහා අඩනවා..කෙවින් ඉස්සරහ අත් දෙක එකතු කරලා කෑ ගහන ගමන් කෙල්ලා ඉල්ලන්නේ ඒ වීඩීයො එක ආයි බලන්න දෙන්න කියලා .අනායා එහෙම්ම ඒ ෆෝන් එකෙන් වීඩීයෝස් ටික එයාගේ ෆෝන් එකට ෆෝවර්ඩ් කරේ මීනූ ඒ ෆෝන් එක උදුරලා ගද්දී..
*" මෙහේ දෙන්න ඕක.."*
කෙවින්ටත් කෙල්ලා පිස්සුවෙන් වගේ ඉකි ගගහා අඩන දිහා බලන් ඉන්න බෑ වාඩි වෙලා හිටපු තැනින් නැගිටපු කෙවින් අනායගේ අත් දෙකෙන් අල්ලලා කෙල්ලව නැගිට්ටවලා ඒ පපුවට තුරුල් කරගත්තේ කෙල්ලා ඒ කවුද කියාවත් නොබලා කෙවින්ගේ පපුවේ මූන හංගන් ඉකිගහද්දී...
*" අනායා ප්ලීස් මැනික ඔහොම අඩන්න එපා බං.උබ ඔහොම ඉකිගහද්දී මගේ පපුව රිදෙනවා මැනික..අනික ආයි ආයි තමුසේ ඕක බලලා අඩනවා මට බලන් ඉන්න බෑ.."*
කෙවින් කෙල්ලගේ ඔලුව අතගානගමන් කෙල්ලව ටික ටික සන්සුන් කරන්න බැලුවත් ඒ ඇඩිල්ල නම් නැවැත්තුවෙම නෑ...
මීනුත් අනායා ගාවට ඇවිත් කෙල්ලගේ ඔලුව අතගානව කෙල්ලට ගානක් නෑ එයා කාවද බදාගෙන ඉන්නේ කියලවත්.අනායාගේ ඇස් වලින් වැටෙන කදුලු කෙවින්ගේ සුදු පාට ශර්ට් එක තෙමාගෙන ඒ පපුවට වැටුනේ කොල්ලා අනුත්මව මරන්න තරම් කේන්තියෙන් ඉද්දී ...කෙවින් කියන්නේ අනායට එයාගේ පනටත් වඩා ආදරේ කරපු කොල්ලෙක්..ඉතිම් කෙවින්ට කෙල්ලා දැන් ඉන්න විදිය දිහා බලන් ඉන්න බෑ..ඇත්තටම කෙවින් ඉන්නෙත් එයා ගැනම පසුතැවීමකින් මොකද එයා ඒ විඩීයෝස් පෙන්නුවේ නැත්නම් අනායා මේ විදියට අඩ්න්නේ නෑ...
ඒත් එක්කම වගේ රූම් එක දොර ඇරෙන සද්දෙට කෙවින් වගේම මීනුත් ඩෝ එක දිහ බැලුවා..ඒත් මේ කිසි දෙයක් ගැන තැකීමක් නැතුව ඔහේ අඩ අඩ හිටපු අනායා තාමත් ඉන්නේ කෙවින්ගේ පපුවට තුරුල් වෙලා ඉකිගගහා අඩන ගමන්..
ඒත් එක්කම දොර ඇරගෙන ඇතුලට ආපු අභී අනායා එක්ක ආපු කේන්තියටම ඇස් දෙකත් රතු කරන් බලන් හිටියෙ කෙවින් දිහා..අභී ඒ වෙලාවෙනම් කෙවින්ව අදුන ගත්තා.හැබැයු ඒ කෙවින් කියලා නෙවෙයි ඔමෙලිගේ කසින් කෙනෙක් විදියට..මොකද කොල්ලට මතකයි කෙවින් ඒ වෙලාවේ එහේ හිටියා..
අභී කෙවින්ව දැක්කම ටිකක් බය උනා මොකද කෙවින් අනායට මේ දේවල් කියල නම් අනායා එයාට කවදාවත් සමාවක් දෙන එකක් නෑ කියලා අභී දැනගෙන හිටියා..ඒත් ඊටත් වඩා අභී හිටියේ කේන්තියෙන් .මොකද අනායා කෙවින්ගේ පපුවට තුරුල් වෙලා ඉන්නවා දැක්කම කොල්ලට ආපු වේගෙට අනායව අතින් ඇදලා පිටිපස්සට තල්ලු කරා..
*" මොකද්ද මෙතන වෙන්නේ ආ..කවුද මූ උබ මොකද්ද උගේ අස්සට වෙලා කරන්නේ කතා කරපන්.."*
අභී එහෙම කියන ගමන් කෙල්ලගේ කොන්ඩෙන් ඇදලා අල්ලගත්තේ මීනූ අනායව අභීගෙන් ගලවගන්න දගලද්දී...
අනායට මුකුත් හිතා ගන්න බෑ එකපාරටම කෙල්ලව ඇදලා ගත්තු අභී ඒ රතු පට ඇස් වලින් කෙල්ලව පිච්චිලා යන්න තරම් බැල්මකින් බලාගෙන ඉද්දී අනායා ඔහේ අභීගේ මූන දිහා බලන් හිටියේ කිසිම හැගීම්ක් නැති මනුස්සයෙක් ගානට..කෙල්ලගේ ඇස් වලින් එක දිගට නොනවත්වා ම කදුලු ගලාගෙන යනවා..අභී ඉන්න්‍ර්‍ර් ඒ කදුලු ඉස්සරහ වත් නිවෙන්න පුලුවන් තත්වෙක නෙවෙයි...
*" අභී අයියේ අනායව අතාරින්න ප්ලීස් එයා ඉන්නේ අසනීපෙන් ටිකක් තේරුම් ගන්නකෝ..."*
ඒත් අභී කරේ කෙල්ල තමනගේ ලගට ඇදලා අරගෙන ඒ කොන්ඩේන් තව තදින් අල්ලගත්තු එක .කෙල්ලට වේදානාවටම කෑගැස්සුනේ කෙවින් ඉදන් හිටපු තැනින් නැගිටිද්දී..
*" ආහ්.."*
*"අතෑරපන් කෙල්ලව උබ මොකා උනත් මට ලොකු නෑ අතෑරපන් මිනිහෝ අනායව.."*
ඒත් එක්කම වගේ මෙච්චර වෙලා මාර ඉවසීමකින් අනුත්ම දිහා බලන් ඉදපු කෙවින් අනුත්මගේ කොලර් එකෙන් ඇදලා කෑ ගහන්න ගත්තේ අභී අනායව අතෑරලා කෙවින්ගේ ශර්ට් එකෙන් ඇදලා අල්ල ගද්දී..
*" මොකද්ද හු## උබ කියන්නේ..ආ ..උබ කවුද මට අනායව අතාරින්න කියන්න..ඒ මගේ කෙල්ලා ..උබ නිකන් පො## නොවී පලයන් මෙතනින්.."*
ඒ කියනවත් එක්කම අත මිටි කරලා අභීට පාරක් ගහපු කෙවින්ට අභිත් අනිත් පැත්තට ගැහුවේ අනායා කෑ ගහලා අඩාගෙනම කෙවින්ගේ අභීගෙයු මැද්දට එද්දී..
*" ප්ලීස් ඕක නවත්තන්න .මං නිසා ඔයා මේවට පැටලෙන්න එපා කෙවින් ප්ලීස් ඔය දැන් යන්න..තැන්ක්ස් කෙවින් මට උදව් කරාට..."*
*" ආ..මූටද කෙවින් කියන්නේ..ශා මරු නේ බලන් ගියාම උබලා දෙන්නම එකතු වෙලානේ මට කෙලවන්න හදලා තියෙන්නේ.."*
*" බලු කතා කියන්න එපා මිනිහෝ..උබ වගේ මේ කෙල්ලා ඩබල් ගේම් ගැහුවේ නෑ..උබ නේ යකෝ මේකිව රවට්ටලා වෙන ගෑනු..."*
*" ප්ලීස් කෙවින් ස්ටොප් දිස්..මට තවත් මේක දරාගන්න බෑ..මට පාඩුවේ ඉන්න දීලා මෙතනින් එලියට යන්න ප්ලීස්.."*
කෙවින් කියන්න ගිහිපු දේ අහගෙන ඉන්න තරම් හයියක් කෙල්ලට තිබුනේ නෑ..ඒනිසාම කෙවින්ට ටිකක් හයියෙන් කෑ ගහපු අනායා එහෙම්ම සෝෆා එකට කඩාගෙන වැටුනේ අඩාගෙනමයි..
*" හ්ම් මං යන්නම්...පරිස්සමින් අනායා.. ඔයාගේ හිත රිදුනනම් සොරි එත් මට තවත් ඔයා මූට රැවටෙනවා බලන් ඉන්න බෑ.."*
කෙවින් එහෙම කියන ගමන් සෝෆා එක උඩ තිබුන ෆෝන් එකත් අරන් නැගිටලා යන්න ගිය..
විනඩි ගානක් යනකන් රූම් එක පුරාම තිබුනේ අනායගේ ඉකිබිදුම් හඩ විතරමයි..කෙල්ලා මොන දේ උනත් ඒ ඇඩිල්ල නැවැත්තුවේ නෑ..එන්න එන්නම් හුස්ම අල්ලන ගමන් අනයා කරේ අඩපු එක විතරයි .
*"ප්ලීස් අනායා ඔය අඩන එක නවත්තලා මේ බෙහෙත් ටික බිලා ඉන්න. උබට අමාරුයි නේ තව කොච්චර වෙලා උබ ඔහොම අඩන්නද බං.."*
මීනු එහෙම කියන ගමන් අනායා ගාවින් වාඩි වෙලා ඩොක්ටර් දිපු බෙහෙත් ටිකයි වතුර එක අනායට දුන්නත් කෙල්ලා කරේ සොෆා එකට ඔලුව තියාගෙන ඉකිගගහා අඩපු එක විතරමයි..
අභි තාමත් හිටපු විදියටම අනායා අඩන දිහා බලාගෙන හිටියේ ඒ පපුව එක අතකින් අල්ලගෙනමයි..කොල්ලටත් බලාගෙන ඉන්න බෑ අනායා හුස්ම අල්ලන හැටි ඒ ඇස් දිහාබැලුවම අභීට තේරුනා කෙල්ලා සෑහෙන්න වෙලාවක් අඩලා තියෙනවා කියලා..
*" මේ අහන්න අනායා දැන් හොදටම ඇති උබට ඔහොම අඩන්න හොද නෑ බං අපි මේ බෙහෙත් ටික බොමු ..."*
*" ම්හ් මට එපා ..අපි යමු. මට ගෙදර යන්න ඕන මීනූ..."*
*" හරි යං ඒත් ඊට කලින් මේ ටික බොන්න ඕනනේ උබට හිටගෙන ඉන්නවත් පන නෑනේ බං දැන් වේල් කීයක් කාලා නැද්ද කියන දේ අහපන්.."*
මීනූ ටිකක් තදින් කතා කරේ කෙල්ලා පොඩි කාලේ ඉදලම ගොඩක් මුරණ්ඩුයි කියලා දන්න නිසාමයි...ඒත් බෙහෙත් පෙති ටික දිහා හැරිලවත් නොබලපු කෙල්ලා දිහා බලන් ඉදපු අභී මීනුට ඇස් වලින් කිව්වේ රූම් එකෙන් එලියටයන්න කියලා...
මීනූ බෙහෙත් ටිකයි වතුර එකයි අනායට ඉස්සරහ තිබුන ස්ටූල් එක උඩින් තියලා නැගිටලා එලියට යන්න ගියත් අනායත් ඒත් එක්කම නැගිට්ටේ මීනූ එක්කම එයාටත් යන්න ඕන නිසා..
*" අනායා !!!!....."*
ඒත් කෙල්ලට ඇගට පන නැති ගතිය එක්ක කකුල් පන නැතුව වැටෙන්න ගියේ අභී කෑ ගහගෙනම අනායව අල්ල ගද්දී...
ඒත් ඒ තප්පරේට කෙල්ලා අභී පිටිපස්සට තල්ලු කරේ අභී එක්ක තිබුනු කේන්තියටමයි..
*" මට පුලුවන් පැත්තකට වෙලා ඉන්න..මං වැටුනත් තමුන් මාව අල්ලන්න හිතන්නවත් එපා.."*
අනායා එහෙම කියලා හිමින් අඩි තියලා මීනූ ගාවට ගිහින් මීනිගෙ අතේ එල්ලුනා..
*" අනායා ප්ලීස් මං ඔයාට මීට කලිනුත් කියලා තියෙනවා ඔයා මට ඇත්තටම ආදරේ නම් ඔයා මාව විශ්වාස කරන්න ඕන සුදූ..ඔහොම කවුරුහරි දෙයක් කිව්ව පලියට ඔයා ඔය විදියට මාව සැක කරන එක හරිද.."*
මීනූ අපි ගෙදර යන් මට තවත් මෙතන ඉන්න බෑ..
*" හ්ම් යමන් ..උබ කියන දෙයක් අහන්නේ නෑනේ අර බෙහෙත් ටික බිව්වනම් ඕක අඩුවෙනවා .."*
මීනු අනායට එහෙම ඉන්න කියලා ගිහින් බෑග්ස් ටික ගන්න ගියා..අභී තාමත් අනායා දිහා බලාගෙන ඉන්නවා..ඒත් අනායා අභී කියම කිසි දෙයක් අහන්න පුලුවන් තත්වෙක හිටියේ නෑ..ඒ හිතේ තිබුන වේදනාව දන්නේ අනායා විතරමයි...
කෙවින් පෙන්නපු වීඩීයෝ එකේ අභී ඉන්නෙත් දැන් ඇදන් ඉන්න ඇදුමෙන්මයි. ඉතිම් කෙල්ලට තවත් ඒ ඉන්නේ අභී නෙවෙයි කියලා හිත හදාගන්න බෑ .මේ දේවල් ආයි ආයි මතක් වෙද්දී අනායා කරේ ඔහේ ඉකි ගගහා අඩපු එක විතරයි.කෙල්ලා අභීව ඕනවටත් වඩා විශ්වාස කරා..ඒත් එයා අවසානෙට තමන්ට බොරු කරා කියලා හිතෙද්දී අනායට දුක වගේම අභී ගැන දැනුනේ ලොකු කලකිරීමක් ...
*" අනායා ප්ලීස් මට ටිකක් කතා කරන්න ඕන..මං දන්නවා මං වැරැද්දක් කර..ඒත් එතන ඔයා හිතන්වා වගේ දෙයක් උනේ නෑ මැනික.ප්ලීස් මං ඔයාට හැමදේම කියන්නම්.."*
අභී අනායා ගාවට ගිහින් ඒ අත අල්ලගන්න හැදුවත් අනායා අත අහකට ගත්තේ අභී අත මිටි කරලා පාරක් බිත්තියට ගහද්දී...ඒ දිහා බලන් හිටපු අනායා අත් දෙකින්ම එයාගේ කට තද කරලා වහගත්තේ හයියෙන් ඉකිගහෙද්දී...
මීනුටත් කරන්න දෙයක් නෑ.මොන දේ උනත් මීනූ දැනන් හිටියා අනායා කියන්නෙත් ලේසියෙන් කියන දේ අහන්න කැමති වෙන කෙනෙක් නෙවෙයි කියලා..ඒ වගේම කෙල්ලා ගොඩක් හිතුවක්කාරයි කොයලා මීනූ දැනන් හිටියා...
*"උබට මං කියන දේ විනාඩියකට අහන්න බැරිද..ආ..මං උබට කිව්වා නේ මගේ අතින් වැරැද්දක් උනා..ඒත් ඒ උබ හිතන දෙයක් නෙවෙයි.."*
*" මට මුකුත් අහන්න ඕන නෑ අභී මං හැමදේම ඇස් දෙකින්ම දැක්කා..තවත් ඔයා මට කියන්නේ ඔයාව ඉස්මුදුනෙන් පිලිගන්න කියලද..වාව් මං මේ වෙනකන් දැකපු ලොකුම බොරු කාරයා තමුන් ..මට ආයි ආයි ඒ දේවල් මතක් කරන්න ඕනි නෑ.."*
එහෙම කියලා මීනුගේ පස්සෙන් රූම් එකෙන් එලියට යන්න ගිහිපු අනායව අතින් ඇදලා ගත්ත අභී මීනු එලියේ ඉන්දෙද්දිම දොර ලොක් කරා...
*" මාව අතාරිනව.මං කලිනුත් කිව්වා මට මේ දේවල් දැන් හොදටම ඇති දෙයියනේ..මට යන්න දෙනවා..."*
ඒත් එක්කම අනායව බිත්තියට තද කරගෙන ඒ මූනට ලං උනු අභී තප්පරයක් යන්නත් කලින් ඒ තොල් අල්ලගත්තේ අනායගේ කට ඉබේටම වැහිලා යද්දී..ඒත් අනායා අභීගෙන ගැලවෙන්න කොච්චර දැගලුවත් වැඩක් උනේ නෑ ඒ හැම අවසතාවෙම අභී කෙල්ලගේ තොල් ටිකක් තදින් කිස් කරේ අනායා වේදනාවටම එයාගේ ඉන උඩ තිබුන අභීගේ අත් දෙක තද කරලා අල්ලගද්දී..
විනාඩි දහයකටත් වඩා අනායගේ තොල් එක්ක ඔට්ටු වෙච්ච අභීට නම් තාමත් ඒකේ ඇති වීමක් තිබුනේ නෑ .ක්‍ර්ල්ලගේ ඇස් වලින් කදුලු ඔහේ ගලාගෙන යනවා..ඒ අනායගේ හිතේ තිබුන වේදනාවටමයි.. .අනායගේ තොල් දැන් පුපුරු ගහනවා.ඒත් මුලදී කෙල්ලා අභීගෙන් ගැලවෙන්න හැදුවත් දැන් දැන් එයාටත් ඒ පහසෙන් ගැලවෙන්න උවමනාවක් තිබුනේ නෑ..නොසන්සුන් වෙච්ච හැගීම් එක්ක අභී ලොකූ හුස්මක් අරන් අනායගේ ඈත් උනේ ඒ තොල් වලින් දැනුන ලේ රහත් එක්කමයි...
*" මං කියලා තියෙනවා තමුසෙට මාව අවුස්සගන්න එපා කියලා.."*
🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀
_*හේ ඔයාලට මාව මතකද ..🐷*_
_*සොරි ඈ... ටිකක් දවසකට අතුරුදහන් උනා පෙන්ස් 😪*_
_*අදට ඇති නේ කතාව ...🥲*_
_*මං කොච්චර දිගට එපි එක දුන්නත් කතාවට කමෙන්ට් වැටෙන්නේ හරි අඩුවෙන් නේ...එහෙම නැත්තන් චූටි කමෙන්ට් නේ. 😪*_
_*ඒ නිසා මාත් චූටි එපි දෙන්නම් හොදේ .නැත්තන් අසාධාරණයි නේ. 🌚💗*_
_*හරි හරි ඒ පන්ඩිතකම් වලින් වැඩක් නෑ අනේ..🙃 කතාව හොදයි නම් රිඇක්ට් එකක් දාලා පොඩි හරි කමෙන්ට් එකකුත් දාගෙන යන්න.😘🫶🏻❤🩹*_
_*එහෙම උනොත්..🥲*_
_*( සමහර විට ඒලග එපිය හෙට වෙන්නත් පුලුවන් 🫣🩵)*_
*අනන්තරා* 🥀💗
සිතූ...🫶🏻❤🩹

❤️
❤
♥
💙
🩵
💗
👍
💛
🔜
😢
253