
දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
June 13, 2025 at 08:32 AM
✨ ආකේල්යා ✨
පළමු හමුව 0️⃣1️⃣
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
𝗦𝗧𝗢𝗥𝗬 𝗕𝗬 𝗟𝗢𝗖𝗛𝗜
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
•••••••••••••••••••••••••••••••••••••••••••••••••••
📌 කටකාර සමනලියකගේ අහංකාර සැන්දෑව
•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
මම ආකේල්යා සමනලී සදතැන්න මගේ ජීවිතේ මෙන්න මෙහෙමයි වෙන්නේ මම උදෙන්ම මගේ හිත සුව පිණිස වැඩට යනවා දිනාලි අක්කගේ කෝපි ශොප් එකට මගේ අප්පච්චි අම්මී අක්කී මම අපි තුන් දෙනා Sadhathanna holdings වල බාලයා මම...ඒත් මං ආස නෑ ඔය කාමරේකට වෙලා හිර වෙලා පොත් ගොඩක් බල බලා ඉන්න මාර කම්මැලියි මොනා කරන්නද තාම අප්පච්චිට අවුරුදු 43යිනේ දැං අහන්න එපා අපි කොයි කාලෙද ඉපදුනේ කියලා....මට 20යි අක්කාට 27යි අක්කා මාත් එක්ක එකතුයි නෑත් වගේ ඉන්නේ...
මට ඕන උනේ ලෙක්චර් කෙනෙක් වෙන්න මීඩියා පැත්තෙන් මම ඩබින් ආර්ටිස්ට් කෙනෙක් විදිහටත් වැඩ කරනවා ඒත් අප්පච්චිගේ ඌමනාවට මට අන්තිමට ඉගෙන ගන්න උනේ බිස්නස් මැනේජ්මන්ට් මම මුකුත් නොකියා කිසිම පැකිලීමකින් තොරව ඒක කලේ මම එයාලට තරම් වෙන කාටවත් ආදරේ නැති නිසා.....
❝ පැංචි ❞
❝ ඔව් අප්පච්චි ❞
❝ අද බිස්නස් පාර්ටි එකක් තීනවා යන් අම්මිත් යනවා ❞
❝ ආ ම්ම් මේහ් අප්පච්චි මම යන්නම ඕනද ❞
❝ ඇයි යන්න බෑ කියන්නේ යන්නම ඕන ප්‍රතාප්සිංහ අපි එනකල් ඒකත් ඔයා එනකල් අක්කිගේ ප්‍රපෝසල් එකට කතා කරන්න යන්න එයා නැහැනේ ❞
❝ මොකක් අභිනව් ද ආකේෂ් ද අක්කිව බදින්නේ එතකොට ❞
❝ අබිනව් ශාක්‍ය මංචනායක ලොකු කොල්ලව ❞
❝ අහ් හ හා මම එන්නම් අප්පච්චි ඉක්මනට ලෑස්ති වෙලා ❞
මට එයාලා වෙනම ඇදුමක් හදවලා තිබ්බා මට ඔයලට බොරු කියන්න ඕන නෑනේ සල්ලි තීන මිනිස්සු කවදාවත් එක තැනකට ඇදපු එක තව තැනකට අදින්නේ නෑ ඒකයි විදිහ...
මමත් ලස්සනට මල් අල්ලලා තිබ්බ ගවුම ඇදන් සරල කොණ්ඩා මෝස්තරයක් දාගෙන පල්ලෙහාට ආවේ අප්පච්චි අම්මී ලෑස්ති වෙලා මම එනකල් බලන් ඉන්න නිසා...
අපේ ඩ්‍රයිවර් රේන්ජ් රෝවර් කා එක prathapsingha hotel කියලා ගහලා තිබ්බ හොටෙල් එකේ කා එක අරන් යන පාරට දැම්මේ ඇතුලේ සින්දු දාලා තීන එක පාරටත් ඇහෙද්දී මමත් අම්මිගේ අතින් අල්ලන් ඇතුලට ආවේ ටිකක් බයෙන් මොකද මම මේ වගේ තැනකට යන පලවෙනි වතාව නිසා එතන එක එක විදිහට ඇදුම් ඇදපු සංකර ගැහැනු ගොඩක් හිටියා තරුණ වයසේ අය පවා අප්පච්චි අම්මී එයාලගේ බිස්නස් කරන අය එක්ක කතාවකට වැටුනේ මාව ටේබල් එකේ තනියම තියලා...
මම ඔහේ ප්ලේ වෙන සින්දුව එක්ක අතරමං වෙලා ඉදියේ අක්කා අභිනව් එක්ක යාලු වෙලා ඉදියේ එයාගේ ෆන් එක ගන්න විතරක් නිසා එයා ආපහු ලංකාවට එන්නේ නෑ අම්මි මේ ලෝකෙන් ගියා කිව්වත් මොකද එයා එයාගේ ලෝකෙම යන කොට අරන් ගියේ....
❝ සියලු දෙනාම ඇහුම්කන් දෙන්න අද ඔයාලට විශේෂ නිවේදනයක් දෙන්න තීනවා ඒ කියන්නේ වෙන මුකුත් නෙවෙයි අපේ ලොකු පුතා අභිනව් ශාක්‍ය මංචනායක ආකේල්යා සමනලී සදතැන්න උන මගේ යාලුවගේ පොඩි දුවගේ marriage එක ලගදිම සිද්ධ වෙනවා ❞
ඒක අහන් ඉදපු මට ඒක හීනයක් වගේ ඒ අභිනව් කියන කෙනාත් ඉන්නවා හිනා වෙලා මට තේරෙන්නේ නෑ ඇත්තටම මොකක්ද මෙතන වෙන්නේ කියලා මේ මිනිහා අක්කගේ පලියද මගෙන් ගන්න හදන්නේ අනේ මන්දා මම මුකුත් නොකියා හෙමින් සීරුවේ ගියේ පූල් එක පැත්තට එතනට ලස්සනට ඈත කදු මුදුන් ටිකක් පේනවා...
මම ඈත කල්පනාවකට වැටුනේ මට මොකක්ද මේ වෙන්න යන්නේ කියලා ඒ අස්සේ මට කොල් එකක් එනවා මාශිගෙන් මගේ හොදම යාලුවා
❝ අඩෝ මේහ් උබ ගැන නිව්ස් වල යනවා යකො පොඩ්ඩක් යූටුබ් හරි බලහන් ❞
ඒකි එහෙම කියලා ෆෝන් එක තිබ්බා විතරයි මම බැලුවේ ඒ මොකක්ද කියලා දෙයියනේ මේ ගොල්ල්ලෝ ඒ ඩිංගට කසාදේ ගැන නිව්ස් වලටත් දීලා හැබැයි නොදී ඉන්නත් බෑ මොකද ලංකාවේ තීන කෑමකඩ හොටෙල්ස් හාර්ඩ්වෙයාර්ස් ශොපින්ග් මෝල්ස් කන්පැනීස් ෆැක්ටරීස් හැමදෙයක්ම මේ මනුස්සයගේ දේවල් තීනවා ලංකාවේ හතරවටේම ...
❝ අහ් කොහොමද ඉතිම් ❞
❝ අම්ම් මේ හොදයි ❞
❝ ඉතිම් සතුටින් ඉන්නවද ඔයාගේ අක්කා ම්ම්ම් ❞
එයා මගේ මූණට එබිලා අහන කොට මට කට උත්තර නැති උනේ බීලා නිසා එන සැරට හුස්ම ගන්නවත් බෑ
❝ එකක් මතක තියා ගනිම් උබේ අක්කා විදවන කාලේ දැං තමයි පටන් ගන්නේ ඒක අක්කට කියහන් ❞
❝ ආආආආආහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්❞
ඒ එක්කම අභිනව් මාව පූල් එකට තල්ලු කරලා එතනින් යන්න ගියා.මට ස්විමින් පුලුවන් උනත් ගවුම එක්ක ඒක කරන්න බෑ ඔක්කොටම වඩා ගවුම පෙගිලා ඉස්සෙන්නවත් බෑ ඒ එක්කම කව්ද මන්දා කෙනෙක් පැන්නා පූල් එකට වතුර ගිලිලම මට සිහිය නැති උනා...
❝ කැහැ ක් හැ ❞
ඒ කෙනා මාව ඒ එක්කම අනිත් පැත්ත හැරෙව්වේ වතුර ටික එලියට දාන්න කියලා අනේ මන්දා කව්ද කියලා නම් දන්නේ නෑ මාව එයා නැගිට්ටවලා එතන තිබ්බ බෙන්ච් එකක වාඩි කෙරෙව්වා. ඒ එක්කම ඒ කෙනා ගිහිල්ලා ටවල් එකක් අරන් එන්න කිව්වේ මම හිතන්නේ එයාගේ ආරක්ෂකයා වෙන්න ඇති ඒ එක්කම එයා එයාගේ කෝට් එක ගලවලා මගේ ඇග වැහුවේ එළියේ ටිකක් තදට හුලං තිබ්බ නිසා...
❝ බැහැලා බලන්න හිතුනද පූල් එකට ❞
❝ අහ් මේ නෑ මගේ කකුල ලිස්සුවා ❞
❝ හාන්කෝ හාන්කෝ මම අවීෂ ලක්ශාන් මදුරාපුර madhurapura holdings වල අහිතිකාරයා අහලා ඇතිනේ මං ගැන ❞
දගකාර හිනාවක් එක්ක අවීශ කෙල්ල එක්ක කතා කරද්දී කෙල්ල මුකුත් නොකියා හිනාවකින්ම සංග්‍රහ කලේ අවීශ
❝ හා පැටියෙක්ම තමයි ❞
❝ අයියේ ඔයා මොනවහරි කිව්වද මගේ කනට වතුර ගිහිල්ලද කොහෙද ❞
❝ අහ් නෑ නෑ නංගි මෙන්න මේ ඇදුම දා ගන්න මේක මුලින්ම බීලා ඉන්න ❞
අවීශ ගෙනල්ලා දීපු කොෆී එක කෙල්ල අතට ගත්තේ මේ වෙනකොටත් මේ සිදුවීම වියරු ඇස් දෙකක් බලා ගෙන ඉද්දියි...කොෆී එකත් බීලා කෙල්ලව එක්කන් ගිය අවීෂ එයාට වෙන්කරලා තීන VIP ROOM එකට ගෙනිහිල්ලා
❝ ඇදුම මාරු කර ගන්න මේක ඇද ගන්න මම හිතන්නෙ සයිස් ඇති වෙයි ❞
කෙල්ලව චේන්ජින් රූම් එකට යවපු අවීශ එළියට ආවේ ගෑණු ළමයෙකුගේ ගරුත්වය මොන වගේද ඒක නැති වෙන්න යන්නේ කොච්චර වෙලාවක්ද කියලා දන්න නිසාමද කොහෙද අවීශ එළියට ගියා...
කෙල්ල චේන්ජින් රූම් එකට ගිහිල්ලා ඔලුවත් පිහදාගෙන ඒ ඇදුමත් ඇදන් ආවේ අවීෂ ව හොයන් ඒත් අවීශ ඇතුලේ ඉදියේ නෑ...
කෙල්ල වටපිට බලලා කාමරෙන් එළියට ආවේ ඇදුම වේලලා කරලා ( වෙනම ඇදුම් වේලන මැශින් එකකින් ) ඒක වේලෙන්න යන වෙලාවේ හැටියට කෙල්ල අවීශ දුන්න ඇදුම ඇදගෙන කණ්නාඩිය ඉස්සරහා වටයක් කැරකෙනවා බලන් ඉදපු අවීශ කිව්වේ
❝ ඔච්චර හැඩ බලන්න ඕන නෑ මමනේ තේරුවේ ඒක කොහොමත් ලස්සනයි ❞
කෙල්ල ගල් ගැහිලා වගේ බලන් ඉදියේ මෙච්චර වෙලා නොදැක්ක අවීශ කොහොමද මෙතනට ආවේ කියලා...
❝ අයියේ මගේ ෆෝන් එක දැක්කද එතන තීනවා ❞
❝ අහ් මේක වෙන්න ඇති එතන තිබ්බා ඒක මන් අරන් ආවා කවෘත් නොහිටිය නිසා ඒ පැත්තේ ඉක්මනට යන් ඔයාව හොයනවා ඇතිනේ අම්මලා ❞
කෙල්ල අවීශ එක්ක පල්ලම් බහින වෙලාවේ කෙල්ලගේ කකුල පටලැවිලා වැටෙන්න ගියත් නතර වෙන්නේ අවීශගේ අත් අතර නැවතිලා...ඒ ඇස් දිහාම ටික වෙලාවක් බලන් ඉදපු අවීශ හරි සිහියට එන්නේ
❝ කොහෙද දරුවො යන්නේ අපි මෙහේ බය වෙලා හොයනවා ❞
❝ අහ් නෑ අම්මී මේ ❞
❝ යන් යන් යන්න ඕන පරක්කු උනා ❞
කෙල්ල නික්ම යද්දී අවීශගේ කකුලට පෑගුනෙ කෙල්ලගේ බ්‍රේස්ලට් එකේ A අකුර ගහලා තිබුනා අවීශ බ්‍රේස්ලට් එක දිහාම බලන් හිනා වුනා ඒකත් සාක්කුවට දාන් ආපහු හොටෙල් එක ඇතුලට ගියා..
✨✨✨✨✨✨✨✨✨✨✨✨
මීළග කොටසින් හමුවෙමු
✨✨✨✨✨✨✨✨✨✨✨✨
ඔන්න ඉතිම් මගේ බෝල චූටියනේ මේකත් ලස්සන කතාවක් වේවි ඔයාලට 💜

❤️
❤
👍
💙
💛
🫶
69