
දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
June 13, 2025 at 08:41 AM
*නිසල හදවතක්...*
නිසල හඩකින් සසල කල ජීවිතයක්...
........ ඒත් රමේශ් දෙන්නවම හොස්පිට්ල් එකට අරන් ගියා.
🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀
Episode 17🔉
රමේශ් ධීර්වයි රිතේශිවයි අරන් ගියේ ඒ ලගම තිබුනු ප්‍රයිවට් හොස්පිට්ල් එකකට.
*"අනේ කවුරුහරි ගිහින් ඉක්මනට ට්‍රොලියක් අරන් එන්නකෝ.."*
රමේශ් වාහනෙන් බැස්සෙ එහෙම කියාගෙන. ඒ වෙද්දිත් ධීර් මොනවදෝ කියවනවා.
*"නෙ... තූ.... නෙ...ත්..තූ.."*
ධීර් අසිහියෙන් වගේ කෙදිරි ගාන්න ගත්තා.
*"ධීර් උබ බය වෙන්න එපා. මන් උබල දෙන්නව කොහොමහරි බේර ගන්නවා."*
ආයෙත් රමේශ් සන්ධීර්ගෙ පපුව බදාගෙන අඩන්න ගත්තා. ඒ වෙලාවෙ තමයි ට්‍රොලි දෙකක් අරගෙන ඇටෙන්ඩන්ට්ල දෙන්නෙක් එතෙන්ට ආවෙ.
*"අනේ ප්ලීස් ඉක්මන් කරන්න. මගේ යාලුවො දෙන්නට ගොඩක් අමාරුයි."*
ධීර්නම් අමාරුවෙන් හරි හුස්ම අරගන්නවා. ඒත් රිතේශ්නම් හිටියෙ හරියට මලකදක් වගේ. කෙල්ලගෙ ඔලුවෙන් ගොඩක් ලේ ගිහිල්ල තිබුනෙ. කොහොමහරි හැමෝම එකතුවෙලා ධීර්වයි රිතේශිවයි පරිස්සමට හොස්පිට්ල් එකට අරන් ගියා.
*"ඕ මයි ගෝට්.."*
හොස්පිට්ල් එකේ හිටපු ඩොක්ක්ට කෙනෙක් ඔලුවට අතක් ගහ ගත්තෙ එහෙම කියාගෙන.
*"ලේට් කරන්න බැ.. නර්ස් ඉක්මනට ඔපරේෂන් එකට ඕනෙ ටූල්ස් ටික රෙඩි කරන්න."*
*"ඕකේ ඩොක්ටර්.."*
*"කවුද මේ පේශන්ලගෙ භාරකාරයා."*
ඩොක්ටර් වටේම ඉන්න අයෙගෙ මූණු බලන ගමන් ඇහුවා.
*"ඩොක්ටර්.., මම"*
රමේශ් එහෙම කියන් ඉස්සරහට ආවා.
*"ම්ම්.. මෙහෙමයි මිස්ටර්, අපිට මිස්ට ධීර් ගැනනම් පොඩි හෝප් එකක් තියාගන්න පුලුවන් වෙයි. බට් අනිත් පේශන් ගැන නම් 85% විතරම තියෙන්නෙ රිස්ක් එකක්."*
*"අනේ එහෙම කියන්න එපා ඩොක්ටර්. කොහොමහරි දෙන්නවම බේරල දෙන්න.අපේ එකා මැරිලා යයි ඒ කෙල්ලට මොකක් හරි වුනොත්. අනේ ඩොක්ටර් මන් වැදලා කියන්නම්."*
රමේශ් අත් දෙක එකතු කරලා වැදගෙන අඩන්න පටන් ගත්තා.
*"කලබල වෙන්න එපා මිස්ට. අපි පුලුවන් උපරිමෙන් ට්‍රයි කරනවා."*
ඩොක්ටර් එහෙම කියලා රමේශ්ගෙ පිටට තට්ටුවකුත් දාලා ඔපරේශන් කාමරේට ගියා. රමේශ් එතන තිබුනු සෝෆා එකේ වාඩි වුනේ අත් දෙකෙන්ම ඔලුව බදාගෙන.
🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀
*"බේබී.. බේබී.. කෝ අනේ ඔයා.."*
ෂවීර් ගෙට ගොඩ උනේ ශේන්‍යාට අඩ ගහන්. අදනම් මිනිහා ඉන්නෙ ෆුල් හැපී එකේ.
*"මොකද ෂවීර් මේ කෑ ගහන්නෙ."*
*"කෑ ගහන්නෙ නැතුව කොහොමද බබා. ඔයා දන්නවද වෙලා තියන දේ."*
*"ඇයි මොකද වෙලා තියෙන්නෙ."*
ශේන්‍යා අතේ තිබුනු ෆෝන් එකත් පැත්තකින් තියන ගමන් ඇහුවා.
*"අපේ වැඩේ හිතුවටත් වඩා හොදට වෙලා. අන්න දෙන්නම අයි.සී.යූ. එකේලු."*
*"මොකක්.. කවුද දෙන්නා."*
ශේන්‍යාට එකපාරම ඔලුවට ආවෙ රිතේශිව.ශේන්‍යාට ඒ රිතේශිද කියලා හරියටම දැන ගන්න ඕන වුනා.
*"ධීර්ගෙ ගෙදර වැඩ ඉන්න සර්වන්ට් ගර්ලුත් ඒ වෙලාවෙ කාර් එකේ ඉදලා තියනවා. එයා තමයි ගොඩක්ම අමාරුයි කියන්නෙ."*
ශේන්‍යාට රිතේශි ගැන පුදුමාකාර තරහක් ආවෙ.
*"මොකද බේබි මේ.. ඔයාට සතුටු නැද්ද ආ... අනික අපි කන්ටැක් එක දුන්නු සෙට් එකත් සේෆ්. කාර් එක පල්ලමකට වැටිලා තියෙන්නෙ."*
*"ම්ම් එහෙමද..?"*
ෂවීර් මොනව කිව්වය්හ් ශේන්‍යාගෙ ඔලුව ඇතුලෙ කැරකෙන්නෙම රිතේශි.
*"ඔයාට ශුවර් නේද අරකි මැරෙයි කියලා."*
ශේන්‍යා ෂවීර් දිහා නොබලම ඇහුවා.
*"ආයෙ මොනවා අහනවද... දෙන්නම හෙට වෙද්දි අවසන් ගමන් ගිහින් ඉදීවි."*
ෂවීර් ශේන්‍යාගෙ අතට කිස් එකක් දීලාම කිව්ව.
ධීර්ටයි රිතේශිටයි වුන දේ ගැන ශේන්‍යාටනම් තිබුනෙ කුරිරු සතුටක්.
****************
🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀
පැයකට විතර පස්සෙ ඩොක්ටර් ඔපරේශන් රූම් එකේ ඉදල එලියට ආවෙ දිග හුස්මක් හරින ගමන්. රමේශ් ඩොක්ටර් දිහා බලන් හිටියෙ දෙවියෙක් දිහා බලන් ඉන්නව වගේ බැල්මකින්.
*"ඩොක්ටර් දැන් කොහොමද ධීර්ලට."*
*"මිස්ට ධීර්ගෙනම් ඔපරේෂන් එක බොහෝ දුරට සක්සස් කර ගන්න පුලුවන්. ඒත්.."*
*"ඇයි ඩොක්ටර් ඒත් කියන්නෙ."*
*"අනිත් පේශන්ට්ගෙ ජීවිතේ ගැනනම් තාම ශුවර් කරන්න අමාරුයි. එයාගෙ ඔලුවෙන් ගොඩක් බල්ඩ් ගිහින් තියනවා. ඒ නිසා එයාට පරක්කු නොකර බ්ලඩ් දෙන්න වෙනවා."*
*"ඉතින් ඇයි ඩොක්ටර් ලේ දෙන්නෙ නැත්තෙ."*
*"ඒක තමයි මිස්ටර් ප්‍රශ්නෙ. පේශන්ට්ගෙ බ්ලඩ් ටයිප් එක හොස්පිට්ල් එකේ නෑ. මන් හිතන්නෑ ඒ බ්ලඩ් ගෲප් එක ලේසියෙන් හොයාගන්න පුලුවන් වෙයි කියල."*
*"නෑ නෑ ඩොක්ටර් මන් කොහොමහරි හොයන් ඇවිත් දෙන්නම්"*
*"හැබැයි තව පැයක් ඇතුලත වගේ ඕනෙ.නැත්තම් ඉතින්.."*
*"නෑනෑ ඩොක්ටර් මන් දැම්මම යනවා. මොකද්ද බල්ඩ් ගෲප් එක..?"*
*"AB පොසිටිව්.. හරියප් ඔයාලා අතේ තමයි පේශන්ට්ගේ ජීවිතේ තියෙන්නෙ දැන්."*
*"හරි හරි ඩොක්ටර් මන් මේ දැන්මම යනවා."*
රමේශ් එහෙම කියාගෙන හොස්පිට්ල් එකෙන් එලියට දිව්වෙ කොහේ යනවද කියලවත් හිතාගන්න බැරුව.
***************
🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀
*ඔන්න ලමයි අදට ඉවරයි."*🥲👆
*හැමෝම කතාව කියවලා රියැක්ට් එකක් දාලා චූටි කමෙන්ට් එකකුත් දාගෙන යන්න."*😙💗
*කතාව කියවන ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි."*😍🫂
Writter,
Nethuu..✍️🧚♀️

❤️
😢
❤
💙
🫶
👍
💗
💛
😡
🧡
119