දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
June 13, 2025 at 12:31 PM
*Spring is far away* 🖤 (වසන්තය තව දුර ඇති) ```Episode 113``` | The Nightmares 🚫 Do not copy or share without author's permission "ඔයාට පුළුවන්ද මට එහෙම කරන්න ?" මම නැගිටලා හේෂාන්ගෙන් එහෙම අහද්දි එයා මගෙ මූණ දිහා බලාගෙන හිටියා. මම නොදැනුවත් උනාට එයාත් මේ වීඩියෝ එක කලින් දැකලා තියෙනවා. ඒ උනාට මට එක වචනෙකින් වත් ඇඟෙව්වෙ නෑ.. "මට ආදරේ කරලා, මාව රවට්ටලා, එච්චර වේදනාවක් දීලා මාව මරලා දාන්න පුළුවන්ද ?" එවෙලෙ අම්මට ස්ටැබ් කරද්දි, වැඩිපුරම රිදෙන්න ඇත්තෙ හිත. මොකද එදයින් පස්සෙ මට කිරි දෙන්න කෙනෙක් නෑ. මාව හදාගන්න කෙනෙක් නෑ. කවුරුත් මට ආදරේ කරන්නෙ නැතිවෙයිද, මට වෙනස්කම් කරයිද කියලා එයාට මතක් වෙන්න ඇති. එයාව මැරුවා වගේ එයාලම මාවත් මරයිද කියලා අම්මගෙ හිත ගිනි අරන් පිච්චිලා යන්න ඇති. "ඇයි ඔයාලා හැමදෙයක්ම දැනන් ඉඳලා මගෙන් මෙච්චර කල් ඒක හැංගුවෙ ?" මං එහෙම අහද්දි අයියා ඇඳේ අයිනකින් වාඩි උනා. එයා ගොඩාක් ට්‍රයි කරා මාව කන්ෆටබල් විදිහට තියන්න. ඒත් අදින් පස්සෙ ඒක ලේසි වෙන එකක් නෑ. ඒ රෙකෝඩ් එක කොහොම අමතක කරන්නද මම. ඇස් පියාගත්තත් මට ඒකම පෙනෙයි. තනියම කල්පනා කරනකොටත් මට ඒක මතක් වෙයි.. "ඔයා ඒක නොදන්නවා කියලා ඇන්ඩෲස් දන්න තරමට, එයාගෙන් ඔයාට වෙන ඩැමේජ් එක අඩුයි නංගි. මේ හැමදෙයක්ම අපි කලේ ඔයාගෙ හොඳට. කවදා හරි මේක දැනගත්තම, දැනගත්තු දවසෙ ඉඳන් ඔයා මගෙ අම්මටයි තාත්තටයි හේට් කරනවා කියලා මම දන්නවා නංගි. ඔයා අද එයාලට හේට් කරන්න ගත්තට, මම පොඩි කාලෙ ඉඳන් එයාලට හේට් කරේ." "මේ රෙකෝඩ් එක තාත්තගෙ ලැප් එකක තිබිලා හම්බවෙලා බලද්දි මට අවුරුදු 12 යි. මම එතකොටයි දන්නෙ මට තව නංගි කෙනෙක් ඉඳලා තිබුණා කියලා. ඒ වගේම ස්ටෙප් මදර් කෙනෙක්. එයා මගෙ අම්මා එක්ක කම්පෙයා කරාම දේවතාවියක්. ඒත් එතනදිම ඔයාගෙ අම්මා මගෙ තාත්තගෙ අතින් මැරිලා යනකොට මම එයාලට හේට් කරන්න ගත්තා. ඇන්ඩෲස් මේ දේවල් කරන්න තාත්තට හෙල්ප් කරලා තියෙන්නේ අපේ ෆැමිලි එක රුයින් කරලා දාන්න කියලා දැන ගන්නකොට මම එයාටත් හේට් කරා. ඇන්ඩෲස්ට ඔයාගෙ අම්මව මරන්න හෙල්ප් කරන්න කියලා මගෙම අම්මත් කියලා තියෙනවා. කොහොමත් මම එයාට අම්මා කියලා කතා කරලා නෑ දහ වතාවකට වඩා. එයාලා එයාලගෙ සතුට වෙනුවෙන් මිනිස්සු උනත් මරන්න බය වුණ අය නෙවෙයි." "මට සමාවෙන්න නංගි. මගෙ තාත්තා නිසා ඔයාට ඔයාගෙම ලස්සන අනාගතේ නැතිවෙලා ගියා. තමන්ගෙම දරුවා ඕෆනේජ් එකක 'අනාතයෙක්' කියලා මිනිස්සුන්ගෙන් කතා අහන තත්වෙට පත් කරලා සැනසීමෙන් ජීවත් වුණ කෙනෙක් මගෙ තාත්තා." නොදන්න තව දේවල් අයියා කෙටියෙන් කියද්දි මම ඒක හොඳට අහගෙන හිටියා. අදින් පස්සෙ ඇන්ඩෲස්ට මගෙ ෆැමිලි එකට තියා කාටවත් කරදරයක් කරන්න දෙන්නෙ නෑ. මගෙ අම්මව නැති කරලා අන්තිමට මාවත් නැති කරන්න වෙන්න ඇති දැන් එයාගෙ ප්ලෑන් එක. ඒත් ඒක එහෙම වෙන්න දෙන්නෙ නෑ මං. හැමෝටම කලින් ඇන්ඩෲස් විඳවන්න ඕනිමයි. මගෙ අම්මා, රාදිතාගෙ අම්මා විඳවපු තරමට එයත් විඳවන්න ඕනි. "මම.. කොහොමද.. ඒක.. අමතක.. කරන්නේ.." මම එහෙම කියද්දි අයියා ලඟට ඇවිත් මගෙ ඔළුව අතගෑවා. මට බලපු දායින් පස්සෙ ඉඳන් සැනසීමක් නැතුව යන නිසා එයා මට මේ වීඩියෝ එක පෙන්නන්න නැතුව ඇති. "මේ සිද්ධිය උනේ මීට අවුරුදු 31 කට කලින්. දැන් ඔයාගෙ අම්මා අලුත් ආත්මෙක සතුටින් ඇති. Harm උනේ එයාගෙ බොඩි එකට මිසක් එයාගෙ ආත්මෙට නෙවෙයි. ඒ නිසා ඒ ගැන කල්පනා කරන්න එපා. ඔයා මේක දැනගත්තා වගේම සයිලන්ට් වෙලා ඉන්න එකත් හොඳයි මේ හැමදෙයක්ම ඉවර වෙනකම්." "පළිගන්නවා නම් මටත් එහෙම කරන්න තිබුණා. ඒත් මම හිතන ලෙවල් එකටත් වඩා විඳවන්න ඕනි මනුස්සයෙක් ඇන්ඩෲස් ෆර්නැන්ඩස් කියන්නේ. එයා නිසා මෙහෙම දේවල් උන එකම ෆැමිලි එක අපි නෙවෙයි. හැබැයි එයාගෙ අතින් නැති වුණ, අපිටත් අම්මෙක් වෙන්න හීන මවපු, මේ ලෝකෙ හිටපු වටිනම මනුස්සයා ඔයාගෙ අම්මා." අයියා හරි. අම්මට ඕනි උනා අයියටයි අක්කටයිත් හොඳ අම්මෙක් වෙන්න වෙන කෙනෙක්ගෙ දරුවො උනත්. ඒත් ඒක නිකන්ම නිකන් රැවටීමක් විතරයි කියලා දැන ගන්නකොට අම්මට කොච්චර දුක හිතෙන්න ඇත්ද. තාත්තා ගැන මොන තරම් කලකිරීමකට පත් වෙන්න ඇත්ද.. "That's enough. ආයෙ ඒ වීඩියෝ එක ප්ලේ කරන්න කියලා මට කියන්න එපා. මගෙ ප්ලෑන් එක ඉවර උනාම මම ඒක ඩිලීට් කරලා දානවා හැම තැනකින්ම. ඒ වගේම අපි ඒක අපේ ඔළු වලිනුත් ඩිලීට් කරලා දාන්න ඕනි." ඒක කොහොම අමතක කරන්නද මම. අම්මා අන්තිමට කිව්ව වචන ටික මතක් වෙද්දි මට ඉවසන්න අමාරුයි. මගෙ කඳුළු වලට තවත් දරන් ඉන්න අමාරුයි. අවසාන වතාවෙත් එයා තාත්තට කිව්වේ 'තාමත් ආදරෙයි' කියලා විතරයි.. "හේෂාන්.." "අයියෙ ?" "ඔයා ආපු එකේ ලන්ච් එක මෙහෙන්ම අරන් යන්න. නංගිත් එක්ක කන්න පුළුවන් නේ ඔයාට." "ඔව් පුළුවන්." "හ්ම්ම්.. මම ඔෆිස් එකට යනවා. ගිහින් ආයෙ පැයකින් එනවා. එතකොට ඉතුරු ටික කතා කරගමු." "හරි එහෙම කරමු " හේෂානුයි අයියයි හොඳට කතා කරන විදිහ මම බලාගෙන හිටියා. එයාලා සේරටම වඩා හිතවත් වගේ එදා ඉඳන්ම. ඒත් මට ඒ ගැන වචනෙකින් වත් ඇඟෙව්වෙ නෑ. සමහරවිට අයියා හේෂාන් එක්ක එකතු වෙලා ඇති ඇන්ඩෲස්ට මොනා හරි කරන්න. "යමු.. අපි මොනවා හරි කාලා ඉමු." "මට කන්න බෑ හේෂාන්." "එහෙම කියලා හරියන්නෙ නෑ. දැන් ලන්ච් ටයිම් එකත් ඇවිත්. මං කවන්නම් ඔයාට." එහෙම කියලා එයා මගෙ අතින් ඇදගෙන ඩයිනින් රූම් එකට ගියා. කොච්චර නම් කෑම සුවඳ ආවත් මගෙ ඇඟම ගිනි ගන්නවා වගේ. මැරුණට පස්සෙ බොඩි එක දිහා බලන්න හයියක් තිබුණත් මොන දරුවටද තමන්ගෙ අම්මා මැරෙනවා ඇස් දෙකට දකින්න හයියක් තියෙන්නේ. ඒත් මම ඒක දැක්කා. මට එවෙලෙ දැනුනේ ඒ පිහි පාරවල් හතර මගෙ පපුව හිල් කරන් යනවා වගේ. "මේක කන්න." මම කල්පනාවෙන් එළියට එද්දි හේෂාන් අත සෝදන් ඇවිත් මට කවන්නත් ලෑස්තිය. ඒත් කන්න පුළුවන්කමක් නෑ මට. අඩුම කටක් කන්න හරි පිරියක් නෑ මට. "මට කන්න බෑ." "මින්දි.. පොඩි ළමයෙක් වෙන්න එපා. මම දන්නවා ඒක අමාරුයි තමයි. ඒත් එහෙමයි කියලා කෑමත් Refuse කරාම ඔයාමයි දුර්වල වෙන්නේ." "ඒත් මට......" "ඒත් මේත් නෙවෙයි මේක කන්න." එයාගෙ කරදරේ නිසා මම කටක් කෑවා. මං දන්නවා. මොන ප්‍රශ්නෙ ආවත් හේෂාන් කවදාවත් මට එහෙම කරන්නෙ නෑ. ඒත් මේක හැමදාටම මගෙ ඔළුවෙ තියෙයි මට උන දෙයක් වගේම. "අපි මේකට සාධාරණයක් කරමු. කොහොමත් ඇන්ඩෲස් වගේ මිනිස්සුන්ට නීතියෙන් ගැලවුණත් ස්වභාවධර්මයෙන් ගැලවෙන්න බෑ." එයාලට තිබුණා මගෙ අම්මව කාටවත් හොයාගන්න බැරි වෙන්න වෙන රටකට හරි යවන්න මාවත් එක්කම. අනික එයාලගෙන් අම්මා ලොකු ලොකු දේවල් ඉල්ලලා නෑ. මට අයිතියක් ඉල්ලුවෙ නෑ, මට දේපල ලියන්න, සල්ලි දෙන්න කිව්වෙ නෑ. ඒත් එහෙම වෙලත් අවසානෙට කූඹියෙකුට වත් වරදක් නොකරපු එයාව එච්චර වේදනාවක් දීලා මැරුවෙ කොහොමද එයාලා. "ඇන්ඩෲස්ට ඕනිකම තිබිලා තියෙනවා බ්ලූ ඩයමන්ඩ් දෙකෙන් එකක් ගන්න. එදා ඔයාගෙ අම්මා නැති වුණ වෙලේ එයා ඒ දිහා බලපු විදිහෙන්ම මට ඒක තේරුණා." හේෂාන් එහෙම කියද්දි මට මතක් උනේ එක දවසක් ඇන්ඩෲස් මගෙ ඉස්සරහට ඇවිත් කියපු එක. එයා ඒ දවස් වල ඇවිත් හේෂාන් මට හදලා දුන්න ගෙදරත් වනසලා තිබුණා ඒක හොයන්න. ඒ ආපු ගමන ඩයරි එකත් අරගෙන ගිහින් තිබුණා. ❝ නිල්.. නිල් පාට මොකක් හරි පෙන්ඩන්ට් එකක් ගැන කිව්වා. ගෝල්ඩ් පාට නෙක්ලස් එකක් ගැන ❞ එදා දිනුමිගෙ කටත් බැඳලා දාලා ගේ හැම තැනම ඒක හොයලා ඉවර වෙලා, පාක් එකේදි ඩයරි එක දෙන්න ඇවිත් මාව හම්බුණ වෙලෙත් ඇහුවා නෙක්ලස් එක ගැන, ❝ කොහෙද අනිත් බ්ලූ ඩයමන්ඩ් එක ❞ ❝ එතකොට තමුන් කියන්නේ ඒ නෙක්ලස් එකේ සම්පූර්ණ ඩයමන්ඩ් එක තිබ්බා කියලද ❞ ඇන්ඩෲස් හිතුවෙ මම ඒකෙ කොටසක් විතරයි විසි කලේ කියලා. ඒත් අම්මා මට හදලා දුන්න නෙක්ලස් එක මම මෝඩයෙක් වගේ වීසි කලා. ඇන්ඩෲස්ට පුදුම ඇති තාම මගෙ කරේ නෙක්ලස් එකක් තියෙන එකට. ඒක මගෙ අම්මගෙ නෙක්ලස් එක කියලත් එයා දන්නවා ඇති සයිලන්ට් එකේ හිටියට. "එක දවසක් එයා ගෙදර අවුල් කරලා නෙක්ලස් එක හොයලා තිබ්බා. එදා පාර්ක් එකේදිත් මාව බය කරලා ඒ ගැන ඇහුවා. ඒකෙ CCTV රෙකෝඩ් එකත් අයියා ලඟ තිබුණා." "ඔව්.. ප්‍රශ්නෙ වුනේ ඔයාට ඔයාගෙ නෙක්ලස් එක දීලා ඕෆනේජ් එකට යවලා, ඔයාගෙ තාත්තා අම්මගෙ නෙක්ලස් එක එයා ගාව හංග ගත්තු එක." තාත්තා හංගගත්තු නෙක්ලස් එක අයියා එයා ළඟ තියාගන්න ඇති. තාත්තයි, පුංචි අම්මයි දෙන්නම ඇක්සිඩන්ට් එකකින් නැති උනාම ඇන්ඩෲස් ඒක හොයාගෙන එයි කියලා අයියා ඒක මාව හම්බුණාම මට දෙනකම් හංගන්න ඇති. "ඔයාගෙ තාත්තා ගාව තියෙන නෙක්ලස් එක ගන්න ඕනි නිසා ඇන්ඩෲස් ඔයාගෙ පුංචි අම්මවයි තාත්තවයි දෙන්නවම මැරුවා ඇක්සිඩන්ට් එකක් කරලා. ඒක විතරක්ම නෙවෙයි හේතුව. මිහිරි එෆෙයා එක නවත්තපු එකටත් ඇන්ඩෲස්ට තරහා තිබ්බා මේක කරන්න." එහෙනම් ඒක තමයි අම්මයි තාත්තයි දෙන්නම ඇක්සිඩන්ට් එකකින් මැරුණා කිව්වේ. ඒත් මට කට්ටිය කිව්වේ ඒක ඒ දෙන්නා හිතලම කරගත්තු එකක් කියලා. සමහරවිට ඇන්ඩෲස් ඒක කරවලා රාවෙ යැව්වද දන්නෙ නෑනේ එයාලා හිතලමයි ඒක කරගත්තෙ කියලා. "එතකොට මගෙ ආච්චියි සීයයි දෙන්නා කොහෙ හරි ඉන්නවා ඇත්ද ?" "ඒ දෙන්නවත් ඇන්ඩෲස් මරවලා තියෙනවා. එතනින් තමයි මාර්ටිනස් ෆැමිලි එක ගැන විස්තර සම්පූර්ණයෙන්ම ලංකාවෙන් ඉරේස් වෙලා ගියේ." "එතකොට.. එයාලත් නැද්ද.." මම එහෙම කියද්දි හේෂාන් මගෙ ඔළුව අතගෑවා. දැන් අක්කයි අයියයි ඇර වෙන කවුරුත් නෑ මගෙ කියලා අය. විශේෂයෙන්ම මගෙ අම්මගෙ පැත්තෙ කියලා කෙනෙක්. එක වෙලාවකට අයියා මං ගැන හොයන එක හරි. එයා හැම වෙලේම මගෙ ආරක්ෂාව ගැන බලන හේතුව දැන් මට හොඳටම පැහැදිලියි. "Don't worry.. ඔයාට මගෙ තාත්තා ඉන්නවා. තාත්තා හැම වෙලේම කියන්නේ එයාට ඔයාව එයාගෙම දුවෙක් වගේ කියලා." "ඇන්ඩෲස් තාත්තටත් මොනා හරි කරදරයක් කරයිද හේෂාන්. අපි එයාව පරිස්සම් කරන්න ඕනි." "මං ඉන්නකම් මගෙ ෆැමිලි එකේ කිසිම කෙනෙකුට සීරීමක්වත් වෙන්න දෙන්නෙ නෑ." ඔව් මට ඒක විශ්වාසයි. ඔයා ඉන්නකම් මටවත් කාටවත් කරදරයක් වෙන එකක් නෑ. ඒත් ඇන්ඩෲස් මම හිතුවටත් වඩා දරුණු මනුස්සයෙක්. ඒ නිසා ඔයාට කරදරයක් වෙයිද කියන එකයි මට තියෙන ලොකුම බය. "ඇති.." කටවල් පහක් විතර කාලා මම එහෙම කියද්දි එයා බත් එක තියලා අත සෝදගත්තා. වෙනදට කන තරමින් බාගයක් වත් කන්න බෑ මට අද. ඒ වගේම වෙනදාට තියෙන තරම් වත් සැනසීමක් අද මගෙ හිතේ නෑ. කොහොමද මම අමතක කරන්නේ මගෙ අම්මට උන අසාධාරණය ගැන.. හවස් උනා 🦊🍂🧡.. අයියා ඔෆිස් ගිහින් ආයෙ ආවා. මම ඔහේ බලාගෙන හිටියා සෝෆා එකට වෙලා. හේෂානුත් ගියෙ නෑ අයියා එනකම් හිටියා. ඔළුවත් කැක්කුමයි. එහෙමයි කියලා මගෙ ගෙදර ගිහින් මට සැනසීමෙ නිදාගන්න නම් බැරි වෙයි අද. "නංගි.." අයියා ඇවිත් මගෙ ලඟින් ඉඳ ගත්තා. එතකොටම අක්කයි හේෂානුයි දෙන්නත් අයියා පස්සෙන් ආවා. එයාලා තාමත් රහස් සාකච්ඡා.. "ළඟ දවසක අපි යමු කැන්ඩි බන්ග්ලෝ එකට. ගිහින් ඒක අස් කරලා ඔයාට කැමති විදිහකට හදලා ගමු." අයියා එහෙම කියද්දි මට මතක් උනේ ඉස්සෙල්ලා මම බලපු CCTV රෙකෝඩින් එක. ඒකෙ ඇන්ඩෲස්, තාත්තා එක්ක එකතු වෙලා අම්මව වැලලුවේ ඒ ඉඩමෙම නෙවෙයිද. එයාලා කතා වෙලා බොඩි එක ගෙනිච්චා රෙකෝඩින් එකේ තිබුණා.. "එතකොට අම්මගෙ බොඩි එක ඒකෙ නැද්ද ?" "කවුරුත් නොදන්නවා උනාට, ඔයාගෙ අම්මගෙ බොඩි එක තාම ඒකෙ තියෙනවා." අයියා එහෙම කියද්දි මට මතක් උනා අපි දෙන්නා ඉස්සෙල්ලාම ඒ ගෙදරට ගියපු දවස. මට මතකයි වත්ත පහල ටිකක් වෙනස් තැනක් තියෙනවා මම දැක්කා. පෙනුමෙන් බැලුව ගමන්ම මට හිතුණා එතන මොකක් හරි විශේෂත්වයක් ඇති කියලා. එහෙනම් ඒක තමයි විශේෂත්වය. "මට බෑ ඒ ගෙදර ඉන්න." "එතකොට අපි ඒකට මොකද කරන්නේ. ඒක නිකන් තියන්නත් බෑනෙ අපිට." මොනවා උනත් මේක අලුතෙන් ගන්න කෙනෙක්ටවත් ඒ ගෙදර සැනසීමෙන් ඉන්න ලැබෙන එකක් නෑ. අම්මට වුණ අසාධාරණයට ඒ ගෙදරත් දුකෙන් ඉන්නවා වගේ මම ගියපු දවසේ මට පෙනුණේ. ගාඩ්න් එකේ එක මල් ගහක් ඉතුරු වෙලා තිබුණෙ නෑ. අඩුම එක දම් පාට උඳුපියලිය මලක් වත්. ඒ ඉඩම ආයෙ මුල ඉඳන් හදනවා මිසක අපිට බැරි වෙයි තියෙන දේවල් අස් කරලා දාලා ඉන්න. "මට අයිඩියා එකක් තියෙනවා. මම හිතනවා හේෂාන් මට ඒකට උදව් කරයි කියලා." මම එහෙම කියද්දි තුන් දෙනාම මගෙ දිහා බැලුවා. අමාරුවෙන් හරි මට සිද්ධ වෙනවා අම්මගෙ මතක වලින් ඒ ගෙදර අයින් කරලා දාන්න. මොකද ඒ තරම්ම පාළු උන ගෙයක් ඒක. අනික අම්මා අකමැති වෙන්නෙ නැතිවෙයි මම මේ දේ කරනවට. "මොන වගේ අයිඩියා එකක්ද ඔයාගෙ හිතේ තියෙන්නේ ?" "අපි ඒක ඕෆනේජ් එකක් කරමු." "That's a good idea but, ඔයාට ඒ ගෙදර ආයෙ එපාද." "මට බෑ ඒක කරන්න. අම්මත් අකමැති වෙයි මම එයාව මරලා දාපු ගෙදර ඉන්නවට. අනික ඕෆනේජ් එකක් දැම්මොත් එයාගෙ ආත්මෙටත් ඒක සැනසීමක් වෙයි නේද ?" "ඒක හරි.." මම වගේ මොනා හරි හේතුවක් මත පොඩි කාලෙ අසරණ වුණ ළමයි කොච්චර නම් පාරෙ ඇත්ද එක එක මිනිස්සුන්ගෙ බිස්නස් වලට අහු වෙවී. ඊට වඩා හොඳයි එයාලට හොඳට උගන්වලා, ඕනි කරන හැම දෙයක්ම දීලා බලාගන්න එක. "එහෙනම් අපි හෙට අනිද්දා ඩේට් එකක ගිහින් හැම දෙයක්ම අස් කරලා වටින බඩු ටිකට මොනවා හරි කරලා කරන්න ඕනි ප්ලෑන් එක ගැන කතා කරගමු." "හ්ම්.." හේෂාන්ගෙත් අදහසක් තිබුණා තව ඕෆනේජ් එකක් කරන්න. අපි ඒකට ඇග්‍රීමන්ට් පවා ගැහුවා. ඒත් දේශපාලන ස්ථාවරත්වයක් පහුගිය කාලෙ රටේ තිබුණෙ නැති නිසා අපිට සිද්ධ වුණා ඒක කල් දාන්න. එහෙනම් දැන් මේක හොඳම අවස්ථාව, ඒක ආයෙ පටන් ගන්න. "එහෙනම් දැන් ඔයා ගෙදර ගිහින් ටිකක් නිදා ගන්න. එතකොට ඔළුව කැක්කුම අඩුවෙයි. හෙට උදේ ඔෆිස් එකටත් එන්න. අර්ජන්ට් මීටින් එකක් තියෙනවා උදේම." "හරි.. මං එහෙම කරන්නම්." අයියා කිව්ව නිසා හේෂාන් මාව ගෙදරට ඩ්‍රොප් කරන්න හිතුවා. මගෙ කාර් එක ඩ්‍රයිවර් අරන් එයිනේ. මෙවෙලෙ මට තනියම කල්පනා කරන්නත් බෑ, තනියම ඉන්න හිතෙන්නෙත් නෑ. ඉතින් අයියලගෙ ගෙදරින් පිටත් වුණා අපි දෙන්නා. "හේෂාන්.. අර ප්‍රොජෙක්ට් එක මේකට කනෙක්ට් කරමු. එතකොට අපිට පුළුවන් නේ ඉඩට යන කොස්ට් එක අඩු කරගන්න." "ඔව් ඉතින්. ඒත් කමක් නෑ. අපි ඔයාගෙ අම්මගෙ ගෙදරත් හදමු. මම බලපු ලෑන්ඩ් එකෙත් හදමු." "ඒත් ඒක අමාරු වැඩක් නෙවෙයිද ?" "අමාරුයි තමයි. එහෙනම් අපි ඉස්සෙල්ලාම ඔයාලගෙ ලෑන්ඩ් එකේ ඒක කරමු." "හ්ම්.. මගෙ හිතේ තියෙනවා එයාලට එතනම ස්කූල් එකක් දාන්න Advanced Level වෙනකම්. ඒකට පොලිටිකල් සම්බන්ධ අය මීට් වෙන්න වෙයි නේද." "ඒක මම කරලා දෙන්නම්. මම දන්න කෙනෙක් ඉන්නවා. එයාට කියලා අපිට පුළුවන් Government එකෙන් ඇපෲ කරගන්න." "හ්ම්ම්.." හේෂානුයි මායි දෙන්නම අපේ ගෙදරට ආවා. අපි යද්දි අවාරා දුල්නෙත්මියි සංජානායි එක්ක බලාගෙන ඉන්නවා. අයියා ඒ දෙන්නටත් එන්න කියලා ටික දවසකට මං එක්ක නවතින්න, මේක අමතක වෙනකම්. "මින්දිට Migraine වගේ. එයාගෙ බෙහෙත් ටික දීලා නිදාගන්න ඇඳ පොඩ්ඩක් රෙඩි කරන්නකෝ." "හරි මහත්තයා." එහෙම කියපු අවාරා උඩට ගියා. එතකන් සෝෆා එකෙන් ඉඳගෙන මම හේෂාන්ගෙ පපුව උඩින් ඔළුව තියා ගත්තා. දුල්නෙත්මිටයි සංජානාටයි දෙන්නටම මං නිසා කරදරේ. ඒත් හේෂාන් ගිහාම මම කොහොමද ඉන්නේ ? "වොශ් එකක් දාගෙනම නිදාගන්න. එතකොට හරි." රීෆ්‍රෙෂ් වෙන්න කියලා හිතන් මම වොශ් එකක් දාගෙන ඇවිත් බේත් ටික බීලා ඇඳෙන් හාන්සි උනා. මට එහාපැත්තෙන් ඉඳගෙන හේෂාන් මගෙ ඔළුව අත ගෑවා. දුල් සජී දෙන්නා මගෙ රෙදි ටිකත් හෝදලා තිබ්බා.. "ඔයා දැන් යන්න. ගිහින් බේත් බීලා නිදාගන්න. හෙට ඔෆිස් යන්න ඕනි නැද්ද ?" මම එහෙම අහද්දි හේෂාන් ඔළුව දෙපැත්තට වැනුවේ 'නෑ' කියන්න. එදා ඉඳන් අද වෙනකම් එයා මං වෙනුවෙන් කොච්චර නම් දේවල් කරාද. ඒකට හරියන්න මම එයාට හැමදාම වදයක්මයි උනේ. එයා ළඟ ප්‍රශ්න තිබුණත් ඒවා අමතක කරලා එයාට මාව සනසන්නත් උනා. අමාරුවෙන් හරි ඇස් පියාගෙන මම නිදාගන්න ට්‍රයි කරා. පැයක් විතර සීලින් එක දිහා බලන් හිටියම නින්ද යනකම්ම දැනුනේ නෑ. මෙච්චර වෙලා මගෙ ළඟ හිටපු එයාගෙ උණුහුම එකපාරටම නැතුව යනවා වගේ මට දැනුණා. සමහරවිට හේෂාන් මගෙ ලඟින් නැගිටලා යන්න ඇති.. ඒත්.. ❝ ඔයා ඇයි මට මෙහෙම දෙයක් කලේ ඔයා මට පොඩ්ඩක් වත් ආදරේ කලේ නැද්ද නිර්වාන් ❞ කළුවර පසුබිමක මට අම්මව මැවිලා පෙනුණා. එයාගෙ ඇස් වල කඳුළු දිළිසුනා. මේ කඳුළු සාධාරණයි. එයා දුන්න ආදරේ විහිළුවක් නෙවෙයි, තාත්තට දැනුනෙ එහෙම උනත්.. ❝ එයාව ඔහොම අල්ලන්න එපා නිර්වාන්. එයාගෙ ඇඟේ ඔයාගෙ අතින් මගෙ ලේ ගාලා ඔයා එයාට පෙන්නන්න එපා මට ස්ටැබ් කරේ මම අවුරුදු ගාණක් ආදරේ කරපු ඔයාමයි කියලා ❞ ❝ මට එක දවසක් හරි ආදරේ කරා නම් ඒක කරන්න එපා නිර්වාන්.. ප්ලීස්.. මගෙ දුවගෙ ඇඟේ මගෙ ලේ තියා එයාගෙ ලේ වත් ගෑවෙන්න ඉඩ තියන්න එපා ❞ හේෂාන් ගියා විතරයි, මට මගෙ හිත පාලනය කරගන්න බැරි උනා. බලාගෙන ඉන්න අමාරුම රූප ටිකක් මනසෙ මැවෙද්දි මගෙ හිත බයවෙලා මාව නැගිට්ටුනේ දිග හුස්මක් එක්ක. ඒ එක්කම කැස්සකුත් ඇල්ලුවා.. "අහ්.." .......................................................... 🖤 ... *දැන් ඉතින් ගොඩක් කල්‍ යනකම් මින්දිට මේක මතක් වෙයි 😪* *ගොඩක් රීඩර්ස්ලා නිර්වාන්ට බැනලා තිබුණා. ඔව් මමත් එකඟයි ඔයාලට. මේක ෆැන්ටසියක ගෙතුන කතාවක් වගේ සමහර අයට පෙනෙයි. ඒ උනාට මතක තියාගන්න, මේ Society එකෙත් එහෙව් පිරිමි ඉන්නවා කියලා. හේෂාන් වගේ අයට වඩා 💔* > Sachy Collins
Image from දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰: *Spring is far away* 🖤 (වසන්තය තව දුර ඇති)  ```Episode 113```  |  The...
❤️ 🥺 😢 👍 🩷 💐 💖 💜 368

Comments