දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
June 13, 2025 at 12:31 PM
*🩷ආදරියේ🩷* ~දඩබ්බර හිත් දෙකක් මැද අතරමං වූ ආදරියයි ඇය~ 💋💋💋💋💋💋💋💋💋💋💋💋 1️⃣6️⃣. ආයෙත් අවුරුදු නිවාඩුවෙන් පස්සේ කැම්පස් පටන් ගත්තේ හැමෝම කාර්‍ය්ය බහුල කරලා.යොමාල් හිටියේ අරලිය ගස් යාය ගාව බංකු පේළියේ බංකුවක ඉදන් ,එයා කල්පනා කර කර හිටියේ මීට අවුරුදු ගානකට කලින් ගමේ එයා ගෙවපු ජීවිතේයි අද මේ අරගල ප්‍රශ්න මැද්දේ ගෙවන ජීවිතෙයි ගැන,හරිම නිදහසේ එයායි අක්කයි අම්මායි ජීවත් වුනේ කාටවත් කරදරයක් නොවී. අතීතේ සිහි කර කර හිටිය කොල්ලාගේ ඇස් දෙක පිටිපස්සෙන් ආව කෙනෙක් වැහුවා. ඉතින් අල්ලා බලන්න ඕනේ නෑ,ඒ සියුමැලි සිහින් අත්,ආත්මයම සුවපත් කරන ඒ සුවද යොමාල්ට අදුනගන්න පුලුවන්.ඉතින් යොමාල්ගේ මුනේ ඇඳුනේ හිනාවක්. එයා ඒ හිනාවෙන්ම එයාගේ ඇස් වහලා තියෙන අත් දෙක අල්ල ගත්තා. "අවුරුදු ගානක් අල්ලන් හිටපු අත් දෙක අදුරගන්න බැරි නම් මං මැරිලා ඉපදෙන්න වෙයි හැබැයි"යොමාල් එහෙම කියලා ඒ අතින් ඇඳන් එයාව ළඟින් ඉන්දවගත්තා. "අදුරගත්තා නේද" "ආයේ ඉතින් මොනවා අදුරගන්නද,ඔය අත ඇරුනම මං වෙන කෙල්ලෙක්ගේ අතක් අල්ලා නෑ" "ඒක නම් හොදයි,ඇල්ලුවොත් කපනවා මං අත" "ඒ කෙල්ලගේද" "නෑ ඔයාගේ"නේහා කියන විදිහට යොමාල්ට හිනා,යොමාල් හිනා වෙද්දි අමුතුම ලස්සනක් තියෙන්නේ එයාගේ නල දතත් එක්ක . නේහා ටිකක් වෙලා යොමාල් දිහා බලන් හිටියා. "ඇයි ඔහොම බලන්නේ"යොමාල් අහද්දි නේහා මොකුත් නෑ කියන්න ඔලුව වැනුවා. "නැති වෙන්න බෑ"යොමාල් ඇසුත් හීනි කරන් බැලුවේ කෙල්ල මොන හරි දෙයක් හිතනවා කියලා දන්න නිසා. "නෑ මං මේ හිතුවේ,ඔයා ගොඩ දවසකින් මෙහෙම මං එක්ක හිනාවෙවි කතා කරන්නේ,නැත්ත්නම් ඔයාගේ බිසී ලයිෆ් එකත් එක්ක කොහෙද එහෙම ටයිම් එකක්" "ම්ම්ම්"යොමාල් බර හුස්මක් පිට කරා පස්සේ නේහාගේ අතක් අල්ලගත්ත යොමාල් ,එයාගේ ඇගිලි නේහාගේ ඇගිලිත් එක්ක පටලගත්තා. "මට තියන ප්‍රශ්න ඔයා දන්නේ නෑ නේහා,මං මෙහෙම හිනා වෙලා හිටියට මගේ ඔලුවම ගිනි ගොඩක්" "මං දැනගන්න ඉතින් ඔයා ඒවා කියන්න එපැයි,ඔයා ඇයි හිතේ හිර කරන් ඕවා විදවන්නේ,මටත් කියන්නකෝ"නේහා ඒක කිව්වෙ හුරතල් විදිහට,හිතලා නෙමෙයි,ඔහොම දිගට කතා කරන් යද්දි කෙල්ලගේ ඇතුලේ තියෙන හුරතල් පෙනුම එලියට එනවා. යොමාල් නේහාගේ කම්මුලක් අතගෑවේ ආදරෙන්. "මගේ ප්‍රශ්න නිසා මං විඳවන තරම ඇති කෙල්ලේ,ඔයත් විදවන්න ඕනේ නෑ,ඔයා සතුටින් ඉන්න" "මගේ සතුට නැති කරන්නෙත් ඔබතුමාම තමයි"නේහා අත් දෙකත් බැදන් අහක බලාගත්තේ එහෙම කියලා. "හරි හරි සොරි,මට ටික කාලයක් දෙන්නකෝ,මට තියෙනවා ලොකු ටාගට් එකක්,එතකම් ඉවසන්න" "අයියේ...මං ඔයාට කරදරයක් නොවි මෙහෙම පාඩුවේ ඉන්නේ අවුරුදු හතරක වෙලේ ඉදන්,හිතන්න එෆෙයාර් එකට අවුරුදු පහක් එකෙන් හතරක් ඔය..."නේහට ඉතිරිය කියාගන්න බැරුව කටහඬ බිදුනා. අවුරුදු හතරක් පුරා යොමාල් කැම්පස් ආවත් හරි එයා නොදැනුවත්ව නේහව මග ඇරුනා,එයා ගැන හොයලා බලන්න,එයා එක්ක හරියට කතා කරන්න එන්න එන්න එයාට වෙලාවක් නැති වුනා,මුලින් මුලින් රංඩු කරත් පස්සේ නේහා හිත ගදාගෙන පාඩුවේ බලාගෙන හිටියා,ඒත් ආදරයක් කරුණාවක් රැකවරණය ක් නැති සියුමැලි ගැහැනු හදවත් යොමාල්ගෙන් ඒ දේවල් බලාපොරොත්තු වුනා.යොමාල් කවදාවත්ම නේහාට බොරුවක් වංචාවක් නොකරත් එයාට තියෙන වගකීම් ,අරමුණු නිසා එහෙම වුනා. නේහා කියන්න ගිහින් ගිලගත්තේ ඒක කියලා යොමාල් දන්නවා,නේහාගේ උරවටෙන් අත දාලා එයාව ලං කරගත්ත යොමාල් බරටම හුස්මක් හෙලුවේ ඒ හිතේ බර නේහාටත් තේරෙද්දී. "මං දන්නවා මැනිකේ,මට කාලේ දෙන්න,මං ආයේ එහෙම නොවෙන්න උත්සහ කරන්නම්,ඔයාගේ හිත රිද්දන්නැතුව ඉන්න" නේහාට කදුලු මැදින් හිබාවක් ආවා. "කාලේ,හ්ම් හරි අපි බලමූ කොච්චර කාලයක් මට මෙහෙම දරාගන්න පුළුවන්ද කියලා"නේහා හිතෙන් කියාගත්තේ එයාටමයි. යොමාල්ගෙන් ඈත් වුන නේහා කදුලු පිහදාගෙන ඒ කඩවසම් මූන දිහා බැලුවා. .ඉතින් අද ඔයාට මොකුත් වැඩක් නෑ,මං කිව්වේ මෙහෙම ඉන්න සාමාන්‍යයෙන් ඔයාට වෙලාවක් නැති නිසා" "ම්ම්ම් වැඩ නම් නැතුවට නෙමෙයි,හැබැයි හෙට අනිද්දා දවස් වල මං බොහෝ විට නැති වෙයි,ඒකයි අද ඔයාව මීට් වෙන්න හිතුවේ,ඔයාට උදේ ලෙක්චර්ස් නෑද" "තව වෙලා තියෙනව" "හ්ම්ම්ම්" =========================== මේ පෙම්වතුන් දෙදෙනාගේ දසුන දිහා ඔවුන් නොදැන තවත් දෑසක් බලන් හිටියේ ,ඒ දුශේන්,දුශේන් ඇස් පිල්ලමක් වත් නොගහා ඒ දිහා බලන් ඉන්නේ.කිසිම හැගීමක් ඒ මූනේ නෑ,හැබැයි යාළුවෝ දන්නවා දුශේන් ගැන එයාගේ හිත ගිය,එයා ආස දෙයක් තව කෙනෙක් අල්ලනවටවත් එයා කැමති නෑ,ඊටත් මේ ඉදලා ඉදලා හිත ගිය කෙල්ල,ඒ දසුන කොල්ලාගේ පපුවම පුච්චනවා කියලා නොකිව්වත් යාළුවෝ දන්නවා.ඒත් එයා එහෙම විදවන්නේ විහින්.අන්සතුයි කියලා දැන දැනමයි දුශේන් මෙහෙම කරන්නේ පසිදුට විදුරංගට ඒ දිහා බලන් ඉන්න බැරි තැන කතා කරේ. "මචං ශේන්,මං උබට සැරේකුත් කිව්වා ඕක අත ඇරපං"පසිඳු කිව්වේ බැරිම තැන. ."මට බෑ"දුශේන් තාමත් ඒ දසුබෙම ඇස් තියන් කිව්වෙ. "බෑ කියන්නේ,යකෝ ඒකි යොමාල්ගේ කෙල්ල,උබ දැන දැන ලව් කරන්න යන්නේ අනුන්ගේ මලකට" "ලව් කරන්න යන්න දෙයක් නෑ,මං ලව් තමයි"දුශේන් කිව්වෙ හිතුවක්කර විදිහට. "ශේන් උබට පිස්සුද" "වෙන්න ඇති,ඒ මට බෑ එක නවත්තන්න" "මේ අහපන් දුශේන් අපි කියන්නේ උබගේ හොදට ,ඕක එච්චර හොද දෙයක් නෙමෙයි,වෙන එකෙක්ගේ කෙල්ලෙක්,ඒකත් උබගේ පරම හතුරාගේ යොමාල්ගේ කෙල්ල ඒ"මෙච්චර වෙලා කටවහන් හිටිය විදුරංග කිව්වේ. "මං නේහාට ආදරේ කරන්න ගත්තේ,එයා කාගේ කෙල්ලද,එයාට කොල්ලෙක් ඉන්නවද නැද්ද කියලා දන්නේ නැතුව,හිටියත් මට ඒක වැඩක් නෑ"දුශේන් හිතුවක්කාර හඩින් කිව්වේ. "ඇයි බං මුන් මෙහෙම,යකෝ දෙන්නාම ඇනකොටාගන්නේ එකම දේවල් වලට,මුන් දෙන්නාගේම ඉරණම තියෙන්නේ දේවල් බෙදාගන්න බැරුව ඇනගන්නමද කොහෙද"පසිඳු තරහින් කීවේ. "පසියා කියන එක ඇත්ත බං,මේක මැද ඉන්නේ කෙල්ලෙක්,මිනී මැරෙන වැඩ මේවා,පොඩ්ඩක් හිතපන් උබට මොනවාගෙන් අඩුවක්ද,රූපේ සල්ලි බලය,යකෝ මෙහෙම කරද්දි උබේ පස්සෙන් කෙල්ලෝ එන්නේ,අනික උබ නේහා ගැන මොනාද දන්නේ,රූපේ ලස්සන වුනාට කවුද බං දන්නේ" "එයා හිටපු ඒ එස් පී ස්ටැන්ලි නානායක්කාර ගේ එකම දුව,වලව්කාරයෝ පවුලේ එකම දරුවා,නේහා කියන්නේ පට්ට ඩීසන් හැදුන කෙල්ලෙක්,අවුට් වෙනක්න්ම ගර්ල්ස් ස්කූල් ගිහින් තියෙන්නේ,අම්මායි ,ආච්චියි,නැන්දයි එක්ක ඉන්නේ,ඩීසන් කෙල්ලෙක්,ඩීසන් ෆැමිලි එකක් "දුශේන් එක,දිගට නේහාගේ විස්තර කියවන් ගියේ යාළුවෝ දෙන්නා මූනෙන් මූන බලාගද්දි. . "හරි ඒ ඔක්කොම හරි කියපන්කෝ,උබට ඊටත් වඩා හොද හයි ක්ලාස් කෙල්ලෙක් හොයාගන්න බැරිද යකෝ උබ මහසෙන් වීරවංශගේ පුතා,දුශේනි වීරවංශගේ මල්ලි" "ඇයි බං ඉතින් මූ අර වෙන එකෙක්ගේ කෙල්ලෙක් ට ලව් කරන්නේ,නොදැන නෙමෙයි දැනගෙන නේ,ශේන් අහපන් මං පිළිගන්නවා නේහා පට්ට ලස්සනයි,ඒකි තරම් ලස්සන කෙල්ලෙක් මේ කැම්පස් එකෙත් නැතුව ඇති,ඒත් ඒකී නෙමෙයි එහෙම එකම කෙල්ල" "කෙල්ලො නම් ඕනේ තරම් ඇති බං,ඒත් මගේ හිත ගියේ ඒකිට විතරයි,නේහාට විතරයි,"දුශේන් කිව්වේ හරිම ස්ථිර හඩින් "මූට කියලා වැඩක් නෑ,පුදුම හිතුවක්කාරකමක් තියෙන්නේ "මං හිතුවක්කාරයි මගේ දේවල් වලට" "නේහා උබේ දෙයක් නෙමෙයි"එහෙම කියද්දිම දුශේන් හිටිය තැනෙන් නැගිට්ටා. "නේහා අද යොමාල්ගේ වෙන්න පුලුවන් හැබැයි ඉස්සරහට ඒක එහෙම නොවෙන්නෙත් පුලුවන්,අපි බලමූ"සන්ග්ලාස් දෙක දාගත්ත දුශේන් එහෙම කියලා වාහනේට නැග්ගේ යාළුවෝ දෙන්නාටත් නගින්න කියලා සන් කරලා. ටිකක් වෙලා තුශ්නිම්භූතව බලන් හිටිය පසිදුයි විදුරංගයි මූට කියලා වැඩක් නෑ කියන සිතුවිල්ලෙන් ඇවිත් වාහනේට නැග්ගා. =========================== සුදු මැනිකේ" නේහාට ගෙට ගොඩ වෙන්න හම්බුනේ නෑ,ඇහුනේ ආච්චි මම්මගේ සැර හඩ,කෙල්ල එතනම නතර වෙලා හැරිලා බැලුවා. ගෙමිදුලේ ඉදලා ඉස්තෝප්පුවට ගොඩ වුන ආච්චි ඔසරි පොටත් එක අතකින් පිටුපසට කරලා අල්ලන් නේහා ගාවට ආවා. "මට උබෙන් දෙයක් දැනගන්න ඕනේ" "මොකක්ද ආච්චි මම්මා" "උබ හැබෑද හැමමාසෙමඋබේ අප්පච්චි බලන්න හිර ගෙවල් අස්සේ රිංගනවැයි කියන්නේ" නේහා මොකුත් නොකියා කල්පනා කරා,ආච්චි මම්මා කොහොමද ඒක දන්නේ,කවුරුත් කියලාවත්ද" "ඇයි මොකද උත්තර නෑ"ආච්චි අම්මා කණ්ණාඩි දෙක යටින් බලන් ආයේ ඇහුවේ. "නෑ මං නෑ,"නේහාට පැටලෙනවා. "එහෙම යනවා නම්,යන්න පුලුවන් මේ ගෙයින් එලියට යන්න බලන්" "ආච්චි මම්මාට කවුද කිව්වේ මං ගියා කියලා," "මට මේ සැකේට ඇහැව්වේ,හැබැයි ගිහින් අහුවෙන්න නම් එපා" "මං ඕවාගේ යන්න දන්නේ නෑ ආච්චි මම්මා"නේහා එහෙම කියලා ගේ ඇතුලට ගියේ තව හිටියොත් මොනවා අහයිද සැකේට කියලා බයට,ආච්චිට තියෙන්නේ හොද ඉවක් කියලා කෙල්ල දන්නවා,එයා එක්ක ලේසියෙන් කාටවත් වසන්න බෑ,එයාගේ තැන ජීවත් වෙන නිසා කෙල්ල හිටියේ හරි පරිස්සමින්. නේහා කාමරේට ගිහින් ඇද උඩ වාඩි වුනේ බෑග් එකත් ඇදට දාලා,අද දවසම නටලා නටලා කෙල්ලගේ කකුල් රිදෙනවා. "මෙයාට කවුරු හරි මාව දැකලා කියලවත්ද,නැත්නම් සැකෙට කටින් අල්ලගන්න ඇහුවද"නේහා ඔහොම කල්පනා කර කර ඉන්න අතරේ,එක පාරට බෑග් එක වයිබ්‍රේට් වුනා. බෑග් එකට අත් දාලා ෆෝන් එක අතට ගද්දි, ඩිස්ප්ලේ එකේ වැටුනේ රෝශි කියලා,කෙල්ල අද ආවෙත් නැති නිසා නේහා ටක්ගාලා කෝල් එක ආන්සර් කරා. "උබ අද මට පොල්ල තිබ්බා නේද මෝඩ ගෑනි"...... 🌹🌹🌹 හෙට කොටසට විරාමයක්...... Novel by✍🏻 Sewmini Kaweesha ✨ kavi Do not copy or shear this is my ISBN registered novel ⭕
Image from දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰: *🩷ආදරියේ🩷*      ~දඩබ්බර හිත් දෙකක් මැද අතරමං වූ ආදරියයි ඇය~      💋�...
❤️ 👍 💙 💜 💗 🙏 🩵 🩷 342

Comments