දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
June 13, 2025 at 02:30 PM
Episode 39 🤍💐 'එක්ස්කියුස් මී සර් ' 'කමින්' දොර ඇරගෙන ආපු ඒ කෙනා දිහා මන් බලන් හිටියේ පුදුමෙන් වගේ තවත් බලන් නොයිද මන් ගිහින් බදා ගත්තා 'හස්වි' ඔව් ඒ අහස්වි මන් ගියපු ක්ලාස් එකක මට හිටපු හොද යාළුවෙක් වැඩිය ක්ලාස් වල මට යළුවො හිටියෙ නෑ හිටපු එකම යාළුවා තමා මේ මන් හිතුවෙ නෑ එයාව මට ආයෙ දවසක දකින්න පුළුවන් වෙයි කියලා එයා නම පුදුමෙන් වගේ මන් දිහා බලන් ඉන්නවා 'ඔයා මෙහෙද වැඩ හස්වි' 'අමා ඔයා' 'ඔව් ඔව් මන් තමා' 'ඒ මට හිතා ගන්නවත් බෑ තමුසේ මේ මගෙ ඉස්සරහ ඉන්නවා කියලා' එහෙම කියද්දි මන් අත දිග ඇරලා පාරක් දුන්නෙ පිටට 'දැන් හිතා ගනින් මන් ඉනන්වා කියලා වැදිරියේ' 'ඒයි අඩේ මට සතුටුයි ඕයි' මට හුස්ම ගන්නත් බැරි වෙන ගානටම මේකි මාව බදාගත්තා සහස්වර නම් අපි දෙන්නා දිහා බලන් ඉන්නෙ පිටසකවලින් ආපු ජීවියෝ දෙන්නෙක් දිහා බලන් ඉන්නවා වගේ 'ක්හැ ක්හැ' අපි දෙන්නා මුකුත් කතා නොකර බදාගෙන ඉන්න හින්ද ද කොහෙද මගේ සුදු මාත්තයා දාගෙන කහිනවා කරන්ට් එක වැදුනා වගේ හස්වි ඒ පැතටහ් හැරිලා බිම බලාගෙන 'සොරි සර්' සහස්වර දාගෙන හස්විට රවනවා රවන්න තරන් දෙයක් උනා ඈ මෙතන එයා බොස් උනාට මොකද මෙතන මට අදාල නෑ එව්වා ඒ උනාට හස්වි නම් බය වෙලා 'ඒ තමුසේ මෙයාට බය ද' මන් වැලමිටෙන් හස්විට ඇනලා ඇහුවාම ඒකි මට රවනවා යකෝ මේකේ ඉන්න ඔක්කොටම සහස්වර වගේ හොදට රවන්න පුළුවන් 'සහස්වර මොකද අනේ රවන්නෙ මේ මගෙ යාළුවෙක්' ඇයි අප්පා රවනවා රවනවා ඉවරයක් නෑ රෙද්ද ගොඩ කාලෙකින් නේ හම්බුනේ ඒ නිසානෙ අපි මෙහෙම හැසිරුනේ වැරදි වචන මුකුත් කිය උනේ එහෙමත් නෑ නේද අමෝ 'යකෝ සර්ට ඔහොම කතා කරනවද' මගෙ මනුස්සයාට කොහොම කතා කරත් මොකද අනේ හස්වි දන් නෑනේ මේ මගේ හස්බන්ඩ් කියලා ඒකින්ම් ෆුල් හොල්මන් වෙලා මගෙන් එහෙම ඇහුවා 'හී මේ මගෙ හස්බන්ඩ්' 'මොක..ක්' හස්වි ඒක හෙන හයියෙන් කිව්වෙ මන් වගේම සහස්වරත් ඩිම් වෙලා ගියා සද්දෙට මන් ඔලුව ඉහළ පහළ වැනුවේ ඔව් කියන්න ඒත් එක්කම මෙන්න මේකි සීඝ්‍රගාමි දුම්රියක් වගේ ගෙනාපු ෆයිල් ටිකත් මේසෙන් තියලා ගියා යන්න ඒ මක්කැයි උනේ ඒකි යන දිහා කල්පනා කර කර හිටපුමන් ගැස්සිලා ගියේ සහස්වර මගේ අතින් ඇදලා එයා ළගට ගන්නකොට 'දැන් තමුසෙ හිතන්නෙ ඒකි එහෙම ගියෙ ඇයි කියලා නේද' යකෝ මගේ හිත කියවන්න පුළුවන්ද දෙයියනේ මේ මිනිහට මන් ඔලුව වැනුවේ ඒ අහපු දේ අනුමත කරන්න 'ඒකි මට ලයින් දානවා මාත් ඉතින් හැන්ඩි කොල්ලා නේ' 'මොකක්' මන් එහෙම කියලා රැව්වා මේ මිනිහට ඒත් මෙයා හිනා වෙනවා මට එන කේන්ති ඒ අත ඇදලා අරන් හපාගෙනම හිටියා මන් 'ආවි ආව් යක්සනියේ අත අරිනවා' 'රිදෙනවා' 'පව් නිසා අත ඇරියේ' යකෝ මුන්ටත් පිරිමියෙක් පේන්න බෑනේ වහ වැටෙන්න යාලුවෝ මාලුවෝ වෙන්නෙ මේ වෙලාවට තමා රෙද්ද 'මන් මොනා කරන්නද ඕයි ඒකිගෙ හිතේ තියෙන දේවල් වලට එන එන හැම සෙකට්‍රි කෙනෙක්වම අයින් කරන්න පුලුවන්ද එහෙමයි කියලා' 'ඈ ඒ කිව්වෙ හස්වි ඔයාගෙ සෙකට්‍රි ද' මන් එහෙම ඇහුවාම මෙයා ඔලුව හොලවනවා අනේ දෙයියනේ ගෙදර ඉද්දිත් මගේ මිනිහව ඩැහැ ගන්න එකෙක් බලන් ඉන්නවා ඔෆිස් ආවමත් එහෙමයි මොන කරුමයක්ද යකෝ මේ ඒත් ඒක නෙමේ 'මේහ්' 'මොකද' 'එතකොට අර කලින් හිටපු කෙනා කවුද මේ නම මතක නෑ මට' 'ලෙෂීඩ ද' 'නමත් මතකයි එක එක ගෑනුන්ගේ නේද' මන් ඉනට අත් දෙකත් තියාගෙන සහස්වර දිහා බැලුවේ දවා අළුකරන බැල්මකින් එයාට තව මුකුත් කියන්නත් කලින්ම මගෙ ෆෝන් එක රින්ග් වෙන්න පටන් ගත්තා එයාගෙ එහාට වෙලා මන් ගියෙ මන් හිටපු සෝෆා එකට ස්ක්‍රීන් එකේ තිබ්බ නමත් එක්ක මගේ හිතේ තිබ්බ හැම සතුටක්ම නැති උනා ඇයි අයාම් මෙහෙම වද දෙන්නෙ මට මන් ඔයාට කරපු වැරැද්ද මොකද්ද 'මැණික' මගෙ ඉණ වටේ ඒ අත් යවන ගමන් සහස්වර මාව ඉන්දව ගත්තෙ එයාගෙ උකුලෙන් මගේ උරහිසෙන් එයාගෙ නිකටත් තියන් එයා ඇස් වලින් ඉගි කලේ කෝල් එක ආන්ස්වර් කරන්න කියලා වෙව්ලන අත් වලිනම මාත් කෝල් එක ආන්ස්වර් කරලා ස්පීකර් දැම්මා එයාටයි මටයි තනියෙන් කතා කරන්න දෙයක් නැති නිසා 'හෙලෝ බේබි' 'අයාන් තමුසෙට මොනාද ඕනි ඇයි මෙහෙම කරදර කරන්නෙ' 'ඕ ඕ කෙන්ති ගිහින්නේ මගේ අපූ පැටියට බී කූල්' 'මේක අහගන්නවා අයාන් මන් තමුසෙගෙ නෙමේ කියන එක' 'ඇත්තද හා එහෙනම් තමුසෙගෙ ඔය ගෑස් අඩුවෙයි මන් අර ෆොටෝ ලීක් කරහම' අයාන් එහෙම කියලා මහ කැත විදිහට හිනා උනේ සහස්වර මේ හැමදේම දිහා නිශ්ශබ්දව බලාගෙන හිටියා 'අන්තිම අවස්තාව මන් මේ උඹට දෙන සහස්වර A&S කන්ස්ට්‍රක්ෂන් එක මගෙ නමට ලියලා ඕනි නැති උනොත් මේ හැමදේම හෙට රෑ වෙනකොට තියෙයි සෝශල් මීඩියා වල මොකද කියන්නෙ බේබි' අයාන් එහෙම කියනකොට සහස්වර ඔලුව වැනුවේ කැමති කියන්න කියලා ඒත් මන් කොහොමද එහෙම කරන්නෙ මේ එයාගෙ දේවල් මන් නිසා නැති වෙන්න දෙන්න මට බෑ සහස්වර එකපාරටම මගෙ අතින් ෆෝන් එක ඇදලා ගත්තා 'උඹට ඕනි මගේ කම්පැනි එකනේ දෙන්නම් හැබැයි මගෙ කෙල්ලට පාඩුවෙ ඉන්න දීපන්' එහෙම කියලා සහස්වර ෆෝන් කෝල් එක කට් කරා මන් මහ අසරණකමකින් එයා දිහා බලන් හිටියේ එයාගෙ අත් මගේ ඔලුවෙයි කම්මුලකයි රදවගෙන මාව ඒ පපුවට තද කරගත්තා 'මට තමුසෙ වෙනුවෙක් කරන්න බැරි දෙයක් නෑ අමා' 'ඒත් මේ දේවල් ඔයා සහස්වර මන් වෙනුවෙන් එච්චර දෙයක් කරන්න එපා ප්ලීස්' 'හෙට මේ හැමදේම මන් විසදන්නම් බය නොවී ඉන්නවා මන් කම්පැනි එක දුන්නත් ඌ තමුසෙව බ්ලැක්මේල් කරන එක නවත්තන් නෑ' 'මට බයයි සහස්වර' 'බය නොවී ඉන්න මගේ බෝනික්කියේ' එහෙම කියපු එයා මෙගේ නළලට ඒ දෙතොල් තද කළේ හරි ආදරෙන් 'කෝ දැන් නැගිටිනවා තමුසෙ හෙන බරයි ඕයි පිට ලෑලි සංස්ථාවෙ සභහපති උනාට තමුසේ හෙන බරයි නේ' 'අනේ මේ යනවා යන්න මෝඩයහ්' මන් ඒ දෙතොල් වලින් කෙටි හාදුවක් තියලා නැගිටින්න හැදුවත් එයා මාව තද කරලා අල්ලගත්තා 'ඒ මදි මට' එහෙම කියලා එයා අල්ලගත්තෙ මගෙ දෙතොල් වලින් විනාඩි දහයකට පහළොවකට විතර පස්සෙ මාව අත ඇරපු එයා මගේ කම්මුලක් ඉඹගෙනම මාව වඩාගෙන ගිහින් තිබ්බෙ එයාගෙ ටේබල් එකෙන් 'ඔහොම ඉන්නවා තව පොඩි වැඩයි ඒක ඉවර කරලා ලන්ච් ගන්න යන්' මන් ඔලුවත් වනලා කම්මුලකට අතකුත් තියන් බලන් හිටියේ එයා දිහා අනේ මගේනේ ඉතින් ආතරෙයි අප්පාහ් 'ඔහොම බලන් ඉන්න එපා ඕයි මාත් හැගීම් තියෙන මනුස්සයෙක් තමුසෙව ලග තියන් දැන් මන් මාස කීයක් තිස්සෙ සිල් රකිනවද බලනවා තව පොඩ්ඩක් ඉන්නවකො ඔහොම' මගේ කම්මුලත් මිරිකලා එයා ආයෙමත් ලැප් එකට ඔලුව ඔබා ගත්තා මාව අන්තෙටම රතු කරලා ••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••• හවස පහට විතර සහස්වරයි මායි අයුමියි ආපහු ඔෆිස් එකේ ඉදන් ගෙදර ආවා නාගෙන කොණ්ඩෙත් ටවල් එකකින් බැදගෙන මන් ආවේ කුස්සියට ගෙදර හැමෝටම තේ හදලා සහස්වරගෙයි මගෙයි තේක අරන් මන් ආවේ කාමරේට එයත් වොශ් එකක් දාගෙන බැල්කනි එකට වෙලා ෆෝන් එක ඔබනවා එයාගෙ තේකත් දීලා මාත් වාඩි උනා එයාට එහා පැත්තෙ අහන්න අමතක උන දෙයක් මතක් වෙලා මන් හැරුනේ එයාගෙ පැත්තට 'මේ සහස්වර' 'ම්ම්' ඔන්න බකමූණු වර්ශන් එකේ රෙද්ද මල පයින්නෙ ම්ම් හුම් ගානකොට මට නැවත හමුවෙමු…🤍💐 Writer :- Mandi
Image from දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰: Episode 39 🤍💐  'එක්ස්කියුස් මී සර් '  'කමින්'  දොර ඇරගෙන ආපු ඒ කෙනා ...
❤️ 👍 💙 💜 😂 😢 🥰 186

Comments