
දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
June 13, 2025 at 02:32 PM
🌼🌼 චුට්ටි 🌼🌼
දඟකාර කෙලිපැටියෙකුගේ කතාව❤️
1️⃣0️⃣
" පුතා"
රාජපක්ෂ මහත්තයගෙ සද්දෙට දෙන්නම ගැස්සුනා..චුට්ටිට ඇඩෙන්නත් ඇවිල්ලා බයට
" අනෙ මහත්තයා 🥺"
" සද්ද කරන්න එපා..ඉන්නකො මම බලාගන්නම්"
" අනේ දොර අරින්න එපා..මහත්තයා ඇයි දොර වැහුවෙ 🥺"
" දොර වැහුවෙ නැත්නම් දැන් තාත්තා අපිව දැකලා චුට්ටි "
දෙන්නත් එක්ක රහසින් කතා කරන්නෙ එලියට ඇහෙන්නේ නැති වෙන්න
" චුට්ටි වොශ් රූම් එකට යන්න "
ආකාෂ් කෙල්ලව වොශ් රූම් එකට දාලා ගිහින් දොර ඇරියා
" පුතා..මොකද කලේ"
" අහ්...මේ තාත්තා මම කාමරේ අස් කලා..දාඩිය නිසා පොඩ්ඩක් අතපය හෝදගත්තා වොෂ් රූම් එකේ හිටියෙ ඇහුනෙ නෑ තාත්තා කතා කරනවා "
" අහ්..ඒකට කමක් නෑ පුතා..මන් මේ කියන්න ආවෙ පොඩි ප්‍රශ්නයක් "
" මොකක්ද තාත්තා "
" කරුනාපාල පොල් ගහකින් වැටුනා පුතේ "
" කෝ දැන් හොස්පිටල් අරන් ගියාද කොහොමද මාමට"
කෙල්ලට ඒක ඇහුනා විතරයි අතින් කට වහගත්තෙ හිතාගන්න බැරුව..කෙල්ලට ඇඩෙනවා හොදටම..කට තද කරලා වහගත්තෙ අඩන සද්දෙ ඇහෙයි කියල
" ගොඩක් අමාරුද තාත්තා"
" නෑ ලොකු අවුලක් නෑ කියල තමයි කිව්වේ..මාසයක් දෙකක් එකතැන ඉන්න වෙයි කිව්වා "
" අපි බලමුකෝ තාත්තා ..මම ඉක්මනට ලෑස්ති වෙලා එන්නම් අපි යමු හොස්පිටල් "
" දැන් යන්න බෑ පුතා..මම ගිහින් බාරදීලා ආවෙ..හවසට යමු අපි"
" හරි තාත්තා "
රාජපක්ෂ මහත්තයා ගයාට පස්සෙ ආකාෂ් දොර වැහුවා..චුට්ටි වොෂ් රූම් එකේ බිම ඉඳගෙන අඩනවා
" චුට්ටි.."
ආකාෂ් වොෂ් රූම් එකේ දොරට තට්ටු කරලා කතා කලා
චුට්ටි එලියට ආවෙ අඩාගෙන..ආකාෂ් කෙල්ලව තුරුලු කරගෙන ඔලුව අතගෑවෙ අඩන්න එපා කියල කියනගමන්
" තාත්තට ලොකු අවුලක් නෑලු චුට්ටි..දැන් අඩන්න එපා හොද ලමයනෙ"
ආකාෂ් කෙල්ලගෙ කඳුලු පිහිදුවෙ කිස් එකකුත් දීලා
" අපි හවසට යමු තාත්තා බලන්න හරිද"
" හුම්ම් 😭"
ආකාෂ් කෙල්ලව තුරුලු කරගෙන දුක නැතිවෙනකන් අඩන්න දුන්නා..කොච්චර අඩන්න එපා කිව්වත් වැඩක් නෑ ඉතින්..ඒ චුට්ටිගෙ තාත්තනෙ
මොන දරුවටද ඉවසන්න පුලුවන් තාත්තට කරදරයක් උනාම
කෙල්ල අඬනවා නතර කරන්නෙ නෑ..
"කෝ මන් දිහා බලන්න චුට්ටි "
ආකාෂ් ඒ මූන දෝතට අරගෙන කෙල්ලගෙ නලලට තොල් තද කලා
" තාත්තට මුකුත් වෙන්නෙ නෑ චුට්ටි..තාත්තට ගොඩක් අමාරු නෑලු..බය වෙන්න එපා චුට්ටි අපි හවසට යමු තාත්තා බලන්න හරිද"
" හුම්ම් 🥺"
"දැන් මගෙ හොද චුට්ටි වගේ පරිස්සමින් ගෙදර යන්න හරිද..ගිහින් ලෑස්ති වෙලා එන්න හවසට "
ආකාෂ් කිව්වම කෙල්ල කදුලු පිහිදන ගමන් පහලට දිව්වෙ ගෙදර යන්න
හවස හොස්පිටල් එකට ගියේ ආකාෂ් එක්ක චුට්ටියි අම්මයි දෙන්නා..හෂානුත් ඉතින් ගියා ආකාෂ් එක්ක.
චුට්ටි දුවලා ගිහින් ඇදේ හාන්සි වෙලා හිටපු කරුනාපාලගෙ පපුවට ඔලුව තියාගෙන අඩන්න ගත්තා
කරුනාපාල එක අතකින් චුට්ටිගෙ ඔලුව අතගෑවෙ අඩන්න එපා කියල කියන ගමන්
ලෙඩ්ඩු බලන වෙලාව ඉවර වෙලා කට්ටිය ගෙදර ආවා..ආකාෂ් චුට්ටිලාව ගෙදරටම දාලා තමයි බංගලාවට ආවෙ
සතියක් විතර ඔහොම ගෙවිලා යද්දි කරුනාපාල ගෙදර එක්කගෙන ආවා
ඇවිදින්න වත් ඇදෙන් නැගිටින්න වත් කරුනාපාලට බෑ..නවම් තමයි ඇවිල්ලා කරුනාපාලට සාත්තු කරන්නෙ
බංගලාවෙ ඩ්‍රයිවර් විදිහට අලුත් කෙනෙක්ව ගත්තෙ කරුනාපාල නැති නිසා
කරුනාපාලගෙ බෙහෙත් වලට යන ඔක්කොම වියදම් බලන්නෙ රාජපක්ෂ මහත්තයා..ආකාෂ්ලත් පුලුවන් දවසට ගිහින් කරුනාපාලව බලලා එනවා
ඒ යන වෙලාවට ආකාෂ්ගෙ ඇස් නතර වෙන්නෙ චුට්ටිගෙයි නවම්ගෙයි දිහාට
ආකාෂ් චුට්ටිගෙ ගෙදර ගියපු හැම දවසකම බංගලාවට ආවෙ කේන්තියෙන්..ඒකට හේතුව තමයි නවම්
චුට්ටි හැමදාම වගේ උදේම නැගිටලා බංගලාවට ආවෙ කිරි අරගෙන..දැන් කිරි ගන්න වැඩේ කරන්නෙ පුෂ්පා
හරක් ටික බලාගන්න වැඩේ කරන්නෙ චුට්ටියි නවම් දෙන්නා තමයි
ඉතින් කෙල්ල කිරි අරගෙන බංගලාවට යනකොට පාර අයිනෙ තිබුනු මල් ටිකකුත් කඩාගෙන ගියේ
චුට්ටි එහෙම තමයි..ගහක් කොලක් මලක් ගෙඩියක් පේන්න බෑ 🤭
චුට්ටි කිරි ටික ශිවාට දීලා කුස්සියේ ඉදගෙන හිටියා..දැන් ආකාෂ් දන්නවා චුට්ටි හැමදාම එන වෙලාව
ඉතින් ආකාෂ් හැමදාම ඒ වෙලාවට නැගිටලා පහලට එනවා
ඉතින් අදත් ආකාෂ් ආවා.චුට්ටිත් හිටියෙ එයාව බලාපොරොත්තුවෙන් තමයි
" චුට්ටි..ගුඩ් මෝර්නින් "
" ගුඩ් මෝර්නින් මහත්තයා"
" අද කලින් ආවද "
"නෑ වෙනදා වෙලාවට තමයි මහත්තයා "
" මේ ඔය මල්ටික මොකටද චුට්ටි "
" ලස්සන නිසා අරන් ආවෙ මහත්තයා "
ආකාෂ් ලගට ඇවිත් ඒ මල් ටික අරගෙන කෑම මේසෙ මැද තිබුනු මල් පෝච්චියට දැම්මා
කෙල්ලත් කෑම කාමරේට ගියේ මල් ටිකට මොකද කරන්නෙ බලන්න
ආකාෂ් මලක් කඩලා අරගෙන චුට්ටිගෙ කෙස් අතර රැදෙව්වා..චුට්ටි බිම බලාගෙන ඉන්නවා
ආකාෂ් නිකටට අත කියල ඒ මූන ආකාෂ්ගෙ පැත්තට හරවගත්තා
ආකාෂ් නලලට කිස් එකක් දුන්නෙ වටපිට බලලා..නැත්නම් ශිවා හරි ගෙදර වෙන කවුරුහරි ආවොත් තුන්වෙනි ලෝක යුද්දෙ මෙතන පටන් ගන්න නිසා
කෙල්ල ආකාෂ්ගෙන් මිදිලා ලාවට හිනාවෙලා දිව්වෙ කුස්සිය පැත්තට
ආකාෂ් දොර ලගට ඇවිත් බලනකොට කෙල්ල පුංචි අඩිපාර දිගේ යනවා පේනවා..ආකාෂ් කෙල්ල නොපෙනී යනකම් බලාගෙන ඉදලා කාමරේට ගියා
" චුට්ටි..කොහෙද ගියේ"
" බංගලාවට ගියේ නවම් අයියෙ"
" හැමදාම චුට්ටිද කිරි අරගෙන යන්නෙ "
" මොකද අනෙ ඔහොම අහන්නෙ.."
" නෑ මීට පස්සෙ යන්න ඕනෙ නෑ උවමනාවක් නැතුව "
නවම් එලියෙ බංකුව උඩ ඉඳගෙන ඉන්නගමන් චුට්ටිට එහෙම කිව්වේ මෙච්චර දවස් කියන්න හිටපු දේ
" ඇයි අයියෙ එහෙම කියන්නෙ"
" යන්න ඕනෙ නැති නිසා..උබට බංගලාවට යන්න තියෙන උවමනාව මොකක්ද "
" අනෙ අයියෙ..මම චූටි කාලෙ ඉඳලා බංගලාවට ගියේ උවමනාවට විතරද..ඇයි ඔහොම කතා කරන්නෙ"
" ඒ චූටි කාලෙනෙ චුට්ටි..දැන් උබ පොඩි නෑ ලොකුයි "
කෙල්ල ගස්සගෙන ගෙට ගියේ නවම් එක්ක කේන්තියෙන්..
" උබේ ඔය ගැස්සිලි මට විතරයි චුට්ටි "
ගෙට යන කෙල්ලට ඇහෙන්න නවම් එහෙම හයියෙන් කිව්වා..චුට්ටි ආයෙ නවම් දිහා හැරිල බලලා ගෙට ගියා
චුට්ටි දවස් දෙක තුනකින් බංගලාවට ගියේ නෑ..කරුනාපාලට සාත්තු කරන නිසා නවම් ඉන්නෙ චුට්ටිලාගෙ ගෙදර
උදේම නවම් තමයි බංගලාවට කිරි අරගෙන යන්නෙ.මොනාහරි උවමනාවක් උනත් බංගලාවට චුට්ටිව යවන්නෙ නැතුව ඉන්න තමයි නවම් උත්සාහ කරන්නෙ
මොකද කලින් දවස් ටිකේම නවම් දැක්කා ආකාෂ් චුට්ටි ගැන උනන්දුයි කියල..ඒක දකින්න පටන් ගත්තෙ එදා පන්සලේ වෙච්ච ප්‍රශ්නෙන් පස්සෙ
ආකාෂ් හැමදාම උදේ කිරි අරගෙන එන වෙලාවට පහලට ආවට චුට්ටි හිටියෙ නෑ..ඒ වෙනුවට හිටියෙ නවම්
ආකාෂ්ට බයයි චුට්ටිට කරදරයක්ද දන්නෙ නෑ කියල..මොකද චුට්ටි කවදාවත් බංගලාවට නෑවිත් ඉන්නෙ නෑ
දවල්ට උයන වෙලාවට ආකාෂ් කුස්සියට ගියේ පුෂ්පාගෙන් චුට්ටි ගැන අහන්න හිතාගෙන
" නැන්දේ.."
" පුංචි මහත්තයා..මොනවද ඕනෙ"
" මුකුත් නෑ නැන්දේ මම නිකන් ආවෙ "
" පුංචි මහත්තයා කුස්සියේ ඉන්නවා දැක්කොත් මැනිකේ අපිටත් එක්ක බනී"
" බැන්නොත් මම බලාගන්නම්කො "
" නැන්දේ..චුට්ටි කෝ"
" චුට්ටි ගෙදර ඉන්නවා පුංචි මහත්තයා "
" බංගලාවට ආවෙ නෑ ගොඩ දවසකින්..ඒකයි බැලුවෙ මොකක්හරි ප්‍රශ්නයක්ද දන්නෙ නෑනෙ "
" මුකුත් ප්‍රශ්නයක් නෑ පුංචි මහත්තයා..දැන් නවම් පුතා ඉන්නවනෙ ගෙදර ඒ නිසා බංගලාව මතක නෑ ඇති "
පුෂ්පා දන්නෙ නෑ නවම් චුට්ටිට බංගලාවට එන්න දෙන්නෙ නැතිබව..පුෂ්පා එහෙම කිව්වම ආකාෂ්ගෙ හිත ගොඩක් රිදුනා..
මවාගත්තු හිනාවක් එක්ක පුෂ්පත් එක්ක කතා කරලා ආකාෂ් කාමරේට ගියේ ගොඩක් දුකින්
" ඇයි චුට්ටි මෙහෙම කරන්නෙ..මම කොච්චර ආසයිද හැමදාම උදේට ඔයාව දකින්න.දැන් නවම් ඉන්න නිසාද මාව මතක නැත්තෙ 🥺"
ආකාෂ් ඇදට වෙලා කල්පනා කර කර හිටියෙ චුට්ටි ගැන..
හවස ආකාෂ් හෂාන් එක්ක චුට්ටිගෙ ගෙදර ගියේ දවස් ගානකින් එයාව දැකපු නැති නිසා
යනකොට චුට්ටි ඉන්නවා මිදුලේ සුදු බෝලෙ එක්ක සෙල්ලම් කර කර
ආකාෂ්ලා එනවා දැක්කම චුට්ටි බිම බලාගත්තෙ ලැජ්ජාවට වගේ
' චුට්ටි "
" මහත්තයා "
" මොකද කරන්නෙ ඇයි බංගලාවට ආවෙ නැත්තෙ"
ආපුගමන් ආකාෂ් වෙන මුකුත් නෙවෙයි ඒක තමයි ඇහුවෙ
" මහත්තයලා එන්න ඇතුලට.."
" නෑ අපි බංකුවෙන් ඉදගන්නම්"
ආකාෂ්ලා බංකුවෙන් ඉදගත්තා..සුදු බෝලෙ ආකාෂ්ගෙ කකුල ලගට ගිහින් මූන දිහා බලාගෙන ඉන්නෙ වඩාගන්න කියන්න වගේ
ආකාෂ් එයාව අරගෙන උකුලෙන් තියාගත්තා
' කෝ ඔයාගෙ නවම් ඉන්නවද"
" මහත්තයා..මේ "
චුට්ටි බිම බලාගත්තෙ කියන්න දෙයක් නැති නිසා..නවම් බංගලාවට එන්න එපා කිව්වා කියන්න කෙල්ලට හිත දුන්නෙ නෑ
" චුට්ටි.."
කෙල්ලට පිටිපස්සෙන් ඇහුනු කටහඩ නිසා කෙල්ල ඒ පැත්ත බැලුවා..නවම් දොරකඩ ලග ඉදගෙන චුට්ටිට ඇතුලට කතා කරනවා
චුට්ටි ආකාෂ් දිහා බලලා ගෙට දිව්වෙ කරන්න දෙයක් නැති නිසා
" ආහ්..මහත්තයලා දෙන්නා..මාමා බලන්න වෙන්න ඇති එන්න ඇත්තෙ"
නවම් කතා කරන්නෙ ආකාෂ්ව ගනන් ගන්නෙ නෑ වගේ.
ආපු එකේ කරුනාපාලවත් බලලා ආකාෂ්ලා යන්න ගියේ චුට්ටි ගෙට ගියාට පස්සෙ එලියට වත් ආපු නැති නිසා..ආකාෂ්ට නවම් එක්ක තිබුනෙ ලොකු කේන්තියක්
" මට අරූව මරන්න හිතෙනවා බන්"
" කේන්ති ගන්න එපා බන්..අපි බලමුකෝ "
" ඌට අයිතියක් නෑනෙ චුට්ටිව..බල්ලා 😡"
ආකාෂ් බංගලාවට යනකම් නවම්ට බැන බැන ගියේ හිතේ තිබුනු තරහට.
චුට්ටිගෙ මූන හරි බලලා එන්න පුලුවන් වෙච්චි නිසා ආකාෂ්ට පොඩි සතුටකුත් තියෙනවා
ඔය විදිහට දවස් දෙක තුනක් ගෙවිලා ගියේ මේ විදිහටමයි..චුට්ටි බංගලාවට ආවෙ නෑ
අද ඉරිදා..අද තමයි බෝලෙට බෙහෙත් විදින්න තියෙන දවස.චුට්ටි හවස බංගලාවට ගියේ සුදු බෝලෙවත් වඩාගෙන
හැමදාම බව්වා අරන් යන්නෙ රාජපක්ෂ මහත්තයගෙ වාහනේ..ඉතින් අදත් චුට්ටි ආවෙ ඒකෙ යන්න
චුට්ටි කුස්සියේ පුටුවෙන් ඉදගත්තෙ බව්වා උකුලෙන් තියාගෙන
" අම්මා..කවුද මාත් එක්ක යන්නෙ..අර අලුත් ඩ්‍රයිවර් අයියා යයි නේද "
" ඔව් චුට්ටි..ලොකු මහත්තයට කියන්න ගිහින් දැන් යනවා කියල "
කෙල්ල බව්වත් වඩාගෙන ඉස්සරහට ගියේ ලොකු මහත්තයා ඉන්නවද බලන්න
ලොකු මහත්තයා හිටියා එයාගෙ ලියන මේසෙ ලග
" මහත්තයා.."
" ආහ්..අපෙ චුට්ටිනෙ මේ.."
" මහත්තයා අද යන්න ඕනෙ.."
" ඔව් ඔව් මට මතකයි..දැන්ම යන්න ඕනෙද"
" ඔව් මහත්තයා..5ට එයා යනවනෙ එතනින් "
" වාහනේ නෑනෙ චුට්ටි..අම්මා ගියා බෙහෙත් ගන්න ඒකෙන්"
රාජපක්ෂ මහත්තයා කල්පනා කලේ මොකද කරන්නෙ කියල..
" කමක් නෑ මහත්තයා..අපි හෙට යමු"
" කමක් නැද්ද චුට්ටි..'
' කමක් නෑ මහත්තයා..'
චුට්ටි ආයෙ හැරිල ආවෙ කුස්සියට..එනකොට ඉස්සරහට හම්බුනේ හෂාන්
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
අදට ඉවරයි..කතාව ඉක්මනට ඉවර කරනවා ලමයි ඔයාලගෙ රියැක්ට් කමෙන්ට් නැති නිසා..
මගෙ ටයිම් එකනෙ මේ මෙහෙම නිකන් කතාවක් නිසා යන්නෙ..
I"m Nimasha 🌼

❤️
❤
🩵
👀
💙
💛
🤍
🥰
🩷
171