දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
June 13, 2025 at 02:32 PM
*පිනිදි - 2🎀🖤* (මැර බලය පාගා දැමූ යුවතිය.......) *🚫කතු අයිතියකින් තොරව උපුටා ගැනීම තහනම්* ------------------------------------------------------------------------------------------------------------------------------------------------------ *🥀හතළිස් දෙවන කොටස🥀* කොල්ලව හොයන්න යන්න කියලා හිතාගෙන ඇඳෙන් නැගිට්ට කෙල්ලව මොහොක හරි හැපිලා ආපහු ඇඳටම වැටුණා. . ගැලවෙන්න ගිය සාලුවත්. අතින් අල්ලගෙන බැලුවේ මොහොකද හැප්පුනේ කියලා. . අනෝද් පපුවට දෑතම බැඳගෙන කෙල්ල ඉස්සරහා... "තව පොඩ්ඩෙන් හරි වැඩේ වෙන්නෙ..ම්" "ඔව් ඔව් ඔව් මාත් දැක්කා. ....තව පොඩ්ඩෙන් සාලුව ලෙෆ්ට්....එහෙමනේ..." "හරි නරකයි අප්පා ඔයා නං. .....හරියට මෙව්ව වෙලා නරක් වෙලා. ..." "ඇයි මාව එළවළුවක් මාළුවක් වගේද පේන්නේ නරක් වෙන්න. ..." "අනේ මන්දා ඔයා නං. මුකුත්ම කියන්න බෑනේ ඉතින්. ...මේ මොකද මේ මෙච්චර සාරි ගොඩක්....ඊයේද මේ ඔක්කොම ගෙනාවේ..." "ඔව් ඔක්කොම ගෙනාවේ ඔයාට අඳින්න දැන් ඉතින් ලස්සන ඩොක්ටර් නෝනා නේ.....මගෙනෙ ඉතිං ....ඩොක්ටර් නෝනා ලස්සනට යනකොට කාටද ආඩම්බර. ....මට .....මේ....අනෝද්ට ........ඇත්තමයි මැණිකෙ මගෙ මැණිකෙ දැන් ඩොක්ට කෙනෙක්නේ..." "හරි ඉතින් එහෙමයි කියලා මෙච්චර සාරි ගේනවද. ....මං හැමදාම සාරි අඳින්නේ නෑනේ. ..." "දවසට එක ගානේ මාසේ ම අඳිනවා. වැඩේ ඉවරයි. ..ඊළඟ මාසෙට ආයි ගේනවා...." "අනේ මේ පිස්සුද...." "හ්ම්........පිනිදි මූණ ගැහුනටඋ පස්සේ තමයි හැදුනේ. පිනිදි ඩොක්ට මුණගැහුනට පස්සේ වැඩි වුණා. " "පිස්සුවට නම් මං බෙහෙත් කරන්නේ නෑ. ..." "අනිත් අයට බේත් නොකලට මට කරන්න පුළුවන්නේ.." "ඔන්න අදනම් මට හොඳටම පරක්කුු වෙනවා...ඔයා තමයි පරක්කු කරවන්නේ. මංන්නෑ..." "ඒකනේ මං කිව්වේ අද නිවාඩු දාන්න කියලා. ...කෝ ඉතින් නෝනා ඇහුවේ නෑනේ...." "ඊයෙත් වරුවෙන් ගියේ අදත් එහෙම කරන්න බෑනේ. මං එළියට එනකොට ඔය ඇවිල්ලා ඉන්නේ මාව ගන්න. එතකොට වැඩේ ඉවරයි..." "මං අද කොළඹ යන්න කියලා හැදුවේ...." කෙල්ල එහෙම්මම හැරිලා බැලුවා...ඒ මූනේ තිබුණේ අදහගන්න බැරි ගතියක්... "ඇත්තටම අද කොළඹ යන්නද හිටියේ...." "ඔව් අම්මට ගෙදර යන්න ඕන කිව්වෙ..." "කවද්ද ආපහු. එන්නේ..." "ඒකනං ගියාට පස්සේ තමයි තීරණය කරන්න වෙන්නේ අම්මයි තාත්තයි තනියමනේ අභිශේක් එක්ක ...." "හරි එහෙනම් ගෙදර යනවා නම් වේලාසන යන්න බෑ වෙන්නේ නැතුව ගිහින් කෝල් එකක් දෙන්න...පරිස්සමට යන්න හොඳද වැඩි වේගයෙන් ඩ්‍රයිව් කරන්න එපා...driving කරන ගමන් ෆෝන් එක ආන්සර්. කරන්නත් එපා....." "හරි හරි ඒව මංං දන්නවනේ...." "දන්නව උනාට ආපහු කිව්වා ඉතින්. දන්න දේවලුත් අමතක වෙන වෙලාවල් තියෙනවනේ. " "හරි හරි දැන් යන්න හොස්පිට්ල් යයන්න ලෑස්ති වෙන්න මං ඔයාව ගිහින් බස්සන්නම් ඉක්මන් කරන්න. " "කොළඹ යනවනම් පරක්කු නොවී ඉක්මනට යන්න මං පුරුදු විදිහට ස්කූටියෙන් යන්නම්" "බෑ මමයි එක්කන් යන්නේ ලෑස්තිවෙලා එන්න ඉක්මනට.." තර්ක විතර්ක වලින් වැඩක් නෑ කියලා දන්න කෙල්ල ටක් ගාලා ලෑස්ති වුණා. . උදේ කෑමත් උඩින් පල්ලෙන් අරගත්තේ. ...දෝණියත් තාම ඇහැරිලා නැති නිසා දෙන්නත් එක්ක බොහොම ඉක්මනට ගෙදරින් පිට වුණා.... රෝහල ළඟින් කෙල්ලව බස්සල කොල්ලත් බැහැලා ආවා.... "මං කියන දේවල් එහෙම්මම පිළිගන්න ලෑස්ති වෙන්න එපා මැණිකේ...දැන් මං අද කොළඹ යනවා කිව්වා. ඒක ටක් ගාලා පිළිගත්තා...දැන්ම මම කොහේවත්ම යන්නේ නෑ හදිස්සියෙන්වත්ම අම්මට යන්න ඕන ඒම කිව්වොත් වාහනයක් ඇරේන්ජ් කරනවාා ඒකටත් මම යන්නේ නැහැ දැම්මන් ඔයාලව දාලා. ...කියපු ගමන් මූණ ටිකක් සවුත්තු වුණා...ඒත් පන්නන්නමයි හදන්නේ. .. හරිම සුහද විදියට දෙන්න වෙන් වෙලා දෙපැත්තට ගියා. ..පවස කෙල්ලව එක්කගෙන යන්න එන පොරොන්දුව පිට. ... පිනිදී උදේ ලෙඩ්ඩු බලනවා වෙලාව නම් කිසිම කරදරයක් බාධාවක් නැතුව ගෙවලා දැම්මා. ඒත් හවස ලෙඩ්ඩු බලන වෙලාවෙදි ඩොක්ට නිරාජ් ආවා කෙල්ලව හම්බවෙන්න .... "පිනිදි ඔයාගේ මහත්තයා මං හිතුව තරම් හොඳ කෙනෙක් නෙවෙයිනේ ....එයා හරි මැරයෙක් වගේ මනුස්සයෙක් ... මිනිස්සුන්ට නිකන් කතා කරන්නේ ගහගන්න වගේ ...මටත් තර්ජනය කළා ...එයාගෙ දෙයක් මං හොරෙන් ගත්ත වගේේ කතාව ...එයාට කියන්න අපිත් පිරිමි තමයි කියලා ..." "එයා එහෙම ලේසියෙන් කෙනෙකුට ගරහන කෙනෙක් නම් නෙමෙයි ...මම දන්නවනේ මගේ මහත්තයා ගැන ...ඔයා මොකුත්ම නොකිව්වනං එයා ඔයාට මුකුත් කියන්න විදිහක් කොහෙත්ම නෑ ..." "ඔයා ගැන කතා කරන්න ඉතින් අපිටත් පුළුවන්නේ ....අපිටත් කටවල් දීලා තියෙන්නේ කතා කරන්න ..." "මං ගැන තමන්ගේ කියන අයිතියෙන් කතා කරන්න අයිතිය තියෙන්නේ එයාට විතරයි ..ඔයා මොනව කිව්වද කියලා මමම දන්නෙ නෑ ...තාම මාව අයිති එයාට ...හැමදාම මං එයාගේ විතරයි ..." "ඒක ඉතින් අනාගතේ දවසක තීරණය වෙයි ...අපිත් ඉන්නේ මේ ලංකාවෙනෙ...." "අන්න එතනදී ඔයාට වැරදුනා නිරාජ් ....දන්නවද ඔයා ....අනෝද් බාහුගල කියන්නේ කවුද කියලා .....රිචඩ් බාහුගලගෙ පුතා එයා ...කිසිම කෙනෙක් ඉස්සරහ දෙකට නැවෙන ජාතිය කෙනෙක් නෙවෙයි ....ඒකනම් ඔයා දැනගෙනම ඉන්න ඕන කාරණාවක් ...." "ඒකත් එහෙමද බර අත්තක් වගේ ...." "ඔයාට තේරුනේ නෑ මං කියපු එක ...ඇමති රිචඩ් බාහුගලගෙ පුතා ...." "ඇත්තද මේ එයාද.....මං දැනගෙන හිටියෙ නෑ....එහෙනම් හරි නහරයෙක්ම තමයි ..." "මිනිසසුන්ට අපහාස කරන්න එපා ඩොක්ට නිරාජ් ..." "උවමනාවෙන් අපහාස වින්දට මට කරන්න දෙයක් නෑ පිනිදි ..." එතන ඉඳලා ගෙවුණු පැය ගාන කෙල්ල ගෙව්වේ හරි හිතේ අමාරුවෙන්.... හවස එක්ක යන්න අනෝද් එයි කියලා හිතුවත් කොල්ලා ආවෙ නෑ.....ඒ වෙනුවට කමලම්මා තමයි ආවේ ත්‍රීවිල් එකක.... කමලම්මත් එක්ක ත්‍රීවිල් එකේ ගෙදර යන්න පිටත් උනත් හිතේ තියෙන අවුල් සහගත බව නිසාම ත්‍රීවිල් එක ගෙදර යන පාරෙ නෙවෙයි යන්නේ කියන එක කෙල්ලට එච්චර ගානක් උනේ නෑ .... මගදී එකපාරටම වගේ කල්පනාවට ආවේ මේ කොහෙද යන්නේ කියලා .... කමලම්මත් ඉන්න නිසා බයක් හිතුනෙ නැති උනත් ඒ ගැන කමලම්මගෙන් අහලා දැනගන්න කෙල්ලට ඕන උනා ... "කමලම්මේ.... අපි මේ කොහෙද යන්නේ? ....මේ ගෙදර යන පාර නෙවෙයිනේ ..." =========================================================================== අදට කතාව ඉවරයි ළමයි... කමෙන්ට් කරගෙන යන්න දිගටම කතාව බලන්න ඕන නම්......... > 𝔀𝓻𝓲𝓽𝓮𝓻 𝓼𝓪𝓷𝓭𝓪 0702756395 නම්බර් එකට whatsapp message එකක් දාලා ඔයාලගෙ අදහස කියන්න කෝ බලන්න කතාව ගැන
Image from දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰: *පිනිදි - 2🎀🖤* (මැර බලය පාගා දැමූ යුවතිය.......)  *🚫කතු අයිතියකින් ...
❤️ 😢 🩷 👍 💐 💛 💜 🥺 🩵 125

Comments