දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
June 13, 2025 at 02:35 PM
❝...... සුදු අරලිය...... ❞ 𝗲𝗽𝗶𝘀𝗼𝗱𝗲 - ➷➷ 01.. ❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀ ❝ 𝗲𝘅𝗰𝘂𝘀𝗲 𝗺𝗲 සර්... ❞ සුපුරුදු පරිදි අදත් චාරු ගියේ ලෙක්චර් එකට පරක්කු වෙලා.කැම්පස් එකට ආව අලුත් බැජ් එකේ ඉන්න 𝗹𝗮𝘁𝗲 𝗴𝗶𝗿𝗹 " කියන ලේබල් එක හැමදාම ප්‍රොපෙසර් ඇලෙව්වේ හැමෝම ඉස්සරහ චාරු ලැජ්ජාවට පත් කරමින්. මොනා කරන්නද ඉතිම් හැමදාම සර්ට හිතින් බැන බැන කටපියාගෙන වාඩි වෙනවා ඇරෙන්න වෙන මොකුත් ම කරන්න බෑ. හැබැයි කවදාවත් වාඩි වෙන්න තැනක් නම් නැති උනේ නෑ. මොකද චාරුගේ හොදම යාලුවා අනිවාර්යයෙන් එහා පැත්ත වෙන් කරලා තිබ්බේ පැයකට විතර පස්සෙ එන චාරුට. ❝ අදත් බස් එක නැද්ද... ? ❞ චාරු වාඩිවෙන කොට රහසින් ඇහුවේ දීශා එහාට වෙන ගමන්. ❝ මට එපා වෙනව බන් හැමදාම මුගෙන් එක එක කතා අහන්න.. ඒ නිසා අම්මලා අද එනව කිව්ව බෝඩිමක් හරි ගෙයක් හරි බලන්න. ඉදහම්කො, ඊලග දවසේ මූටත් කලින් ඇවිත් ඉන්නවා.. ❞ අවසාන ටික ප්‍රොපෙසර්ට ඇහුන කියලා තේරුනේ කන්නාඩි දෙකත් ගලවන් චාරු ලගට එද්දි. "ඇත්තද තමුසෙ කලින් එන නොයන එක තමුසෙගෙ වැඩක් දැන් මෙතන වැඩටික පාඩුවේ කරගන්නවා,නැත්තම් ගජ මිතුරා එක්කන් එලියට යනවා" "සෝ සොරි සර්..අපි දෙන්නට සමාවෙන්න" චාරු කේන්තියෙන් පුපුර පුපුර බිම බලාගෙන සද්ද නැතුව ඉද්දි,දීශා ප්‍රොපෙසර්ගෙන් සමාව ගත්තේ චාරු වෙනුවටයි.. ලෙක්චර්ස් ඉවර වෙලා සුපුරුදු පරිදි චාරු ගෙදර ගියේ හවස 6ටත් කිට්ටු කරලා,හැමදාම චාරු කන්නෙ මේ කටුවම තමයි..ගෙදර ඉදන් කැම්පස් එකට තිබුණු දුර නිසාම තමයි ගෙදරින් උදේ 6 ගියත් ප්‍රොපෙසර්ගෙන් හැමදාම කන් පුරවලා අහගන්නෙ.. ඒ යන කෙල්ල හැමදාම ගෙදර එන්නෙත් කලුවර වැටිලා,කැම්පස් ජීවිතේ ගැන සිහින ලෝක මවාගෙන හිටපු චාරුට දවස් දෙකෙන් කැම්පස් ජීවිතේ එපා වුනෙත් මේ නිසාමයි.. "සුදු දූ..මහන්සිද මගෙ මැණිකේ" හැමදාම චාරු එනකම් මග බලාගෙන ඉන්න චාරුගෙ අම්මා චාරු ඇවිත් සෝෆා එකෙන් ඉදගනිද්දි ඇහුවේ,චාරු මදහිනාවකින් අම්මා දිහා බලද්දි.. "මේක දැන් හුරුයි අම්මා.." චාරු එහෙම කියද්දි චාරුගෙ අම්මා චාරුගෙ ඔලුව අතගාලා කුස්සියට ගියේ තේ එකක් හදාගෙන එන්නම් කියලා.. චාරු එතනින් නැගිටලා රූම් එකට ගිහින් වොශ් රූම් එකට වැදිලා හිතේ හැටියට සීතල වතුරෙන් නාගත්තේ,ගතේ වගේම හිතේ මහන්සියත් මොහොතකට නිවිලා යද්දි.. 𝘄𝗿𝗶𝘁𝗲𝗿𝘀 - ° 𝘿𝙖𝙣𝙪 & ° 𝘿𝙞𝙣𝙞. ( 𝙚𝙫𝙞𝙡 𝙦𝙪𝙚𝙚𝙣 )
Image from දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰: ❝...... සුදු අරලිය...... ❞   𝗲𝗽𝗶𝘀𝗼𝗱𝗲  - ➷➷  01.. ❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀...
❤️ 👍 🤍 💛 🩵 🩷 75

Comments