
දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
June 13, 2025 at 02:36 PM
*_🔥 නපුරු හදවතක උණුසුම 🔥_*
❤ වෛරයේ ගිනිදැල් මැද නොදැවී ඉතිරි වූ නිර්මල ප්‍රේමයක්....❤
⚡පළමු උණුසුම⚡
පුතා නැගිටින්න.... අද 9.00 මීටීන් එකක් තියෙනවා කිව්වා නේද ?....
සුවිසල් මන්දිරයේ පහල සිටම මැදිවිය ඉක්මවා යමින් සිටි කාන්තාව ඇමතුවේ තම පුතු හටයි.... තවත් පැය බාගයකට විතර පසුව කලු පැහැති යුරෝපීය ඇඳුම් කට්ටලයකින් සැරසුණු කඩවසම් දේහදාරී තරුණයා පඩිපෙලත් බැසගෙනම පැමිණියේ කෑමකාමරය වෙතටයි.... තවත් මිනිත්තු දහයකින් පමණ මුලු මන්දිරය පුරාම ඇසුනේ කුඩා දරුවෙකුගේ ඇඩුම් ශබ්දයයි.... ඒත් එක්කම මෙතෙක් වෙලා කෑම මේසය සූදානම් කරමින් සිටි දේහදාරියාගේ මව වූ මිත්‍රා ඉහල මහලට දිව ගොස් පහල මහලේ ඇති කෑමකාමරය වෙතට නැවතත් පැමිණියේ මාස තුනක් පමණ වයසැති පුංචි දරුවෙකුත් රැගෙන... ඒ එනවිටත් කඩවසම් දේහදාරියා කෑම කා අවසන් කර තම දෑතත් පිසදාගෙනම ඇවිදන් ආවේ පුංචි දරුවා අසලටයි... දේහදාරියාගේ උණුසුම දැනුණ සැනින් මෙතෙක් වේලාවක් මූණත් රතු කරගෙන ඉකි ගසා හැඬූ පුංචි දියණිය හැඬුම නවත්වා ඇස් බෝල කර බැලුවේ තමා ඉදිරිපස සිටගෙන සිටින කඩවසම් තරුණයා දෙසයි..... කුඩා දරුවාගේ නලලතින් උණුසුම් හාදුවක් තැබූ ඔහු තම මවටත් දණ නමා වැද නිවසට ඇතුලු වන ප්‍රධාන දොරටුව දෙසට ඇවිද ගියේ මිත්‍රා මහත්මියත් පසුපසින් පැමිණෙද්දීයි..... ඇවිද ගොස් වාහන අංගනයේ නවතා තිබූ අවුඩි රථයට නැග ඉගිලුනේ මිත්‍රා මහත්මියත් තම ලමැදට තුරුලුවී සිටින කුඩා දරුවා රැගෙන නිවස තුලට පා නගද්දී....
තවමත් විසි හත්වන වියෙහි පසුවන දේහදාරියා Adhikari Fasions & Shoping mall මෙන්ම AT Gold House වල ඕනර් වන අන්වේෂ් තේෂාන් අධිකාරිය.... ගැහැණුන් කියන විෂයෙහි තම මව පමණක් විශ්වාස කරන ඔහු තම රාජකාරි මට්ටමේදී යක්ෂයෙකු හා සමානයි... ගැහැණුන් හට සමාවක් නොදෙන තරමටම ඔහු දුෂ්ඨ චරිතයක් වූයේ මීට අවුරුදු දෙකකට පමණ පෙර සිදු වූ සිදුවීමක් හා මාස දෙකකට පමණ පෙර සිදු වූ සිදුවීමකි....
පැය බාගයක පමණ ගමනකින් පසු ඔහු තම අවුඩි රථය නැවැත්වූයේ නිමි ඇඳුම් ආයතනයක් වන Adhikari Fashions ලෙස සටහන් කර තිබූ තට්ටු පහකින් සමන්විත විශාල ආයතනය ඉදිරිපිටයි.... නාම පුවරුව දෙස බලා සිමින් ගැබුරු හුස්මක් පිට කල ඔහු ගාම්භීරව ඇවිද ගියේ ආයතනය තුලටයි.... ඔහු දෙස බලා සැවොම සිනාමුසුව සුභ උදෑසනක් පැතුවත් ඔහු උදෑසනක් යන්න පමණක් පවසා ඇතුලට ගියේ සේවකයින් සියල්ලන්මත් ඔහුව උදේම කෝප නොකර තම තමන්ගේ වැඩ කටයුතුවල නිරත වෙද්දී..... තම ඔෆිස් කාමරය වෙතට පැමිණි ඔහු ඔහුගේ දෛනික කාර්යයන්වල නිරත වෙමින් සිටියදීම ඔෆිස් කාමරයට කඩා වැදුනේ ඔහුගේ පුංචි කාලේ පටන් හොදම මිතුරා වන මියුල් අහස්න වීරසිංහයි....
" අඩේහ් තේෂ්..... මාර කේස් එකක්නේ වෙලා තියෙන්නේ...."
" ඒ පාර මොකක්ද වෙලා තියෙන්නේ මියුල්..."
" අන්න උබේ කොලිටි මැනේජර් resignation letter එක බාර දුන්නා......"
" එහෙනම් අයින් කරලා දාපන්.... ආයෙ මොකක්ද බලන් ඉන්නේ...." ආඩම්බරකාර තරුණයා පැවසුවේ කිසිම හැඟීමක් නොමැති වතින්...
" ඒත් බන් එක පාරම....."
" මියුල් උබ මගෙ යකා අව්ස්සගන්න එපා..... මම එලෙව්වේ නෑ නේ යන්න ඕන එකීට යන්න දීපන් ආයෙ මගෙන් ප්‍රශ්න නොකර.... ඔයිට වඩා හිතන්න දේවල් මට තියෙනවා...." අන්වේෂ් ඔෆිස් රූම් එක දෙදරා යන තරම් කෑගැහුවේ මියුල් ඉක්මනින්ම එලියට දිව යද්දී....
' යකෝ මුට උදේ පාන්දර මොන යකෙක් වැහිලද... අද ඉතින් වැඩ කරන ලමයී ඉවරයි....' මියුල් තනිවම එසෙ සිතමින් ඔහුගේ ඔෆිස් කාමරය ඇතුලට පැමිණියේ ඔහු මෙම ආයතනයේ GM නිසයි....
ඊටත් පැය බාගයකට පමණ පසුව ඇරඹි මීටින් එකත් සාර්ථකව අවසන් කර තරුණයා පැමිණොයේ ඔෆිස් කාමරය වෙතටයි.... නැවතත් තම වැඩ කටයුතුත් එක්ක කාර්යබහුල වී සිටි දේහදාරියාගේ දුරකථනය නාද වූයේ සවස තුන පමණ විටයි.... හිස ඔසවා දුරකථනය දෙස බැලූ ආඩම්බරකාරයා ඇමතුම තම මවගෙන්බව දුටු විටම ඇමතුමට සම්බන්ධ උනේ ප්‍රශ්නාර්ථයකින් තම මුව සරසන්....
📱" හෙලෝ පුතා වැඩකද ඉන්නේ..."
📱" කියන්න..."
📱" පුතා දෝනිට අසනීපයි උණ වගේ අනේ අඬනවා රත්තරනේ...." ඉදින් ඒ වචන ඇහෙනවත් එක්කම ඔහු ඉදගෙන සිටි පුටුවෙන් නැගිට්ටුනේ ඉබේමයි... ඇමතුමට කිසිදු පිලිතුරක් ලබා නොදීම ඇමතුම විසන්ධි කර වේගවත් අඩි තබමින් ඇවිද ගියේ ලිෆ්ට් එක දෙසටයි... ඒත් එක්කම ඔහු දුටුවේ ඔහු අසලට පැමිණෙමින් සිටි මියුල්ව...
" තේෂ් මොකද මේ හදිස්සියෙන්... උබ කොහෙ යන්නද ?...."
" සුදු මැනිකට උණ හැදිලා අඬනවලු.... මන් යනවා උබ ඔෆිස් එක බලපන්...." එපමණක් පවසා වේගයෙන් ඇවිද ගියේ මියුල් තව යමක් පවසන්නට තම මුව විවර කරද්දී.....
වේගයෙන් පැමිණි අවුඩි රථය සුවිසල් මන්දිරයේ වාහන අංගනයට පිටතින් නැවැත්වූ දේහදාරියා ඉක්මනින්ම නිවස තුලට ඇවිද ගියේ පුංචි බිලිඳිය දැක ගැනීමටයි.... නිවස තුලට පැමිණි අන්වේෂ් දුටුවේ තම මවගේ පපුවෙහි හිස හොවාගෙන ඉකිගසමින් සිටින පුංචි රෝසමලයි....
" අම්මාහ්...."
" අනේ පුතා බලන්නකෝ සුදු මැනිකට හොඳටම අමාරුයි...."
" අම්මා ඉක්මනින් යමු මගෙ මැනික මෙහෙම ඉන්නවා බලාන මට ඉන්න බෑ...." ඉක්මන් අඩි තබමින් ඇවිද ගිය ඔහු මෝටර් රථයට නැග තම මවවත් දාගෙන වේගයෙන්ම පැමිණ මෝටර් රථය නැවැත්වූවේ ප්‍රයිවට් හොස්පිට්ල් එකක් ඉදිරිපිටයි.... මෝටර් රථයෙන් බැස අසනීප දරුවාව තමා අතට ගත් ඔහු වේග අඩි තබමින් ඇවිද ගියේ වෛද්‍යවරයාගේ රෝහල් කාමරය වෙතටයි.....
" ඩොක්ටර් මගෙ දරුවට...."
" Mr.... " එසේ පවසමින් වෛද්‍යවරයා අන්වේෂ්ගේ මුහුණ දෙස බලාසිටියේ ඔහුගේ නම දැනගැනීමට වගෙයි....
" අන්වේෂ් තේෂාන් අධිකාරී...."
" Mr.අන්වේෂ් දරුවට වෛරස් එකක් තමා හැඳිලා තියෙන්නෙ බය වෙන්න එපා දැන් දරුවට උණ බහින්න ඉන්ජෙක්ෂන් එකක් දුන්නා නේ බෙහෙත් ටික වෙලාවට දෙන්න පුංචි දරුවෙක් නිසා පරිස්සමින්......"
" හරි ඩොක්ටර්...."
" මිස්ටර් අන්වේෂ් ෆෝම් එක පුරවන්න දරුවගේ විස්තර පුරවන්න නම වයස කියන්න...." වෛද්‍යවරයා අසල සිටි හෙදිය විමසා සිටියේ අන්වේෂ් දෙස බලාගෙනයි.....
" අනන්‍යා මින්සදී අධිකාරී , වයස මාස 03..."
" හරි එහෙනම් Mr.අන්වේෂ් බෙහෙත් ටික දීලා බබාව පරිස්සමින් බලාගන්න කියලා බබාගෙ අම්මට කියන්න..." මෙතෙක් වෙලා සංසුන්ව සිටි අන්වේෂ්ගේ දෑස් රත් පැහැයට හැරුනේ ඔහුගේ මව වෛද්‍යවරයා හට ස්තූති කොට තම පුතුගේ දෑතින් අල්ලාගෙන ඉක්මනින්ම පිටතට ඇවිද යද්දී..... පැය බාගයක පමණ ගමනින් පසුව ඔවුන් නැවතත් නිවසට ගොඩ වූයේ අන්වේෂ්ගේ මව පුංචි සිගිත්තියත් වඩාගෙනම දේහදාරියාගේ නිදන කාමරය වෙතට යද්දී.... තේෂ් වාහනයත් වාහන අංගනයේ නවතා තම කාමරය වෙතට පැමිණි විගස දුටුවේ තම ඇදෙහි මැදට වන්නට නිදා සිටින පුංචි රෝස මලයි..... ඒ දෙස මිනිත්තු දහයක් පමණ බලා සිටි ඔහු ටවල් එකකුත් අරගෙන බාත්රූම් එක තුලට වැදී සිත් සේ නාගෙන එලියට පැමිණෙද්දී පැයක පමණ කාලයක් ගත වී තිබුනා.... ඒ වන විටත් තම රෝස මල ඇඳෙහි නින්දෙහි සිටියා....
" තේෂ් පුතේ..." තේෂ්ගේ මව ඔහුව ඇමතු විගස ඔහු යන්තම් හිස ඔසවා බැලුවේ තම දෙසයි... කිරි මග් එකකුත් අතේ තබාගෙන සිටින තම මව දුටු විට ඔහු හිසෙන් සන් කලේ ඇතුලට පැමිණෙන ලෙසයි... ඇතුලට පැමිණි ඇය කිරි මග් එක ඔහු අතට දී ගැඹුරු හුස්මක් පිට කලා... ඒ ගැඹුරු හුස්මෙන්ම ආඩම්බරකාරයා තේරුම් ගත්තා තම මවට කතා කිරීමට විශේෂ මාතෘකාවක් ඇති බව....
" මොකක්ද අම්මට මට කියන්න තියෙන්නේ...." තේෂ් සෘජුවම ඇසුවේ මිත්‍රා මහත්මිය තම පුතු දෙස බලද්දී...
" පුතා ආයේ මැරේජ් එකක් ගැන හිතනවනම් මන් කැමති...." ඒ විගස තම මව දෙස හැරුනු දේහදාරියා කටකොනින් සිනාසුනේ මිත්‍රා මහත්මියගේ පපුවම අව්ලවා දමමින්...
" මට මැරේජ් ලයිෆ් එකක් ඕනි නෑ අම්මා...."
" ඒත් පුතා හැමදාම මෙහෙම ඉන්නද තාම පුතාට අවුරුදු විසිහතයි.... තව ජීවීතේ ඉස්සරහට ඔයා ජීවත් වෙන්න ඕනී...."
" මට තනියම ජීවත් වෙන්න පුලුවන් අම්මා...."
" දරුවෙක් එක්ක තනියම කොහොමද ජීවත් වෙන්නෙ පුතේ අපි කවුරු හරි හොඳ ගෑණු ලමෙක් බලමු... ඕනිනම් කපුවෙකුට හරි කියලා... ඔයාගේ මොන අඩුවක්ද ?...."
" මට කසාද හොයන්න මහන්සි වෙන්න එපා.... මගෙ ජීවීතේට ආයේ කසාදය කියන මාතෘකාව එපා අම්මා.... මේ මගෙ අවසාන තීරනේ ආයේ ආයෙත් ඒකේ වෙනසක් නැ.... මගෙ ජීවීතේට ඔයයි මගෙ පණයි තිබ්බම හොදටම ඇති...... තව පාරක් ඔය දේ ගැන කතා කරොත් වෙන්නේ අම්මා බොරුවට හිත රිද්දගන්න එක විතරයි.... මේ තීරණේට හේතුවත් අම්මා දන්නවා කියලා මන් හිතනවා...... අනික මගෙ සුදු මැනික වෙනුවෙන් මේ තාත්තට කරන්න බැරි දෙයක් නෑ එයාට අම්මා කෙනෙක් ඕනි නෑ අම්මා විදිහට ඔයා ඉන්නවා... අනික මන් හිටපුවාම හොදටම ඇති මගෙ රෝස මලට...." සිංහ ගර්ජනාවක් බදු ඒ වචන වලට ඇහුම්කන් දුන්න මිත්‍රා මහත්මිය සිමින් කුටියෙන් ඉවතට ඇවිද ගියේ දෑසට නැගි කඳුලු හොරෙන්ම පිස ගනිමින්....
මව පිටවූ දෙස බලා සිටි ඔහු සුසුමක් හෙලමින් ඇවිද ගියේ තම ඇඳ දෙසටයි.... ඇදට නැග තම පුංචි සිගිත්තිය දෙස බලා කල්පනා කරේ තම මව පැවසූ වදන් පිලිබඳවයි....
' සුදු මැනික... මගේ දෝනිට අම්මි කෙනෙක් ඕනි නෑ නේද... තාත්ති ආච්චි අම්මයි විතරක් ඇති නේද රත්තරන්.... මන් මගෙ මැනිකට දෙන්න පුලුවන් හැමදේම දෙන්නම් රත්තරන් ඒත් කවදාවත් අම්මා කෙනෙක් ඉල්ලන්න එපා අන්න එදාට මේ තාත්ති මගෙ දූ ඉස්සරහ ගොඩක් අසරණ වෙයි...' අන්වේෂ් සිගිත්තියගේ කොපුලක හාදු තවරමින් පවසා සිටියේ නින්දෙහි සිටි සිහිත්තිය ඔහුගේ රැවුල් කොට තම කොපුලේ ඇනෙකොට නින්දෙන්ම එහෙ මෙහෙ හැරෙද්දී.....
' මගේ චූටි රාජකුමාරි...' සිගිත්තිය දෙස බලා මිමිණූ ඔහු සිගිත්තිය අසලින්ම හාන්සි උනේ සිගිත්තියත් තම පියාගෙ උණුසුමට ගුලි වෙද්දී.... මිනිත්තු එක දෙක ගත වෙද්දී ආඩම්බරකාරයත් සුව නින්දකට වැටුනේ ඕඩිකොලොන් සුවඳින් පිරි කුඩා සිහිත්තියව තම පපුවට තද කරගෙන.... පැයක පමණ සුව නින්දක සිටි දේහදාරියා අවදි උනේ නොනවත්වාම නාද වෙන තම දුරකථනයෙහි හඬටයි.... දුරකථනයට රැවුමක් පා කර ඔහු දුරකථනය අතට ගත්තේ ඇමතුම් කාගෙන්දැයි බැලීමට.... දුරකථනයෙහි වැටී තිබුනේ.....
*මතුසම්බන්ධයි❤🔥........*
•••>>>______________________________________________________________<<<•••
ඔන්න අලුත්ම ගින්නක් අරන් මන් ආවා....
කියවලා රියැක්ට් කමෙන්ට් කරන්නකෝ.....
ඊලග එපි එකෙන් හම්බවෙමු😗💗....
0773889131👀🤍✨🫶
*✍️Dark Queen - ♡●𝑺𝒂𝒕𝒉𝒔𝒂𝒓𝒂𝒏𝒊●♡ ( Kavi )♥️🕊️*

❤️
♥
❤
💛
👍
😮
🤍
106