
දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
June 13, 2025 at 02:39 PM
-------------------------------------------------
*හිතබැඳි ස්නේහවන්ති නුඹ..– 2 ❤️🔥🥀*
~මගේ නපුරුහිත ආදරෙන් මවිත කල ස්නේහවන්තියයී.....~
*" ආ.. ආ... පලයල්ලා... මගේ කෙල්ලව අවුස්සන්නේ නැතුව "*
වගේෂ් එහෙම කියද්දී මම ඒ පැත්ත බලලා මෝඩ හිනාවක් දාද්දී අර ගොල්ලෝ හිනා උනා... ගෑනු නම් තාම කොප්ප හෝදනව... මම නම් හොදයි බන්... හ්ම්ම්ම්…
🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀
> _77 වන කොටස_
ඔය විදියට දවස් දෙක තුනක් ගියේ හරි වේගෙන්... වෙලාවකට තුන්වෙනි ලෝක යුද්දේ වගේ පොඩි සෙට් එක එකතු උනාම... ශෝක් අනේ එහෙම ඉතින්....
*" මේ... "*
එලියටවෙලා ලැප් එකේ වැඩක් කර කර හිටපු මන් ගැස්සුනේ වගේෂ් මට එහා පැත්තෙන් ඔන්චිල්ලාවෙන් වාඩිවෙද්දී...
*" වැඩද..... "*
*" නෑ කියන්න... "*
*" හවසට සුදු අම්මා ගිහිපු පන්සලට යන්න ඕනේ... එනවද.... "*
*" හ්ම්ම්... "*
*" එයාගේ එකවුන්ට් එකේ තිබ්බ සේරම කෑශ් පන්සලට ඩොනේට් කරනවා... "*
*" ඒක හොදයි... අයියලා එන්නේ නැද්ද... "*
*" තමුසේ එක්ක යන්න කියලා කිව්වේ... ඇයි බැරිද... "*
පිස්සු බන්... එහෙම්මම මම ඒ මූනට ලන්වෙලා... ඒ කෙල්ලෙක්ගේ තරම් රෝස පාට නොවුනත් ඒ තොල්වලට පුංචි සිපුමක් තියලා
*" මැට්ටා... හ්ම්ම්ම්... "*
කියලා ලැප් එකත් අතේ අරන් ලෙහන් හිටපු කොන්ඩෙත් ගස්සලා ගියේ ඇතුල්ට...
~_( වගේෂ් )_~
කට කොනකින් හිනාවෙලා බලන් හිටියේ මේ කෝලම් දිහා... කාලෙකට පස්සේ මන්දී ඔහොම ටිකක් හොදට ඉන්නේ... නැත්තම් හිටියේ පණ නැතුව වගේ...
බෝනික්කෙක් වගේ... වැලමිට ලගට හදලා තියෙන ලස්සන කොන්ඩේ ගස්ස ගස්ස යද්දී අල්ලගෙන ඉබින්න හිතෙනවා... ඒ පාට කිරිගරුඩ වගේ... මන් ආසම ඒ බෝල ඇස් දෙකටයි චූටී රෝසපාට කටටයි...
ඒ වගේද ඒ කතා පෙට්ටිය... ඇස් කරකරකව කරකව... සුදු අම්මා අපි දිහා බලන් ඉන්නවා කියලා නිතරම අපි හිත හදා ගන්නවා...
අදටත් හිතාගන්න බෑ සුදු අම්මට හාර්ට් ඇටෑක් එකක් ආවේ කොහොමද කියලා... බර හුස්මක් පහත දාලා මන් ගියේ ගෙට...
*" බොලා කීයටද යන්නේ... "*
*" හතරට විතර "*
මම සෙටියෙන් වාඩිවෙන ගමන් විහසට කිව්වා...
අදටත් දැනේන්නේ සුදු අම්මා මේ ලගම ඉන්නවා වගේ... මෙහෙම හිටියට හරි අමාරුයි... එත් මොනවා කරන්නද...
*" දෝණී.... "*
දෝණි නෙවෙයි ඕකී ගෝනී... මෙහෙ හැම එකාටම මේකී පොඩි එකෙක් වගේ... ඕකනේ මැරි කරාම මට බය...
පොඩි එකා වගේ ඉදලා එතකන් කියන්නේ මට උයන්න පුලුවන්... බලමූ බලමු කෝ... එපාර එන්නේ උත්තරා කතා කරාම... හොල්මන දැක්කාම මට ඉන්න බෑ කරන කෝලම් වලට...
*" ආ... ආ... යකෝ පැණිහලන්න එපා බන් අපේ කෙල්ලට ඔච්චර... "*
*" මම පැණි හලන්නේ නැතුව කවුද යකෝ පැණිහලන්නේ... "*
*" කෙල්ල ඉතුරුවෙයිද දන්නෑ උබේ හැටියට... ඉස්කෝලේ කාලේ උබට කෙල්ලෝ කීයක් හිටියද... "*
*" මොකක්... "*
උත්තරා එක්ක මොනවද කතා කර කර ඉදලා ඒ ටික මෙකිට ඇහිලා... යකෝ මූව මට මරන්න පුලුවන්...
*" බොරු මන්දී මට කෙල්ලෝ හිටියෙ නෑ... මුගේ බොරූ... "*
*" ඉතින් මට මොකද... මගේ කවුරුත් නෙවෙයිනේ තමුන්... නැද්ද අක්කේ... මලසමයන්... හ්ම්ම්... "*😒
*" යකෝ...කට්ටුස්සියෙක් ගිය උඩ... "*
ගස්සගෙන යද්දී මම හිමීට මටම කිව්වා... මේකී... ඔය කට නම්... කවුරුත් නෙවෙයි නම් මොකද දන්නෑ මෙතන්ට එක කිස් එකක් දෙන්න අතන්ට දෙන්න ගාන්නේ...
*" ඒකිට මක් උනාද බන්... "*
*" තෝ තමයි මගුල් කරන්න ගියේ... "*
ඌටත් එහෙම කියන් මම ආවේ මගේ කාබරේට... මොනවා කිව්වත් ආයෙත් සුදු අම්මාව මතක් වෙද්දී නිකන් පිස්සු වගේ...
~_( තිමන්දී )_~
හවස සුදාප්පච්චි එක්ක පන්සල් යන්න ලෑස්ති උනා පෙන්ස්... හී... සුදාප්පච්චිනේ එයා මගේ... හ්ම්ම්... ඉරිසියා කරන්නෑ....
සුදු කොටු කර තියෙන අත් දිග දනිස්ස ගාවට දිග ගවුමක් ඇදලා කොන්ඩේ ෆෙන්ච් ගෙතුවා...
ලෑස්තිවෙලා මම ආවේ පහලට... වගේෂුත් අද තනි සුදු... ලස්සනයි මගේනේ...හ්ම්ම්...
කට්ටියට කියලා අපි දෙන්නා ආවේ කාර් එකට...
*" තරහද... ම්ම්... අරූ බොරු බන් කිව්වේ... "*
ආ... මට ඒක අමතක උනානේ...
*" මට මොකද... මගේ කවුරුත් නෙවෙයිනේ ඔයා.. "*
ගනන් නොගෙන මම කිව්වේ ශට්ල් එකෙන් එලිය බලන ගමන්...
*" මොකක්ද ඕයී... සිරියස්ලී කවුරුත් හිටියේ නැ මට... "*
*" මම බලන් හිටියේ නෑනේ... කවුද දන්නෑ... අර රියානලා වගේ උඩැක්කී කීයක් හිටියද කියලා... "*
මම තාමත් එලිය බලන් හිටියේ... ඒත් එක්කම මෙයා කාර් එකේ ස්පීඩ් වැඩි කරේ මගේ පපුවත් මොකක්ද වෙද්දී
*" වගේෂ්... හිමින් යන් අනේඒඒ..... "*
ඒත් නෑ රවාගෙන යනවා.. අනේ ඔච්චර කේන්ති යන්නෙ මොකටද විහිලු දන්නේ නැද්ද මෙයා...
*" අනේ වගේෂ්.... සොරී... හිමින් යන් කෝ..."*
*" ආයේ තමුසේ අර වේ## නම කිව්වොත් බලා ගන්නම් මන්... "*
මන් විහිලුවක්නේ කරේ ඉතින්... හ්ම්ම්... නපුරා... එහෙම්මම ඒ බාහුවකට මන් ඔලුව තියාගෙන වෙනදා වගේ අතත් පපුවට තද කර ගත්තා...
*" අනේ ඒක ජෝක් එකක් වගේෂ්... ආයේ කියන්නෑ.... "*
හිමීට මගේ හිස්මුදුනට ඒ තොල් තද කරනවා මට දැනුනා... මමත් ඒ අත තවත් තද කර ගත්තා
*" තා ගොඩක් දුරද... "*
*" ටෙන් මිනිට්ස්... "*
තාමත් මම ඔහෙම ඔලුව තියේගෙන ඇහුවා.... ටිකකකින් වගේෂ් කාර් එක නැවත්තුවා...
*" යන්... "*
දාන් ගිය සෙරෙප්පූ දෙකත් ගලවලා රතු නෙලුම් මලුයි අනිත් ඒවත් අරන් අපි දෙන්නා ගියේ පන්සල ඇතුල්ට... මලුත් පූජකරලා අපි දෙන්නා ආවේ පහන් පත්තු කරන්න...දෙන්නා දෙකක් පත්තු කරලා ආයෙත් එයා අපි පත්තු කරපු පහන් දෙකට එහා පැත්තෙන් තිබ්බ පහන පත්තු කරේ මන් බැලුවේ තුනක් පත්තු කරේ ඇයි කියල
*" ඒක කාටද... "*
*" එයාට... "*
*" ඒයා කියන්නේ... "* 🥲
*" ලොකු උනාම තේරුම් ගන්න... යන්... "*
මොකක්... තේරෙන්නේඑ නෑ මට බන් එයාට... රියානටද... නෑ නෑ... එයා හාමුදුරුවෝ එක්ක අර දේවල් ගැන කතා කරද්දී මමත් එයාට එහා පැත්තට වෙලා හිටියා...
කකුල් දෙකත් නෑ වගේ... විනාඩි තිහක් විතරම ගියා ඉතිම්... සුදු අම්මා මේ පන්සලේ දායකයෙක්නේ... කොහොම හරි හාමුදුරුවෝ අපි දෙන්නගේ අතේ පිරිත් නූලකුත් ගැට ගැහුවා...
වැදලා අපි දෙන්නත් ආවේ කාර් එකට... මේක ටිකක් දුර පන්සලක්... ටවුන් එකේ නෙවෙයි... යනගමන්...
*" බඩේරුන්ගු කනවද... "*
*" හ්ම්ම්... මෙහෙ තියෙනවද..."*
*" හ්ම්ම් ඉස්සරහ තියෙනවා... "*
ඔව් ඔය තියෙන්නේ බන්... අම්මේ උණු උණුවේ ඒවා... එහෙම්මම එයා බැහැලා පාර පැනලා ගියේ එතන්ට... අනේ ලස්සන... සුදු ශර්ට් එකේ අත් දෙකත් නවලා වැලමිට ලගට... ව්ව්ව්... මට බන්... අනේ තනිකර ඇක්ට් කෙනෙක් වගේ... ඒ උඩට හදලා තියෙන ඉත්තෑකූරු කොන්ඩේ... ඒ ආඩම්බර නපුරු ඇස් දෙක... මගේනේ... හිතලා බලන්න පෙන්ස්... ඒ රූපේ කොච්චර ලස්සනද කියලා... ම්ම්ම්ම්...
මේ මනුස්සයා බඩේරුන්ගු විකුනන්ද හදන්නේ බන්... මහ ගොඩක් ගේනවා.. වෙනම එකකුත් ගේනවා අතේ...අනේව්ව්... ඒ ටැටූ එක...
*" ආ... මේක අරුන්ට... "*
ආ... මගේ සෙට් එක අමතක උනානේ.... ඒක මම අතට ගන්න ගමන්
*" ඕක උණුයි කකුලේ තියා ගන්න එපා... ඔතනින් එල්ලනවා... නැත්තම් පුච්චන් මැරෙන්න හදයි... "*
මෝඩයා... හ්ම්ම්ම්.... මගේ අතට දුන්නේ අර මොකක් හරි බාබකිව් සෝස් දාපු එක...
*" ම්ම්... කනවා... "*
*" ඔයා... "*
*" මන් ආස නෑ ඕයි ඕවා දාලා කන්න ගෙදර ගිහින් කන්නම්... "*
පුදුම කෑම තේරිල්ලක් බන්... එහෙම්මම කාර් එකේ කැබින් එක ඇරලා ගත්තේ ටොෆියක්... ඒකත් කඩලා එයා කටේ දාගත්තා... මමත් රසකක කර කෑවට බන්... කට නෑවගේ... පුදුම සැරක්...
*" මොකද... "*
උරිස්සෙන් ඇස්වල කදුලු පිහිද්දී අහනවා... තොල් දෙක පුපුරුගහනවා වගේ බන්...
*" සැරද... කට රතුවෙලා... "*
*" ම්ම්... සැරයි අනේ... "* 🥹
ඇස්වල කදුලු පුරවන් එහෙම කිව්වෙ... අනේ බන්... නිකන් පිච්චෙනව වගේ... ඒත් එක්කම වගේෂ් මගේ නිකටින් අල්ලලා මගේ තොල්වලට බර උනේ මගේ ඇස් ලොකුවෙද්දී... කටට මින්ට් රසක් හොදටම දැනුනා... දැන්නම් සැර නෑවගේ.. එහෙම්මම මම එක අතකින් ඒ පපුවට අත තිබ්බේ ඇති කියන්න වගේ... එහෙම්මම එයා මගෙන් එහාටවෙලා..
*" හරිද... "*
*" ම්ම්ම්... "*
ලැජ්ජාවෙන් මම එහා පැත්ත බලා ගත්තේ හිනාව කාගෙන... අනේව්ව්... ඒක මින්ට් ටොෆියක් ඒ කියන්නේ...
*" මොකද තනියම හිනාවෙන්නේ මැඩම්.... "*
මම නම් රැව්වා... පිස්සා... අනේ තාමත් මින්ට් රස බන් කටේ...
*" ඕනෙ නම් තව ගෙනත් දෙන්නම් බඩේරුන්ගූ බය නොවී කන්න... "*😂
*" නෑ අවශ්‍ය නෑ... හ්ම්ම්ම්... "*
හිතේ ඇති... මනමාල පැණියා... මම රවද්දී එයා හිනාවෙලා ආයෙත් කාර් එක ස්ටාට් කරලා දැම්මේ පාරට... මමත් කාර් එකේ තිබ්බ ටිශූ බොක්ස් එකෙන් ටිශූ එකක් අරන් අර බඩේරුන්ගු කරල ඔතලා වෙන ශොපින් එකක දාලා අයිනෙන් තිබ්බා ගෙදර ගිහින් වීසී කරන්න...
සැනිටයිසර් ටිකකුත් දාලා අතත් පිහදන් එලිය බලන් හිටිනේ කම්මැලිකමට... ඒත් එක්කම මන් ගැස්සුනේ මූනට වැදුන ලයිට් පාරට...
*" වගේෂ්... "*
මට හයියෙන් කෑගැහුනේ ඒ වාහනේ අපේ ඉස්සරහටම එන නිසා... ඒත් එක්කම වගේෂ් බ්රේක් ගහපු පාර මම ඩෑශ් බේඩ් එකේ නොවැදි බේරුනේ නූලෙන්...
එහෙම්මම ඒ වෑන් එකක් අපිට හරස් කරලා නැවත්තුවේ මගේ බය වැඩි වෙද්දී...
*" අනේ වගේෂ්.... "*
වෑන් එකෙන් බැහැපු කෙනා දකිද්දී මට වගේෂ්ගේ අත අල්ලන එහෙම කියවුනේ බයටම... ඔව් ඒ එදා මාව පඩිපෙලෙන් තල්ලූ කරපු කෙනා... අදත් ඒ විදියටම හෙල්මට එක දාලා... තව එයාගේ කට්ටියත් ඉන්නවා...
🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀
*බාල්දී නෑ කිව්වට තියේ ඉතිම්...🥲 මිස්ටර් හෙල්මට් ගැන අනිත් එපියෙන්...*😁
~_Seha_~❤️🔥🥀

❤️
❤
❤🔥
💜
♥
💐
💗
💛
😢
😮
206