
දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
June 13, 2025 at 02:41 PM
~~~~~~~𝗔𝗦𝗛𝗶𝗶~~~~~~~~
💎💎💎💎💎💎💎💎💎💎💎💎
𝘄𝗿𝗶𝘁𝗲𝗿.
𝔇𝔞𝔫𝔲..........................
e͟p͟i͟s͟o͟d͟e͟ --- 20
==================================
" අම්මා..අම්ම..."
සිහින ගෙට ගොඩ උනේ සියල්ල එපා වෙලා.
" ඇයි අද යන්නැද්ද ඔෆිස් එකට.. "
අම්ම මහන ගමන් හිටපු බ්ලවුස් එකත් පැත්තකින් තියලා සාලෙට ආවේ පුටුවට වෙලා අත් දෙකෙන් මූන වහන් ඉන්න සිහින දැකලා.
" නෑ අද යන්නෑ මන්.. කෝ තාත්තා.. "
" හොස්පිටල් එකට ගියා හදිස්සි පේශන් කෙනෙක් ඇවිත්. "
සිහින ටික වෙලාවක් ඇස්වල කදුලු හිර කරන් හිටියත් අම්මා ලගට ඇවිත් ඔලුව අත ගාද්දි ම ඒ කදුලු එලියට ඇවිත් අම්මගෙ ඔඩොක්කුවෙ වැතිරුනේ අම්ම කෙනෙක්ට තරම් තමන්ගෙ දරුවන් ව තේරුම්ගන්න පුළුවන් වෙන කෙනෙක් නැති නිසා.
" ඇයි මගෙ රත්තරං මේ.. මොකක්ද උනේ. "
" අම්මා එයා මට නැති වෙන්න යන්නෙ.. "
" ආශි දුව ද... ඇයි ඒ දරුවා බෑ කිව්වද පස්සෙ.."
" නෑ අම්මා එහෙම දෙයක් නෙවේ.. එයාට.. එයාට ගෙදරින් බදින්න කෙනෙක් හොයලා. ඒ කට්ටිය අද ඇවිත් එහෙ.. තාත්තා මෙයාට රෑ කෝල් කරලා එන්න කියලා උදේ ම. මෙයා මන් නිසා ගිහින් නෑ.. "
සිහින ඒ ටික කිව්වේ අම්මගෙ අත ඒ කෙස් අතර යද්දි.
" මාර වැඩක් නෙ නේද. අපි ගිහින් ඒ දෙමාපියෝ එක්ක කතා කරොත්.. "
" බෑ අම්මා බෑ.. එයාලගෙ හරි අමුතු සම්ප්රදායක් තියෙන්නෙ. අනික කොහොමත් සිංහල කොල්ලෙක්ට එයාගෙ දුව දෙන්නෑ කියලලු තියෙන්නෙ "
අම්මත් ටික වෙලාවක් කල්පනා කරේ හම්බුන ගමන් මේ වගේ ප්රශ්නයක් එන්න තරම් දෛවය කොච්චර නපුරු ද කියලා.
" මොකක්ද රත්තරනේ අපි කරන්නෙ දැන්. "
" අම්ම.. එයාට කොහොමත් ආයෙ ඒ ගෙදරට යන්න බෑ. මගෙ වගකීම නේද එයා ව බාරගන්න එක. "
" කවදහරි ඒ අම්මලා ආවොත්.."
" එයි අනිවාර්යයෙන් ම එයි. අපි එතකම් හැංගිලා ඉන්නම් ටික කාලයක්.. එයා ම තමා මේ විසදුම කිව්වේ. මට වෙන කරන්න දෙයක් නෑ අම්මා. "
" එහෙමද.. මාත් තාත්තා එක්ක කතා කරලා බලන්නම්.. "
අම්මා ලොකු හුස්මක් එක්ක කිව්වේ සිහිනට බත් එකක් බෙදන් එන්න කුස්සියට යන ගමන්.
තාත්තා එනකම් අම්මගෙ ඒ ආදරේ හවස් වෙනකම් ම සිහිනට ලොකු සැනසීමක්. ඒ අතරෙම ආශිගෙන් කෝල් එකක් ආවෙ දුක තවත් වැඩි කරමින්.
" ආශි කැටේ .... !
" අනේ සිහින තාත්තා කතා කරා . ඒ මිනිස්සු ඉස්සරහ එයාව ලැජ්ජා කරාට, මට ආයෙ ඒ ගෙදර පස් පාගන්න එපා කිව්ව "
🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂❀❀❀

❤️
❤
😢
🥺
💛
🤍
100