දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
June 13, 2025 at 02:42 PM
*_පාද පරිචාරිකා - 2_*✨🖤🎀 (මෑත යුගයේ යශෝධරාවක් වූ පතිනියයි ඈ....) *🚫 කතු අයිතියකින් තොරව උපුටා ගැනීම දඩුවම් ලැබියහැකි වරදකි* --------------------------------------------------------------------------------------------------------------------------------------- *♥️හතළිස් හත් වන කොටස♥️* වෙඩින් එකට කලින් ගිහින් සුදු නෝනාගේ අම්මයි තාත්තයි දෙන්නවත් බලල වත්ත පැත්තෙන් ගිහින් එන්න හිතුවා බං ඒක හොඳයි නේ පහුගිය කාලෙ ලෙඩයි කරදරයි නිසා කොහෙවත්ම යන්නත් බැරිවුණා නෙ...ඒක හින්දා මං හිතුවා ගිහින් එන්න කියලා ...." "උඹ යන්නෙ කොතනද මං එතන මගෙ එකිත් මේ දවස්වල ගෙදර ගිහින් ආච්චිට සනීප නෑ කියලා ...මාත් හිතාගෙන හිටියෙ පොඩ්ඩක් ඔළුව දාල එන්න යන්න .....යමල්ලා එහෙනම් මාත් එනවා .....කීයටද යන්නෙ " "උදෙන් යං බං ." "හරි එහෙනං " රිව්දිලී දෙන්නගෙ කතාවලට හවුල් නොවුනත් කෙල්ලගේ ඇස් වලට කඳුළු පිරුණේ අම්මයි තාත්තයි දෙන්න ගැන මතක් කරපු නිසා...... "ඔන්න ඔය ඉතින් මං ඕකටමයි කැමති නැත්තේ. මතක් කරොත් අඬනවා.....නංගි හොඳයි එහෙම බැලුවහම අක්කා තමයි වැඩේ........පොඩි බබෙක් වගේ හරියට අඬවන්න නෙමෙයි එහෙම කිව්වේ මටත් බලන්න යන්න ඕන නිසා. අපේ වෙඩින් එකට කලින් ඒ දෙන්නගේ ආශිර්වාදය ගන්නම ඕනෙ '" රිව්දිලී වචනයක් වත් කතා නොකර ඇස්වල කදුළු පිහිද ගත්තා ..... "පහුවදා උදේ ගමනට ලෑස්ති වුනේ මිහිනුයි රිව්දිලීයි සඳරුයි විතරයි ..... අම්මයි තාත්තයි දෙන්නා වෙඩින් එකට නැකැත් බලන්න යන්න කලබලෙන් හිටියේ නැත්තං ඒ දෙන්නත් මේ ගමනට සහභාගි වෙනවා ....ඊටත් වඩා රන්දුලීව මෙහෙ දාලා යන්න ඒ දෙන්නා කැමති නෑ ....මතීෂ නං ගෙදර ඇත්තෙම නැහැ කැම්පස් එකේ ....සඳරුගේ ගෙදර තත්වෙත් එහෙමයි. සඳරුගේ අම්මයි තාත්තයි දෙන්නා මේනකයි අතුලයි දෙන්නත් එක්ක නැකැත් බලන්න යන්න ලෑස්ති වෙලා ඉන්නේ ඉන්නේ ඉන්නේ. කට්ටියටම ඕනේ සාරානන්ද හාමුදුරුවෝ කිව්වා වගේ ලඟම හොඳම වෙලාවෙදි මේ වෙඩින් එක ගන්න..... උදේම පිටත් වුණු නිසා උදේ දහය විතර වෙනකොට තුන්දෙනා අගලවත්තට ආවා ...... මිහින්ට පේනවා සඳරුගේ මූණ එච්චර හොඳ නෑ...... මේ ගමන ආවට ....සාමාන්‍යයෙන් සඳරු කියන්නේ කිසිම දෙයක් හංගගෙන ඉන්න ජාතිය කෙනෙක් නෙවෙයි ඒත් මේ වෙලාවෙ සඳරු නිහඬයි. ඇයි කියලා නම් කොල්ල දන්නේ නැහැ ....කියන්නෙ නැතුව අහන්නත් හිතෙන්නේ නෑ. ඒත් බොක්කෙ යාලුව හින්දා නාහත් බෑ . .... "මොකද බං උඹ මූඩ් ගහලා ආපු වෙලාවෙ ඉඳන් මොකක්ද අවුල .......ගෑනි මොකද කිව්වේ ...." "මොනවා හරි කියන්නත් ෆෝන් එක වැඩ කරන්න එපැයි බං ඒ මඟුල වැඩ කරන්නේ නැහැ. මං කොච්චර නම් කෝල් ගත්තද ...." "ඉතින් " "මට කේන්තියේ බං හැමදාම කියනවා ෆෝන් එක ඕන් එකේ තියාගන්න චාර්ට් කරන්න මගේ මැසේජ් වලට රිප්ලයි කරන්න ..මිස් එකක් දැක්කොත් කෝල් බැක් කරන්න . ..ඒකි ඔය එකක්වත් කරන්නේ නෑ බං මට එපා වෙලා ...." "උඹට මතකද ඉස්සර දවසක් මෙයා දොර ඇරියේ නෑ කියලා මම කලබල වුණා ....ඒ වෙලාවෙ උඹ තමයි මාව පාලනය කරේ ....දැන් ඉතින් අද උඹට මොකද වෙලා තියෙන්නේ ....ඕනෙක කැඩීලාද හදිසියක්ද ගෙදර නැද්ද මොකක්ද කියලා හොයලා බලන්න එපැයි කේන්ති ගන්න කලින් .. ." ".හ්ම්........උඹ කියන එකත් හරි තමයි ....මම පොඩ්ඩක් දුවලා එන්නද මං එහෙනම් බලන්න . ..කොහොම වුනත් පිරිමි අපිට දකින්නෙ නැතිව ඉන්නත් බෑනේ බං කහඹිලියා ගාලා වගේ ...." "ආ.... ආ....... මොකද මේ ඉස්සර මට හිනා උනා නේද ...." '"ඒ ඉස්සර ඉස්සරනෙ මස්සිනා මේ අද..... හරි හරි මේ උඹත් එක්ක වාද කරන්න බැරියෑ පස්සේ මම එහෙනම් ගිහින් එන්නම් ..." "සුදු නෝනා ඉක්මනට එන්න අපිත් යමු මූත් එක්ක මගට මට තියෙනවා පොඩි වැඩ වගයක් ඔයාව තනියම දාලා යන්නත් බෑනේ මට ......" "ඔයා ගිහින් එන්න මහත්තයා මට හරි මහන්සියි ...වැඩට ඉන්න කට්ටිය ඉන්නවනේ මම ගෙදර ඉන්නම්...." "එහෙම කමක් නැද්ද මම ගිහින් ආවට අනේ යන්න අනේ මම ටිකක් නිදාගන්නවා හැබැයි ඉක්මනට එන්න කරන වැඩක් කරගෙන මට පාලු හිතේ නැත්නම්මට පාලු හිතේ නැත්නම් ...." "මං එන්න පරක්කු උනොත් ඔයාට කරන්න වැඩක් තියෙනවා පාළුව යන්නත් එක්ක වත්තේ එකවුන්ස් ටික බලන්න ඕනේ. මම ඇවිල්ලයි ඒව ටික කරන්න හිතාගෙන ඉන්නේ. ඉතින් ඒක ඔයා කරන්න එතකොට පාළු හිතෙන එකක් නැහැ මම ඉක්මනට එනවා කොහොමත් පරක්කු වෙයිද කියන්න බැහැ.." "ඉක්මනට එන්නත් මුලින් යන්න ඕනනේ ගිහින් එන්නකෝ....." "කියන්නෙ නම් පාලුයි කියලා ඒ උනත් පන්නන්නමයි හදන්නේ.ම්.ම්......." "පන්න ගන්නව නෙවෙයි ඉතින් ගිහිල්ලා ඉක්මනට එන්න කියලයි කිව්වේ යන්නැත්නම් ඉතින් නතර වෙන්න මට මොකෝ......" "හරි හරි මං ගිහින් ඉක්මනට එන්නම්කෝ...යමං බං සඳරු." කෙල්ලව වත්තේ බංගලාවේ දාලා දෙන්නත් එක්ක පිටත් වෙලා ගියා...මිහින්ව මගින් බස්සගෙන සඳරු ගියේ මිහිරිව බලන්න..මිහින් නම් ගියේ කෙල්ලගේ යාළුවා මධූව හම්බවෙන්න. කොල්ලට ඕන වෙඩින් එක දවසට කෙල්ලව පුදුම කරවන්නඒකට මධූගෙන් උදව්වක් ඉල්ලගන්න තමයි කොල්ලගේ මේ ලෑස්තිය. . මිහින් මධූත් එක්ක කතාබහ කරගෙන ආපහු ආවේ ත්‍රිවිලර් එකක....කෙල්ල බංගලාවේ තනියම නිසා සඳරු ආපහු එනකම් බලා නොඉඳ මිහින් ආපහු ආව... එදා මාව හවස දෙන්නත් එක්කම කෙල්ලගේ අම්මගෙයි තාත්තගෙයි මල්ලිගෙයි සොහොන ගාවට ගිහිල්ලා පහන් පත්තු කරලා ඒගොල්ලන්ට මතක් කලා දෙන්නගෙ කසාදෙට ආශිර්වාද කරන්න කියලා .. මේ දෙන්නටම ඒ තුන්දෙනා නැති අඩුව හරියට දැනෙනවා ...කෙල්ල දුක්වෙන නිසා කොල්ලා ඒ ගැන මතක් කරන්නේ නැහැ . දෙන්නත් එක්ක ගොඩක් වෙලා ඒ සොහොන් කොත් දිහා බලාගෙන හිටියා.. "අඬවන්න නෙවෙයි එක්කන් ආවේ කසාදෙට ඉස්සෙල්ලා එයාළව පෙන්නන්නයි එක්කගෙන ආවෙ අඬනව නං ආයි කවදාවත්ම එක්කන් එන්නේ නෑ...." "හිතලා අඬනවා නෙමෙයි ඇස් දෙකට කඳුළු එනවා ඉතින්." "දැන් යං තවත් මෙතන ඉඳලා අඬන්න ඕන නෑ.." =========================================================================== අදට කතාව ඉවරයි ළමයි... කමෙන්ට් කරගෙන යන්න දිගටම කතාව බලන්න ඕන නම්......... > 𝔀𝓻𝓲𝓽𝓮𝓻 𝓼𝓪𝓷𝓭𝓪 0702756395 නම්බර් එකට whatsapp message එකක් දාලා ඔයාලගෙ අදහස කියන්න කෝ බලන්න කතාව ගැන
Image from දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰: *_පාද පරිචාරිකා - 2_*✨🖤🎀 (මෑත යුගයේ යශෝධරාවක් වූ පතිනියයි ඈ....)  *�...
❤️ 💛 😂 77

Comments