
දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
June 14, 2025 at 04:33 AM
*Bound by pain, United by love.....*
`The Bitter Sweet Harmony ❤️🔥`
> March 11, 2025 by Pari🖤
12th Episode....❤️🔥
" අම්මී...." කියාගෙන ආරු දිහාට දුවගෙන එන නිරූ දිහා ආයුග් බැලුවේ පුදුමෙන්.
මේ වෙනකොට ආරුගේ නහයෙන් ආයෙමත් ලේ එන්න අරන් තිබ්බා. ආරු එහෙම්ම සිහිය නැති වෙලා වැටුනේ ආයුග්ගේ ඇඟට.
" ආරු..." කියාගෙන සංජනා දුවගෙන ආවා.
" ආරු... ආරු... මයි ගෝඩ්... ආයු අයියේ ඉක්මනට ආරුව රූම් එකට එක්කන් යන්.. බෙහෙත් රූම් එකේ ඇති... නිරූ බබී.. එන්න නැන්දි ළඟට..."
ආයුග් ආරුව අතට රන් ඉක්මනට රූම් එකට එක්ක ගියා. ඊයේ ආරු ඉන්නවා දැක්කම ආයුග් ආරු ගැන හොයලා තිබ්බ හින්දා හොටෙල් රූම් එක දැනන් හිටියා. රශ්මි සදිල් දෙන්නත් ඒ පස්සෙන් ආවා.
සංජනා ඉක්මනට ආරුගේ බෙහෙත් ටික හොයලා අරන් ආරුට පෙව්වා. ඒත් ආරුගේ නහයෙන් ලේ එන එක නතර වුනේ නෑ..
" අනේ ඇයි මේ... ආරු... ප්ලීස් නැගිටින්න..." සංජනා ආරුගේ කම්මුල්වලට තට්ටු කර කර කතා කරා.
" සංජනා ඇයි මේ සාක්ෂි මෙහෙම..." රශ්මි.
" එයාට..." සංජනා කියද්දිම ආරුගේ ෆෝන් එකට කෝල් එකක් ආවා. ආරුගේ ෆෝන් එක හොයලා ගත්ත සංජනා දැක්කේ කෝල් එක එන්නේ ආයුශ්ගෙන් කියලා.
සංජනා පුදුමෙන් ආයුග් දිහා බැලුවේ මොකද සංජනා දන්නෑ මේ ඉන්නේ ආයුග් කියලා.
" ආයු අයියේ ඇයි මේ ඔයා කෝල්... අහ්.. ඔයා..." සංජනාට ඒ වෙලාවේ තමා මතක් වුනේ ආරු කලින් ආයුග් ගැන කියලා තිබ්බා කියලා. සංජනා ඉක්මනට කෝල් එක ආන්ස්වර් කර.
" හෙලෝ ආරු.. සංජුලා ආවද...."
" හෙලෝ ආයු අයියේ මේ මම සංජු..."
" ආ.. සංජු.. කෝ ආරු...."
" අයියේ ආරු ෆේන්ට් වුනා..."
" මොකක් ආයෙත්..."
" ආයෙත් කිව්වේ..."
" ඊයෙත් වෙඩින් එක වෙලාවේ ෆේන්ට් වුනා...."
" මයි ගෝඩ්... අයියේ දැන් නහයෙන් බ්ලීඩ් වෙනවා නතර වෙන්නෙත් නෑ..."
" ඕ ෂිට්.. ඉන්න මම ඩොක්ටර්ට කෝල් එකක් දෙන්නම්.. මම හොටෙල් එක ඇතුළට ඇවිල්ලා ඉන්නේ ඔයාලා රූම් එකේද..."
" ඔව් අයියෙ..."
" හරි මං ඉක්මනට එන්නම්..."
සංජනා කෝල් එක කට් කරලා බැලුවේ නිරූ දිහා. නිරූ ආරුගේ නහයෙන් එන ලේ ටිෂූ එකකින් පිහිනවා.
" නිරූ බබී.. ඔයා ඇනී අම්මා එක්ක ගිහින් සෙල්ලම් කරන්නකෝ හාද... ම්ම්.. අම්මිට ඌවා වෙලානේ..ම්"
" මං අම්මි එක්ක ඉන්න්ම්කෝ..."
" බබී ඔයා හොඳයිනේ... ම්ම්.. ඇනී අම්මා එක්ක යන්න හරී.. ඇනී අම්ම බබාව එක්කන් යන්න..." සංජනා එයාලා එක්ක ආව වයසක ගෑනු කෙනෙක්ට කිව්වා. ඒ කෙනා නිරූව එක්කන් ගියා.
" සංජනා ඒ ආරුගේ බබාද..."
" අහ්.. මේ..." සංජනා උත්තරයක් දෙන්නැතුව ගොත ගහන දිහා ආයිග් හොඳට බලන් හිටියා. මොකද ආයුග්ට හිතාගන්න බැරුව හිතාගන්න බැරුව හිටියේ. නිරූව දැක්කම ආයුග් තවත් කන්ෆියුස් වුනා. නිරූව දැක්කම බැලූ බැල්මට පේනවා අවුරුදු දෙකක විතර ළමයෙක් කියලා.
" අහ් හරි ඩොක්ටර්.. අපි එහෙම කරන්නම්.. මම සිකුරාදට එක්කන් එන්නම්..." කියමින් ඇතුළට ආවේ ආයුශ්.
ආයුශ්ව දැක්කම රශ්මි සදිල් දෙන්නා පුදුමෙන් බලන් හිටියෙන් ආයුග් ආයුශ් දෙන්නා එක වගේ හින්දා.
" අයියේ ඩොක්ටර් මොකද කිව්වෙ..."
" අර ඉන්ජෙක්ෂන් එක තියනවද..."
" ඔව් අයියෙ..."
" තව පැයක් යද්දිත් සිහිය ආවේ නැත්තන් ඒක දෙන්න කිව්වා..." ආයුශ් ආරු දිහා දුකෙන් බලමින් කිව්වා.
ආයුශ් ඊටපස්සේ තමා දැක්කේ ආරු ළඟ පුටුවක් දාලා ඉඳන් ඉන්න ආයුග්ව.
" තෝ බල්ලා.. උබ මෙහෙටත් ආවද..." කියන ගමන් ආයුශ් පැනපු ගමන් ගැහුවේ ආයුග්ට.
" තෝ මොකද යකෝ මේ කෙල්ලට මෙච්චර වද දෙන්නේ.. දැන් අවුරුදු තුනකට කලින් මේ කෙල්ලට වද දුන්නා මදිද.. තෝ හින්දා මේ කෙල්ල කොච්චර දුක් වින්ඳද දන්නවද.. ආරු දැන් අවුරුදු තුනක් තිස්සේ ඩිප්‍රෙෂන්වලින් දුක් විඳිනවද.. ඊයේ උබව දැක්කට පස්සෙ හොඳ වෙවී හිටිය කෙල්ල ආයේ ලෙඩ වුනා.. උබ මොකටද යකෝ මේ කෙල්ලට වද දෙන්නෙ ඒකි මොනා කරාටද.. උබ හින්දා මේ කෙල්ල කී පාරක් හොස්පිටල් හිටියාද.. එක පාරක්ම බෙල්ල කැපිලා මැරෙන්නම ගියා.. ඇයි උබ දවස් දෙකක් මේ කෙල්ලට දෙන්න පුලුවන් වද ඔක්කොම දුන්නට පස්සේ මේ කෙල්ල මාසෙකට වඩා හොස්පිටල් හිටියා ඩොක්ටර් කෙනෙක්ටවත් ළඟට එන්න දුන්නේ නෑ ඒ තරන් බය වෙලා හිටියේ.. කී පාරක් මැරෙන්න ගියාද කියලා දන්නවද... දැන්වත් වද දෙන්නෙ නැතුව පලයන්කෝ..." කියන ගමන් ආයුශ් ආයෙමත් ආයුග්ට ගැහුවා. ආයුග්ටත් ඒ කියපු දේවල් අදහගන්න බැරි වුනත් ආයුග්ගේ හිතට කුරිරු සතුටක් ආවේ ආරු දුක් වින්දා කියලා අහපු හින්දා.
මේ කතාව ඇහුනම සංජනාගේ ඇස්වලට කඳුලු ඉනුවේ සංජනාට පහුගිය අවුරුදු තුනේ ආරු හිටිය විඳිහ හොඳටම මතක හින්දා.
ආයුශ්ට සමච්චලයට හිනාවුන ආයුග් ආයුශ්ට පාරක් ගැහුවේ දෙන්නම ගහගන්න පටන් ගද්දි. රශ්මි සදිල් දෙන්නා පැත්තකට වෙල හිටියේ වෙලා තියන දේවල් හිතාගන්න බැරුව.
" ඕක.. නවත්තන්න.." ආරුගෙ කටහඬට තමා දෙන්නා වලිය නැවැත්තුවේ.
" ආරු මැණික.. " ආයුශ් ගිහින් ආරුව බදාගත්තා.
" සාක්ෂි මට තමුසේ එක්ක තනියම කතා කරන්න ඕනේ.. මුන්ට යන්න කියනවා..." ආයුග්.
" නෑ මම යන්නේ නෑ තමුසේ මොනා කතා කරන්නද ආයුග්.. තමුසේ යනවා එළියට..."
" සාක්ෂි මම ආයේ කියන්නෑ මුන්ව මම හොටෙල් එකෙන්ම එළියට දානවා හැබැයි..."
" ඇයි අපිව එළියට දාන්න තමුසේ හොටෙල් එකේ ඕනර්ද..."
" ඔව් යකෝ මම තමා ඕනර්.. පලයන් එළියට.. සාක්ෂි තමුසේ මගේ හැටි දන්නවනේ..."
" අයියේ ඔයාලා එළිය යන්න.. මම මෙයා එක්ක කතා කරලා එන්නම්.." ආරු ආයුශ්ගේ අතින් අල්ලලා කිව්ව.
" ඒත් ආරු..."
" බය වෙන්න එපා අයියේ..." කිව්ව ආරු අනිත් අයව කොහොමහරි එළියට යැව්වා. චණ්ඩියා වගේ එළියට යැව්වට ආරු හිත යටින් බයෙන් ගැහෙන ගමන් හිටියේ.
කට්‍ටිය එළියට ගියාට පස්සේ ආයුග් ආරුගේ ඇඳෙන් ඇවිල්ලා ඉඳගත්තා. ඊටපස්සේ හිමීට හිමීට ආරු ළඟට එන්න ගත්තා. ආරු පස්සෙන් පස්සට ගිහින් ඇඳේ වියලට අන්තිමට හේත්තු වුනේ ගුලිවෙලා ගැහෙමින් හරියට හා පැටියෙක් වගේ. ආරුගේ ඇස්වලින් කඳුලු කැට කඩාගෙන වැටුනා. ඒත් ආයුග්ගේ නෙවෙයි හිත උනු වුනේ. ආරුගේ කඳුලු දකිද්දී ආයුග්ට දැනුනේ සතුටක්.
" තමුසේ මට මාර බයක්නේ.. ඒකත් මරු.. මම කැමති බලෙන් මගේ වැඩ කරවගන්න තමා.. මෙහෙ එනවා ළඟට..."
ආරු තව ටිකක් ආයුග්ගෙන් ඈත් වෙලා ගුලි වුනා. ඒත් ආයුග් ආරුගේ කකුලේ වලලුකරෙන් ඇදලා ආයුග් ළඟට ගත්තා. ආරු ගිහින් කෙලින්ම ආයුග් ළඟ. ආරුගේ කකුල් තිබ්බේ ආයුග්ගේ ඔඩොක්කුවේ. ආයුග් ආරුගේ කලවාවලින් අල්ලලා මිරිකුවේ ආරුගේ මූණ වේදනාවෙන් පිරෙද්දි.
" අනේ.. එපා.. ප්ලීස්.. මට යන්න.. දෙන්න..." ආරු ආයුග්ගෙන් ගැල්වෙන්න හැදුවා. ආරුගේ නහයෙන් තවමත් ලේ එනවා.
" එහෙම කොහොමද තමුසෙට යන්න දෙන්නේ ආ.. තමුසේ මගෙන් අවුරුදු තුනක්ම හැංඟිලා හිටියානේ.. කෝ තමුසේගේ ෆෝන් එක..."
" අහ්.. "
" ආ මේ තියෙන්නෙ.." කියලා ආරුගේ ෆෝන් එක ගත්ත ආයුග්,
" මේකේ ලොක් එක අරිනවා..."
ආරු ෆෝන් එකේ ලොක් එක ඇරලා දුන්නම ආයුග් ආරුගේ ෆෝන් එකෙන් ආයුග්ගේ ෆෝන් එකට මිස්ඩ් කෝල් එකක් ගැහුවා.
" සේව් දගන්නවා මගේ නම්බර් එක.. මම කතා කරන වෙලාවට තමුසේ එන්න ඕන.. නැත්තන් වෙන දේ තමුසෙට හිතාගන්නවත් බැරිවෙයි.. තමුසෙගේ නංගිත් ඉන්නවනේ.. නේද..."
" අනේ මගේ නංගිට මුකුත් කරන්නෙපා.. මම ඔයා කියන ඕන ද්‍රයක් කරන්නම්.. ප්ලීස් එයාට කරදරයක් කරන්නෙපා..." ආරු ආයුග්ගෙන් වැදලා ඉල්ලුවා.
" ආං එහෙම ඉන්න ඕනා.. හැබැයි මතක තියාගන්නවා තමුසේ ආයේ පැනගන්න හැදුවොත් වෙන දේ තමුසෙට හිතාගන්නවත් බැරිවෙයි.. තේරුනානේ..."
ආරු ඔලුව වැනුවා.
" ගුඩ්... තමුසේ මාර ලස්සන වෙලානේ ඕයි.. මට අද තමුසෙව දාලා යන්න හිතෙන්නේ නෑ.. මොකද කියන්නේ එලියේ ඉන්න උන්ටත් ඇහෙන්න.."
" අනේ එපා.. ප්ලීස්.. එපා.. " ආරු ආයෙමත් බයේ ගැහෙන්න ගත්තා.
" එහෙම කොහොමද බේබි.. " කියපු ආයුග් ආරුගේ තොල්වලට බර වුනා. ආරුගේ තොල්වලින් ලේ එනකන්ම ආයුග් ආරුගේ තොල් සිපගත්තා.
" එහෙනම් මම අදට ගිහින් එන්නම්කෝ..." කිව්ව ආයුග් නැගිටලා රූම් එකෙන් එළියට ගියා. ඒ යද්දි ආයුශ් හිටියේ කොයි වෙලේද ආයේ රූම් එකට එන්නේ කියලා බලාගෙන. ආයුශ්ටත් කට කොණෙන් හිනාවෙලා ආයුග් එතනින් ගියා.
ආයුග් ගිය ගමන් ආයුශ් ඇතුළට ගියා. ආයුශ් එනවා දැක්කම ආරුට හයියෙන් ඇඩුනා. ආයුශ් හිහින් ආරුව වැළඳගත්තම ආරු ආයුශ්ට තුරුල් වෙලා තව ටිකක් හයියෙන් ඇඩුවා.
සංජනා සදිල්ටයි රශ්මිටයි විස්තර ටිකක් උඩින් පල්ලෙන් කියලා කාටවත් කියන්න එපා කියලා යන්න ඇරියා. සංජනාත් රූම් එකට එද්දි ආයුශ් ආරුව බදාගෙන ඉන්නවා දැකලා සංජනා එළියට ගියේ දෙන්නට තනියම ඉන්න දීලා.
ආයුග් ආවේ හොටෙල් එකේ එයාගේ රූම් එකට. ඇත්තටම කිව්වොත් ආයුග් තමා මේ හොටෙල් එකේ ඕනර්.
" සරස් හොයපන් අරකිගේ ළමයා කාගෙද කියලා..."
" කාගෙද බන්..."
" සාක්ෂිගේඑ..."
" ඒකිට ළමයෙකුත් ඉන්නවද..."
" ඉන්න හින්දනේ තොට හොයන්න කිව්වේ..."
ආයුශ් ආරුගේ ඔලුව අතගාන ගමන් ආරුට අඬන්න ඉඩ දුන්නේ ඒකෙන්වත් ආරුගේ දුක තුනී වෙයි කියලා.
" ආරු.. මැණික.. කෝ බලන්න මං දිහා.. ඇඩුවා කියලා ඔයාට ඔක්කොම නිදහස් කරගන්න බෑනේ.. මට කියන්න මැණික මම ඔයාව අහගෙන ඉන්නවා ඕන වෙලාවක.. "
" අයියේ..."
" අයියේ මට මැරෙන්න ඕන.. මට තවත් මේ ජීවිතේ එපා අයියේ.. මට දුක් විඳලා එපා වෙලා තියෙන්නේ.. මම පොඩි කාලේ ඉඳලා දුක් වින්ඳා.. අනික් ළමයි අම්මලා තාත්තලා එක්ක සතුටින් ඉද්දී මට ඒකවත් තිබ්බේ නෑ.. දන්නවද අයියේ මම ස්කෝලේ යන කාලේ මට ටීචර්ලා උගන්නද්දි නින්ද යනවා ඇයි දන්නවද මම හැමදාම රෑට පන්දර වෙනකන් ඇහැරිලා ඇයි තාත්තා අම්මා එක්ක රණ්ඩු වෙනවා අම්මට ගහනවා.. දන්නවද අයියේ මම ස්කෝලේ ගිහින් ගෙදර එනකන් හිටියේ රත් වෙලා අම්මව ඇස් දෙකට දකිනකන් මගේ හිතට සැනසිමක් නෑ.. ඒ පිරිමියා හින්දා මම විදෙව්වා අයියේ අනික් ළමයි ඕලෙවල් ඉවර වෙලා සතුටින් ඉද්දී මම කරේ උදේ දවල් රෑ නැතුව අර ලැප් එකක් තියාගෙන සල්ලි හොයපු එක.. මට මගේ තාත්තා කියන කෙනාව පිරිමි එපා කෙරෙව්වා.. එහෙම හිටපු මගේ ජීවිතේට ආයේ මේ ආයුග් ඇවිල්ලා ඇයි අයියේ මට වද දෙන්නෙ... අනේ අයියේ මගේ අම්මා එයාට කරපු වැරැද්ද මොකක්ද අම්මා එක්ක එච්චර වෛරයක් තියෙන්නෙ.. අනේ අයියේ මට මැරෙන්න ඕන.. මට මැරෙන්න ඕනා.." හිතේ තියන වේදනාව වචනවලට හරවලා කිව්ව ආරු ආයුශ්ගෙන් මිදිලා දිව්වේ බැල්කනි එකට. ආයුශ්ට ආරු කලින් හැසිරුන විදි හොඳට මතක හින්දා ඉක්මනට ගිහින් ආරුව අල්ලගත්තා.
" ආරු මැණික සන්සුන් වෙන්න.. මම ඉන්නවා ඔයාව.. ආරු හැම පිරිමියාව එක වගේ නෑ.. හැම කෙනාම හොඳත් නෑ හැම කෙනාම නරකත් නෑ.. මාව විශ්වාස කරන්න මැනික.. ආරු මම ඔයාට අවුරුදු තුනක් තිස්සේ ආදරේ කරනවා. ප්ලීස් දැන්වත් මාව පිළිගන්න මැනික.."
ආයුශ් ආරුව බදාගෙන ආරුගෙන හිස සිප ගනිමින් කිව්වා.
" අයියේ ඔයා මොනාද මේ කියන්නේ..." කියන ගමන් ආරු ආයුශ්ගෙන ඈත් ව්එන්න හැදුවත් ආයුශ් ආරුව තදින් වැළඳගත්තා.
" මම කිව්වේ මම ඔයාට ආදරෙයි කියලා මැණික..."
" අයියේ ඔයාට පිස්සුද.. ඔයාට මට වඩා ගොඩක් හොඳ කෙල්ලක් හම්බෙයි.. ප්ලීස් මට බොරු බලාපොරොත්තු දෙන්න එපා අයියේ..."
" මැනික.. මට අතීතෙන් වැඩක් නෑ.. මට ඔයා තරන් හොඳ මට ගැලපෙන කෙනෙක් හම්බෙන්නෙත් නෑ.. මට ඔයාව ඕනේ ආරු.. ඔයා මගේ ආරු.. මම ඔයාට ආදරෙයි..."
" ඒත් අයියේ..."
" ෂ්ෂ්... තව එක වචනයක්වත් එපා.. " කිව්ව ආයුශ් ආරුගේ දෙතොල් සියුම්ව සිප ගත්තා. ඊටපස්සේ ආරුගේ තොල් අල්ලලා බැලුව ආයුශ්,
" මේ අර බල්ලාගේ වැඩ නේද.. මම ඕකව මරනවා අද..."
" අනේ එපා අයියේ ප්ලීස්.. මාව දාලා යන්නෙපා මාත් එක්ක ඉන්න..." ආරු ආයුශ්ව වැළඳගත්තේ ආයුශ් යන එක නවත්තන්න..
කොහොමහරි හවස් වෙනකොට ආයෙමත් ආරුව යථා තත්වෙට පත් කරගන්න ආයුශ්ට පුලුවන් වුනා. හවස් වෙනකන්ම ආරු එක්ක කාලෙ ගත කරපු ආයුශ් ආරුටයි සංජනාටයි පාර්ටියට යන්න ලෑස්තී වෙන්න ඉඩ දීලා ගියා.
තීම් එක බ්ලැක් කලර් කියලා කලින් කියලා තිබ්බ හින්දා ආරු බ්ලැක් කලර් ෆ්‍රොක් එකට YSL heels දාලා සිම්ප් මේකප් එකක් එක්ක ලස්ස්නට ලෑස්ති වුනා.
ආරු සංජනා එක්ක පාර්ටිය තියන හෝල් එකට යනකොට මේ වෙනකොටත් කට්ටිය ඔක්කොම වගේ ඇවිල්ලා. නිරූව ඇනී අම්මා ළඟ තියලා ආව හින්දා ආරු නිදහසේ එහාට මෙහාට ගියා. ආරු ස්කෝලේ ඉද්දී වැඩියේ යාලුවෝ ආශ්‍රය කරේ නෑ. එයත් එක්ක අවුරුදු ගාණක් තිස්සෙ එකට හිටියා එකම යාලුවා තමා සංජනා. ආරුගේ ඉස්සර පෙනුමත් එක්ක සමහරු ආරුව යාලුවෙක් කරගන්න කැමති වුනේ නෑ. තවත් අය ආරුට අකමැති වුනේ ආරු හැමවෙලේම ඉගෙන ගන්න වැඩවලදි පළවෙනි තැන ගන්න හින්දා.
ආරු එනවා දැක්ක රශ්මි ආරු ළඟට දුවගෙන ආවා.
" සාක්ෂි...දැන් කොහොමද ඔයාට..."
" දැන් අවුලක් නෑ රශ්මි..."
" එහෙනම් හොඳයි.. එන්නකෝ.. අපි පොඩි ගේම් එකක් හැදුවා..."
රශ්මි කට්ටියම අඬගහලා ගත්තේ මේසයක් ළඟට ඒ මේසේ වටේට පුටු තියලා තිබ්බා. ඔක්කොම පුටු තිස් දෙකක් තිබ්බේ ළමයි ගාණට. අවුරුදු හතකට පස්සෙ තමා මේ ගොඩක් අය හම්බෙන්නේ.
" අම්මටසිරි සංජනා දැක්ක කල්.. කවුද මේ..." පන්තියේ ආරුට ඇටෑක් එකට හිටිය පිරිමි ළමයා රනිදු ඇහුවා.
" මේ සාක්ෂි බන්.. ඇයි අඳුනගන්න බෑද..."
" හෑ.. සාක්ෂි.. උබ විහිලු කරනවද...."
" හරි හරි ගායිස්.. ප්ලීස් බි සයිලන්ට්.. එහෙනම් ඔන්න අද අපි අවුරුදු හතකට පස්සෙ හම්බුනා පස් හය දෙනෙක් නෑ ඒත් කමක් නැ එහෙනම් අපි පටන් ගමූ.. මුලින්ම ඔයාලා හැමොම ආව එකට ගොඩාක් ස්තූතියි.. අපි ගොඩක් කාලෙකින් හම්බුන හින්දා කට්ටිය දැන් මොකද කරන්නේ පහුගිය කාලේ මොකද කරේ කියලා දන්නෙත් නෑනේ ඒකට තමා මම මේ ගේම් එක හැදුවේ.. ම්ම්ම්.. මම මේ මේසේ තියලා තියන බෝල් එකේ අපේ නම් දාලා තියනවා ඉතින් මම එකක් අරන් නම කිව්වම එයා පහුගිය අවුරුදු ගාණේ යා මොකද කරේ කියලා කෙටියෙන් කියන්න හරිනේ.. එහෙනම් අපි පටන් ගමු... පළවෙනියටම දේදුනු..."
දේදුනු නැගිට්ටා.
" ම්ම්.. හායි කට්ටියටම.. ම්ම්.. මට නම් ඉතින් කියන්න විශේෂ දෙයක් නෑ.. ඒ ලෙවල් කරන්න බැරිවුනා..ම්ම්.. මම මැරි කරලා දැන් බබාලා දෙන්නෙක් ඉන්නවා.. එක්කෙනෙක්ට අවුරුදු හතයි අනික් කෙනාට හතරයි... ම්ම්.. එච්චර තමා ඉතින් මම ජොබ් එකක් නම් කරන්නේ නෑ..."
" හරි එහෙනම්.. දේදුනු ගැන දැනගත්තානේ..ම්ම්.. ඊළඟට.. සදිල්..."
" උබ මගේ නමම හෙව්වානේ බන්.. හරි ගායිස්.. මාව නම් ඉතින් ගොඩක් අයට එහෙන් මෙහෙන් හම්බෙනවනේ.. ම්ම්.. මම ඒ ලෙවල් කරාට පස්සේ ඩුබායි ගියේ කොහොමහරි අවුරුදු පහක් එහෙ ඉඳලා දැන් මෙහෙ ෆෝන් ෂොප් එකක් දාගෙන වැඩ කරගෙන යනවා..අර්.. තව.. ආ.. මම ලබන අවුරුද්දෙ බඳිනවා.."
" අඩොහ්.. "
" හරි හරි.. ඊළඟට... සත්සර..."
" ඉතින් කට්ටිය කොහොමද.. මට නම් වැඩියේ කට්ටියව හම්බුනෙත් නෑ.. මම ඒ ලෙවල් මැදින් නතර කරලා කෝස් එකක් කරා.. දැන් මම ටුවරිස්ට් ගයිඩ් කෙනෙක් විදිහට වැඩ කරනවා SA Universal Hub එකේ..."
" අඩෙහ් ඇත්තටම උබ ඒක්ද වැඩ කරන්නේ.. " රනිදු.
" ඔව් දැන් අවුරුදු හතරක් විතර වෙනවා.. ම්... මට දැනට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා දැන්ම නම් මැරි කරන අයිඩියා එකක් නෑ..."
" ඕකේ එහෙනම් බලමු ඊළඟ එක්කෙනා... රශ්මි.. මමමයි නේ.. හරි ගායිස්.. මම ගැන කිව්වොත් මම ඒ ලෙවල්වලින් පස්සෙ ගුරු විද්‍යාලෙට ගියා.. ම්ම්.. දැන් නම් මහමායා එකේ Music teacher කෙනෙක් විදිහට වැඩ කරනවා.. මම මැරි කරා.. ම්ම්.. එයා නම් බිස්නස්මන් කෙනෙක්.. මම දැනට දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නවා දැන් මාස දෙකක්..." රශ්මි ආඩම්බරෙන් කුසත් අතගාලා කිව්වා.
" අඩෙහ් congratulations බන්.. " හැමෝම රශ්මිට සුබ පැතුවා.
ඒ විදිහට දහදෙනෙක් වගේ එයාලාගේ විස්තර කිව්වා.
" ම්ම්.. මේ පාර ඔන්න අපේ වැඩ්ඩා රනිදු..."
" ඉතින් ගයිස්.. සෑහෙන කාලෙකින්.. මම ඒ ලෙවල්වලින් AAB දාලා පේරා කැම්පස් ගියා.. දැන් software engineer කෙනෙක්.. ම්ම්.. මම මේ දවස්වල SA Universal Hub එකේ interview යන්න ලෑස්ති වෙලා ඉන්නේ මට ශුවර් ජොබ් එක නම් හම්බෙනවා කියලා කොහොමත්.. අපි වගේ අය ගන්නැතුව තව කාව ගන්නද.. " රනිඳු ආරු දිහාත් සම්ච්චලෙන් බලමින් කිව්වා. ඒත් ඉතින් සංජනාට නම් බකස් ගාලා හිනා ගියේ ඒ කතාවට.
" මොකද හිනා වෙන්නේ සංජනා... දන්නවද SA Universal Hub කියන්නේ කොච්චර ලොකු කම්පැනි එකක්ද කියලා. එතනට ගන්නේ දක්ෂයෝ විතරයි.. අනිවාර්‍යෙන් හැමෝටම ලක්ෂේ පන්නලා පඩි.. දැන් එයාලා අලුත් බිල්ඩින් එකකුත් ඕපන් කරනවා ලබන සතියේ එකේ තමා මගේ ඉන්ටව් එක තියෙන්නෙත්.. " රනිඳු හෙන ගැම්මෙන් කිව්වා.
හැබැයි ඉතින් මේ වෙලාවේ නම් සංජනා විතරක් නෙවෙයි ආරුත් හිටියේ බොහොම අමාරුවෙන් හිනාව තද කරගෙන.
" අර්.. හරි එහෙනම්.. ඊළඟට.. ම්ම්.. සංජනා..."
" හායි ගයිස්.. ඒ ලෙවල්වලින් පස්සෙ මම රුහුණ කැම්පස් එකේ මැනේජ්මන්ට් ෆැකල්ටියට ගියේ... ම්ම්.. දැන් නම් මම පර්සනල් ඇසිස්ටන් කෙනෙක් විදිහට වැඩ කරනවා..."
" අප්පෝ පර්සනල් ඇසිස්ටන්ද.. පඩිය කීයද සංජනා.." රනිඳු සංජනාව බයිට් කරන්න හිතාගෙන කිව්වා.
" ආ.. ඔයා මගේ පඩිය ගැනද අහන්නේ රනිදු.. මගේ බේසික් එක නම් ලක්ෂ දහයයි.. කොහොමත් එහෙම් මෙහෙන් එකතු වෙලා මගේ මාගේ පඩිය ලක්ෂ පහළොවක් විතර වෙනවා..." සංජනා එහෙම කියලා රනිඳුට සම්ච්චලේට හිනා වුනා.
" අඩෙහ්.. උබ කා ළඟද බන් වැඩ කරන්නේ එච්චර පඩියක් ගන්න..." පිරිස අතරේ හිටිය කොල්ලෙක් ඇහුවා.
" අහ්.. මම වැඩ කරන්නේ SA universal hub එකේ ownerගේ personal assistant විදිහට... මේ දැන් රනිදු කිව්වේ ආං ඒ කම්පැනි එකේ..."
" අඩෙව්..මරුනේ බන් උබ.."
සංජනා ආඩම්බරෙන් බැලුවේ ආරු දිහා.
" අඩෙහ් මේ උබට කොල්ලෙක් එහෙම ඉන්නවද..."
" නෑ බන්.. තාම මගේ ටයිප් එකේ මගේ හබීව මට හම්බුනේ නෑ කවදා හරි හම්බෙයිනේ..."
" ම්ම්.. හරි එහෙනම් සංජනාට ජයවේවා.. ඊළඟට.. සාක්ෂි.. අඩෙහ් බන් උබලා දෙන්නට කොහෙ ගියත් එකටම නේ බන්..." රශ්මි හිනා වෙමින් කිව්වා.
" හායි ගායිස්.. මාව නම් ගොඩක් අයට මතක නැතුව ඇති.. සමහරුන්ට අඳුරගන්නත් බැරිවුනා.. මම නම් ඒ ලෙවල්වලින් පස්සේ කොළඹ කැම්පස් එකේ සයන්ස් ෆැකල්ටියට ගියේ... අර්.. ඊටපස්සේ හාර්වඩ් යුනිවර්සිටි එකට scholarship එකක් හම්බෙලා එහෙදිම Phd එකත් කරා.. ම්ම්.. මම දැන් තව සති දෙකකට පස්සේ කොළඹ forensic එකේ වැඩ භාරගන්නවා.. ම්ම්.. ඊට අමතරව පොඩි කම්පැනි එකක් කරගෙන යනවා..."
" අඩෙහ්.. උබට කම්පැනි එකකුත් තියනවද සාක්ෂි.. වේකන්සි එහෙම නැද්ද මේ අපේ පැත්තේ ඒ ලෙවල් කරපු පොඩි උන් සෙට් එකක් ඉන්නවා ජොබ් හොය හොය..." රනිදු ආරුවත් විහිලුවකට ගත්තා.
" රනිදු මගේ කම්පැනි එකේ වැඩට එන්න නම් දැන් මේ වෙනකොට නෝමල් ඩිග්‍රී එකත් මදී..." ආරු රනිඳුව ඒ තරන් ගණන් නොගෙන හිටියා.
" මොකක්ද යකෝ උබේ ඔච්චර මහලොකු කම්පැනි එක..."
" SA Universal Hub..." ආරු ඇඟට පතට නොදැනී කිව්වා.
" මොකක් විහිලු කරනවද..." හැමෝම පුදුම වුනේ ආරුගේ ඒ කතාවට.
" ආරු මොකටද විහිලු කරන්නේ.. මම එයාගේ තමා personal assistant.. දැන් අවුරුදු දෙකක් මම එයා එක්ක වැඩ.. රටවල් පහක මේ වෙනකොට ඒකේ බ්‍රාන්චස් තියනවා.. ලංකාවේ තමයි මේන් බ්‍රාන්ච් එක තියෙන්නේ.. " සංජනා එයාගේ පඩිය ගැන කතා කරාටත් ව්අඩා ආඩම්බරෙන් කිව්වා.
රනිදුගේ නම් කට වැහුනා හැබැයි.
" සාක්ෂි.. ඔයා නම් මරුනේ.. ඒත් මෙච්චර පොඩි කාලෙකින් කොහොමද එච්චර දෙයක් කරේ..." සදිල්.
" පොඩි කාලයක් නෙවෙයි සදිල්.. ලබන 24 වැනිද අවුරුදු දහයක්.. "
" සාක්ෂි.. ඔයා එච්චර දෙයක් කරපු විදිහ ගැන අපිට කියන්නකෝ ප්ලීස්.. ඔයා ගැන ඇත්තටම මට නම් මාර ආඩම්බරයි..." ඒ පොඩි කාලෙ ඉදලා ආරුට ඊර්ෂ්‍යා නොකර ආරුත් එක්ක ටිකක් ළඟින් හිටිය කෙනෙක්.
" ම්ම්ම්.. හොඳයි.. මම අපේ ගෙදර තිබ්බ ආර්ථික අපහසුතා හින්දා පොඩියට free lancing වැඩ පටන් ගත්තා.. හරියට. logo making, copy writing, designing වගේ වැඩ.. ටික කාලයක් යද්දි මට ඒක වැඩි දියුණු කරගන්න පුලුවන් වුනා.. ඒ වගේම මට එන වැඩත් වැඩිවුනා.. ඊටපස්සේ තමා මම තව දෙන්නෙක් වැඩට ගත්තා.. එහෙම යද්දී තව තව වැඩ ආවා මගේ ඒ ලෙවල් එක්ක මට වැඩ කරගන්නත් අමාරු වුන හින්දා මම තව පනස් දෙනෙක් වැඩට ගත්තා.. එයාලා ගෙවල්වල ඉදන් තමා වැඩ කරේ මුලින්ම.. පස්සේ මම කොහොමහරි ඒ ලෙවල් ඉවර වෙලා පොඩියට කම්පැනි එක පටන් ගත්තා.. ඉතින්.. එතනින් පස්සේ හිතුවෙත් නැති විදිහට වැඩ එක දිගට ආවා... මම සාර්ථක වුනා.. මට හිතිලා මම තව තව පොඩි පොඩි බිස්නස් ඇඩ් කරා.. හරියට දැන් සත්සර කිව්වේ එයා ගයිඩ් කෙනෙක් කියලා.. ඒ වගේ තව වාහන රෙන්ට් කරන වැඩ.. ගොඩම් ඒවා තියනවා.. හැම්දේම වගේ තියනවා ඉතින්...අද මේ වෙනකොට මම කම්පැනි එකේ වැඩ ලොකුවට බලන්නේ නෑ.. ඒ වගේ එක එක සෙක්ෂන්වලට කට්ටිය දාලා එයාලා ඒවා මැනේජ් කරනවා අනික සංජුත් ඉන්න හින්දා මම ඔහේ ඉන්නවා.. "
" ඔයා නම් මරු සාක්ෂි.. වෙල් ඩන්..." හැමෝම සාක්ෂිට හොද කිව්වේ පහුගිය ගිය කාලේ එයාලා සාක්ෂිව මඟ හැරිය හැටිත් අමතක කරලා දාලා.
ආරුගේ මේ කතාව ආයුග් පැත්තක ඉඳලා අහගෙන හිටියේ. ඒ වෙලාවේ එතනට ආයුග්ව හොයාගෙන ආවේ සරස්...
" යුග් වැඩේ හරි බන්.. හොයාගත්ත... ළමයා ගැන විස්තරේ හොයාගත්තේ..."
" කියපන්.."
" නදුලි.. අර අතුරුදහන් වුන කෙල්ල.. ඒකිව එදා අතුරුදහන් කරලා තියෙන්නේ වෙන කවුරුත් නෙවෙයි සාක්ෂිම තමා.. ඒකට උබේ මල්ලිත් හවුල්.. නදුලිට ඊට මාස නවයකට පස්සේ ළමයෙක් හම්බෙලා තියනවා.. ඒත් ළමයා හම්බෙලා පහුවදා නදුලි මැරිලා ළමයාගේ භාරකාරිත්වය අරන් තියෙන්නේ සාක්ෂි.. ඒ ළමයා තමා නිරුකි කියන්නේ.. පහුගිය අවුරුදු දෙකම ළමයව බලන් තියෙන්නෙ සාක්ෂි..."
" ආ ඒකත් එහෙමද.. මං හිතුවේ ඒ කෙල්ල මගේ ළමයෙක් කියලා..."
" උබ නම්.. අනේ මන්දා බන්..."
_____________________________________
හැම ප්‍රශ්නෙටම උත්තර හම්බුනා නේද එහෙනම්... සප්‍රායිස් වුන අය කියාගෙන යන්නකෝ එහෙනම්....
හැබැයි තව දෙයක් තිබ්බා ළමයි ඔයාලා හොයාගත්තේ නෑ ඒක තාම😁
reaction දාන්න comment කරන්න
ආදරෙයි හැමෝටම 🖤

❤️
❤
😂
🙏
58