
දහයෙ පැයේ ඩේසි පන්හිඳ"|🌼|🇱🇰
June 14, 2025 at 04:34 AM
*බිහිසුණු දාම ඝාතකයෙකු හඹා ආ දූෂකයා*
- 🔪🖤 •
ඇය සැන්ඩිරා රොමේරෝ ය..
පැරිසිය යනු අයිෆල් කුළුණ සමඟ යාවුණ සුන්දර පාරාදීසයකි. ඇය ජීවත් වුණේ බැටිනොල්ස් යන සුන්දර නගරයේය. දෙමව්පියන්ගෙන් වෙන් වී ජීවත් වෙන ඇය තනිව නිදහසේ කාලය ගත කලේ සුඛෝපභෝගී නිවසකය..
දිගු දුඹුරු පැහැ කඩා හැලෙන කොණ්ඩයක් හිමි 5' 6 ක් උස ඇයට පෙනුමෙන් අඩුවක් නොවුණි. එමෙන්ම නිල් පැහැ දෑස් වලට අයිතිවාසිකම් කියූ ඇය නිහැඬියාව පිරි තරු මිටියාවතක් වැනිය..
අවට වෙසෙන මිනිසුන් දන්නෙ ඇය රහස් පරීක්ෂකවරියක් යන වග පමණි. සැන්ඩිරා පිටතට යන එන වේලාවක් වත් ඔවුන් දන්නේ නැත. ඔවුන් කලාතුරකින් ඇයව දකියි. එයත් පැරීසිය අවට මොන යම් ආකාරයක හෝ අපරාධයක් සිදු වුණොත් පමණි.
මෑතකදී සිදු වූ දරුණුම අපරාධයක් වුණ "ගැහැණු ළමුන් හත් දෙනාගේ මරණය" පවා විසඳුවේ සැන්ඩිරා රොමේරෝ ය. දක්ෂතාවය නිසා ඇගෙ නම පවා පුවත්පත් වල මේ අපරාධය විසඳීමේ පුවතේ ඉහලින් තිබුණි..
නමුත් ඇය කිසිම දිනයක මාධ්‍ය සාකච්ඡාවකට ඉදිරිපත් නොවීය. තමා සැඟවුණු අමුත්තෙක් නොවුණත් ඒවා විකාර ලෙසටත් තමන් ප්‍රමුඛත්වය දෙන්නේ අපරාධ විසඳීමට පමණක් බවත් සැන්ඩිරා මාධ්‍යයට එක දවසක පවසා තිබුණි.
රෑ බෝ වුණු නිසාවෙන් කෝපි කෝප්පයත් රැගෙන රූපවාහිණිය ක්‍රියාත්මක කල ඇය ආලින්දයෙන් වාඩි වුණේ ප්‍රියතම වැඩසටහනක් නැරඹීමටය. ඒ අපරාධ විසඳීම් සම්බන්ධවයි. මෙම වැඩසටහන නරඹන වෙලාවට ලැබෙන ඇමතුම් පවා ඇය අවහිර කර දුරකථනය නිශ්ශබ්ද කර තැබීමට අමතක කරන්නේ නැත. මන්ද, මෙම වැඩසටහන විකාශය වන විට තමාට බාධා කිරීමට එන මිනිසුන්ට ඇය අකමැති හෙයිනි.
"ඔයා මිස් සැන්ඩිරා රොමේරෝ ගැන මොකද හිතන්නේ ?."
"ආහ්. ඇය නම් දකෂ ගැහැනු ළමයෙක්. මම හිතන්නේ ඒ පොඩි වයසට තියන විදිහේ මනසක් නෙවෙයි ඇයට තියෙන්නේ. ඉතාමත් තාර්කිකව තමයි සැන්ඩිරා හිතන්නේ. මේ වගේ පොඩි වයසකින් ඇය මේ වගේ තැනකට ආපු එකට මුළු රටේම මිනිස්සු පුදුම වෙලා වගේ බලාන ඉන්නේ."
රූපවාහිණියෙ තමාගේ වතගොත ගැන කතා වෙන නිවේදකයෙකුත් ඉදිරිපත් වන්නෙකුත් අතර වන සංවාදයක් ඇයට ඇසුණි. ඇත්ත වශයෙන්ම එය ඇයට ලොකු ආඩම්බරයක් ගෙන දුනි.
Ding Dong 🔔..
නිවසේ සීනුව නාදවෙන නිසා ඇය රූපවාහිණිය සැනින් විසන්ධි කලාය. තමන්ට මේ අවස්ථාවේ බාධා කරන්නට එන පුද්ගලයා කව්ද යන්නත්, ඒ පුද්ගලයාට දඬුවමක් දී යවන බවත් සැන්ඩිරා දැඩිව සිතා ගත්තාය.
දොර විවෘත කල ඇය දුටුවේ කළු පැහැ හූඩි එකකින් සහ කළු ඩෙනිමකින් සැරසී ගත් කළු හිස් වැසුමක් සහ කළු ලේන්සුවකින් මුහුණ ඇස් පමණක් පෙනෙන ලෙස මුව ආවරණය කර සිටින කඩවසම් පිරිමි ළමයෙක්වය.
ඔව්.. ඒ ඇයට හොඳින් හුරු දෑසකි..
"ඒඩ්‍රියන්.."
සියුම් හඬින් ආමන්ත්‍රණය කල ඇය දොර සම්පූර්ණයෙන් විවෘත කර ඔහුට ඇතුලට ඒමට අවස්ථාව දී එතනින් කෑම මේසය අසලට ගියාය.
අඩි 6' 0 උස ඔහු සුදු හමකින් යුත් කළු කොණ්ඩයක් සහ දුඹුරු ඇස් ඇති කඩවසම් පිරිමි ළමයෙක් විය. එමෙන්ම අවුරුදු තුනකට පෙර ඔහු සැන්ඩිරාගේ ප්‍රථම ආදරය විය. නමුත් දැන් ඒ දෙදෙනා වෙන්වී අවුරුදු දෙක හමාරක් ගත වී තිබුණි.
සැන්ඩිරාට ඉදිරිපසින් ඉඳගත් ඒඩ්‍රියන් නාසයේ බැඳ තිබූ ලේන්සුව ඉවත් කර තොප්පියත් ගැලෙව්වේය. වෙන්වුණු දා සිට අද වෙනකම් ඇය ගැන සොයා වත් නොබලපු ඔහු හදිසියේම ඇවිත් මෙලෙස තමා ඉදිරියේ පෙනෙන්නට ඉන්න ආකාරය දැක ඈට පුදුම සිතුණාය.
"පුදුමයි ඔයා මෙහෙ ආවා කියන එක."
"සමහර දේවල් මගෙ මතකයේ තාම තියනවා සැන්ඩි."
"මොන වගේ දේවල්ද. ඔයා කරපු අපරාදෙ ගැනද ?"
නිවැරදියි.. ඒඩ්‍රියන් මීට කාලයකට පෙර ගැහැණු ළමයෙක් දූෂණය කල නිසා නඩුවකට පැටලුණි. නමුත් දැන් ඔහු ඇප මත නිදහස් වී ඇත. වෙනත් ගැහැණු ළමයෙකු වූවා නම් මොහු දැක බිය වී කෑ ගසන්නට ඉඩ තිබුණි. එහෙත් පෙර සිටි අහිංසක සැන්ඩිරාගේ අද මූහුණේ තිබුණේ වෙනස් බැල්මකි. ඔහුට එය පුදුමයක් විය.
එසේ නොමැතිව ඇය පෙර වගේ අහිංසක යුවතියක් වුණි නම් මේ ලෙසින් ඔහු දෙස, කලබලයක් නොමැතිව බලා සිටින්නේ නැත.
"මම ඒක හිතලා කරපු දෙයක් නෙවෙයි සැන්ඩි."
"එහෙනම් ඇයි මෙච්චර දෙයක් උනේ ?"
"ඔයා බබෙක් වගේ කතා කරන්න එපා සැන්ඩි. මම දන්නවා ඔයා නෝලන් වයි ක්රිස්ටිනාවයි මැරුවා කියලා."
එය කියද්දි ඇය ඔහු දෙස බලා සිටියේ හිස් හැඟීමකිනි. නමුත් හදිසියේම ඒ මූණෙ ඉරියව් වෙනස් වී ඇය වහලය දෙස බලාගෙන පිස්සියක් මෙන් සිනහා වෙන්නට ගත්තේ ඒ හඬ කෑම කාමරය පුරා රැව් දෙද්දිය.
"පිස්සුවක්ද.. ඒඩ්‍රියන් ?"
"මට පිස්සු නැහැ. ඔයා එහෙම කලා. ඔයා තමයි මගෙ මල්ලිවත් මරලා දැම්මේ. ඒ විතරක් නෙවෙයි. ඇන්ජලීනාවත් මරලා දැම්මෙ ඔයා නෙවේද ?"
"මට තේරෙන්නෙ නෑ ඔයා මොකාටද එන්න යන්නෙ කියලා ?"
"ඇත්ත කියලා පොලිසියට බාර වෙනවා සැන්ඩි."
"ඇයි මම එහෙම කරන්නෙ. මම කාවවත් මැරුවෙ නෑ."
"මට වත් ඇත්ත කියන්න.. ටීවි එකේ හැම වෙලේම කියන තාමත් පොලිසිය තියා රහස් පරීක්ෂක වරුන්ටවත් හොයාගන්න බැරි කිලර් ඔයා නේද සැන්ඩිරා."
"ඔයාව Television Series එකකට වත් Select උනාද මේ විදිහට අමුතු දෙබස් කියන්නේ ?."
"නෑ.. ඔයා බොරුවට ඒ කිලර් ගැන හොයන්න එපා. මොකද ඔයා ඔය හොයන්නෙ ඔයා ගැනමයි."
"ඒඩ්‍රියන්.. ඔයාට සීතලට පිස්සු හැදිලා. ඉන්න මම කෝපි එකක් අරන් එන්නම්."
සැන්ඩිරා මුළුතැන්ගෙට ගොස් කෝප්පයකුත් රැගෙන කෝපි ඇට ස්වල්පයක් කෝපි කුඩු කිරීමට යොදා ගන්නා යන්ත්‍රයට දමා අඹරා කෝපි කුඩු ස්වල්පයක් සාදා ගත්තාය. ඒ අතරතුරේදි ඈ පිටුපසට බැල්මක් යොමු කරද්දී වාඩි වී සිටි ඒඩ්‍රියන් එතැන සිටියේ නැත.
ඇය ඇගේ කාමරයට ගොස් සෙව්වේ ඔහු එතැන ඉන්නට 99% ක්ම ඉඩ කඩ තියන නිසාවෙනි. ඇය එබී බලත්ම ඔහු ඇගේ අල්මාරිය අවුස්සන බව ඇය දුටුවාය නමුත් එය එතරම් ගණන් නොගත් ඇය යලිත් මුළුතැන්ගෙට ගියේ කෝපි ලැහැස්ති කිරීමටය.
ඇගේ අල්මාරිය අවුස්සන ඔහුට කිසි දෙයක් සොයා ගන්නට බැරි විය. අල්මාරියේ පහලත් ඉහලත් සොයා බැලුවත් අංශු මාත්‍රයක දෙයක් හමු වුණේ නැත. නමුත් අල්මාරියේ හදිසියේ ඔහුගේ අත වැදුණි. එවිට එහි පිටුපස ලීයෙන් ඔහුට වෙනස් ශබ්දයක් ඇසුණි.
රෙදි ඈතට කර නිරීක්ෂණය කල ඒඩ්‍රියන්ට හමු වුණේ කුඩා ලොකර් එකකි. එය විවෘත කර බැලීමේදි ඔහුට ඇගේ දින පොතක් හමු විය.
එහි මුල පිටු හිස්ව තිබුණි. අඩක් පෙරලන් යන විට ලේ සහිත අත් වලින් ස්පර්ශ කල ඇඟිලි සටහන් සහිත පිටු හමු වුණේය. ඇය මේ අවුරුද්ද තුල සිදුවූ මිනීමැරුම් විසි පහටම වග කිවයුතු දාම ඝාතකයා බව එවිට ඔහුගේ හිතට තරයේම දැනුණේය.
මක් නිසාද යත්, අවුරුද්දක් වැනි කලක් ඇතුලත මිනිසුන් විසි ගණනක් ඝාතනය කල කෙනෙකුට මෙවැනි අයගෙන් බේරීමට තරම් තාර්කික බුද්ධියක් තියෙන්නට අවශ්‍ය බව දන්න නිසා.
"ඒඩ්‍රියන්.. කෝ ඔයා."
ඇය ආදරණීය ලෙසින් තමාට ආමන්ත්‍රණය කරද්දී ඒඩ්‍රියන්ගේ හිතට අමුතුම බියක් දැනුණි. සැන්ඩිරා එතෙනට පැමිණීමට කලින් ඔහු සියල්ල පිළිවෙළ කර කාමරයෙන් පිටතට පැමිණියේය. නමුත් ඒ වන විටත් ඇයත් එතනය..
"ඇයි මගෙ කාමරේට ගියේ ?"
"අ.. මට වොශ් රූම් යන්න ඕනි උනා."
ඇය ඔහුව කැඳවාගෙන ගොස් මේසය මත කෝපි කෝප්පය තැබුවාය. ඔහු ඒ දෙස මදක් විමසිල්ලෙන් බැලුවේ ඇය එයට කුමක් හෝ විෂ සහිත යමක් එක්කලාද යන්නයි. ඒ සමඟම ඔහු දුටුවේ කෝප්පයේ කෝපි මත සුදු පැහැ කුඩක් පාවෙන ආකාරයයි.
ඔහු සැන්ඩිරා දෙස දෑස් යොමු කලාට ඇය එතන සිටියේ නැත. දැනුණු සැකයට ඔහු එතනින් නැගිට පිටුපසට හැරෙද්දීම, ඔහුට පෙනුණේ තමාගේ හිසට යමකින් වැදුණු තද පහරකින් දෑස් කළුවර වී යන බවක් පමණි..
........
පැය කිහිපයකට පසු ඔහු අපහසුවෙන් හෝ දෑස් විවර කලේ 'තමන්ට කුමක් උනාද' වත් නොදැනයි..
එය තද කළුවර පරිසරයකි.. මේ සැන්ඩිරා රොමේරෝ ගෙ නිවස නම් නොවේ. ඉදිරියෙන් රතු පැහැ ආලෝකයකින් ඇගේ රූපය දිස් උනේ ඒඩ්‍රියන්ගෙ හදවත ක්‍රමයෙන් භීතියට පත් කරමිනි..
ඈ කලේ පුටුවක හිඳගෙන කකුලක් පිට කකුලක් දමාගෙන එහු දෙස එක එල්ලේ බලා සිටියා පමණි.
"ඔයා සද්ද නොකර හිටියා නම්.. ඔයාට අද මේක වෙන්නෙ නෑ ඒඩ්‍රියන්."
ඇගේ කටහඬ ඒ කාමරය තුල දෝංකාර දුන්නේය. ඔහුට දැන් දැනෙන්නේ තමාත් ඇගේ අතින්ම මරණයට පත් වෙන බවයි.
"මාව මරන්න එපා සැන්ඩි. මං ඔයාට තාමත් එදා වගේම ආදරෙයි."
"මොකක්ද කිව්වෙ ?"
ඇය පුදුම වෙලා වගේ ඔහු දෙසට ආවේ දිගු කඩුවක් වැනි දෙයක් අතෙහි රඳවගෙනය. ආදරය ප්‍රකාශ කල එම වචන පෙල ඇසුවායින් පසුව ඈ වෙනස් වුණ බව ඔහුට තේරුම් ගියේය..
"මේ.. මට.. ආදරේ කලා.. තමුසෙ ?"
"ඔව්."
මරණයෙන් ගැලවෙන්නට ඔහුට කීමට තිබූ එකම දෙය ඇයට ආදරෙයි යන්න පමණි..
"එදා ඔයා මට කියලා ගියානෙ මම මහ බෝරින් කෙල්ලෙක්, ඔයාට මගෙන් සෑහෙන්න බැහැයි කියලා. ඒත් ඇයි එහෙම වෙලා ආදරේ කරන්නේ.. ඒකත් මේ අවස්ථාවට විතරද ?"
"නෑ සැන්ඩි."
"තමුසෙ ආවෙ මාව Rape කරන්න. මම ඒක දන්නවා ඒඩ්‍රියන්. ඒ කෙල්ලට කරපු දේ මටත් කරලා මගෙන් පලි ගන්න ඕනි උනා නේද ?"
"අනේ නෑ සැ.."
ඔහු කියන්නට ආ දේ පවසන්නට කලියෙන් ඇය තමාගේ දෙතොලට දබරැඟිල්ල තබා පෙන්වුවේ 'තව දුරටත් කතා කරන්න එපා' යන ලෙසයි..
"ඔයාගෙ නම්බර් එක විසි හය.. Keep it in your mind babe."
ඒ සැනින් ඇගේ අතෙහි තිබූ කඩුවෙන් ඒඩ්‍රියන්ගේ පාද වලලු කරින් වෙන් උනේ ඔහු මර ලතෝනි දිදී කෑ ගසද්දියි. පිටත කිසිම මිනිස් පුළුටක් හෝ නිවාසයක් නොතිබුණ නිසා ඔහුගේ කෑ ගැසිල්ල සැන්ඩිට මිස කිසිම වෙනත් කෙනෙකුට ඇසුණේ නැත..
......
"මිස් සැන්ඩි.. ඔයාට ගඟ ගාවට එන්න පුළුවන්ද ?"
"ඕ.. මොකක්ද හේතුව නතාෂා ?"
"ගඟේ උඩ ඉඳන් පාළම යටට මනුස්සයෙකුගෙ ශරීර කොටස් එකතු වෙනවා. දැනට අපි කොටස් ගොඩාක් හොයා ගත්තා. සර් ඇන්ඩෲස් ඔයාට එන්න කියන්න කිව්වා."
"ආහ්. හරි.. මම එන්නම්."
සැන්ඩි ලැහැස්ති වී තමාගෙ වාහනයත් රැගෙන ගියේ ගඟ අද්දරටය. එතැනට පොලිසියෙන් සහ ඈ දන්නා නියෝජිතයන් කිහිප දෙනෙකුත් පැමිණ සිටියෝය. ඒ සියල්ල පසු කරමින් ඇය නතාෂා සොයාගෙන ගියේ මේ ගැන වැඩි දුර විස්තරයක් අසා දැන ගන්නටය.
"ආ.. මැඩම් ආවද."
"මොකක්ද වෙලා තියෙන්නේ ?"
"ශරීර කොටස් විසි හයක් හොයා ගත්තා. ඒ අවසාන ගාන. කවුරු හරි ඒ කෙනාව කොටස් එකසිය විසි හයකට කපලා ගඟට දාලා තියනවා. ඒත් දාන්න කලින් ඒ කොටස් පොඟවලා තිබිලා තමා නිදහස් කරල ගඟේ පහලට එවලා තියෙන්නේ. ඉතින් කිසිම සාක්ෂියක් හොයාගන්න බෑ."
"මේක මාර අපරාධයක් නේ."
ඒඩ්‍රියන්ගෙ මරණයෙන් දින කිහිපයකට පසු ඇය පණ පිටින් මැරූ ඔහුගේ කොටස් ගඟට දැමීමට තීරණය කලාය..
"මිස් රොමේරෝ.."
සැන්ඩිරාට ඇසුණේ ඇගේ පිටුපසින් කතා කරන පිරිමියෙකුගේ කටහඬයි. ඔව්.. ඒ නීතීඥ ස්මිත්. ඔහු ඇය දෙසට පිය මැන්නේ තියුණු බැල්මක් සහිතවය..
ඒ ඔහුගේ ස්වභාවය සහ සැන්ඩිරා රොමේරෝට ගිජුව බලන බැල්මක ආකාරයයි..
"මොලකාරයෙක් තමයි වැඩේ කරලා තියෙන්නේ. නේද සැන්ඩි."
"අහ් 😄.. මං වගේ කෙනෙක් වෙන්නත් පුළුවන්."
ඔහුත් ඈ සමඟම සිනා සුනේ ඈ කීවේ විහිළුවක් බව සිතාගෙනය..
එලෙසින් රහස් පරීක්ෂකවරියක් වූද තවමත් සොයා නොගත් දාම ඝාතකයෙකු වූ සැන්ඩිරා රොමේරෝගෙ විසි හය වන ඝාතනයත් සාර්ථක විය 🖤..
••••••••••••••••••••••••••••••••••••••••••••••
🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤
2022 November 22 ලියලා තියෙන්නේ. සතුටුයි මුල් කාලෙ ලියලා තියෙන එකක් විදිහට මේ ගානට හරි ලියලා තියෙන එක. අඩුපාඩු ඇති. විශේෂයෙන්ම Plot එකේ. ඒක බෝරින් වගේ ඇති. Thriller එකක Beginning ශෝර්ට් ස්ටෝරියකට තමා මේක ගත්තේ. නමුත් ඉදිරියට හොඳම එකක් මගෙන් බලාපොරොත්තු වෙන්න ළමයි.
ඉතින්.. කතාව ඉවරයි යාලුවනේ. මම මේක මගේ වට්සැප්, ටෙලිග්‍රෑම් නාලිකා වල විතරයි Share කරන්නේ. ඔයාලට ඒක වෙනත් සමූහයක දාන්න අවශ්‍යම නම් මගෙන් ඉල්ලගන්න..
`Do not copy or share without author's permission`
> Im Sachy Collins..

❤️
♥
💗
💛
🩷
🫶
35