
Solution Srilanka
May 27, 2025 at 05:39 PM
වරප්‍රසාදිත දේශපාලකයන් , රාජ්‍ය නිලධාරීන් විසින් ජනාධිපති අරමුදල අවභාවිතා කර මුදල් ලබාගැනීම ගැන පසුගිය කාලය පුරාම කතිකාවට ලක් වුනා..
ඒ කතිකාවත වඩාත් ත්‍රීව්ර වුනා සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස විසින් ජනාධිපති අරමුදලින් මුදල් ලබාගත් දේශපාලකයන්ගේ නම් ලැයිස්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ..
හෙලයේ නිලි රැජිනගේ අභාවයත් සමඟ නැවතත් ඒ මාතෘකාවෙන් සමාජය උනුසුම් වෙලා තියෙන්නෙ. මන්ද මාලනි ෆොන්සේකා මහත්මියත් ජනාධිපති අරමුදලෙන් ලක්ෂ 55 ලබාගෙන තිබීම හා ඇගේ නම සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කල ලේඛනයේ අන්තර්ගත වීම..
ජනාධිපති අරමුදල කිව්වට අතිශයින් බහුතරය එහි නෛතික තත්ත්වය පිළිබඳව දන්නෙ නෑ. මේ සටහනේ අරමුණ තමයි ජනාධිපති අරමුදලේ නීතිමය පැතිකඩ පරීක්ෂාවට ලක් කිරීම..
ජනාධිපති අරමුදල ආරම්භ කරන්නේ ජේ ආර් ජයවර්ධන ජනාධිපති කාලේ. ඒ 1978 අංක 07 දරන ජනාධිපති අරමුදල් පනතින්.
පනතේ 2 (1) වගන්තියෙන් තමයි ජනාධිපති අරමුදල පිහිටුවන්නෙ. 2 (2) උප වගන්තියට අනුව අරමුදලට නෛතික පුද්ගලභාවයක් ලබා දී තිබෙනවා. ඒ අනුව එය පොදු මුද්‍රාවක් සහිත සමාගමක්. අරමුදල විසින් හා අරමුදලට විරුද්ධව නඩු පවරන්න පුලුවන්..
පනතේ 03 වන වගන්තියට අනුව අරමුදල පාලනය , පරිපාලනය හා කළමනාකරණය සඳහා පාලක මණ්ඩලයක් පත් කර තිබෙනවා. එකී මණ්ඩලය ජනාධිපතිවරයා , අගමැතිවරයා , කතානායකවරයා , විපක්ෂ නායකවරයා , ජනාධිපති ලේකම්වරයා සහ ජනාධිපති පත් කරන සාමාජිකයන් දෙදෙනෙකුගෙන් එය සමන්විතයි..
පනතේ 04 වගන්තියේ ප්‍රකාශිතව සඳහන් වෙනවා පාලක මණ්ඩලය සතු බලතල මොනවද කියල..
මෙම පනතේ වැදගත්ම වගන්තිය තමයි 06 වන වගන්තිය. එහි සඳහන් වෙනවා ජනාධිපති අරමුදලේ මුදල් යොදවන්න පුලුවන් කාර්‍යයන් මොනවද කියල.
ඒ අනුව
අ) දරිද්‍රතාවයට සහන සැලසීම සඳහා
ආ) අධ්‍යාපනය හෝ ඥානය වර්ධනය කිරීම සඳහා
ඇ) ආගම නංවාලීම සඳහා හෝ ආගමික වත් පිළිවෙත් පවත්වා ගෙන යාම සඳහා
ඈ) ජාතිය වෙනුවෙන් සේවයක් කර ඇති තැනැත්තන්ට ප්‍රදානයක් කිරීම සඳහා
ඉ) ජනපති හා මණ්ඩලයේ මතය අනුව මහ ජනතාවගේ සුභ සිද්ධිය හෝ යහපත පිණිස වූ වෙනත් යම් කාර්‍යයන් සඳහා
ජනාධිපති අරමුදලේ මුදල් යොදාගන්න පුලුවන්.
මේ පනතේ කොහෙවත් කියල නෑ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට , මැති ඇමතිවරු ඇතුලු දේශපාලකයන්ට , රාජ්‍ය නිලධාරීන්ට දෙන්න කියල. ඉහත සඳහන් කල කාණ්ඩවලට අයත් නම් නිසි ක්‍රමවේදය අනුව ලබාගන්න පුලුවන්..
අරමුදලේ මුදල් යොදවන්න පුලුවන් කාර්‍ර්‍ය දෙස බැලුවම ඉතාමත් හොදින් පේනවා මෙය පොදු ජනතාව වෙනුවෙන් පිහිටුවපු අරමුදලක් බව..
පනතේ කොහෙවත් සදහන් වෙන්නෙ නෑ ජනාධිපති අරමුදලෙන් ලබාගත හැකි උපරිම හා අවම මුදල කීයද කියල. එය කලින් කලට පාලක මණ්ඩලය හදන රීති මඟින් තීරණය කරනවා..
සැත්කම් හෝ ප්‍රතිකාර සඳහා මූල්‍යාධාර ලබාදීමේදී සලකා බැලිය යුතු නිර්ණායක අරමුදල විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒවානම්
1) අනුමත සැත්කම් හෝ ප්‍රතිකාර වීම
2) අනුමත රෝහලකින් සිදු කිරීම
3) නියමිත කාලය තුල අයදුම් කිරීම
4) රෝගියා හා සියළු සාමාජිකයන්ගේ මාසික ආදායම රු 200000/- අඩු වීම
මේ යටතේ විවාහක දරුවන්ගේ ආදායම් සලකා නොබලන අතර අවිවාහක දරුවන්ගේ ආදායමෙන් 50% එකතු කරනු ලබයි..
6) තම වත්කම් හා ආදායම්වලින් සැත්කම් / ප්‍රතිකාර වියදම් ආවරණය කිරීමට අසමත්බව
7) වෙනත් පරිත්‍යාග , රක්ෂණාවරණ හෝ වෙනත් ලැබීම්වලින් මුළු වියදමෙන් 50% ආවරණය නොවීම
සැත්කම් හා ප්‍රතිකාර සඳහා දැනට ගෙවන මූල්‍යාධාරවල ප්‍රමාණය පහතින් සඳහන් කරන්නම්..
1) බයිපාස් සැත්කම් උපරිම රු 250,000/- යි.
2) ස්ටෙන්ට් සැත්කම් උපරිම රු 300,000/- යි.
3) වකුගඩු බද්ධ කිරීම උපරිම රු 500,000/- යි.
4) රුධිර කාන්දුකරණය උපරිම රු 500,000-/ යි.
5) පිළිකා ප්‍රතිකාර සඳහා උපරිම රු 500,000-/ යි.
6) Brain Tumor සඳහා වියදමෙන් 1/3 ක් හෝ උපරිමය රු 600,000/- යි.
7) උකුල් ඇට බද්ධය උපරිම රු 300,000-/ යි.
😎 දණහිස් බද්ධය උපරිම රු 300,000-/ යි.
9) උරහිස් බද්ධය උපරිම රු 300,000-/ යි.
10) සුසුම්නාව ආශ්‍රිත සැත්කම උපරිම රු 300,000-/ යි.
11) ඇට මිදුළු බද්ධ කිරීම උපරිම රු 600,000-/ යි.
12) ප්‍රාථමික සෛල බද්ධ කිරීම උපරිම රු 600,000-/ යි.
13) අක්මා බද්ධ කිරීම උපරිම රු 600,000-/ යි.
14) අක්මා සැත්කමට පෙර/ පසු ප්‍රතිකාර සඳහා රු 300,000/-
15) දරුවන්ගේ අක්මා බද්ධ රු 1,000,000-/
16) කර්ණ ශංඛ බද්ධ කිරීම රු 600,000/- යි.
17) ශ්‍රව්‍ය උපකරණ වියදම උ 400,000/- අඩු නම් අඩක් හෝ උපරිමය රු 300,000/-
18) ප්ලාස්ටික් සැත්කම් රු 100,000/-
පනතේ අරමුණු හා සැත්කම් හා ප්‍රතිකාර සඳහා සලකා බැලිය යුතු නිර්ණායක දෙස අවධානය යොමු කර බැලුවොත් ඔබට වැටහේවි ජනාධිපති අරමුදල වරප්‍රසාදිත පිරිසක් කෙතරම් දුරට අවභාවිතා කරලද කියල..
🖊️ Chathuranga Amarathunga
මෙවැනි පුවත් දිනපතා දැනගැනීමට අපගේ Whatsapp චැනලය සමග සම්බන්ධ
වන්න 👇👇👇
https://whatsapp.com/channel/0029Va4mAwS6WaKfROmaIg47
#solutionsrilanka

👍
❤️
🤔
6