The News Plus
The News Plus
June 13, 2025 at 05:49 AM
🟠 *ඉන්දීය මුහුදු තීරයේදී අනතුරට පත් නෞකාවේ ද්‍රව්‍ය මෙරට වෙරළ තීරයට ගොඩගසයි* ඉන්දියාවට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී පසුගියදා අනතුරට ලක්වූ MSC Elsa 3 නෞකාවේ අන්තරායකර බහාලුම් 13ක් තිබී ඇති බව පරිසර අමාත්‍යශය අනාවරණය කර තිබෙනවා. එහි අතිරේක ලේකම් අර්. එච්.එම්.බී. අබේකොන් පැවසුවේ, එම නෞකාවේ තිබූ ඇතැම් ද්‍රව්‍ය මේ වනවිට මෙරට වෙරළ තීරයන්ට ගොඩගසා ඇති බවයි පවතින අයහපත් කාලගුණය හේතුවෙන් එම නෞකාවේ තිබෙන ද්‍රව්‍යයන් මෙරට වෙරළ තීරයට ගොඩගැසීම තවදුරටත් ඉහළ යාහැකි බවද ඇය සඳහන් කර සිටියා. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරීයේ සාමාන්‍යාධිකාරී ජගත් ගුණසේකර පැවසුවේ වෙරළට ගොඩගසන ද්‍රව්‍යයන් ඉවත්කිරීමේ කටයුතු අද (13) සිට ආරම්භ කරන බවයි. දවසේ උණුසුම් පුවත් සඳහා පිවිසෙන්න www.thenewsplus.lk ✅ *2025.06.13* | The News plus 📰🗞
Image from The News Plus: 🟠 *ඉන්දීය මුහුදු තීරයේදී අනතුරට පත් නෞකාවේ ද්‍රව්‍ය මෙරට වෙරළ තීරයට ග...
❤️ 😢 🙏 3

Comments