The News Plus
The News Plus
June 13, 2025 at 09:33 AM
🟠 *ඉන්දීය ගුවන්යානයක බෝම්බ බියක්-යානය ආපසු ගුවන්තොටුපොළ වෙත හරවා යවයි* බෝම්බ බියක් වාර්තාවීම හේතුවෙන් ෆුකෙට් දූපතේ සිට නවදිල්ලිය බලා ගමන් ආරම්භ කර තිබු එයාර් ඉන්දියා ගුවන්යානයක් (AI 379) ආපසු ගුවන්තොටුපොළ වෙත හරවා යවා තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. අද (13) උදෑසන අදාළ ගුවන්යානය මෙලෙස හරවා යවා ඇත. බෝම්බ බියක් ඇති බවට යානයේ නියමුවා එරට වේලාවෙන් උදෑසන 9.30ට පමණ ගුවන් ගමනාගමන පාලක මැදිරියට දැනුම් දුන් බව ෆුකෙට් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වාර්තා කර තිබෙනවා. ඒ අනුව, හදිසි ගොඩබෑමකට ගුවන්යානයට අවසර ලබාදී ඇත. මගීන් 156 දෙනෙකු රැගත් ගුවන්යානය එරට වේලාවෙන් උදෑසන 9.15ට ගුවන් ගතවී ඇති අතර, එය උදෑසන 11.38ට ආරක්ෂිතව ගොඩබස්වා ඇත. දවසේ උණුසුම් පුවත් සඳහා පිවිසෙන්න www.thenewsplus.lk ✅ *2025.06.13* | The News plus 📰🗞
Image from The News Plus: 🟠 *ඉන්දීය ගුවන්යානයක බෝම්බ බියක්-යානය ආපසු ගුවන්තොටුපොළ වෙත හරවා යවයි...
❤️ 1

Comments