
The News Plus
June 13, 2025 at 09:33 AM
🟠 *මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ශ්‍රීලංකන් ගුවන් මාර්ගවල වෙනසක්*
ඊශ්‍රායලය සහ ඉරානය අතර යුද උණුසුම් වාතාවරණය හේතුවෙන් ගැටුම් කලාපය මඟ හැරීම සඳහා ලන්ඩන් ඇතුළු යුරෝපීය ගුවන් මාර්ගවල වෙනස්කම් කිහිපයක් කිරීමට සිදුව ඇති බව ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහන් කරනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පවසන්නේ, මෙම මාර්ග වෙනස් කිරීම් හේතුවෙන් යුරෝපය වෙත ක්‍රියාත්මක ගුවන් ගමන් කාලය දීර්ඝ වීමක් සිදුවිය හැකි බවයි.
ඒ අනුව, අද (13) දින ලන්ඩනයේ සිට කොළඹට පැමිණෙන UL504 ගුවන් යානය, යළි මාර්ගගත කිරීම හේතුවෙන් ඉන්ධන පිරවීම සඳහා දෝහා වෙත හරවා යවනු ලබන අතර බලපෑමට ලක් වූ ගුවන් අවකාශය මඟ හැරීම සඳහා කොළඹ සිට පැරිස් දක්වා UL501 යානයේ ද ගමන් මාර්ගය වෙනස් කර තිබෙනවා.
පහත සඳහන් අංක ඔස්සේ මේ පිළිබඳ වැඩි විස්තර ලබා ගත හැකිය.
1979 (ශ්‍රී ලංකාව තුළ)
+94 11 777 1979 (ජාත්‍යන්තර)
දවසේ උණුසුම් පුවත් සඳහා පිවිසෙන්න
www.thenewsplus.lk ✅
*2025.06.13* | The News plus 📰🗞

👍
1