The News Plus
The News Plus
June 13, 2025 at 03:55 PM
🟠 *කාලගුණයෙන් රතු නිවේදනයක්* තද සුළං සහ රළු මුහුද පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙනවා. හලවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා මෙම නිවේදනය බලපැවැත්වෙනවා. මෙම රතු නිවේදනය හෙට (14) 2.30 දක්වා වලංගු වනු ඇති. එම ප්‍රදේශවලට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළංගේ වේගය විටින් විට පැ.කි.මී 60 -70 පමණ දක්වා වැඩි වන අතර, මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වනු ඇති. ඉහත ප්‍රදේශවල ජනතාවට සැලකිලිමත් වන ලෙසත්, ඉහත මුහුදු ප්‍රදේශවලට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම්දී ඇත. දවසේ උණුසුම් පුවත් සඳහා පිවිසෙන්න www.thenewsplus.lk ✅ *2025.06.13* | The News plus 📰🗞
Image from The News Plus: 🟠 *කාලගුණයෙන් රතු නිවේදනයක්*  තද සුළං සහ රළු මුහුද පිළිබඳව අනතුරු ඇඟව...

Comments