The News Plus
The News Plus
June 14, 2025 at 08:51 AM
🟠 *ගිනිගත්හේන- ශ්‍රීපාදය දක්වා මාර්ගය නඩත්තුවක් හේතුවෙන් දින දහයක කාලයක් වසා තැබේ* ගිනිගත්හේන, දියගල හරහා නෝටන්බ්‍රිජ් සිට ශ්‍රීපාදය දක්වා ගමන්ගන්නා මාර්ගයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් එම මාර්ගය දින 10ක කාලයක් වසා තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. ඒ අනුව අද (14) සිට ජුනි මස 24වනදා දක්වා දින 10ක් එම මාර්ගය වසා තැබීමට පියවර ගෙන ඇත. මාර්ගය වසා තබන කාලය තුළ කොළඹ සිට එම මාර්ගයේ ගමන් ගන්නා වාහන කළුගල පොල්පිටිය ලක්ෂපාන හරහා නෝටන්බ්‍රිජ් මාර්ගය සහ හැටන් නෝටන්බ්‍රිජ් මාර්ගය භාවිතා කරන ලෙස නෝර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට දන්වා සිටිනවා. අදාළ මාර්ගයේ ලොනැක් වත්ත ප්‍රදේශයේ කැළණි ගඟට ජලය ගලා බසින ඇළ මාර්ගයක් හරහා ඉදිකර ඇති පාලම දැඩි ලෙස අබලන්ව තිබීම සහ එම පාලම මැදින් එක් කොටසක් ගිලා බැසීමේ අවධානමක් හේතුවෙන් මෙලෙස නව පාලමක් ඉදිකිරීමට සිදුව ඇත දවසේ උණුසුම් පුවත් සඳහා පිවිසෙන්න www.thenewsplus.lk ✅ *2025.06.14* | The News plus 📰🗞
Image from The News Plus: 🟠 *ගිනිගත්හේන- ශ්‍රීපාදය දක්වා මාර්ගය නඩත්තුවක් හේතුවෙන් දින දහයක කාල...
😂 😮 2

Comments