Mr A/L SCIENCE
Mr A/L SCIENCE
June 5, 2025 at 01:41 AM
*වෙනස් වර්ණ වලින් සූර්යාලෝකයේ තාපය උරාගන්නා ආකාරය* ☀️🔥 ඇත්තටම අපි පාටක් දකිනවා කියලා වෙන්නේ මොනවහරි දේකට සුර්‍යාගේ සිට එන ආලෝක කිරණ වැටුනම එයා කොයි විදිහටද ඒ ආලෝකය අවශෝෂණය කරගන්නේ හෝ පරාවර්තනය කරන්නේ කියන එක. උදාහරණයක් විදිහට අපි දකින කෙනා වැඩිපුර සූර්යාලෝකය පරාවර්තනය කරන කෙනෙක් නම් ඒ දේ අපිට පේන්නේ ලා පාටවල් වලට ( සුදු, ලාකොල). අපි දකින කෙනා වැඩිපුර සූර්යාලෝකය අවශෝෂණය කරගන්න කෙනෙක්නම් එයාව පේන්නේ අදුරු පාටවල් වලට ( කලු, තද නිල්, දම්). මේ අවශෝෂණය කරගන්න සූර් යාලෝකය තාපය බවට පරිවර්තනය කරගන්න නිසා අදුරු පාටවල් වැඩිපුර තාපයක් ලබාගන්නවා ලා පටාවල් වලට වඩා. 🌱 උඩ දෙවෙනියට තියෙන්නේ තාප සංවේදී කැමරාවකින් (Thermal Camera) ගන්න Photos වල රතු/කහ පාටින් පෙන්නන්නේ වැඩිපුර තාපයක් උරාගන්න තැන්. නිල්/කොළ පාටවල් වලින් පෙන්නන්නේ අඩුවෙන් තාපය උරාගන්න තැන්. 👕 ඒක තමයි කියන්නේ රස්නේ අව්වේ යන වෙලාවට ලා පාටවල් අදින්න කියලා. ලාපාටවල් වලින් වැඩිහරියක් සූර් යාලෝකය පරාවර්තනය කරන නිසා අඩු තාපයක් උරාගෙන ඔයාට දැනෙන රස්නේ ගතිය අඩු කරනවා. ඕකෙම අනිත් පැත්ත සීත කාලෙට අදින්න ඕනා තද පාටවල්. තද පාටවල් වැඩිපුර සූර්යාලෝකය උරාගන්න නිසා පොඩි සූර්යාලෝකයක් තිබ්බත් හොද රස්නයක් ලබාදෙනවා 💫✨ *Follow* ✨ https://whatsapp.com/channel/0029Va9E7uPLNSa9kcZ5ej08
Image from Mr A/L SCIENCE: *වෙනස්  වර්ණ වලින් සූර්යාලෝකයේ තාපය උරාගන්නා ආකාරය* ☀️🔥   ඇත්තටම අපි ...
❤️ 👍 👏 😢 15

Comments