
MpM Reminders | 🔔
May 30, 2025 at 03:38 PM
සත්‍ය කතාවක් පාදක කරගෙන නිර්මාණය වුණ Netflixලාගේ තවත් සුපිරිම Big Budget tv s එකක් වන Narco-Saints තමා ඔන්න මේපාර දෙන්න යන්නේ.කොරියන් කතා ටිකක් මට දෙන්න බැරි උන නිසා ඒ පැත්තට පොඩ්ඩක් අවදානය දෙනවා මේ ටිකේ..A Shop for Killers (2024) tv s එකත් මම ලඟදි දුන්නෙ ඒක නිසාමයි. හොඳයි කතාවෙ ස්ටෝරිය බලමු දැන්.
➤ සුරිනාමයේ කොරියානු ජාතික මත්ද්‍රව්‍ය රජෙක්, කොටින්ම ඩ්‍රග් ලෝර්ඩර් කෙනෙක්ව අත්අඩංගුවට ගන්න සාමාන්‍ය ව්‍යවසායකයෙක් එක්ක කොරියානු ජාතික බුද්ධි සේවයේ (NIS) මෙහෙයුමක් වටා තමයි කතාව යන්නේ.
Hwang Jung Min, Park Hae Soo, Ha Jun Woo, Jon Woo Jin , Yoo Yeon Seok වගේ සුපිරි කාස්ට් එකක් මේ කතාමාලාවට රංගනයෙන් දායක වෙනවා.
➤ අධ්‍යක්ෂණය Kundo: Age Of Rampant, Nameless Gangster, Spy Gone North වගේ චිත්‍රපට අධ්‍යක්ෂණ කළ Yoon Jong Bin.ඒ වගේම මේක තමා එයාගේ පළවෙනිම රූපවාහිනී කතාමාලාව.Crime, Action ඝණයට අයිති වෙන මේ කතාමාලාව ආසන්න විදිහට මිනිත්තු හැටේ ධාවන කාලයක් සහිත එපිසෝඩ් 06කින් සමන්විත වෙනවා. IMDb 7.2 අගයකුත් Rotten Tomatoes 60% මනාප ප්‍රතිශතයකුත් ලබා ගන්න මේ කතාමාළාවට පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම වොන් බිලියන 35ක විශාල පිරිවැයක් කතාමාලාව නිෂ්පාදනයට යොදලා තියෙනවා.
🚫 මේ සීරීස් එකට පාදක වෙන්නෙ 90 දශකයේ හිටපු ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙක් වෙන Jo Bong Haeing අල්ලාගැනීමේ කතාවයි.1990 කාලයෙදී වංචා,මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනාවට වැරදිකාරයෙක් වුණ මේ Jo Bong Haeing දකුණු කොරියාවෙන් පැනලා යනවා.එහෙම එයා පැනලා යන්නේ දකුණු ඇමරිකාවේ සුරිනාමය කියන රටට.1994-2000 වර්ෂ කාලයේදී ජෝ සුරිනාමයේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෙක්, “සුරිනාමයේ කොකේන් රජු” විදිහට ප්‍රසිද්ධ වෙනවා.කොරියානු ජාතිකයින් යොදාගෙන යුරෝපයට කොකේන් ප්‍රවාහනය කරන එක තමා ජෝ ගේ ප්‍රධානම ආදායම් මාර්ගය වුණේ.තොරතුරුවලට අනුව 2004-2005 කාල පරාසයේ ආසන්න වශයෙන් ඩොලර් මිලියන 200ක වටිනාකමක් සහිත කොකේන් අපනයනය කරලා තියෙනවා.ජෝ ගෙන් තිබුන තර්ජනය නිසා කොරියානු ජාතික බුද්ධි සේවයයි (NIS) එක්සත් ජනපද මත්ද්‍රව්‍ය නිවාරණ ඒජන්සිය (DEA) එකතුවෙලා දැවැන්ත මෙහෙයුමකින් 2009 ජූලී මාසයේදී බ්‍රසීලයේ සාඕ පාවුලෝ ගුවන්තොටුපළේදී ජෝ බොං හේ ව අත්අඩංගුවට අරගන්නවා.2011 වර්ශයේදී කොරියාවේ අධිකරණය හමුවේ මත්ද්‍රව්‍ය චෝදනාවලට වැරදිකරු වුන ජෝ අවුරුදු 10ක සිරදඬුවමක් නියම වෙනවා.ඊට පස්සේ 2016 අප්‍රේල් 19 ග්වන්ජු රෝහලේදී ජෝ බොං හේ අධිරුධිර පීඩනය හා හෘදයාබාධ තත්ත්වයක් නිසා මිය යනවා.මියයනකොට 64 වන වියේ පසුවුණා.
යූන් ජං බින් අධ්‍යක්ෂකතුමා විසින් සුරිනාමයේ ජීවත් වුණ කොරියනු ජාතික මත්ද්‍රව්‍ය රජු අල්ලාගැනීමේ මෙහෙයුම පාදක කරගෙන මේ කතාමාලාව නිෂ්පාදනය කරනවා.චරිත නිවේදනය 2021 මාර්තු මාසයේදීත් රූගත කිරීම් ඒ අවුරුද්දේ නොවැම්බර් මාසයේදීත් රූගත කිරීම් ආරම්භ කරා.මූලික රූගතකිරීම සිද්ධ වුණේ ඩොමිනිකන් රාජ්‍යයේදී.කොවිඩ් වසංගතය නිසා රූ ගතකිරීම් ප්‍රමාද වුනත් 2022 සැප්තැම්බර් 09 Netflix Original Series විදිහට නිකුත් වුණා.මුළින්ම චිත්‍රපටියක් විදිහට නිර්මාණය කරන්න හිතාගෙන හිටියත් පැය දෙකකින් මේ කතාව කියන්න අමාරු නිසා කොටස් 06කින් සමන්විත කතාමාලාවක් විදිහට නිර්මාණය කළා කියලයි අධ්‍යක්ෂකතුමා සම්මුඛ සාකච්ඡාවකදී කිව්වේ.
ඇත්තටම සත්‍ය සිදුවීම් ආශ්‍රිත වුණාට සත්‍ය කතාව මේ සීරියස් එකේ අඩංගුවෙන්නෙ නෑ.කතාමාලාවේ ජොං යෝ හන් කියන්නේ ඒ වෙනකොට සුරිනාමයේ කොකේන් රජ්ජුරුවෝ.තමන්ගේ යාලුවා ඉයුන්සු එක්ක කං ඉංගු සුරිනාමයට එන්නේ මඩු මාළු අපනයන ව්‍යාපාරයක් පටන්ගන්න.ඒත් නොහිතපු විදිහට කොරියාවට යවන මාළු අතරේ කොකේන් තිබිලා කං ඉංගුට මාස කීපයක් වැරදිකරු විදිහට හිරේ ලගින්න වෙනවා.හිර ගෙදර ඉන්නකොට එයාව මුණගැහෙන්න එනවා බුද්ධි සේවයේ නියෝජිතයෙක්.එයාගෙන් දැනගන්න ලැබෙනවා සුරිනාමයේ ඉන්න අතරේ එයාලා බලන්න ගියපු පල්ලියක් පවත්වාගෙන යන කොරියානු දේවගැතිවරයෙක් වෙන ජොං යෝ හන් තමා මේක පිටිපස්සේ ඉන්නෙ කියලා.ඒ වෙනකොට එයාට දැනගන්න ලැබෙනවා තමන්ගේ යාළුවාව මේ මනුස්සයා මරලා දාලා කියලා.ඒ නිසා හිරෙන් නිදහස් වෙලා ජොං යෝ හන්ව අල්ලාගන්න මෙහෙයුමට සම්බන්ධ වෙන්න කං ඉංගු තීරණය කරනවා.මෙතැන් ඉඳන් කතාවේ සිද්ධ වෙන්නෙ ව්‍යාපාරිකයෙක් විදිහට වෙස්වලාගෙන ඉන්න කං ඉංගු වටේ සිද්ධ වෙන සිදුවීම් දාමයයි.
මගේ මතය නම් Cast එක, Story Line එක විශේෂයෙන් Production Quality එක, Action sense එහෙම හොඳටම තිබුණ කතාමාලාවක් තමයි මේක.පළවෙනි එපිසෝඩ් තුන ලොකු ගැටීමක් නැතිව ගලාගෙන ගියත් අන්තිම එපිසෝඩ් තුනේදී සුපිරි Gun Fight senses, Violence දර්ශන බලාගන්න පුළුවන්.වියදමට හරියන්නම කොලිටියට වැඩේ කරලා තියෙනවා.2022 අවුරුද්දේ නිකුත් වුණ තවත් සුපිරි සීරීස් එකක් කියලා බය නැතිවම කියන්න පුළුවන්.
ස්ටෝරියට අවුලක් නොවී කතාව මේවිදිහට කීවෙ ඔයාලා මේක අනිවාර්යයෙන්ම බලන්නම ඕන කතාවක් නිසා..
ගෲප් ලිංක් එක
https://chat.whatsapp.com/JcKLbnGMGGb1vkllm5CncT

❤️
👍
🙏
😂
63