
Story නිම්නය....✍️❤️📖
June 14, 2025 at 08:38 AM
*වත්සුණු*
- "දෙනවද මට වත්සුණු සුවඳ පිරුණු ඔය ආදරේ...?" -
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
wrriten by - 𝗦𝗮𝗰𝗵𝗶𝘁𝗵 𝗽𝗿𝗮𝗺𝗼𝗱 ✍️
*" ගෙවින්, මම යනවා....බබාගේ කිරි එක ෆ්‍රිජ් එකේ තියෙනවා....නැගිට්ටම දෙන්න....මට අද රෑට එන්න වෙන එකක් නෑ...."*
*" පොඩ්ඩක් ඔහොම ඉන්න ආකාශි...."*
*" ඇයි.....?"*
*" මට ඔයත් එක්ක ටිකක් කතාකරන්න ඕනි ආකාශි...."*
*" මොකක් ගැනද....?"*
*" අපි දෙන්නගෙම ජීවිත ගැන...."*
*" නෑ ගෙවින්, මම ඔයාට එක පාරකුත් කිව්වනේ...මට ඔයත් එක්ක කතාකරන්න කිසිම දෙයක් ඉතුරුවෙලා නෑ තව...මට දරුවයි ත!මු!සෙ!ත් එක්ක ඉන්න බෑ තවත්....මට මේ ජීවිතේ තිත්ත වෙලා තියෙන්නේ...ප්ලීස් මම ඉල්ලපු ඩිවෝස් එක මට දෙන්න...."*
ගෙවින්ට හිතාගන්න බෑ මේ කතාකරන්නේ අවුරුදු තුනක් තමා මුළු හදින්ම පේවී ආදරය කළ ආකාශිමද කියලා.
*" ඒ...ඒ....ආ..."*
*" තව මුකුත් ම කතාකරන්න එපා ගෙවින්...මම යනවා...."*
ගෙවින්ගේ වචන තඹ දොයිතුවකටවත් මායිම් නොකර ආකාශි එතනින් යන්න ගියා.
" මම දන්නවා, මේ මම කරපු පවුවලට දෙවියො මට දඬුවම් දෙනවා....තවත් මං වගේ ම කොල්ලෙක්ට වල කපලා කෙල්ලෙක්ට ආදරේ කරන්න හොඳ නෑ....දැන් තමයි ඒක මට හොඳටම තේරෙන්නේ....අනේ මට සමාවෙන්න දෙවියනේ මම නො දැන කල පවුවලට....කොහෙද ඉතිම් ඒ ලස්සන ඇස් දෙක දැක්කම මට මාවත් අමතක වෙලා ගියානේ...."
༺៚ *Magical thinks by sachi*៚༺
ගෙවින් කියන්නේ තවමත් අවුරුදු 29ක තරුණයෙක්. ඒත් ඒ අවුරුදු 29ට ම ගෙවින් ජීවිතය ගැන සෑහෙන්න අත්දැකීම් ලබාගත්තා. ගෙවින් මෙලොව එළිය දකින්නෙ ම කාත් කවුරුවත් නැති අනාථයෙක් විදියට. ඒ නිසාම ගෙවින් හැදීවැඩුනේ අනාථ නිවාසෙක.
මොනා නැති වුනත් කොල්ලාට දෙවියෝ එක දෙයක් උපතින් ම දීලා තිබුනා. ඒ තමයි කෙනෙක් දෙපාරක් හැරිලා බලන තරමේ කඩවසම් රූ සපුවක් දෙවියො ගෙවින්ට දීලා තිබුනා.
දෛවය වාසනාවකට වගේ අවුරුදු විස්ස සම්පූර්ණ වෙනකොට ම ගෙවින් පොඩි කාළේ ඉඳන් ම ඉතාලියට සංක්‍රමණය වෙන්න ගෙවින්ට පුලුවන් වුනා. ගෙවින් ඉතාලියට සංක්‍රමණය වුනේ දවස් ගානක් නැවක හැංගිලා ඉඳලා සෑහෙන්න ලොකු කට්ටක් කාලා.
මුලින්ම ගෙවින් ඉතාලියේ රැකියාවට කළේ AC යන්ත්‍ර අලුත්වැඩියා කරන එක. ඒත් ගෙවින් අද වෙද්දි තමන්ගෙ ම කියා AC යන්ත්‍ර අලුත්වැඩියා කිරීමේ ව්‍යාපාරයක හිමිකාරයෙක්.
ගෙවින්ට කෙටි කාළයක් ඇතුළත දී ම ඉතාලියේ පුරවැසි භාවය ලබාගන්නත් පුලුවන් වුනා.
ඉතින් අද ඉඳන් ඔයාට මේ ලියන්නේ ගෙවින්ගේ ජීවිතේ කතාවයි.
┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉
*ගෙවින්ට දෛවයේ හාස්කමකට වගේ ආකාශිව මුණගැහුණු විදිය දැනගන්න කතාවේ ඊළඟ කොටස කියවන්න.*
කතාව කියවලා කමෙන්ට් එකක් රිඇක්ට් එකක් දානවද?
*comment* 0759175759
*කතාවේ එක කොටසක්වත් මිස්කර ගන්නැතුව කියවන්න channel එක follow කරලා තියාගන්න*👇
https://whatsapp.com/channel/0029Vb7dQtdAInPjiLmQDW3X
❤️
♥
🖤
13