
❝ O ᒪ K ᗴ ᗪ ᗴ ᒪ ᒪ ᗩ - කැදැල්ල ❞📍✨
June 14, 2025 at 11:01 AM
සිංහල සාහිත්‍යය රසාස්වාදය
Lesson 16
*වැස්ස 🤍🌻*
✨ප්‍රවේශය:-
කවියෙකු, කෙටිකතාකරුවකු, සාහිත්‍යය හා සමාජ විචාරකයෙකු ලෙස ප්‍රකට වූ ගුණදාස අමරසේකරයන් විසින් රචිත මෙම නිර්මාණය අපූර්ව ගුණයෙන් යුක්තය.මේ සඳහා වස්තු විෂය වී ඇත්තේ ඉතා සරල සිද්ධියකි.එනම් , වැසි දිනයක සරල සුලභ අත්දැකීම් සමුදායක් කවියාගේ දෘෂ්ටියට යොමු වී ඇත. මෙමගින් පරිසරයේ සිදුවන විවිධාකාර සිදුවීම් හා එමගින් මිනිසුන් විඳින පීඩාවන් පිළිබඳව පෙන්වා දීම කවියාගේ අරමුණ වී ඇත.
✨ආදර්ශ පද්‍ය:
(සාමාන්‍ය ගැමි ව්‍යවහාර බස් වහර)
(අනුප්රාස වදන් භාවිතය)
⭕"චිචිරි චිරි චිචිරි චිරි උදේ සිට ඇද හැළෙන
පොද නොකැඩි තෙත් බරිව හිරිකිතෙන් කිලිපොලන
පාර තොට , ගහකොළ ද වසාගෙන හැම අතින
වහින වැහි වහින වැහි නො පායන මුළු දවස"
(වැස්ස නිසා පීඩාවට පත් ජනයා නිරූපණය කිරීම )
⭕"ගොහොරු මඩ ඇඟිලිකරු අතර චිරි චිරි ගාන
මඩ කඩිති හැම තැනම මඩ පාට දිය රැඳුන
අලුත් පස් දැමු පාර දනිහ තෙක් මඩ එරෙන
බැනියම ද ඇඟට ඇලි උදේ සිට තෙත බරිව"
⭕"තෙමුණ රෙදි ඇඟ ඇලුණ හබුරු කොළ මලිපිටි ද
දෝර ගොස් හැම තැනම වක්කලන් ඇලි හැදුන
හැට්ට අත් කඳ කලව තෙත රෙද්ද ඇඟ එතුව
වහින වැහි තද හුළඟ නොපායන මුළු දවස "
⭕"ඔළුව කෙස් තෙත බරිව පිට දිගේ වැක්කෙරෙන
කාර් රෝදෙන් චිරිස් ඇඟ පුරා මඩ ඉහෙන
ආයිමත් හිටි ගමන් තද කරන් එන සැනින
වහින වැහි වහින වැහි නො පායන මුළු දවස "
⭕"ගෙදර ගොස් ඇඳපු දේ මොහොතකින් ඉවර කොට
තුවායෙන් ඇඟ පතද පිහ දමා හිස කෙස් ද
අලුත් සරමක් ඇඳන් උණට උණු තේ වතුර
ඇඳෙහි ඉඳ උණුහුමට බොන්නේ කොයි මොහොතේ දැයි
වැහි පොදෙහි පෙඟුන සිත හිත හිතා ලතවේය"
❤️
👍
❤
5