
❝ O ᒪ K ᗴ ᗪ ᗴ ᒪ ᒪ ᗩ - කැදැල්ල ❞📍✨
9.7K subscribers
About ❝ O ᒪ K ᗴ ᗪ ᗴ ᒪ ᒪ ᗩ - කැදැල්ල ❞📍✨
*⭕T h e B e s t E d u c a t i o n C h a n n e l I n S r i L a n k a.🇱🇰* ▣ ᶜʰᵃⁿⁿᵉˡ ˡⁱⁿᵏ :- https://whatsapp.com/channel/0029VaeWn9x002T9ABd7ua0e *⭕සාමාන්‍ය පෙළ ලියන්න ඉන්න 10/11 වසරේ ඉගෙනුම ලබන සිසුවෙක් නම් අපත් සමග එකතු වෙන්න*
Similar Channels
Swipe to see more
Posts

"මගෙ කැම්පස් බැච් එකේ හිටියා එක එක චරිත. කොල්ලන්ගෙ කොණ්ඩ කපන එකෙක්, බතක් පරිප්පුවක් උයලා සම්බෝලයක් හදලා බැච් එකටම කන්ඩ දෙන්ඩ පුළුවන් එකෙක්, නූලට මිම්ට කපලා මැනලා තොරණ් ගහන වඩු වැඩ කරන එකෙක්, මැටියෙන් සිමෙන්තියෙන් පිළිම අඹන එකෙක්, පේන්ටිං වැඩ දන්න එකෙක්, ග්‍රයින්ඩරෙං බොක්ස් බාර් කපලා නවලා වෙල්ඩින් කරන එකෙක්. මුං දැන් මැනේජ්මන්ට් ඩිග්‍රි අරන් ලොකු ලොකු කම්පැණි වල ඉලක්කං හයක පඩි ගන්න එක්සෙකටිව්ලා. මුංට කවදා හරි හිතුනොත් ඔෆිස් එකක, AC එකක් යට කරන White Collar ජොබ් එක දාලා බාබරයෙක්, මේසන් බාසෙක්, වඩු බාසෙක්, වෙල්ඩින් බාසෙක්, පේන්ට් බාසෙක් වගේ Blue Collar ජොබ් එකක් කරං ඉන්න, මුංට ඒකත් පුළුවන්. හැබැයි A\L ෆේල්, O\L ෆේල් එකෙකුට පුළුවන්ද එක්සෙකටිව්, මැනේජර් වගේ White Collar ජොබ් එකකට යන්න? (පුළුවන් 1% ක වගේ චාන්ස් එකක් තියෙයි.) කොරියා ගිහිල්ලා ගේමක් ගහන්න, ජපන් ගිහිල්ලා ගේමක් ගහන්න ඔය ෆේල් උන්ගෙන් කීයෙන් කී දෙනාටද පුළුවන්? කොරියා, ජපන් ගිය හැමෝම ගේම ගහලද? 📌 උඹලට නොමිලෙ දෙන අධ්‍යාපනයේ වටිනාකම හෑල්ලු කරන්න එපා. පාස් වෙන හැමෝටම කැම්පස් යන්න බැරි වෙයි. නමුත් ටෙක් වලට C 3ක් තියෙන එකෙක් ගරාජ් එකක වාහන හදනවා නම්, ආට් වලට B 3 ක් තියෙන එකෙක් සැලුන් එකේ කොණ්ඩෙ කපනවා නම්, මැත්ස් වලට C 3ක් තියෙන එකෙක් මේසන් වැඩ කරනවා නම්, උගෙ වැඩ වල කොලිටිය හිතපං. රටවල් දියුණු වෙන්නෙ එහෙම. නැතුව කිසිම අධ්‍යාපනයක් නැති, විනයක් නැති මේසන් බාස්ලගෙන්, වඩු බාස්ලගෙන් රටවල් දියුණු කරන්ඩ බෑ. ✅ ඔය ගහන්න හිතන ගේම සෙකන්ඩ් ශයි එකට ගහලා කැම්පස් පලයං. ඒකත් බැරි උනොත්, ඉගෙන ගත්තෙ නැති කබ්බන්ගේ බොරු මෝටිවේශන් වැල් බයිලා වලට අහුවෙලා හීන ලෝක වල ඉන්නැතුව, CA, CIMA, SLIM වගේ ප්‍රොෆෙශනල් කෝස් එකක් කරලා නැත්තං ජර්මන් ටෙක් වගේ වොකේශනල් ට්‍රේනිං කෝස් එකක් කරලා ගේමක් ගහපං. *✅ මේ දවස්වල උඹලගෙ අම්මලා තාත්තලගෙ අතේ තියෙන සොච්චමට විඳින්න බලාගෙන E- money කාරයෝ, පිරමීඩ කාරයෝ, ක්‍රිප්ටොකරන්සි කාරයෝ, කෝස් කාරයො එක එක වැල් බයිලා, මෝටිවේශන් ටෝක් දෙනවා. අහුවෙන්න එපා.* " Hiran Kavishka 🦇 Seek! Think! Know! Share!

*දිනන්න❤️* _ඔයා දිහා බලන් ඉන්න ආදරණීය ඇස්වල සතුටු කඳුළු පුරවන්න..._ _ඔයාට බෑ කියලා කියපු මිනිස්සුන්ට, මම ඒක කරා කියලා පෙන්නන්න..._ _ඔයා කරපු කැප කිරීම්වලට වටිනාකමක් දෙන්න..._ *ඔව්* *ඔයාට පුළුවන්🫶* *Have a good day...❤

*බුද්ධ දර්මය* *04. කුසල් සිත් වැඩි දියුණු කරමු* ⭕ භාවනාව යනු , > සිත දියුණු කිරීම ⭕ කුසල් සිතුවිලි වලට බාධා කරන සිතුවිලි වන්නේ > පංච නීවරණ *ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා* 1. දාන 2. ශීල 3. භාවනා 🔅 බුදු දහමේ සඳහන් වන භාවනාවේ පරාමාර්ථය වන්නේ, යහපත් අරමුණක හෙවත් කුසලේ අරමුණක සිත එකඟ කර ගැනීමයි. *🍃 පංච නීවරණ සඳහා උපමා :* 1. කාමච්ඡන්ද > පාට කළ වතුර 2. ව්‍යාපාද > උතුරන වතුර 3. ථින මිද්ධ > පාසි බැඳුන වතුර 4. උද්ධච්ච කුක්කුච්ඡ > කැළඹුණු වතුර 5. විචිකිච්ඡා > බොර වතුර *පංච නීවරණ වල තේරුම වන්නේ ගිවන අවුරා දමන හේතු පහක් යන්නය.* *සමථ භාවනාව හඳුන්වන වෙනත් නම් දෙකක් වන්නේ,* 🎐චිත්ත භාවනාව 🎐සමාධි භාවනාව *🔰 සමථ යන්නෙහි තේරුම වන්නේ,* :- සිත සන්සුන් කිරීමයි *⚜️ සමථ භාවනාව සඳහා යොමු වීමට ප්‍රථම පුද්ගලයෙකු තුළ තිබිය යුතු ගුණාංග තුන :* (i) ඉන්ද්‍රිය සංවරය (ii) සති සම්පජඤ්ඤ (iii) සන්තුට්ඨිතා *⚜️ බුදු දහමේ සඳහන් පුද්ගල චරිත 06 :* (i) රාග චරිත (ii) ද්වේශ චරිත (iii) මෝහ චරිත (iv) සද්ධා චරිත (v) බුද්ධි චරිත (vi) චිත්තක චරිත. *🔖 කර්මස්ථාන ගණන වන්නේ 40* *🔖සීලය යනු,* :- ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව අනුව හික්මීමයි නැතහොත් කය. වචනය සංවර කර ගැනීමයි. (නැතහොත් කය. වචනය සංවර කර ගැනීමයි.) *📍පුද්ගලයෙකු හඳුනාගැනීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග තුන :* 01. සිතන පතන ආකාරය අනුව 02. රුචි අරුචිකම් අනුව 03. ඇවතුම් පැවතුම් අනුව *☸️ භාවතාවේ පූර්ව කෘත්‍ය :* (i) කළ්‍යාණ මිත්‍ර ආශ්‍රය (ii)ධර්ම ශ්‍රවණය (iii) සිල්වත් වීම (iv) වීර්ය හා ප්‍රඥාව *♦️ සතර ඉරියව් වන්නේ ,* (i) නිදා ගැනීම (ii) හිදීම (iii) ඇවිදීම (iv) සිටීම *♦️ මඟ පෙන්වීමෙන් තොරව භාවනාවට යොමු වූ අයෙකු වන්නේ ,* :- ස්වර්ණකාර හිමි *♦️සප්ත සමාපත්ති ලාභියෙකු හා අෂ්ට සමාපත්ති ලාභියෙකු වන්නේ,* :- ආලාර කාලාම , උද්දකරාම පුත්ත *⚜️ සමථ භාවනාවෙන් ලබාගත හැකි ප්‍රයෝජන :* (i) ධාරණ ශක්තිය වැඩි වේ (ii) පොත පත පාඩම් කිරීමේදී පහසුවක් දැනේ (iii) සිතෙහි තෘප්තිය වැඩි වේ (iv) කායික රෝග පීඩා අඩු වේ (v) සිත විසිරී යාමට නොදී එක්තැන් කරයි (vi) අසහනය නැති වේ

*🍃 Sinhala short notes 🍃* *තද්ධිත නාම* *II කොටස* *♦️"තා" ප්‍රත්‍යය* > ඇත්තේ යන අර්ථය 🔅දක්ෂ + තා = දක්ෂතා 🔅කුසල + තා = කුසලතා 🔅අවශ්‍ය + තා = අවශ්‍යතා *♦️"ආණ, අණි, අණු" ප්‍රත්‍යය* > ගෞරවාර්ථය 🔅පිය + ආණ = පියාණ 🔅මල + අණු = මලණු 🔅මා + අණි = මෑණි *♦️"උ" ප්‍රත්‍යය* > එයම වූයේ යන අර්ථය 🔅නෙත් + උ = නෙතු 🔅සිත් + උ = සිතු 🔅බිත් + උ = බිතු *♦️"අළ" ප්‍රත්‍යය* > ප්‍රදේශාර්ථය 🔅ඉහ + අළ = ඉහළ 🔅පා + අළ = පහළ *♦️"ආ" ප්‍රත්‍යය* > භාවාර්ථය 🔅හැකි + ආ = හැකියා 🔅නිහඬ + ආ = නිහැඩියා *♦️"උතු" ප්‍රත්‍යය* > එකට බැඳුනු යන අර්ථය 🔅ඈද + උතු = ඈදුතු *♦️"ඉෂ්ඨ" ප්‍රත්‍යය* > ඒ හා බැඳුණු අර්ථය 🔅ජ්‍ය + ඉෂ්ඨ = ජ්‍යෙෂ්ඨ 🔅කනි + ඉෂ්ඨ = කනිෂ්ඨ *♦️"ඊය" ප්‍රත්‍යය* > එයට අයත් වූයේ යන අර්ථය 🔅විද්‍යාල + ඊය = විද්‍යාලයීය 🔅කාර්යාල + ඊය = කාර්යාලයීය 🔅සමාජ + ඊය = සමාජයීය *♦️"නු" ප්‍රත්‍යය* > රටක් ජාතියක් හා බැඳුණු අර්ථය 🔅ඉන්දියා + නු = ඉන්දියානු 🔅ඇමරිකා + නු = ඇමරිකානු 🔅බොදු + නු = බොදුනු *♦️"තන" ප්‍රත්‍යය* > එයට අයත් වූයේ යන අර්ථය 🔅අධ්‍ය + තන = අධ්‍යතන 🔅මධ්‍ය + තන = මධ්‍යතන _ඉතිරිය III කොටසින් ✨_ 〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️ Created by, *_αdmín_ѕαrαnчα 🍂_ #Sinhala Short Notes*🍃 Sinhala short notes 🍃* *තද්ධිත නාම* *I කොටස* *♦️"ඉක" ප්‍රත්‍යය* > අයත් වූයේ යන අර්ථය 🔅දින + ඉක = දෛනික 🔅නීති + ඉක = නෛතික 🔅භූමි + ඉක = භෞමික *♦️"ඉ" ප්‍රත්‍යය* > නියත වූයේ / නිරත වූයේ / ඉන්නවා / සිටිනවා යන අර්ථය 🔅ගම් + ඉ = ගැමි 🔅තොට + ඉ = තොටි 🔅නැව් + ඉ = නැවි *♦️"මුවා/මය" ප්‍රත්‍යය* > එයින් කරන ලද්දේ යන අදහස 🔅රන් + මුවා = රන්මුවා 🔅දැව + මය = දැවමය 🔅රජත + මය = රජතමය *♦️"වත් / මත්" ප්‍රත්‍ය* > ඇත්තේ යන අර්ථය 🔅ගුන + වත් = ගුනවත් 🔅ආලෝක + වත් = ආලෝකවත් 🔅බල + වත් = බලවත් _🌟නාම මූලයේ අග ස්වර ශබ්දය "අ", "ආ" නම් "වත්" ප්‍රත්‍යය යෙදේ._ _🌟 නාම මූලයේ අග ස්වර ශබ්දය "ඉ", "ඊ", "උ", "ඌ" නම් "මත්" ප්‍රත්‍යය යෙදේ._ 🔅බුද්ධි + මත් = බුද්ධිමත් 🔅ඉසුරු + මත් = ඉසුරුමත් 🔅බී + මත් = බීමත් *♦️"තර / තම" ප්‍රත්‍යය* > "තර" = වැඩි යන අර්ථය 🔅ප්‍රිය + තර = ප්‍රියතර 🔅දක්ෂ + තර = දක්ෂතර 🔅සොඳුරු + තර = සොඳුරුතර > "තම" = සියල්ලටම වඩා වැඩි යන අර්ථය 🔅ප්‍රිය + තම = ප්‍රියතම 🔅දක්ෂ + තම = දක්ෂතම 🔅සොඳුරු + තම = සොඳුරුතම *♦️"ඉති" ප්‍රත්‍යය* > ස්වල්පාර්තය ටිකක් යන අර්ථය 🔅දිය + ඉති = දියති 🔅කැඳ + ඉති = කැඳිති 🔅පැන් + ඉති = පැනිති *♦️"අටි" ප්‍රත්‍යය* > ප්‍රදේශාර්ථය (පැත්ත යන අර්ථය) 🔅කර + අටි = කරටි 🔅ඉඟ + අටි = ඉඟටි 🔅පා + අටි = පහටි > එයට හුරු වූයේ යන අර්ථය 🔅දිග + අටි = දිගැටි 🔅මොලොක් + අටි = මොලකැටි *♦️"අටු" ප්‍රත්‍යය* > බහුල අර්ථය 🔅හර + අටු = හරටු > අරටු 🔅කැස + අටු =කැසටු *♦️"අත් / අස්" ප්‍රත්‍යය* > එයම වූයේ යන අර්ථය 🔅සවන + අත් = සවනත් 🔅කොපුල + අත් = කොපුලත් 🔅වරල + අස් = වරලස් 🔅සිසිල + අස් = සිසිලස් *♦️"බ" ප්‍රත්‍යය* > ප්‍රදේශාර්ථය 🔅ඒ + බ = එබ (ඒ පැත්ත) 🔅මේ + බ = මෙබ (මේ පැත්ත) 🔅එබ මෙබ > ඔබ මොබ _ඉතිරිය II කොටසින් ✨_ 〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️

*🍃 Sinhala short notes 🍃* *තද්ධිත නාම* *I කොටස* *♦️"ඉක" ප්‍රත්‍යය* > අයත් වූයේ යන අර්ථය 🔅දින + ඉක = දෛනික 🔅නීති + ඉක = නෛතික 🔅භූමි + ඉක = භෞමික *♦️"ඉ" ප්‍රත්‍යය* > නියත වූයේ / නිරත වූයේ / ඉන්නවා / සිටිනවා යන අර්ථය 🔅ගම් + ඉ = ගැමි 🔅තොට + ඉ = තොටි 🔅නැව් + ඉ = නැවි *♦️"මුවා/මය" ප්‍රත්‍යය* > එයින් කරන ලද්දේ යන අදහස 🔅රන් + මුවා = රන්මුවා 🔅දැව + මය = දැවමය 🔅රජත + මය = රජතමය *♦️"වත් / මත්" ප්‍රත්‍ය* > ඇත්තේ යන අර්ථය 🔅ගුන + වත් = ගුනවත් 🔅ආලෝක + වත් = ආලෝකවත් 🔅බල + වත් = බලවත් _🌟නාම මූලයේ අග ස්වර ශබ්දය "අ", "ආ" නම් "වත්" ප්‍රත්‍යය යෙදේ._ _🌟 නාම මූලයේ අග ස්වර ශබ්දය "ඉ", "ඊ", "උ", "ඌ" නම් "මත්" ප්‍රත්‍යය යෙදේ._ 🔅බුද්ධි + මත් = බුද්ධිමත් 🔅ඉසුරු + මත් = ඉසුරුමත් 🔅බී + මත් = බීමත් *♦️"තර / තම" ප්‍රත්‍යය* > "තර" = වැඩි යන අර්ථය 🔅ප්‍රිය + තර = ප්‍රියතර 🔅දක්ෂ + තර = දක්ෂතර 🔅සොඳුරු + තර = සොඳුරුතර > "තම" = සියල්ලටම වඩා වැඩි යන අර්ථය 🔅ප්‍රිය + තම = ප්‍රියතම 🔅දක්ෂ + තම = දක්ෂතම 🔅සොඳුරු + තම = සොඳුරුතම *♦️"ඉති" ප්‍රත්‍යය* > ස්වල්පාර්තය ටිකක් යන අර්ථය 🔅දිය + ඉති = දියති 🔅කැඳ + ඉති = කැඳිති 🔅පැන් + ඉති = පැනිති *♦️"අටි" ප්‍රත්‍යය* > ප්‍රදේශාර්ථය (පැත්ත යන අර්ථය) 🔅කර + අටි = කරටි 🔅ඉඟ + අටි = ඉඟටි 🔅පා + අටි = පහටි > එයට හුරු වූයේ යන අර්ථය 🔅දිග + අටි = දිගැටි 🔅මොලොක් + අටි = මොලකැටි *♦️"අටු" ප්‍රත්‍යය* > බහුල අර්ථය 🔅හර + අටු = හරටු > අරටු 🔅කැස + අටු =කැසටු *♦️"අත් / අස්" ප්‍රත්‍යය* > එයම වූයේ යන අර්ථය 🔅සවන + අත් = සවනත් 🔅කොපුල + අත් = කොපුලත් 🔅වරල + අස් = වරලස් 🔅සිසිල + අස් = සිසිලස් *♦️"බ" ප්‍රත්‍යය* > ප්‍රදේශාර්ථය 🔅ඒ + බ = එබ (ඒ පැත්ත) 🔅මේ + බ = මෙබ (මේ පැත්ත) 🔅එබ මෙබ > ඔබ මොබ _ඉතිරිය II කොටසින් ✨_ 〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️

*එන්නකො කාලා ඉක්මනින් පාඩම් වැඩ පටන් ගමු මගේ ලමයීයීයී....*😘🍚