
“ කැම්පස් Path ” Lanka 🇱🇰 – A/L & O/L
June 14, 2025 at 04:47 PM
📚🎯 *අලුතෙන්ම පාඩම් කරන්න පටන් ගමූ...*
*2025 අවුරුද්දෙන් දැනටමත් මාස 6ක් ගෙවිලා ගිහින්. ඉතින් තාමත් ඔයාට හරියටම පාඩම් වැඩ පටන් ගන්න වුණේ නැත්නම්, මේ article එක ඔයා වෙනුවෙන්මයී..*
*වෙනස්ම විදිහකට ඔයාගෙ පාඩම් වැඩ ටික පටන් ගන්න මේ tips ටික ඔයාගෙම විදිහට try කරලා බලන්න.*
✍🏻 `කාමරේ පිළිවෙළක් කරගන්න.`
*කාමරේ තියෙන බඩු ඔක්කොම ඇඳලා, එතනින් ඕන ඒවා විතරක් තෝරලා අනවශ්‍ය දේවල් අයින් කරන්න. ඔයාගෙ පොත් මේසෙ අස් කරගන්න, අල්මාරියෙ ඇඳුම් ටික පිළිවෙළක් කරගන්න, කාමරේ මකුළු දැල් ටික කඩාගන්න, mop කරන්න.*
*මොකද ඔයාලගෙ ඔළුව නිරවුල්ව තියාගන්න එකට, වටපිටාව කියන එක ලොකුවටම බලපානවා.*
✍🏻 `Plan එකක් හදාගන්න.`
*ඔයා දැන් ඉන්න තැන බලන්න. ඉස්සරහ මාසෙකට ඔයාගෙ plans මොනාද කියලා ලියාගන්න. ඊළඟට ඔයා කොහොමද එකින් එක ඒවා achieve කරගන්න වැඩ කරන්නෙ කියලා time frame එකක් හදාගන්න.*
✍🏻 `To do list එකකට හුරුවෙන්න.`
*හැමදාම කලින් දවසෙ රෑට නිදාගන්න කලින්, ඊළඟ දවසෙ ඔයා කරන්න ඕන වැඩ ටික ලියලා තියලා නිදාගන්න. ඊට පස්සෙ එකින් එක ඔයා ඒ වැඩ complete කරන්න.*
*ඔයා මේ daily checklist එකට එහෙම නැත්නම් to do list එකට හුරු වුණාට පස්සෙ ඔයාගෙ වැඩ අනිවාර්යයෙන්ම complete කරන්න ඔයා පුරුදු වෙනවා. මොකද game එකක levels complete කරනවා වගේ ඒක ඔයාට interesting වෙන නිසා.*
✍🏻 `ඔයාව අගය කරන්න.`
*ඔයාම ඔයාට පොඩි පොඩි target දෙන්න.*
- MCQ 40 ක් කරනවා
- පැය 5ක් අද දවසෙ පාඩම් කරනවා
- අද Econ මුල් පාඩම් 03 ඉවර කරනවා
- අද bio අන්තිම පාඩමෙන් ප්‍රශ්න කරනවා වගේ.
*ඊට පස්සෙ ඔයා මේ target එක achieve කළහම, පොඩි treat එකක් ඔයාට දෙන්න. පුංචි chocolate එකක්. Bite පැකට් එකක් වගේ පුංචි දෙයක් ඔයා ඔයාටම reward කරන්න.*
✍🏻 `සතුටින් ඉන්න.`
*ජීවිතේ ඉස්සරහට යන ගමනෙදි සතුට කියන්නෙ ඉන්ධන වගේ දෙයක්. තෙල් නැතුව වාහනේකට දුවන්න බෑ වගේම ජීවිතේට සතුට නැතුව ඉස්සරහට යන්න බෑ. අන්න ඒ නිසා මොන දේ වුණත් සතුටින් ඉන්න පුළුවන් තරම් උත්සාහ ගන්න.*
*ඔයාගෙ සතුට නැති කරන දේවල් වලින්, මිනිස්සුන්ගෙන් ඔයා වෙනුවෙන් ඈත් වෙන්න. හැමවෙලේම පුළුවන් තරම් සතුටින් ඉන්න උත්සාහ ගන්න.*
✍🏻 `ඔයාව විශ්වාස කරන්න.`
*සතුටත් එක්ක ආත්ම විශ්වාසයත් එකතු වුණහම ඔයා හුඟක් powerful කෙනෙක් වෙනවා. ඔයාගෙ ගමන නවත්තන්න කාටවත්ම බැරි වෙන්න ගන්නවා.*
*මොකද ඔයාට ඔයාව විශ්වාසයි. ඒ වගේම ඔයාගෙ මේ විශ්වාසය ඔයාට ඉස්සරහට යන්න ලොකු තල්ලුවක් වෙනවා. ඒ නිසාම ඔයාට ඔයාගෙ පාඩම් වැඩ හොඳට කරගන්න පුළුවන් වෙනවා.*
*ඉතින් 2025 අවුරුද්දෙ මාස 06ක් ගෙවිලා තියෙන මේ වෙලාවෙ, මෙන්න මේ දේවල් ටික හිතට ගන්න. ඔයාගෙ අනාගතේ වෙනුවෙන්, ඔයාගෙ හීන වෙනුවෙන් පුළුවන් උපරිමෙන් කැපවෙලා හොඳට ඉගෙනගන්න. අනිවාර්යයෙන්ම ඔයාට පුළුවන් ඒ දේ කරන්න. කවදහරි දවසක අනිවාර්‍යෙන්ම ඔයා මේ කරන ආයෝජනය නිසා ඔයාගෙ ජීවිතේ හුඟක් වෙනස් වේවි.*
*හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪*
❤️🎓
❤️
❤🩹
👍
🔥
😢
23