
රාදි 🤎🍂
June 16, 2025 at 03:18 PM
"ඒක නෙවෙයි. ඔයාලට වැකේෂන් හම්බවෙනවා නේද ඩෝල් ටික දවසකින්.."
"ම්ම්ම්ම්.. ටික දවසකින් නෙවෙයි අනේ.. අද විතරයි. හෙට ඉඳන්ම වැකේෂන් තමා.. ඔයානම් ඇත්තමයි ශවී බෝයි දැන් මගේ ගැන හොය...."
මට මං කියන්න ගියපු එක කියලා ඉවර කරගන්නවත් බැරි උනේ එක පාරටම අපි තුන්දෙනාගෙම ෆෝන්ස් රිං වෙන්න ගත්තු හින්දා..
මේ මොකද මේ.. අපි තුන්දෙනාටම මූණට මූණ බැලුනෙ ඉබේටම වගේ..
කොහොමහරි මම බෑග් එකේ තිබුන මගේ ෆෝන් එක ගන්න යන ටිකට ශවී බෝයි කෝල් එක ආන්සර් කරලා..
ඒත් අනික් පැත්තෙන් ඊලඟට ඇහුන වචන ටිකටනම් මාව හිටපු තැනම ගල් වෙලා ගියා..
"අනේ අයියේ.. අම්මා.. අම්මා.. එයාට අමාරුයි.. අනේ.. අයියේ.."
දෙයියනේ අම්මම්මා..
පුංචි අඬ අඬම එහෙම කියනවා ඇහෙද්දි මම අනික් අතට අඩියට දෙකට ශවී බෝයි ලඟට දිව්වා..
"චූටි.. මොකද පැටියෝ උනේ. ඇයි අඬන්නේ. අම්මට මොකද උනේ.. අඬන්නැතුව කියන්නකො දරුවෝ.."
මම වෙන්නෙ මොකද්ද කියලා දැනගන්නම ශවී බෝයි ඉස්සරහට ගිහින් නැවතුනාම එයා මට ඇස් වලින්ම කලබල වෙන්න එපා කියන ගමන් පුංචිට ආයෙම කතා කරා..
"ප්‍රාති බබා. කොයි.. අයියා ආන්සර් කරාද.. කෝ දෙන්න. අයියෙ මේ මං ලොකූ.."
ඒ පාර ෆෝන් එකේ අනික් පැත්තෙන් අහස් බාප්පගෙ කටහඬ ඇහුනා.. අනේ එයාලා මෙච්චර කලබල වෙලා ඉන්නෙ ඇයි..
"අහස්.. මොකද්ද උනේ බන්. ඇයි චූටි අඬන්නේ.."
"අයියේ.. තේජා අම්මට එකපාරට අමාරු උනා. හාට් ඇටෑක් එකක් ඇවිත්.. එයාව හොස්පිට්ල් ඇඩ්මිට් කරා. ටිකක් අමාරුයි.. එයා හැමතිස්සෙම.. හැමතිස්සෙම.. ඩෝල්ව අහනවා අයියේ.. අද දවස තිස්සෙම අක්කව මතක් කරනවා.. ඩෝල් ගැන කිය කිය අඬනවා.. මෙයා මෙහෙන් අඬනවා. මට මොනවා කරන්නද කියලා හිතාගන්න බෑ බන්.."
බාප්පා කියලා ඉවර වෙද්දි මගේ ඇස් වලින් සට සට ගාලා කඳුලු ගලන්න ගත්තා..
මං හින්දා කී දෙනෙක්නම් විඳවනවද.. ශවී බෝයි ලංකාවට නොයා තනියම විඳවනවා.. එයාලා අපි ගැන හිත හිත එහෙ ඉඳන් විඳවනවා..
මේ සේරම මං හින්දා නේද..
"මං හින්දා.. හැමදේම.."
මගේ කටින් ඉබේටම එහෙම පිටවෙද්දි මට දැනුනා මගේ කකුල් පණ නැති වෙලා යනවා.. හුස්ම ගන්න වේගෙ මටවත් හිතාගන්න බැරි විදියට වැඩි වෙද්දි මාව අඩි දෙක තුනක් පස්සට විසි වෙලා ගියේ මගේ ඇඟ මටම පාලනයක් නැති කරලා..
ශවී බෝයි මොන මොනවදෝ කියනවා ඇහුනත් ඒ කිසි දෙයක් මගේ ඔලුවට ගියේ නෑ..
පණ නැතුව ගිහින් එහෙමම එතන තිබුන පුටුවෙන් අල්ලගන්නකොටම බාප්පා ඇවිත් මාව අල්ලගත්තා..
ඒ එක්කම ශවී බෝයිත් ෆෝන් එක අතෑරලා දාලා මගෙ ලඟට ආවෙ දුවගෙන වගේ..
"ඩෝල්.. ඩෝල්.. මොකද මැණික මේ.. ඇයි මේ.."
"මං හින්දා.. එහෙම.. උනේ.. මං හින්දා.."
මං මන්තරයක් වගේ ඒකම මතුරනවා ඇහෙද්දි ශවී බෝයි අඩියට දෙකට මගේ ලඟට ඇවිත් මාව තද කරලා බදාගත්තා..
"එහෙම කියන්න එපා මගෙ වස්තුව.. ඇයි එහෙම කියන්නේ.. ඔයාගෙ වැරැද්දක් නෑ මේවට.. අඬන එක නවත්‍තන්න මගෙ පැටියෝ.."
ශවී බෝයි කොයි තරම් කිව්වත් මගේ ඔලුවෙ එයා කියන කිසි දෙයක් වැඩ කරේ නෑ.. මම එයා ලඟම හිටියත් මගේ සිහිය තිබුනෙ මගෙන්ම ගොඩක් ඈතට ගිහින්..
උදේ ඉඳන් පිරිලා තිබ්බ ස්ට්‍රෙස් එක එක පාරට පුපුරලා ගිහින් මගේ මුලු ඇඟම පණ නැති වෙලා යනවා දැනෙද්දි එහෙමම මටත් නොදැනිම මගේ ඇස් නිලංකාර වෙලා පියවිලා ගියා..
..........................................................♡
"ඩෝල්.. ඩෝල්.. හොඳින් නේද මගෙ පැටියා.."
ඇස් ඇරුන තප්පරේම මම දැක්කෙ ඇඳ ලඟට වෙලා මගේ දිහා බලාගෙන ඇස් වල කඳුලු පිහිදන ශවී බෝයිව..
"තා..ත්..තා.."
"ඔව් මැණික.. තාත්තා ඉන්නවා ලඟම.. කෝ හෙමින් නැගිටින්න.. ඇඟට අමාරුද.. කෝ මගේ පැටියා.."
"මොකද.. උනේ තාත්තා.. අම්මම්මා.. එයාට.. මං.. අනේ තාත්..තා.."
"ෂ්.. ෂ්... අඬන්න එපා මැණික.. මුකුත් නෑ.. ඔයාගෙ අම්මම්මා දැන් හොඳින් ඉන්නවා.. ම්ම්ම්. අඬන්න එපා.. හරිද.. මගෙ හොඳ බෝනික්කිනේ.."
මං ශවී බෝයිට තුරුල් වෙලා අඬන්න ගත්තම එයා මගේ ඔලුව අතගාන ගමන් අනික් අතට උත්තර බැන්දෙ උගුර යටින් කතා කරනවා වගේ..
මට ඇති වෙනකල් අඬන්න දුන්නු ශවී බෝයි බර හුස්මක් අතෑරලා මාව කෙලින් කරලා ඇඳෙන් ඉන්දෙව්වා.. ඊටත් පස්සෙ ආයෙම මගෙ ඔලුව අතගාලා මගේ නලලට කිස් එකක් දුන්නා..
"දැන් ඇඬුවා ඇති අම්මගෙ රෝසමල.. ම්ම්ම්.. ගෑණුළමයි ඔහොම ඇඬුවම එයාලා කැත වෙනවා.. හොඳ කෙල්ල වගේ දැන් අඬන එක නවත්තලා ඔයාගෙ බෑග් එක පැක් කරගන්න. චූටි ඔයත්.."
ශවී බෝයි එහෙම කියද්දි තමයි මමත් දැක්කේ.. මගේ රූම් එකේ දොර ලඟට වෙලා මගේ දිහාම බලන් ඉන්න බාප්පව..
ඒ ඇස් වල දුක බය පසුතැවිල්ල ඔය හැමදේම වගේ තිබුනා..
ඒත් මොකද්ද මේ බෑග් පැක් කරන කතාව..
"මේ හදිස්සියෙ බෑග් පැක් කරන්නෙ මොකටද අයියා.."
මගේ හිතේ තිබුන ප්‍රශ්නෙම බාප්පා ශවී බෝයිගෙන් අහද්දි මාත් ආයෙම එයා දිහා බැලුවෙ ඒක මටත් ප්‍රශ්නයක් හින්දා..
"හ්ම්ම්.. අපි හෙට ලංකාවට යනවා.. ඔයාලගෙ වැකේෂන් ඉවර වෙනකල් මාස තුන අපි ඉන්නෙ එහෙ.. තේජා අම්මවත් බලලා අහස්ගෙයි ප්‍රාතිගෙයි එන්ගේජ්මන්ට් එකටත් ඉඳලයි අපි එන්නෙ.."
ශවී බෝයි එහෙම කියද්දි මගේ විතරක් නෙවෙයි බාප්පගෙත් ඇස් නලලේ.. ඇයි දෙයියනේ.. විශ්වාස කරන්න පුලුවන් දේවල්ද මේ වෙන්නේ..
"ඒත්.. තාත්..තා.. ඇයි.."
"ඇයි කියන්නෙ මොකද්ද ඩෝල්.. ඔයා බලාගෙන හිටියෙත් මේ දවස එනකල් නේද ම්ම්.. මට තවත් සෙල්ෆිශ් වෙලා ඔයාලා හැමෝම විඳවනවා බලන් ඉන්න බෑ පුතේ.. ආච්චිලා එහේ ඉඳන් දුක් වෙනවා. ඔයා මෙහේ ඉඳන් දුක් වෙනවා.. චූටි උනත් මට නොකිව්වට මම දන්නවා ඔයා කොච්චරනම් අවුලෙන්ද හිටියෙ කියලා.. එහෙම එකේ මට තවත් සෙල්ෆිශ් වෙන්න බෑ.. ඒකහින්දා.... පණ්ඩිතයො දෙන්නා වගේ තවත් ප්‍රශ්න අහන්නෙ නැතුව ලෑස්ති වෙනවලා.. "
හෙන සීරියස් විදියට සේරම කියාගෙන ඇවිත් ශවී බෝයි අන්තිම ටික කිව්වෙ අහිංසක මට ටොක්කකුත් ඇනලා..
රිදුනා අප්පා ඒක. අහිංසක මගේ ඔලුව.. මොලේ හෙල්ලුනොත් ඉවරයිනේ..
අන්තිමට.. කොච්චර නරක උනත් මගේ බර්ත්ඩේ එක දවසෙ හොඳ දේකුත් උනා..
දැක්කද අම්මා.. මම ලංකාවට යන්නයි හදන්නේ.. ලංකාවට..
මම ඉපදුන රටට.. අම්මයි තාත්තයි ආදරේ කරපු රටට.. අම්මයි නැන්දයි දඟ වැඩ කරපු රටට.. මාමලත් එක්ක අම්මා ලොකු උන රටට..
මං යනවා අම්මා.. ඔයාට පේනවා නේද..
"ඩෝල්.. ඩෝල්.. are you serious.. ඒ ඇත්තමද ඩෝල්. ඔයා ලංකාවට යනවද.."
ශවී බෝයි ගියාට පස්සෙ නිකමට සාරාට මැසේජ් එකක් තිබ්බෙ මට සතුට ඉවසගන්නම බැරි නිසා.. මෙන්න යකෝ ඒ ටිකට මේකි ගෙදරටම කඩන් වැදිලා..
"අනේ කියන්නකො සංකි. ඇත්තමයි නේද ඒ කිව්වේ.."
සැරින් සැරේට මාවත් හොලව හොලව සාරා අහද්දි මම ඔව් කියන්න වගේ ඔලුව වැනුවෙ ලොකු හිනාවකුත් මූණෙ පුරවගෙන..
"වෝහ්හ්හ්හ්. ඩෝල් ලංකාවට යනවා.. දෙයියනේ.. මට දැනෙන සතුටක්.. අනේහ්.."
"ඔයාට එච්චර සතුටුද සාරා.."
"නැතුව ඉතින්.. මම තරම් වෙන කවුද දන්නෙ කියන්නකො මගේ ඩෝල්ට ලංකාවට යන්න කොච්චර උවමනාවක් තිබ්බද කියලා.. ඉතින් අන්තිමේදි ඒ දවස ඇවිත්.. යන්න මගේ කෙල්ලේ.. ගිහින් ඔයා හීන දැකපු ඔයාගෙ රට ඇත්තටම විඳින්න.."
සාරා මගේ අත් දෙකෙන්ම අල්ලගෙන ඒක කිව්වෙ.. ඒ මූණ සතුටටම රතු වෙලා..
මේ වගේ යාලුවෙක්.. ඒක ඇත්තටම හැමෝටම ලැබෙන්නැති විදියෙ වරමක්..
ස්තූතියි දෙවියනේ ඇත්තටම මට සාරා වගේ වටින ඇත්තම යාලුවෙක් දුන්නට..
..........................................................♡
"මොකද ඩෝල් මේ ඇඹරෙන්නේ.. මොකද වෙලා තියෙන්නෙ. ෆ්ලයිට් එකට අඩිය තියපු වෙලාවෙ ඉඳන් පිස්සියෙක් වගේ මොකද ඔය දඟලන්නෙ.."
"මට බයයි අනේ.."
ඔරවගෙන මගේ දිහා බලන් ඉන්න ශවී බෝයි දිහා බලලා කටත් ඇද කරගෙන මං එහෙම කියද්දි එයාට හිනා ගියේ ඉන්නෙ කොහෙද කියලත් අමතක වෙලාද කොහෙද.. ඒත් වටේ පිටේ මිනිස්සු බලනවා කියලා දැක්කම ශවී බෝයි මගෙ ඔලුවටත් පාරක් ගහලා බොහොම අමාරුවෙන් ඒ හිනාව ගිලගත්තා..
"දැන් මොනාටද බය.. ම්ම්ම්.."
"බය ඉතින්.... හැමදේටම.. මට බයයි.. එහෙ මං හිතුවා වගේ නැති උනොත් එහෙම.."
මං එහෙම කියද්දි ශවී බෝයි ආයෙම එයාගෙ හිනාව නවත්තගන්න හෙන ගේමක් දුන්නා..
"හිනාවෙන්නේ ඉතින්.."
"හරි හරි සොරි.. ඔයා හිතුවා වගේද.. එහෙම නැද්ද කියලා දැන් ඔයාගෙ ඇස් දෙකෙන්ම බලාගන්නකෝ.. තව ටිකකින් අපි ලංකාවේ.."
තාත්තා මගෙ නහයත් මිරිකලා එහෙම කිව්වම මගේ අත් දෙක එකට පැටලුනේ ඉබේටම වගේ...
නිකන් හිතන්නකෝ.. ජීවිතේටම දැකලා නැති දෙයක් පලවෙනි පාරට දකින්න තප්පරේකට කලින් දැනෙන ෆීලින් එක..
සතුට කුතුහලය බය ආසාව ඔක්කොම මික්ස් වෙලා මගේ හාට් බීට් එක මටම ඇහෙන තරම් වැඩි වෙලා තිබ්බේ..
ෆ්ලයිට් එකෙන් බැහැලා එයාපෝට් එකෙන් එලියට එද්දි මගෙ හිතට දැනුනෙ මහ අමුතුම හැඟීමක්..
මගේ රට.. ඔව් මං අන්තිමේදි මගේ රටට ආවා..
ශවී බෝයිටයි චූටි බාප්පටයි මැද්දෙන් මං එයාපෝට් එකෙන් එලියට ආවෙ හිනා වෙවීමයි... සතුටට මගේ කම්මුල් නලියන විදිය මටම දැනෙනවා දැන්..
ඉතින් එලියට එද්දි හැමදේකටම කලින් මගෙ ඇස් වලට අහු උනේ එලියෙ ඉඳන් අපි එනකල් බලන් ඉන්න අහස් බාප්පවයි චූටි පුංචිවයි..
"මගේ අහස් කැටේ.. ඔන්න ඔයාගෙ බෝනික්කා ආවා. I miss you so much අප්පා.. කෝ බලන්න. අන්තිම පාරට දැක්කට වඩා ඔයා ටිකක් සුදුත් වෙලා.. අනේ..... මට මාර සතුටුයි බාප්පා.."
දැක්ක ගමන් දුවගෙන ගිහින් අහස් බාප්පගෙ කරේ එල්ලිලා මම පිස්සියෙක් වගේ කෑගහන්න ගත්තෙ මගෙ සතුට බෙදාගන්න නියම කෙනා මට හම්බවුන නිසා..
බාප්පව දැක්කට පස්සෙ මගෙ සතුට කොච්චර ඩබල් ත්‍රිබල් උනාද කිව්වොත් මට ඉන්න තැනත් අමතක වෙලාම ගියා..
"ඔන්න.. මටවත් මලක් අරන් දීලා නැති මනුස්සයා මහලොකු දෝණියන්දැට මේක අරන් ආවෙ. ඔයාට මහන්සි පාටයි ඩෝල්.."
බාප්පගෙන් මම ඈත් උන ගමන් මගේ අතින් මල් එකකුත් තියලා කට ඇද කරගෙන එහෙම කියපු පුංචි අන්තිම ටික කිව්වෙ මට හග් එකකුත් දීලා..
"එහෙම තමයි හලෝ.. අපි වටින මිනිස්සුනේ.."
"ඇව් ඇව්. වටින මගුල්නම් දන්නෑ. ඕකත් නැති උනානම් කනක් ඇහෙන්න වෙන්නැති හින්දා ගෙනාවෙ.. යමන් අයියේ.. කොහොමින් හරි චූටි ඔසී ගියත් හරි මාස එක හමාරෙන් මේ ජෝඩුවත් අනික් අතට ලංකාවේ.. ඒකත් මරු හැබැයි.."
මං ඇඳන් හිටිය ක්‍රොප්ටොප් එකේ තිබ්බ කොලර් එකත් උස්සන ගමන් කියද්දි අහස් බාප්පා මගෙ ඔලුවටත් එකක් ගහලා එහෙම කිව්වෙ ශවී බෝයිගෙයි චූටි බාප්පගෙයි කරට අත දාගෙන ඉස්සරහට යන ගමන්..
නොකිව්වට මට එයාලගෙ මූණෙන් පේනවා එයාලා ඉන්නෙ කොයි තරම් සතුටෙන්ද කියලා..
කොහොමහරි ඉතින් එයාපෝට් එකේ ඉඳන් ගෙදරට එනකල්ම මටනම් හරි සිහියක් නෑ.. සැරින් සැරේට පහුවෙන ලස්සන ලොකු ගස් කොලන්.. ලොකු ලොකු ගංගා.. ලස්සන ලස්සන පන්සල්.. පල්ලි.. කෝවිල්.. එක පෝලිමට තියෙන කුඹුරු යායවල්..
ගෙදර යනකල්ම මං කරේ කා එකෙන් ඔලුවත් එලියට දාගෙන කටත් ඇරගෙන පොඩි එකෙක් වගේ පහුවෙන දේවල් දිහා බලන් හිටපු එක..
අනේ මෙහෙ මං හිතුවට වැඩිය කොච්චර ලස්සනද.. ගූගල් එකේ පෙන්නන දේවල් වලට වඩා කොච්චරනම් වෙනස්ද.. ලස්සනද..
අන්තිමේදි කොහොමහරි අපි ශවී බෝයිලගෙ ගේ ලඟට ආවා..
ඒක හරි හුරුබුහුටියට හදපු ලස්සන ඒත් ටිකක් ලොකු ගෙයක්.. අපේ අපාට්මන්ට් එකට වඩානම් සෑහෙන ලොකුයි..
ඊටත් වඩා... ගේ වටේටම ලොකුම ලොකු වත්තක් තිබුනා.. සුදු ආච්චි ගේ පිරෙන්නම මල් හිටවලා..
"යකෝ සාක්කි.."
කා එකෙන් බහින්න හදද්දිම පුංචි මහ හයියෙන් හිනාවෙවී බෙරිහන් දෙන්න ගත්තු හින්දා එයා දිහා බලද්දි දැක්ක දේටනම් මගෙ කටත් ඇරුනා.. ගෙදර ඕපන් වැරෙන්ඩා එක පිරෙන්නම කට්ටිය.. මේ මොකද මේ..
"මොකද බන් මේ.. මුලු ගමම අපේ ගෙදරනෙ.. අර.. ඕපදූප අම්මණ්ඩිලා ටිකත් ඉන්නවා.. හරියට නිකන් ජනාධිපති රට ඉඳන් ගොඩබහිනවා වගේනෙ මුන් බලන් ඉන්නේ.."
මගෙ හිත කියෙව්වා වගේ අහස් බාප්පා එහෙම කියද්දි මටත් හිනාගියෙ ඒ කතාවත් ඇත්තනෙ කියලා හිතිලා..
ආයෙ ඉතින් එන එකෙක් එන්න ඇත්තෙ ශවී බෝයිව බලන්නනේ.. ඉතින් මොකට කරදර වෙනවද කියලා අයියලා මල්ලිලට ඉස්සර වෙන්න දීලා මං පුංචි එක්ක පිටිපස්සෙන් ගියා..
ගෙයි දොරකඩට වෙලා මේ තරම් වෙලාවක් බලන් උන්නු සුදු ආච්චිගෙ ඇස් වල දැනටමත් කඳුලු පිරිලා..
එහෙමම ශවී බෝයි සුදු ආච්චි ලඟට ගිහින් එයාගෙ අත් දෙකෙන් අල්ලගත්තා...
"අම්මා.... ඔයාගෙ සුදු පුතා ආවා.."
ඒ වචන.. මට දැනුනෙ ඒ වචන ඇතුලෙ තිබ්බ හැඟීම් කන්ද මගෙ පපුව පසාරු කරගෙන ගියා වගේ..
තාත්තගෙ කටින් ඒ වචනෙ පිට උන තප්පරේම සුදු ආච්චි තාත්තටම තුරුල් වෙලා මහා හයියෙන් ඉකිගහලා අඬන්න ගත්තේ එයාගෙ බලන් ඉඳිල්ල සදහටම ඉවරයක් කරලා දාලා..
ශවී බෝයිගෙ පපුවට ඔලුව තියාගෙන දාහක් දේවල් කිය කිය අඬන සුදු ආච්චි දිහා මං බලන් හිටියෙ ඇස් වල කඳුලුත් පුරවගෙන..
"මගෙ කොල්ලා.. අන්තිමට අම්මව බලන්න ආවා.. මගෙ රත්තරන් නැතුව මං කොයිතරම් පාලුවෙන්ද හිටියේ.. අද එයි.. හෙට එයි කියලා අවුරුදු ගානක් මං බලන් හිටියා මයෙඅම්මා.. මගෙ කොල්ලො තුන් දෙනා ලඟ තියාගෙන දැන් මට මැරිලා ගියත් කමක් නෑ රත්තරනේ.."
විනාඩි දහයක් පහලවක්.. නෑ.. පැය බාගයක් විතරම සුදු ආච්චි ශවී බෝයිව බදාගෙන ඇඬුවා... අහස් බාප්පා ආච්චිව අයින් කරන්න හැදුවත් තාත්තා ඇස් වලින්ම බාප්පට එපා කිව්වා..
සුදු ආච්චිට ඇති තරමක් අඬන්න දීලා තාත්තා වචනයක්වත් නොකියා එයාගෙ දුක තුනී වෙනකල්ම එයාව තුරුල් කරන් හිටියා..
"දෙයියනේ මගෙ කොල්ලා තාමත් ගෙයි දොරකඩ නේද.. උබව දැක්කම මට ඉවසුම් නැතුව ගියා.. යං පුතේ ඇතුලට.. ඒත්.. ඒක නෙවෙයි.. කොයි පුතේ මගෙ පොඩි එකී.."
අහ්.. ඇති යන්තම් මාව මතක් උනා..
"ආ... ඇති යන්තම්.. දැන්ද මාව මතක් උනේ.. ඔයාටත් ඉතින් පුතා දැක්කම මිනිබිරී ගැන වගක් නෑනේ.. මුලු පවුලටම ඉන්න එකම මිනිබිරීට සලකන හැටිනම් අන්තිමයි වාසුකී නෝනා ආහ්හ්.."
මං ඉණටත් අත් දෙක තියාගෙන බොරුවට රවාගෙන එහෙම කියද්දි තාත්තයි බාප්පලයි පුංචියි කට්ටියම හයියෙන්ම හිනා උනා..
"අනේ මගෙ බෝනික්කි.. ඔයාව අමතක කරා නෙවෙයි රත්තරනේ.. තාත්‍තව දැක්කම මට තවත් ඉවසන් ඉන්න බැරි උනා.. මගෙ කෙල්ල තරම් වෙන කාවද අපිට වටින්නෙ ම්ම්ම්.. කෝ එන්න ආච්චි ලඟට.."
සුදු ආච්චි දෙපැත්තට අත් දෙක දික් කරගෙන එහෙම කියද්දි මම දෙපාරක් නොහිතා ගිහින් නැවතුනේ සුදු ආච්චිගෙ තුරුල්ලෙ..
අම්මා නැති මගේ දෙවනි අම්මලා තමයි මේ.. එයාලා නැත්තන් මට වෙන කවුද ඉන්නේ..
"ඒ උනාට.. මම තරහයි.. යාලු කරගන්න ඕනෙනම් අර ඔයා අහස් කැටේ අතේ මට හදලා එවපු කෑමජාති ඔක්කොම ටික මට හදලා දෙන්න ඕනෙ හරිද.."
"ඔන්න පටන් ගත්තා.. මල පෙරේතිගෙ කන බනේ.."
මං ආච්චිට තුරුල් වෙලා ඉඳන්ම එහෙම කියද්දි ආයෙම පාරක් අහස් බාප්පා පැත්තක ඉඳන් බෙරිහන් තියනවා..
"කට වහපන් අහස්.. මගෙ කෙල්ලට ඒවා මේවා නොකියා.. චූටි පුතා.. කොයි එන්නැද්ද අම්මා ලඟට.. මාසෙට දෙකට මේ කොල්ලා වෙනස් වෙලා තියෙන තරමක්.. කෝ ඉතින්.."
මං එහෙමම ඉද්දි ආයෙමත් ආච්චි චූටි බාප්පට කතා කරාම මම ඔලුව විතරක් හරවලා බැලුවෙ එයා දිහා..
අදනම් ඒ ඇස් වල තියෙන්නෙ අර වෙනදට තියෙන යක්ෂ පාට නෙවෙයි.. අමුතුම සතුටක්..
බාප්පා ආච්චි ලඟට එද්දි මම එහෙමම එහාට වෙන්න හැදුවත් මට හෙල්ලෙන්නවත් තප්පරයක් නොතියා මාත් කිටිකිටියෙ තද වෙන ගානට ආච්චිව බදාගත්තු බාප්පා සුදු ආච්චිගෙ නලලට කිස් එකක් දුන්නා..
"දැන් ඔයාට සතුටුයි නේද පණ.."
බාප්පා ආච්චිගෙනුත් ඈත් වෙලා එහෙම අහද්දි මාත් ආච්චිගෙන් එහාට උනේ ඒ මූණ දිහා බලාගෙන..
"කියන්න වචන නැති තරම්.."
ආච්චි එහෙම කියලා ගේ ඇතුලට ගියාම වටේ හිටපු කට්ටියත් ශවී බෝයි එක්ක කතා කරන්න ගත්තා..
එහෙ වගේනම් අල්ලපු ගෙදර මිනිහෙක් මැරුනත් මේ ගෙදර මිනිස්සු දන්නෑ.. ඒකට මෙහෙ..
අපි එනවා කියලා දැනගෙනනෙ මේ හැමෝම ඇවිත් තියෙන්නේ..
ඒත්...
..........................................................♡
ඔන්න ආවා..
සමහරවිට ටික දවසකට කතාව නැති වෙන්නත් පුලුවන් ළමයි ආයෙම.. එහෙම වෙනවනම් මං කියන්නම්කෝ..
ආහ් මේ.. ඔයාලට කැමති ඕනෙම දෙයක්.. ඕනෑ.....ම දෙයක් හිතාගන්න නිදහස තියෙනවා මේ එපියෙ ඉඳන් 🌚
ඊලඟ එකෙන් හම්බෙමු..
✍️ රාදි
❤️
💗
👍
🤎
36