රාදි 🤎🍂
රාදි 🤎🍂
June 18, 2025 at 02:07 PM
"දැන් ඔයාට සතුටුයි නේද පණ.." බාප්පා ආච්චිගෙනුත් ඈත් වෙලා එහෙම අහද්දි මාත් ආච්චිගෙන් එහාට උනේ ඒ මූණ දිහා බලාගෙන..  "කියන්න වචන නැති තරම්.." ආච්චි එහෙම කියලා ගේ ඇතුලට ගියාම වටේ හිටපු කට්ටියත් ශවී බෝයි එක්ක කතා කරන්න ගත්තා.. එහෙ වගේනම් අල්ලපු ගෙදර මිනිහෙක් මැරුනත් මේ ගෙදර මිනිස්සු දන්නෑ.. ඒකට මෙහෙ.. අපි එනවා කියලා දැනගෙනනෙ මේ හැමෝම ඇවිත් තියෙන්නේ.. ඒත් මොකද මේ මිනිස්සු සැරින් සැරේ මගේ දිහා අමුතු විදියට බලන්නේ.. අර ඇන්ටිලද ආච්චිලද සෙට් එක ඇස් කටේ දාන් මගේ දිහා උඩ ඉඳන් යටටම බලනවනේ... "මෙහ් පුංචි.. මොකද අනේ අර කට්ටිය මගේ දිහා අමුතුවට කන්න වගේ බලන් හිටියෙ ඒ.." හැමෝටම කතා කරලා ශවී බෝයි එක්කම ඇතුලට ආව තප්පරේම මං පුංචිගෙන් එහෙම ඇහුවෙ කටත් බෙරි කරගෙන.. "ආහ්.. එහෙම තමයි ඩෝල්.. ඔයාගෙ ඇඳුම මෙහෙ අයට එච්චර හුරු නෑනේ.. අනික ඔය වගේ ඇඳුමක් දැක්කම මෙහෙ ඉන්න ඕපදූප ඇන්ටිලා ටිකට එයාලගෙ සංස්කෘතියයි සභ්‍යත්වයයි මතක් වෙනවා.. ගණන් ගන්න එපා.. කෙල්ලෙක් පොඩ්ඩක් හොඳට අඳිනවා දැක්කම මෙයාලට ඇරියස් කවර් කරන්න මතක් වෙනවා.. ඒකයි.." පුංචි ඇහැකුත් ගහලා කියද්දි මම බැලුවෙ මගේ ඇඳුම දිහා.. මං ඇඳන් හිටියෙ කොට ඩෙනිම් ශෝට් එකකුයි හයිනෙක් ක්‍රොප්ටොප් එකකුයි.ආයෙ ඉතින් ටොප් එකට උඩින් පොඩි ජැකට් එකක් දාලා ශූස් දෙක දැම්මා.. අනේ ඉතින් ගමනක් යද්දි පහසුවට යන්න එපැයි.. පිස්සු විකාරනේ ඉතින්.. "සෑහ්.. ඔව්වා හිතන්න එපා ඒයි. එනවකො යන්න. අපිට තව ගොඩාක් වැඩ කරන්න තියෙනවනේ.. දැන් චේන්ජ් එකක් දාගන්න.." මං කල්පනා කරනවා දැකලද කොහෙද ඒ පාර පුංචි එහෙම කියාගෙන මාව උඩට ඇදගෙන යන්න ගත්තා.. "එහෙනම් ඩෝල්.. මෙන්න ඔයාගෙ රූම් එක.. බය වෙන්න කිසි දෙයක් නෑ හොඳේ.. මේ ලිවින් රූම් එකට එහාපැත්තෙ රූම් එකේ ඔයාගෙ අහස් කැටේ ඉන්නවා.. එතනම ඉස්සරහා එක අයියගෙ. එතකොට මේ ඔයාගෙ රූම් එකට ඉස්සරහම තියෙන එක ඔයාගෙ කෝච්ගෙ.. එහෙනම් හරිනේ.." පුංචි අත මිටමොලවගෙන මහපට ඇඟිල්ල උඩට උස්සන ගමන් එහෙම ඇහුවෙ මට සේරම විස්තර කරලා දීලා.. "ම්ම්ම් ම්ම්ම්ම්.. ඒ කියන්නෙ තව ටික දවසකින් ඔයත් අර රූම් එකේ නේහ්.. ම්ම්ම්ම් ම්ම්ම්ම්ම්ම්ම්ම්.." පුංචිගෙ මහපට ඇඟිල්ල මැදි වෙන්න එයාගෙ අත උඩින් එයා වගේම අත තියාගත්තු මං අමුතු හිනාවකුත් දාගෙන ඇස් නටව නටව කියද්දි පුංචි තක්කාලි පාට වෙන්නම රතු වෙලා.. හැමෝම දන්නවනෙ ඉතින් මං අම්මා වගේ කියලා.. ඒත් පුංචියි අම්මයි එක වගේ නෙවෙයි. අම්මා අම්මම්මා වගේ උනාට පුංචි සීයා වගේ.. පුංචි අපේ අම්මටත් වඩා ලස්සනයි. එයා සුදුත් නෙවෙයි කහ පාටයි. මට වඩා ශේඩ් දෙක තුනක්ම පාටයි එයා.. ඉතින් අහස් කැටේ ඇඹලයා වගේ පුංචි වටේම කැරකෙන එකෙත් අහන්න දෙයක් නෑනේ.. "අනේ මේ.. පලයන් යන්න පොඩි එකා.. ගිහින් නිදාගන්නවා.." එහෙම කියලා පුංචි මාව පයින් එකක් ගහලා කාමරේ ඇතුලට තල්ලු කරලා දොර වැහුවෙ මටත් ඇදකරගෙනමයි.. අනේ ඇත්තමයි මේ වැඩිහිටියොනම්.. මට හිරිහැරමයි කරන්නෙ අප්පා.. ඔන්න ඔහෙ ඕනෙ කෙහෙම්මලක් කියලා පුංචි ගියාම මම කැරකිලා බැලුවෙ කාමරේ දිහා.. ඇඳයි පොඩි සෝෆා එකකුයි ලොකු කබඩ් එකකුයි මේසෙකුයි ඇරෙන්න වෙන මුකුත්ම නෑ.. වාහ්හ්හ්.. මෙහෙ හරි සනීපයි අනේ.. එහෙට වඩා හරි අමුතු එකක් තියෙන්නෙ.. රස්නෙත් එක්කම එන අමුතු සීතලක්.. ඔය කොයික උනත් මට තියෙන මහන්සියෙ හැටියට හොඳට නාගෙන මම එහෙමම ඇඳට වැටුනා.. ඇත්තමයි නින්ද ගියාද සිහි නැති උනාද මන්දා.. ආයෙම ඇහැරෙනකොට හොඳටම හවස් වෙලා.. කම්මැලිකමටම බෑග් එකේ උඩින්ම තිබ්බ ශෝට් එකයි බැගී එකයි අරන් ගිහින් වොශ් එකක් දාගෙන මං එලියට ආවෙ මාරම බඩගින්නක් දැනුන හින්දා.. මං එද්දි කට්ටියම සාලෙට වෙලා තේ බොනවා.. මෙහෙ ඉතින් අපේ අපාට්මන්ට් එකේ වගේ ඕපන් කිචන් එකක් නෙවේනෙ තියෙන්නේ.. "ආ.. ඇති යන්තම් නිදි කුමාරි ඇහැරලා.." මාව දැක්ක ගමන් අහස් බාප්පා එහෙම කියලා කෑගහන්න ගත්තා.. එයාටත් රවාගෙනම මං ගිහින් වාඩි උනේ ශවී බෝයිගෙ කකුල් දෙක උඩින්.. එහෙමම මම එයාට හේත්තු උනාම තාත්තත් මුකුත් නොකියා මගෙ ඔලුව අතගාන්න ගත්තා.. බඩගිනි නිසාම පහලට ආවට මම මාර නිදිමතක හිටියේ.. "ආයෙ නිදාගන්නද හදන්නෙ කම්මැලි කෙල්ල.. උදේ ඉඳන්ම කාලත් නෑ දැන්.. මේ බලන්නකො ආච්චි ඔයාට මොනවද හදලා තියෙන්නෙ කියලා.." එහෙම කියලා ශවී බෝයි මගේ අතින් තිබ්බෙ අලුවා පිඟානක්.. ඒක දැක්කම මට නැගිට්ටවුනේනම් ඉබේටමයි.. අනේ අම්මෝ.. ඒකෙ රස.. සුදු ආච්චි දෙතුන් පාරක්ම මට ඒවා හදලා එවලා තියෙන හින්දා මම දන්නවා.. ඒක කොච්චරනම් රසද කියලා.. "අනේ.... මේ බලන්නකෝ.. මේකනම් ඔක්කොම මගේ හරිද.. දෙන්නෑ එක කෑල්ලක්වත් ඔයාලට.. ඒක නෙවෙයි. පුංචි කොයි.." අලුවා පිඟානත් මගේ අතට අරන් ශවී බෝයිගෙ එහාපැත්තෙන් ඉඳගෙන එහෙම ඇහුවෙ පුංචි පේන්න නොහිටපු හින්දා.. "පුංචි ගෙදර ගියා බබා.. හොස්පිට්ල් යන්න ලෑස්ති වෙලා එයා එයි.." "ම්ම්ම්.. අෆි වැම්ම හොෆ්පිහුල් වනවද.." අහස් බාප්පා මගේ ප්‍රශ්නෙට උත්තර දුන්නම මං ආපිටට ඇහුවෙ තවත් අලුවා කෑලි දෙකක්ම කටට ඔබාගන්න ගමන්.. "මොකක්.. මොන මගුලක්ද බන් කියන්නේ.." "අහ්.. මේ.. සොරි සොරි.. මං ඇහුවෙ අපි දැම්මම හොස්පිට්ල් යනවද කියලා.. ගණන් ගන්න එපා ඉතින්. කලබලේනේ.." බාප්පා මෝඩ හිනාවක් දාගෙන එහෙම කියන ගමන් මම තව අලුවා කෑල්ලක් කටට දාගත්තා.. මං හිතන්නෙ ඒක මම කන අටවෙනි කෑල්ල.. ඒත් තව කෑල්ලක් ගන්න පිඟානට අත දික් කරද්දිම මම ගැස්සිලා ගියේ කන ලඟ හෙනගහනවා වගේ ඇහුන සද්දෙට.. "ඔච්චර ගොඩක් එකපාර ගිලින්න තමුසෙට පිස්සුද ඕයි. ඔය පිඟාන කවුරුත් උස්සගෙන යන්නෑ.. ඔහොම කන්න ගියොත් තමුසෙට වෙනම ලෙඩක් හැදෙයි.." අතේ තිබ්බ පිඟාන ඇදලා අරන් දඩස් ගාලා එතන තිබ්බ ස්ටූල් එකේ තියන ගමන් චූටි බාප්පා මටත් රවාගෙන බෙරිහන් දෙන්න ගත්තම මං විතරක් නෙවෙයි අනික් අයත් බලන් හිටියෙ කටවලුත් ඇරගෙන.. "ඩෝල්.. තව ටිකකින් ආයෙ කන්න පුතේ.. නැත්තන් ඔයා මත් වෙයි.. පොඩි එකීට කෑගහන්නෙ මොකද චූටි. ආසාවටනෙ කන්නේ.." "ආච්චිලා දුවලා ඕනෙ මගුලක් කරගන්න එකයි ඇත්තෙ. හැබැයි ටැලන්ට් එක බල්ලට ගියාවේ.. අහුවෙන හැම මගුලම කාලා රටේ තියෙන ලෙඩ ටික සේරම හදාගත්ත උන් එකෙක්වත් මගේ ටීම් එකට වද්දගන්නෙ නෑ.. " "පුෆ්.. එයාගෙ ඝනකම.." ආච්චිටයි මටයි දෙන්නටම ඔරවගෙන එහෙම කියපු චූටි බාප්පා දිහා බලාගෙන මං කොඳුරද්දි තාත්තයි අහස් කැටෙයිනම් හිනා වෙනවා.. "ඒයි... පොඩ්ඩක් ඉන්න.. මොකද්ද අරයා අර කියලා ගියේ.. ටීම් එකට ගන්නෑ.. මාව.. මේ මාව.. මේ සාංකේති නැතුව මොන ස්විමින්ද.. මං නැත්තන් ටෙනිස් චැම්පියන්ශිප් එක කොලේජ් එකට ගේන්නෙ කවුද.. තාත්තා මේ.. ඔයාගෙ මහලොකු චූටි මල්ලි දැන් ඕනෙවට වැඩී ඈ.. මාව ටීම් එකට ගන්නෑ කියන්නෙ. තමුන්ව මං ආයෙ මගේ ගෙදර පලාතෙ වද්දගන්නෑ.. බලනවකො කරන දේ මං.." "කෑගැහුවට තමුසෙ තාම ඉන්නෙ මගේ ගෙදර පොඩි එකෝ. ඇදලා එලියට දාන්න කලින් කටවහගෙන හිටපන්.." මං යක්ෂණී වගේ හතර අතටම දෙහි කපලා බෙරිහන් තිබ්බට මොකද මගේ කට වැහිලා ගියේ චූටි බාප්පා හිටපු තැන ඉඳන්ම මහ නෝන්ජල් හිනාවක් එක්ක එහෙම කියනවා ඇහුනම.. ඒ අස්සෙන් මගේ බෙරි වෙච්ච කට දිහා බලාගෙන ශවී බෝයි අහස් කැටෙයි දෙන්නම හිනා වෙනවා.. "ආ.... ඔයාලත් හිනා වෙන්නකො එහෙනම්.. තේරෙයි දවසක මේ ඩෝල්ගෙ අගේ.. බලන් ඉන්නකො. ඔයාලා මහ හොඳ නෑ.. මං මෙත..." "මං හොඳටම පරක්කු වෙලා වගේ නේහ්.." බැනගෙන බැනගෙන ගියපු මගේ කටහඬ එහෙමම නැවතුනේ මට පිටිපස්සෙන් ඇහුන වචන ටිකට.. "නැන්දා..... බලන්නකො මෙයාලා මට වෙනස්කම් කරනවා.." පුංචිත් එක්ක හිනාවෙවී දොර ලඟ හිටගෙන හිටපු නැන්දා ලඟට ගිහින් තුරුල් වෙලා මං පොඩි එකෙක් ගානට නෝක්කාඩු කියන්න ගත්තා.. "ම්ම්ම්.. කෝ බලන්න.. මොනවද තාත්තලා බාප්පලා මගේ කෙල්ලට කරේ.. ම්ම්ම්.. " "ඔයා විතරනේ නැන්දා මට ආදරේ.. මෙයාලා ඕනෙම නෑ මට.." මං එහෙම කියද්දි නැන්දා මගෙ කම්මුල් දෙකෙන් ඇදලා ඇහැක් ගැහුවෙ හරියට නිකන් හිනවෙන්න ඩෝල් කියන්න වගේ.. "වෙල්කම් බැක් බ්‍රෝ.." මගෙන් එහාට උන තප්පරේම නැන්දා පොඩි එකෙක් වගේ අත් දෙකත් දෙපැත්තට දික් කරගෙන එහෙම කිව්වෙ ශවී බෝයි දිහාට හැරිලා.. ඉතින් ආයෙම අයියලා නංගිලාගෙ සහෝදර ප්‍රේමය බෙදාගන්න වෙලාව.. ඔය නාඩගම් සේරටම පස්සෙ අපි කට්ටියම ලෑස්ති වෙලා අම්මම්මව බලන්න හොස්පිට්ල් එකට ගියා.. හොස්පිට්ල් එකට ගියා ගියාමයි මාව දැකපු වෙලාවෙ ඉඳන් අම්මම්මා නවත්තන්නෙ නැතුවම අඬනවා.. මාරුවෙන් මාරුවට මාවයි තාත්තවයි ඉඹ ඉඹ එයා අඬනවා.. "අම්මා.... ඉතින් අඬන එක නවත්තන්න.. දැන් අයියයි ඩෝලුයි ආවනේ.. අඬන්න හොඳ නෑ අම්මා ඔයාට ඔහොම.. " පුංචි අම්මම්මගෙ ලඟට ඇවිත් එහෙම කිව්වම තමයි එයා පොඩ්ඩක් හරි අඬන එක නැවැත්තුවෙ.. "මං බයෙන් හිටියෙ පුතේ.. මැරෙන්න කලින් මගෙ සුදුමහත්තයයි මේ බෝනික්කියි එක පාරක් හරි දැකගන්න බැරි වෙයි කියලා.. බලන්න ඩෝල්.. ඔයා අම්මා වගේමයි පුතේ.. කිසි වෙනසක් නෑ.. ඒ වගේමයි මගෙ කෙල්ල.." "අම්මම්මා.. දැන් අඬන්න එපා.. අපි දැම්ම යන්නෑනේ.. ඒක නිසා අඬන්නැතුව ඉක්මනට හොඳ වෙන්න හරිද.." මං අම්මම්මට තුරුල් වෙලා එහෙම කියද්දි එයත් මගේ ඔලුව අතගෑවෙ හිනාවෙවී.. "අනේ මගෙ පණ්ඩිත ආච්චි.." ..........................................................♡ දවස් දෙකකට පස්සෙ අම්මම්මව හොස්පිට්ල් එකෙන් ඩිස්චාජ් කරන් ගෙදර එක්කගෙන ආවා.. ඒ ආව වෙලාවෙ තමයි මම පලවෙනි වතාවට අම්මගෙ කාමරේ දැක්කෙ.. ඒක වැඩි විච්චූරණ නැති ලස්සන කාමරයක්.. ඒක ඇතුලට අඩියක් තියද්දිම මං දැක්කෙ පොත් පුරවපු රැක් එකක් වගේ එකක්... කාමරේ පිරෙන්නම එක එක තැන් වල ෆොටෝ ගොඩාක් එල්ලලා තිබුනා.. ඉස්සෙල්ලම මගෙ ඇස් වලට අහු උනේ සුදු පාට මල් මාලයක් දාලා තියෙන ෆොටෝ එකක්.. ඒක අම්මගෙයි පොඩි මාමගෙයි ෆොටෝ එකක්.. ඒකෙනම් අම්මට දහ අටක්වත් නැද්ද කොහෙද.. එකක් අම්මගෙයි නැන්දගෙයි ෆොටෝස් ගොඩක් දාලා එඩිට් කරලා ෆ්‍රේම් කරපු තනි ෆොටෝ එකක්.. ඒකෙ එයාලගෙ ස්කූල් යුනිෆෝම් එකෙන් ගත්තු ෆොටෝ පවා තියෙනවා.. අම්මට මාව හම්බවෙන්න ඉන්න කාලෙ ගත්ත ඒවත් තියෙනවා.. ඒ එක්කම මගේ ඇස් වලට අහු උනේ ඇඳේ හෙඩ් බෝඩ් එකට උඩින් සෙට් කරලා තිබ්බ ලොකුම ලොකු ෆොටෝ එක.. ඒකෙ හිටියෙ අම්මයි පුංචියි අම්මම්මයි සීයයි.. තව එකක් තිබුනා. ඒක අම්මගෙයි තාත්තගෙයි ෆොටෝ එකක්.. ඒක කොහෙහරි පාටි එකකදි ගත්තු එකක් මං හිතන්නෙ.. දෙන්නම තනි කලුම ඇඳගෙන ඉන්නෙ ඒකෙ.. මං හිතන්නෙ අර දවසක් ශවී බෝයි මට කිව්වෙ මේ දවස ගැන වෙන්න ඇති..  අම්මට තියෙන්නෙ කොච්චරනම් ලස්සන හිනාවක්ද.. එයාලා මේ හැමතැනකම ලස්සනට හිනාවෙලා ඉන්නවා.. සමහරවිට මම නොවෙන්න එයාලා හැමෝම තාමත් මේ වගේ හිනාවෙලා ඉන්න තිබුනා.. ඇත්තටම... කල්පනාවෙන්ම මගේ අත නැවතුනේ ඒ ෆොටෝ එකේ අම්මගෙ මූණ ලඟ.. ඔයා නැතුව අපි හැමෝටම පාලුයි අම්මා.. "මොනවද ෆොටෝ එක දිහා බලාගෙන කල්පනා කරන්නේ... ම්ම්ම්ම්.." "අම්මා හිනාවෙනකොට ලස්සනයි නේද නැන්දා.." "ම්ම්ම්.. දන්නවද.. ඔයා හිනාවෙද්දිත් ඒ වගේම ලස්සනයි.. ඒක හින්දා හැමදාම හිනා වෙලා ඉන්න. අම්මට ඕනෙත් එච්චරයි.. තේරුනාද.." මගෙ අතින් අල්ලලා ඇඳෙන් ඉන්දවගන්න ගමන් නැන්දා එහෙම කිව්වෙ මගෙ ඔලුවත් අතගාලා.. "අම්මෝ නැන්දා.. බලන්නකො.. මේක මේ ගෙදර තියෙන අනික් හැම රූම් එකකටම වඩා වෙනස්නේ.. එච්චර ඕන්නෑ. ඔයා අම්මගෙ හොඳම යාලුවා වෙලත් ඔයාගෙ රූම් එකවත් මේ වගේ නෑනේ." "මං දන්නවා කෙල්ලේ.. ඔයාගෙ අම්මා එහෙම තමයි.. එයා හරියට පාට පිරිච්ච සුරංගනාවියෙක් වගේ කෙල්ලෙක්.." නැන්දා හිනාවෙවී කියද්දි මම ඇස් දෙකත් ලොකු කරගෙන බැලුවෙ නැන්දා දිහා. මොකද අපේ නැන්දගෙ ෆේවරිට් කලර් එක බ්ලැක්.. බ්ලැක්.. බ්ලැක්.. ඔන්ලි බ්ලැක්.. ඉතින් මට පුදුම හිතෙන එක අහන්නත් දෙයක්ද.. එහෙම දෙන්නෙක් හොඳම යාලුවෝ කියද්දි.. "ඔහොම හිතලා පුදුම වෙන්න එපා ඩෝල්.. ඒක එහෙම තමයි.. ඔයාගෙ අම්මයි මමයි කියන්නෙ සම්පූර්ණ පරස්පර විරෝධී මිනිස්සු දෙන්නෙක්.. මම කැමති මොනවටද ඔයාගෙ අම්මා කැමති තනිකරම ඒකෙ අනික් පැත්තට.. අපි දෙන්නගෙ ෆේවරේෂන්ස් කිසිම වෙලාවක ගැලපුනේ නෑ.. පොඩ්ඩක්වත් නෑ.. ඒත් අපි හොඳම යාලුවෝ.. අදටත්.." "සීරියස්ලි නැන්දා.. ඒකනම් මාරයි.. The real life version of Wednesday Addams and Enid Sinclair.." "ඇත්තටම එහෙම තමයි.." "ඉතින් ඉතින්.. අනේ මට තව විස්තර කියන්නකො නැන්දා ඒ කාලෙ ගැන.. ඔයාලා ගැන.. ඉතින් ඔයාලයි අම්මලයි මාමලයි හැමෝම එකමද හිටියේ.." මං නැන්දගෙ අතේ එල්ලිලා එහෙම අහද්දි නැන්දගෙ ඇස් දෙක ඉබේටම නැවතුනේ අම්මගෙයි පොඩි මාමගෙයි ෆොටෝ එක ලඟ.. ඒත් එක්කම නැන්දා බර හුස්මක් අතෑරියම මගේ ලොකු උන ඇසුත් කැරකුනේ නැන්දගෙ දිහාට.. "නැන්දා.." "ම්ම්ම්..." "දවසක් ඔයා කිව්වෙ.. දිගම දිග කතාවක් තියෙනවා දවසක කියන්නම් කියලා.." මං එහෙම කියද්දි නැන්දගෙ ඇස් ෆොටෝ එකෙන් අහකට ඇවිත් මගෙ ලඟ නැවතුනේ ලොකු කලබලේකින් වගේ.. "මං ඒ කතාව අහන්නෑ නැන්දා.. ඒත්.. ඒ කතාවෙ අයිතිකාරයා මගේ පොඩි මාමා කියලා මට හිතෙනවා.. ඒක එහෙමද නැන්දා.." "ඩ්.. ඩෝල්.." "හරි කමක් නෑ.. මට උත්තරේ හම්බවුනා.. මට තේරෙනවා මං දන්නැති ගොඩක් දේවල් තියෙනවා කියලා.. ඉතින් මං දැනගන්න ඕනෙ කාලෙ ආවම කියන්න. මං එතකල් බලන් ඉන්නම්.." හිනාවෙලාම මං එහෙම කියද්දි නැන්දා මගෙ ඔලුව අතගාලා හිනා උනා... "ම්ම්ම්.. වෙන කතාවක් කියන්නද.. ඔයා දන්නෑනෙ වැඩක්.. ඔයාගෙ අම්මගෙයි තාත්තගෙයි අපිට නොකියන මොනවමහරි මෙව්වා එකක් තියෙනවා කියලා මං දැනගත්තෙ මේ රූම් එකේදිමයි.." "මේ රූම් එකේදි.. සීරියස්ලි.." "හ්ම්ම්ම් ඔව්.. බලන්න එපැයි ඒ කාලෙ දෙන්නගෙ ලව් එක.. කෙලින්ම ඇස් වලින් කතා කරන්නෙ එහෙට මෙහෙට.. ඔයාගෙ තාත්තා අම්මට ලව් කියලා අම්මටත් කලින්ම දැනගත්තෙ මම.. කොහෙද ඉතින්. අරක ටියුබ් ලයිට් එකනේ.." නැන්දා හිනාවෙවී කියවනවා.. කාලෙකින් හිතේ තියෙන හැමදේම එලියට දාන හින්දද කොහෙද එයා මාර සතුටින්.. "අනේ.. මටත් හැමතිස්සෙම එහෙම කියනවා සාරා.." "නැතුව ඉතින්. අරකෙම කාබන් කොපියනෙ මේක.." එහෙම කියලා ඒ පාර නැන්දා හිනා වෙනවා.. කොහොමහරි නැන්දත් එක්ක කයිය ගහලා වරුවක් ගෙවෙනකල් අපි දෙන්නම දන්නෑ.. අම්මම්මා කෑගහලා කන්න එන්න කියද්දියි යන්තම් කතාව නැවතුනේ.. ඉතින් දවස තිස්සෙම මම එහෙ මෙහෙ පිස්සුවෙන් වගේ ඇවිද්දා.. අම්මගෙ ජීවිත කාලෙම වගේ ගෙවුන මේ ගෙදර ඇතුලෙ මට දැනෙන්නෙ මාරම සනීප ෆීලින් එකක්.. ඒකනම් වචන කරන්න බැරි ජාතියෙ හැඟීමක්.. කොහොමහරි හවස් වෙලා අපි තුන්දෙනා එක්කම අඹ අච්චාරු හැදුවා.. පණ්ඩිතයා වගේ කන්න ගත්තට අම්මෝ ඒකෙ සැර.. එහෙමයි කියලා මම සැලෙනවද අනේ.. හොටු පෙර පෙර කෙල හල හල කඳුල් පෙරාගෙන මම ඒක කෑවා.. අපි තුන්දෙනාම අඹ අච්චාරුව එන්ජෝයි කරන අතරෙ... ..........................................................♡ ටිකක් කම්මැලිත් ඇති.. අනේ මන්දා.. මට එහෙම හිතෙනවනේ.. ඊලඟ එපිය අරන් එන්නම් ඉතින් එහෙනම්.. ✍️ රාදි
❤️ 1

Comments