
අකුරට අරුතක්...✍️ 📖
June 18, 2025 at 02:45 PM
*_තනියා_🗣️🫀*
# _මම කව්ද කියලා මතක්කරලා බලන්න.මට ඒ ඇති !_
--------------->>>
*පෙර කොටසින්..*
https://whatsapp.com/channel/0029Vaf3D4C9MF8wPN26LQ45/1239
• `දෙවන මතකය⏳🪄`
මම ඒ දිහාම බලන් යන්න ගත්තේ කවුදෝ කෙනෙක් මගෙ පිටට තට්ටු කරද්දි,
"මේ..අපි යන්නෙ ටෙක් එකට නෙවේ..ආ(ර්)ට් එකට.."
"අහ්හ්.."
දහරා එහෙම කියද්දි මට පොඩි ලැජ්ජාවක් නාවම නොවෙයි.
ඒත් මම ඒක මැඩපවත්වගන්න තරම් සාර්ථකවුණා.
ඒ රූපෙන් ඇස් ඉවත්කරල මම ගමනට අවදානය දුන්නෙ, ආයෙමත් පාරක් ලැජ්ජ වෙන්න ඕනෙ නැති නිසා..
_____________________✨
ගෙදර ඇවිදින් සුපුරුදු විදියට වැඩ කටයුතු නිමා කරලා ගෙටවැදුන මම චුට්ටක් ඇස් දෙක පියෙව්වෙ ඇදේ හාන්සි වෙන ගමන්..
"අහ්හ්..ෂිට්.."
ඇස් දෙක පියවනවත් එක්කම ඒ රූපෙ පේන්න ගත්තෙ මම නොහිතපු මොහොතක..
_________________🪄
දවස් ගණන් ගෙවිලා ගියේ ඇහිපිල්ලම් ගහද්දි පවා ඒ රූපේ මැවිලා පෙනෙද්දි,නමක් ගමක් නොදන්නවා වුනත් මොකක්දෝ අමුතු හැඟීමක් මගේ හිතේ ඔච්චම් කලා ඒ මනුස්සයා ගැන.
දහය ශ්‍රේණියට සමත් වුණ මට එදයින් පස්සේ ඒ රූපය දකින්න නොලැබුණේ මගෙ අවාසනාවට,නොලැබීමට කියලා මම මටම දොස් පවර ගත්‍ත වාර අනන්තයි.මේ වෙනකල් එක හැගීමක්වත් පිරිමියෙක් ගැන නොතිබුණ මට මොකද වෙලා තියෙන්නෙ කියලා මට හිතාගන්න බැරි වුණා.
දහය ශ්‍රේණියට සමත් වුණායින් පස්සෙ රාධාත්,කසුනිත්,දහරාත් මමත් පන්ති හතරකට වැටුණේ හිතේ මහා අමුතු දුකකින් වෙලා ගනිද්දි,
'විශේෂ නිවේදනයයි..!දෙදහස්......... වර්ෂය උදෙසා ශිෂ්‍ය නායක නායිකාවන් තෝරා ගැනීමේ අයදුම්පත්‍ර පාසල් සමූපකාරයට මේවන් විටත් නිකුත් කර තිබේ."
දවසක් දා පන්තියේ පුටුවකට වෙලා ඔහේ කල්පනා කර කර ඉද්දි..මට ඇහුණේ ඒ නිවේදනය..ආසාවක් ඇතිවුණත් අම්මගෙන් අහලා බලන්න ඕනි කියලා හිතුණේ ආර්ථික පහසුකම් හුගක් අඩු නිසාමයි.
මේ වෙනකොටත් පන්තියේ පන්ති නායිකාව වුනේ මම නිසා මට වගකීම් ගොඩක් පැවරිලා තිබුණේ ඔලුවට මහ බරක් වැටුණා වගේ දැනෙද්දියි.
____________________✨
නොහිතපු දවසක මට ටෙක් එක උඩට යන්න සිද්ධවුණේ,පන්තිභාර සර් භාර දීපු වැඩකටයුත්තක් නිසා.
තුන්වෙනි තට්ටුවටත් බොහොම වෙහෙසකින් පස්සෙ නැගගත්තු මම වටපිට බැලුවේ පන්තිය මොකක්ද කියලා හොයාගන්න බැරිවුණ නිසයි.
පන්තියකට ඔලුව දාලා එබිකම් කරපු මම දැක්කේ සර් ඒ පන්තියට උගන්නනවා.ඇතුලට ගියපු මම සර්ට කතාකරලා එලියට එද්දි දැක්කෙ ඒ ලස්සන කැරලි කොණ්ඩය පිටිපස්සට ඇද ඇද හිටපු ආඩම්බරකාරයව..එතන උඩ පැනලා නටන්න හිතුනත් මම ඒ සතුට හංගන් ටෙක් එකෙන් එලියට විදුලි වේගෙන් ආවේ ඇස්වලින් සතුටට ආපු කදුලු පොරකද්දියි.
"විෂූ.."
_______________________________°]
අනේ සොරි ළමයි පරක්කු වුනාට වගේම පුංචි එපියක් දුන්න එකට..🥺❤🩹මෙහෙමවත් ටයිප් කරගත්තේ හරි අමාරුවෙන්..😩හොඳටම උණ..🤒කමෙන්ටුවක් කොටන් යන්න හොදේ..🤕😁
+94723270862
මම
`ලින්ෂි නවෝද්‍යා`
🥺
🪻
2