Solution Srilanka
Solution Srilanka
June 18, 2025 at 04:16 PM
මෙම වසර තුළ ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන සියයක් ආරම්භ කිරීමටත්, ඉදිරි වසර දෙක හමාර තුළ ජනගහණය හත්දහසකට එක් ඒකකයක් ලෙස දිවයිනම ආවරණය වන පරිදි නව ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන ඉදිකිරීමටත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය සැලසුම් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය පිළිබද උපදේශන රුස්වීමට සහ එක්දින වැඩමුළුවට එක්වෙමින්. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ “සංකථනි” ශාලාවේදී මෙම උපදේශන රුස්වීම සහ එක්දින වැඩමුළුව ඊයේ (17) පැවැත්වුණා. මෙවැනි පුවත් දිනපතා දැනගැනීමට අපගේ Whatsapp චැනලය සමග සම්බන්ධ වන්න 👇👇👇 https://whatsapp.com/channel/0029Va4mAwS6WaKfROmaIg47 #solutionsrilanka
Image from Solution Srilanka: මෙම වසර තුළ ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන  සියයක් ආරම්භ කිරීමටත්, ඉදිරි ...
👍 ❤️ 💐 🙏 8

Comments