Praja.lk
Praja.lk
June 18, 2025 at 05:39 AM
ඔවුන් ප්‍රසිද්ධියේ ඔවුන්ට සහයෝගය දුන් පිරිසට අමතරව තවත් පිරිසක් සමග හොර ඩීල් එකක් ගසාගෙන තිබේ. එම ඩීල් එකේ පිටතට පෙනෙන කාරණය නම්, ඔවුන් ප්‍රසිද්ධියේ සහයෝගය දක්වන්නට එකඟ වී නැති බවයි. ඔවුන් සිය සහයෝගය දක්වන්නේ රහස් ඡන්දයක් හරහා පමණි. විවෘත ඡන්දයක් වී නම්, ඔවුන් මාලිමාවට සහාය පළ කරන්නේ නැත. එයට හේතු මොනවාද? දේශපාලනිකව ඔවුන් මාලිමාව කොළඹ නගර සභාව පාලනය කළ යුතු යයි පිළිගන්නා අය විය හැකිය. එහෙත්, ඔවුන්ට පක්ෂ මතයට අනුව කටයුතු කිරීමට සිදු වේ. එසේත් නැතිනම්, අතීතයේ සිදු වූවා සේම, මුදල්, වරප්‍රසාද වැනි අල්ලස් වෙනුවෙන් ඔවුන් මෙම තීරණය ගත්තා විය හැකිය. එසේ නම්, මාලිමාව ද කරනුයේ මින් පෙර සිටි අය කළ අන්දමේම තක්කඩි දේශපාලනයකි. ඔවුන් මෙතෙක් කළේද තක්කඩිකම් බව අප නම් දනිමු. එහෙත්, ඔවුන් මෙරට ජනතාවට කියා සිටියේ තමන් පිරිසිදු දේශපාලන සංස්කෘතියකින් පැවත එන බව හා එම සංස්කෘතිය රටට ද හඳුන්වා දෙන බවයි. එහෙත්, දැන් සිදු වී ඇත්තේ කුමක්ද? තමන් කෙසේ හෝ ගේම ගසා දිනූ බවට ජාතික ජන බලවේගයේ නායකයන් පාර්ලිමේන්තුවේදී එහෙම පෑ රංගනයන් කොයි තරම් පහත්ද? නව දේශපාලන සංස්කෘතියක් ගැන කතා ඉවරයි නේද? සම්පූර්ණ ලිපියට හා වීඩියෝවට සබැඳිය https://youtu.be/DGm1bY6T97M

Comments