
Praja.lk
98 subscribers
About Praja.lk
A channel with information and opinion.
Similar Channels
Swipe to see more
Posts

කන්කසන්තුරෙයි-නාගපට්ටිනම් යාත්‍රා සේවය තවම ලාභ ලබන එකක් නෙමෙයි. ඒත් එහි දේශපාලනික වැදගත්කම සලකලා ඉන්දියාව එය පවත්වාගෙන යාමට ඉන්දීය රු. මිලියන 300ක් වෙන් කරලා. ශ්‍රී ලංකාවෙ මාලිමා ආණ්ඩුව ඉන්දියාව සමග සම්බන්ධතාව ප්‍රතික්ෂේප කරලායි තියෙන්නෙ. ඉන්දියාව ලංකාවට ආයෝජන මාර්ගත් වහලායි තියෙන්නෙ, අදානි සිදුවීමෙන් පසුව. ඒ වුණත්, අනාගතය වෙනුවෙන් ඉන්දියාව සම්බන්ධතාව වෙනුවෙන් ආයෝජනය කරනවා. ඒක භූ දේශපාලනික කාරණයක්. විස්තර https://www.dailyreporter.lk/lanka-hot-news/%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%ba%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a%e0%b6%bb%e0%b7%8f-%e0%b7%83%e0%b7%9a%e0%b7%80%e0%b6%ba%e0%b6%a7/

ඒකාබද්ධ විපක්ෂය තුළ පාවාදෙන්නන් සිටීම සාමාන්‍ය තත්වයකි. 89දී කටුනායක, පනාගොඩ ප්‍රහාරවලට පවා ඇතුළෙන් සහාය ලැබිණි. තවදුරටත් විස්තර කරන්නේ නම්, කොටි ඔත්තුකරුවෝ හමුදාව තුළ ද සිටියහ. වර්තමාන තත්වය සංකීර්ණ එකකි. ක්‍රම විරෝධීන් ආණ්ඩු බලය ද අල්ලාගෙන හමාරය. එසේම ඔවුන් අතර ද ක්‍රමයේ ආරක්ෂකයන් මුල්බැසගෙන ඇත. ඔවුන්ට ඔවුන්ගේ අනන්‍යතාව පවා පැටලී ඇත. ජවිපෙ ප්‍රවර්ධනය කළ ඊනියා පාරිශුද්ධභාවය අවසන්ය. අවසාන ජයග්‍රාහකයා කවුරුද? කාලය පිළිතුරු සපයනු ඇත.

බයියො නම් ජෙප්පො වෙලා හරි වැජඹෙනවා. ටොයියො සදා අනාථයි. https://youtu.be/SA9xsEhGoH8

ඔවුන් ප්‍රසිද්ධියේ ඔවුන්ට සහයෝගය දුන් පිරිසට අමතරව තවත් පිරිසක් සමග හොර ඩීල් එකක් ගසාගෙන තිබේ. එම ඩීල් එකේ පිටතට පෙනෙන කාරණය නම්, ඔවුන් ප්‍රසිද්ධියේ සහයෝගය දක්වන්නට එකඟ වී නැති බවයි. ඔවුන් සිය සහයෝගය දක්වන්නේ රහස් ඡන්දයක් හරහා පමණි. විවෘත ඡන්දයක් වී නම්, ඔවුන් මාලිමාවට සහාය පළ කරන්නේ නැත. එයට හේතු මොනවාද? දේශපාලනිකව ඔවුන් මාලිමාව කොළඹ නගර සභාව පාලනය කළ යුතු යයි පිළිගන්නා අය විය හැකිය. එහෙත්, ඔවුන්ට පක්ෂ මතයට අනුව කටයුතු කිරීමට සිදු වේ. එසේත් නැතිනම්, අතීතයේ සිදු වූවා සේම, මුදල්, වරප්‍රසාද වැනි අල්ලස් වෙනුවෙන් ඔවුන් මෙම තීරණය ගත්තා විය හැකිය. එසේ නම්, මාලිමාව ද කරනුයේ මින් පෙර සිටි අය කළ අන්දමේම තක්කඩි දේශපාලනයකි. ඔවුන් මෙතෙක් කළේද තක්කඩිකම් බව අප නම් දනිමු. එහෙත්, ඔවුන් මෙරට ජනතාවට කියා සිටියේ තමන් පිරිසිදු දේශපාලන සංස්කෘතියකින් පැවත එන බව හා එම සංස්කෘතිය රටට ද හඳුන්වා දෙන බවයි. එහෙත්, දැන් සිදු වී ඇත්තේ කුමක්ද? තමන් කෙසේ හෝ ගේම ගසා දිනූ බවට ජාතික ජන බලවේගයේ නායකයන් පාර්ලිමේන්තුවේදී එහෙම පෑ රංගනයන් කොයි තරම් පහත්ද? නව දේශපාලන සංස්කෘතියක් ගැන කතා ඉවරයි නේද? සම්පූර්ණ ලිපියට හා වීඩියෝවට සබැඳිය https://youtu.be/DGm1bY6T97M

https://praja.lk/life/%e0%b6%9a%e0%b6%a9%e0%b7%8f%e0%b7%80%e0%b7%90%e0%b6%a7%e0%b7%94%e0%b6%ab%e0%b7%94-%e0%b6%9c%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a-%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a/

සමරු ඵලක භීතිකාව අජිත් පැරකුම් ජයසිංහ, Praja.lk මාලිමාවෙ දේශපාලකයන්ගෙ නම් සමරු ඵලකවල තියෙන එක ගැන සමහරු හිනාවෙනවා. ඔවුන් අතීතයේදී ඒවාට එරෙහිව කතා කළ එකනෙ හේතුව. මේ හිනා වීම් සමගම මේ බොළඳ නායකයොත් කලබල වෙලා. ඔවුන්ගේ අනුගාමිකයන් ඊටත් වඩා කලබල වෙලා. ජනාධිපතිතුමාගෙ සමාජ මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාත් මේ ගැන හෑල්ලක් ලියලා තිබුණා, වැඩේ වැරදියි කියලා, ඒක විවේචනය කළාය කියලා සමාජ මාධ්‍ය බලපෑම්කරුවෙකුට බැනලා. පුරවැසියන්ට බනින්නට මහජන මුදල්, තනතුරු භාවිතා කරන එක නම් සමරු ඵලක ගහනවාට වඩා දූෂණයක්. සමරු ඵලක භාවිතාවට ආවෙ ඉතිහාසයේ දිගුවක් විදියට. අතීතයේ පැවති සමරු ඵලක සම්ප්‍රදාය තමයි සෙල්ලිපි කියලා ඔය අපට ඉතිරි වෙලා තියෙන්නෙ. ඒවා වර්තමානයේ අපට හමුවන පුරාවිද්‍යාත්මක සාක්ෂි. යම් විවෘත කිරීමක් කරපු දිනය, විවෘත කළේ කාගෙ අතින්ද කියන කරුණු වගේම, එම විවෘත කිරීමට ලක්වුණ ඉදිකිරීමට මුල් වූ පුද්ගලයන්ගේ නම්, ඒ හා සම්බන්ධ තීරණ ගත් ආකාරය පවා සමරු ඵලකයේ ඇතුළත් වීම වරදක් නෙමෙයි. ඒකට හේතුව, යම් කාලයකදී ඒවා පුරාවිද්‍යාත්මක සාක්ෂි බවට පත්වන නිසා. පසුගිය කාලයේ ඇතැම් දේශපාලනඥයන්, බලෙන් ඉතිහාසගත වීම සඳහා මේ පොදු සම්පත් අපහරණය කළා. අතීතයේදීත් සමහර විට එහෙම වෙන්න ඇති. සමරු ඵලකවල අපේ නම් දාන්නෙ නැහැ වගේ මෝඩ ප්‍රතිපත්ති අනුගමනය කරන්නට යන්න එපා. දේශපාලකයන් වුණාම ජනප්‍රිය ගොබ්බ අදහස්වලින් පොඩ්ඩක් එහාට හිතන්නට පුරුදු වෙන්න. හැත්තෑ ගණන්වල සමගි පෙරමුණු කාලෙ හදපු කලවැල්ලාව පාලමේ පිංතූරෙකුත් මෙතන තියෙනවා. ඒකෙන් අපට ප්‍රයෝජනයක් තියෙනවද කල්පනා කරන්න. ඔය පාලම විවෘත කළේ කවදාද, කවුරුද, ඒක හැදුණෙ කොහොමද වගේ විස්තර ඔතන තිබුණ නම් හොයාගන්නට හරි ලේසියි නේද? දැන් ඒවා හොයාගන්න ලේසියෙන් පුළුවන්ද?
