Mindfulness ( සිහිය)
Mindfulness ( සිහිය)
June 1, 2025 at 02:22 AM
සර්ට ගොඩක් පින් සිදු වෙනවා මේ කරන උතුම් ක්‍රියාවට. අවුරුදු 6කට ආසන්න කාලයක් මම හැම දේකින්ම මානසිකව කායිකව සමාජීය ලෙස දුක් විදමින් හිටියේ. පිලිතුරු සෙවුවත් මට ගොඩක් කල් ගියා ඒවාට පිලිතුරු ලැබෙන්න. ඉන්න තියෙන නිවස, විවාහය, අනෙකුත් හැමදේම නොසීතු විදියට නැතිවුනා.මම ප්‍රශ්න වලට පිලිතුරු හොයනකොට අහම්බෙන් නුවන් සර්ගෙ post එකක් දැක්කා.low of attraction page එහක.එදා ඉදන් මම සර්ගේ ලිපි බැලුවා.එතකොට සර් මේ මොහොත group එක හදලා තිබුණේ නෑ. කොහොම නමුත් මම මොන බාදක ආවත් සර් ව follow කලා. Subliminal ,paraminal, හදවතේ බාවනාව, දේශනා මේ හැමදේම කලා. සමහර අයට සර්ව හදුන්වා දුන්නා.එයාලත් සර්ව follow කලා. සමහර දේශනා කොයි තරම් ඇහුවත් මට තේරුනේ නෑ.sustsang දෙකකටත් මම සහබාගි වුනා. මොන බාධක ආවත් මම මේ ලිපි කියවන ඒවා ඔක්කොම බැලුවා. ඔය අතරතුර මට ඩිම්බකෝෂයෙ ගෙඩියක් ඇවිත් ශල්‍යකර්ම කරන්න තිබුනා. 2024.1.15 මට රෝහල් ගත වෙන්න තිබුනේ. 2024,1,14 වන දින නුවර satsung එක පැවැත්වුනා. මට ඒ අවස්තාවේ ඒකට සහබාගි වෙන්න මුදල් තිබුනනේ නෑ. එ වුනාට මම සර් ගැන කියලා මේ මාර්ගය follow කරමින් හිටියා මගේ යාලුවෙක්.ඒ අක්කා විදෙස් ගත වෙලා හිටියෙ. මම හිතුවෙ නැති විදියට එයා මට සල්ලි දුන්නා sutsang ekata යන්න.ඒ අක්කටත් ගොඩක් පින් මට මුදල් වලින් උපකාර කලාට.මම satsang එකට සහබාගි වුනා. සහබාගි වෙලා පහුවෙනිද රෝහල් ගත වුනා. ශල්‍යකර්ම කලා.මගේ දකුණු ඩිම්බකෝෂයම අයින් කරලා.පිලිකාවක් කියලා සැක හිතිලා. Biopsy report ආවම confirm කරලා කියන්නම් කිවුවා.මම ගොඩක් අවුල් ගියා හැබැයි sure එකක් නැති නිසා නිකන් හිටියා. රෝහලේ නිවසට ආවා. සතියක් විතර ගියාම Biopsy report ගන්න එන්න කිවුවා. මට ඩිම්බකෝෂ පිලිකාවක් කිවුවා.කොහෙටවත් පැතිරිලා නෑ. ඒ වුනාට chemotherapy ,radiation දෙන්න ඕනි කිවුවා.ගර්බාශය අයින් කරලා දාන්න ඕනි කිවුවා.මට හොදටම ඇඩුවා. පිලිකා සායනයටත් මාව දැම්මා. සම්පූර්ණයෙන්ම මම කඩන් වැටුනා. මම ගෙදර ඇවිත් මංජුල අයියට call කලා. මට බාවනවක් දුන්නා කරන්න.මම මේ වෙනකොට සම්පූර්ණයෙන්ම මානසිකව කඩන් වැටිලා හිටියේ. නුවන් සර්ට කතා කලා. සර් ටත් කිවුවා. බාවනාව මම මේ අතරතුර කරන්න පටන් අරන් තිබුනේ. සර් කිවුවා ජල නන්දන පිරිත කරන්න කියලා.අර බාවනාවෙන් මට සුවතාවයක් ලැබුනා.ජල නන්දන පිරිත කලාට පස්සේ ඔයාට වෙන්න ඕනි හොදම දේ වෙයි කිවුවා. මේ අතරතුර මම කොලබ ගියා doctor කෙනෙක් බලන්න. එයා කිවුවෙත් මට අර ටිකම තමා. මම දරුවෙක් හදන්න ආසවෙන් හිටියේ.ඒකත් නැති වෙනවා. මේ treatment නිසා.ඒක නිසා මම අවුලෙන් හිටියෙ. කරන්න දෙයක් නෑ. මේක මගේ ලැබීම කියලා මම හිතුවා. මම විශේෂයෙන් මතක් කරන්න ඕනි මංජුල අයියව.හැම අවස්තාවකම මට උදව් උනා. ගොඩක් පිං මංජුල අයියට.කාලය කැපකරමින් කරපු උපකාර වලට.මම ජලනනදන පිරිත කියන්න පටන් ගත්තා.මට ගොඩක් බාදා ආවා.ඒ බාදා මැද තමා මේ පිරිත කියන්න පටන් ගත්තේ. මම පිරිත කියන්න ගත්ත පලවෙනි දවසේම මට වෙනසක් තේරුනා.උදේ ගාතා කියද්දී පොඩ්ඩක් අමාරු වුනා.ඒ වුනාට කිවුවා.රෑ ජලනන්දන පිරිත කියන් යනකොට අපහසුතා දැනුනා.10 වෙනි පාර කියනකොට මට කියාගන්න බෑ.මං තුලා අමනුෂ්‍ය බලවේගයක් ඇවිත් ඒ විදියට ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ මංජුල අයියට call කලා අම්මා. අම්මා මාව ලග තියන් පිරිත කියවන්න පටන් ගත්තා. මම කවදාවත් හිතුවේ නැති විස්වාස කරපු නැති දෙයක්. හැබැයි මට සර්වත් මංජුල අයියවත් මං තුළ අමනුෂ්‍ය බලවේගයක් තියෙනවා කියලා කලින් කිවුවෙව්ත්,මම එහෙම දෙයක් ගැන හිතලා වත් තිබුනේ නෑ.මේ මම කියන්නේ ගොඩක් කෙටියෙන් මේ විස්තර තව බොහෝ දේවල් සිදු වුනා මේ කාලය තුල. දවස් හත බොහොම බාදාවන් මැද පිරිත කියල අවසන් කලා.අවසානෙට තිබුන අමනුෂ්‍ය බලපෑම ගියා.මේ පිරිත් පටන් ගැන්මේ සිටම නුවන් සර් ,මංජුල අයියා මාත් එක්ක්ම හිටියා. අවසනෙට මම doctor ගාවට හිටියා. Blood report ගත්තා ඒවත් normal.මම chemotherapy ,radiation කරන්න කැමති නෑ.doctor කිවුවා එහෙනම් මාස තුනෙන් තුනෙට scan,blood check කරලා පෙන්වන්න කිවුවා.මම ඒ වගේම කලා. Report ඔක්කොම normal.මගේ වම් පැත්තේ ඩිම්බකෝෂය ගෙඩියක් පොඩිවට අර ශල්‍යකර්මය කරනකොටම තිබිලා පොඩියට.ඒ වුනාට ඒල ඉවත් කරල තිබුනේ නෑ. මේ scan කරමින් යනකොට ඒ පැත්තේ ගෙඩිය ලොකු වෙලා තිබුනා. Doctor කිවුවා ඒක normal වතුර බිබිලක් කියල තියෙන්නේ අපි බලමුකෝ කියලා.මම මාස තුනෙන් තුනෙට check කරනවා. මේ මාසේ යනකොට ඒ ගෙඩිය නෑ. මම කිසිම බෙහෙතක් ගත්තේ නෑ.මටම පුදුමයි. මට මංජුල අයියා නුවන් සර් දෙන්නම කිවුවා එහෙම දෙයක් නෑ බය වෙන්න එපා කියලා.ඇත්තටම එහෙම දෙයක් නෑ. මට කියන්න තියෙන්නෙ අපි හිතනවා අපි මේ දකින දේවල් විතරයි ඊට වඩා දෙයක් නෑ. විදයාත්මක දේවල් විතරයි ඇත්ත. ඔහොම තමා මාත් හිතන් හිටියෙ. ඒ වුනාට නෑ. අපි හරිම පොඩ්ඩයි දන්නේ. අපිට නොපෙනෙන ලෝකවක් ඕනි තරම් තියෙනවා.ගොඩක් අය හිනා වෙයි. මේ මොන විකාරද කියලා.විස්වාස කරන්නේ නෑ මේවා.ඒකට කමක් නෑ එක්කෙනෙක් හරි මේක දැකලා තමන්ගේ ජීවිතය බේරගනී කියලා තමා මම මේක ලියන්නේ. කවුරු හරි කෙනෙක් කොයි තරම් උත්සාහ වන්තව දේවල් කලත් හරි යන්නේ නැත්නම් පවුල ආරවුල ,ලෙඩ හැදෙනවා නම්,නිතරම කේන්ති යනව න්ම් විවිධාකාර දරාගත නොහැකි ප්‍රශ්න නම් මම කියන්නේ ජලනන්දන පිරිත කියන්න නැත්නම් කොටගම හරි යන්න. මොකද අපිට හිතා ගන්නවත් බෑ අමනුෂ්‍ය බලපෑම් කරන විනාසයන්. දැන් තමා මට මේ මාර්ගයේ යන දේවල් පවා නියම විදියට තේරෙන්නේ. බලපෑම් තියෙනකම් තේරෙන්නේ නෑ. දැන් තමා මම මගේ ජීවිතය හදාගෙන යන්නේ. මොකද අමනුෂ්‍ය බලපෑම් නිසා නැතිවුන ගොඩක් දේවල් නැවත ගොඩනගාගන්න ගොඩක් අමාරුයි. හැකි තරම් නිර්මාංස වෙන්න.සසර ගොඩක් බයානකයි. නුවන් සර්ටත් මංජුල අයියටත් ගොඩක් පිං.
❤️ 🙏 💞 🙂 🪷 33

Comments