Mindfulness ( සිහිය)
Mindfulness ( සිහිය)
June 1, 2025 at 04:39 PM
ඕනෑම අදෘශ්‍යමාන බලවේගවල බලපෑම් වලින් මිදෙන්නේ මෙහෙමයි............ ( අණ ..විණ..කොඩිවිණ..හදි හූනියම්...සහ භූත දෝශ සදහා...) Edited....... මුලින්ම කියන්න ඕන මෙම ක්‍රමය ගැන මීට කලින් අසා තිබුණත් එය මෙතරම් බලසම්පන්නයි කියා මම දැනගෙන හිටියෙ නැහැ..... ලඟදි අහම්බෙන් වගේ දැක්ක යූටියුබ් නාලිකාවක එක්තරා කපු මහතෙකු මේ ගැන කතා කරනවා දකින්නට ලැබුණා.....ඉන්පසු මම මේ ගැටලුව තිබුණු කීප දෙනෙකුට මේ ක්‍රමය දුන්නා අත්හදා බලන්නට කියා.....ප්‍රතිඵල නම් විශ්මිතයි.... මා උපදේශකයෙකු වශයෙන් ක්‍රියා කරන නිසා සමහර අයගේ ගැටලු වලට මූලික හේතුව මෙම අදෘශ්‍යමාන බලපෑම්වල ස්වභාවයන් ගැන මට බොහෝ අත්දැකීම් තියෙනවා. මම කිසිම විටෙක මේවා සත්‍ය හෝ අසත්‍ය ලෙස හුවා දක්වන්නට යන්නේ නැහැ. එය ඔබේ තීරණයක්. ඔබේ නිදහස් චින්තනයට බලපෑම් කිරීමට මට කොහෙත්ම අයිතියක් නැහැ. මේවා පිළිබද අත්දැකීම් ඇති අයට සහ ප්‍රශ්න ඇති අයට පමණයි මේ ඉදිරිපත් කරන්නේ.... කට්ටඩි මහතුන් අතර සැඟවුණු කතාවක් තියෙනවා....."මේ දේවල් විශ්වාස කරන එකත් මෝඩයා..... විශ්වාස නොකරන එකත් මෝඩයා."........ කියා. එයින් අදහස් වන්නේ මේවා පවතින බවත්, තමන්ට ඒවායින් බලපෑම් එනවද කියා දැනගත් විට ඊට පිළියම් යොදා ඒවායෙන් මිදිය යුතු බවත් ඉන්පසු ඒවායින් ඉවත් විය යුතු බවත් නොවේද........? අපේ සමාජයේ නම් ඒවා පිළිගන්න එක ඕනෑවටත් වඩා වැඩියෙන් අල්ලාගෙන දේවාල වල පැලපදියම් වෙනවා දකින්නට ලැබෙනවා....සමහර අය හෙම්බිරිස්සාවක් හැදුණු විට පවා භූත දෝෂයක් යැයි සිතා දේවාල වලට දුවන අය බොහෝය....ඒවා ඔවුන්ගේ මානසික බෙලහීනකම්ය..... එසේම මේ කිසිවක් විශ්වාස නොකරන පුද්ගලයන්ද අදෘශ්‍යමාන බලවේග වල බලපෑම් නිසා අන්ත දුක් විඳින අවස්ථා මා බොහෝ දැක ඇත..... ඉතින් මගේ පෞද්ගලික මතය හා අත්දැකීම නම් අපට පෙනෙන්නේ..... ඇහෙන්නේ.... දැනෙන්නේ......එක්තරා සීමාවකට යි.... නමුත් ඊට උඩින් සහ පහළින් තවත් ස්වභාවයන් පවතී.... ඒවා අපේ ඉන්ද්‍රියන්ට ගෝචර වන්නේ නැහැ.... එහිදී අප සොයා බැලිය යුතුයි විශ්වයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ විස්තර කරන ශාස්තෘවරුන්ගේ ඉගැන්වීම් වලින් මේ ගැන කුමක් කියැවෙන්නේ ද කියා..... මොකද ඒ තුලින් අපට මේ ගැන අදහසක් ගන්න පුලුවන් නිසා.... සමහර අය පවසන්න පුළුවන් බටහිර විද්‍යාවෙන් මේවා තාම ඔප්පු කර නැතැයි කියා..... ඒකට නම් ප්‍රධාන හේතුව අලුත් දැනුමෙන් සහ පර්යේෂණ ගැන ඔවුන් update වී නොමැතිකමයි. ඔවුන් තවමත් අසූ ගණන් වල පර්යේෂණ කර තබාගෙන ඉන්නා අයයි.... නැවතත් මං සියළුදෙනාටම පවසන්නේ මේවා ඔබම සොයා බලා තීරණයකට එන ලෙස.... එහෙම තීරණයකට ආවා කියලා මේවා පස්සෙන් ඔල්මොරොන්දම් වෙලා දුවන්න කියන එකත් නෙවෙයි. මොකද ඔබ යමක් තදින් විශ්වාස කරන්නේ නම් ඊට අනුරූපව මනස ඒ දේවල් මවා පෙන්වන නිසයි.... මෙය හරිම සංකීර්ණයි..... සමහර ගෙවල්වල ....ඉඩම් වල.... පුද්ගලයන්ට .... විවිධ අමනුෂ්‍ය දෝශ ඇතිවෙන්න පුළුවන්. මේ නිසා විවිධාකාර වූ රෝගාබාධ ......මානසික ගැටලු සහ පවුල් අතර ගැටුම් සහ නිතර හේතුවක් රහිත ප්‍රශ්න ඇතිවීමේ සම්භාවිතාවයක් පවතිනවා..... ඔහොම කිව්වම හැම කෙනෙකුට ම අඩු වැඩි වශයෙන් ඔය වගේ ප්‍රශ්න තියෙනවා නේද ......එහෙම හැමෝටම අදෘෂ්‍යමාන බලපෑම් නැහැ.... කොහෙත්ම නැහැ..... එහෙම ගැටළු තියනවද කියා ඔබටම සොයා බලා ගත හැකි ක්‍රමවේද ඕනතරම් ඔබට youtube එකෙන් ඉගෙන ගෙන අත්හදා බලන්න පුලුවන්..... දේවාල සහ කට්ටඩියන් ගැන මුලින්ම ප්‍රවේශම් වන්න. තියෙන ප්‍රශ්ණ වලටත් වඩා..... මොකද විවිධ පටු අරමුණු ඔවුන් තුළ තියෙනවා..... ප්‍රධානතම දේ ඔවුන්ට අවශ්‍ය ඔවුන්ගේ බලය තව තවත් වැඩි කර ගැනීමට.... ඒ නිසා සමහර අය ළඟ ඉන්න බලවත් ඉෂ්ට දේවතාවන් ඔවුන් බැඳගන්නවා..... නමුත් අර පුද්ගලයා එය දන්නේ නැහැ.... ඊළඟට මුදල් සහ විවිධ අවශ්‍යතාවයන් ඔවුන් අරමුණු කළාම ඔබ එහි ගොදුරක් වීමේ සම්භාවිතාව ඉතාම ඉහළයි..ඒ නිසා මේ කිසිවක් නැතිව ඔබට ම එම දෝෂ ඉවත් කර ගැනීමේ ක්‍රමයක් දිගින් දිගටම මා සෙව්වා. මේ ක්‍රමවේදය පුද්ගලයන් කීප දෙනෙක් භාවිතා කළ අතර ප්‍රතිඵල විශ්මිත නිසා ඔබ සමග බෙදා ගත යුතුයි කියා සිතුනා..... මම දන්නවා බොහෝ විවේචන ඒවි.... තර්කයෙන් පමණක් ලෝකය දිහා බලන ඩේටා කඳු වගේ පුද්ගලයන්ගෙන්..... බැනුම් අහගෙන හරි මේවායෙන් පීඩා විදින එක්කෙනෙක් හෝ මුදවා ගැනීමේ අදහසිනුයි මේ ලිපිය පල කරන්නේ.... ඊට කලින් අපි බලමු මෙම ක්‍රමවේදය භාවිතා කළ කෙනෙකුගේ අත්දැකීම් කෙසේද කියා මේ ඇය මා වෙත ලියා එවූ කතාවයි................... මම සර්ගෙ ගෲප් group එකට join වෙලා දැන් මාස තුනක් වගේ වෙනවා. සර්ගේ ගෲප් group එකට join වෙන්න කලින් හරියටම අවුරුදු තුනකට කලින් විශාදය කියන රෝගයෙන් පීඩා වින්දා..... මට බබා ලැබෙන කොට trauma එකක් ආපු නිසා ගියපු හැම doctor කෙනෙක්ම කිව්වේ එකම දෙයයි. ඒක හොඳ කරන්න බෑ.දිගටම antidepressants ගන්න කියලා. අවුරුදු 3 ක කාලයට මම තුන් පාරක් sueside කරගන්න ගිහිල්ලා තියෙනවා වගේම බබාගේ බෙල්ල මිරිකන්න ගිහින් තියෙනවා. මගේ මහත්තයාට ගොඩක් වදවේදනා දීලා තියෙනවා. මගේ පෙර පිනකට මට මේ මොහොතේ අභිරහස ගෲප් එක හරහා නුවන් සර්ගෙ කෝච් යූ ප්‍රෝග්‍රෑම් එකට join වෙන්න ලැබුණා. මට sir කතා කරපු පලවෙනි දවසෙම ලොකු වෙනසක් දැනුනා.. කෝච් යූ ප්‍රෝග්‍රෑම් එකේ ලොකු විශේෂත්වයක් තියෙනවා.ඒ දවසේ ඉඳන් මට non vegetarian කෑම අප්පිරියා වෙලාම ගියා. මං සර් කියපු විදිහට මේ මොහොතේ භාවනාව උදේ හවස විනාඩි 20 බැගින් පුරුදු කළා. සර්ගෙ හැම ලිපියක්ම දවසට දෙක බැගින් කියෙව්වා. මේ මොහොතේ ශරීරයට දැනෙන දැනීම් දිහා ගොඩක් උනන්දුවෙන් focus කරන්න try කරා.මුලින් මට ලොකු අපහසුතාවයක් දැනුනා. ඇත්තටම මේක මහ අමාරු වැඩක් කියලා හිතුනා. මං සර්ගෙ වචන විශ්වාස කළා. දිගටම ප්‍රැක්ටිස් කලා. හරියටම මාස දෙකහමාරක් වගේ යනකොට මාව ගොඩක් සුවපත් වුණා. ඇත්තටම මේ මමද කියලා මටම හිතගන්න බැරි තරමටම මාව මානසිකව දියුණු වුණා. හැබැයි දවසක් භාවනාවේදී මම කවුදෝ කෙනෙක්ව දැක්කා. ඊට පස්සේ මාව කලන්තෙ දැම්මා. මම සර්ට කතා කලහම කීවා මොකක් හරි දෝෂයක් ගෙදර ඇති. අපි ඕක අයින් කරගන්න ඕන කියලා. හැබැයි මට එදා ඒකට අවධානය දෙන්න බැරි උනා.දිගින් දිගටම විවිධ ප්‍රශ්න තිබුනා...පසුව සර් කිව්වා ජලනන්දන පිරිත 108 වාරයක් බැගින් දින හතක් එක දිගට පිරිත් කියන්න. පිරිත් කළය සහ දෙහි ගෙඩි හතරක් තියන්න. පස්සේ ගෙදර 4ක් කොනේ වළලන්න කියලා. මම සර් කියපු විදියටම කළා. 6 වෙනි දවසේ දෙහි ගෙඩියක් රතුපාට වෙලා තිබුණා. හත්වන දවසේ කළය හිල් වෙලා වතුර එළියට එන්න ගත්තා... දෙහි ගෙඩි වල දාලා කියපු විදිහටම කලා.. එදා ඉඳන් මට ලොකු නිදහසක් දැනෙන්න ගත්තා. මගේ ගෙදර ඉන්න අයගේ මානසිකත්වය ගොඩක් හොඳ වෙලා වගේ දැනෙනවා.ඉස්සර නිතරම කලබලකාරී කිසිම ඉස්පාසුපහසුවක් නැති ගෙදර එකවරම ශාන්ත වෙලා තියෙනවා දැනෙනවා...ඒක මට ලොකු සතුටක්...සර්ගේ වචන ඇත්ත කරමින් පසුදින් රෑ මං හීනයක් දකිනවා.සුදු ඇඳගත් කාන්තාවක් (ඇයව ගැටගසා තිබුනා ඇය මා ඒ සමඟ කතා කළා.) සර් කීවා ඇය වෙනුවෙන් දානයක් දී ඇයට පින් දීමට අවශ්‍ය බව. ජල නන්දන පිරිත ඇතුළු සියලුම පිරිත් මහානුභාවසම්පන්නබව,බුදුන්,බුදුගුණ,දෙවියන්වහන්සේගේ පිරිසිදු ධර්මය, තවමත් නුවන් sir වගේ ආශිර්වාදලද්දවුන් ගේ තුළින් මේ ලොව තුළ පවතින බවත් මම තේරුම් ගත්තා. ඉන්පසු නුවන් සර් කීව විදියට අපි නිවෙසේදීම දානයක් පිළියෙල කර ( සිහිනයෙන් දුටු කෙනාගෙ වයසට සමාන කෙනෙක්) පිළිගන්වා ඇයට ඇඳුම් පැළඳුම් ආදී දේවල් ලබා දුන්නෙමි. ඇය ගොඩක් සතුටු වී පින් අනුමෝදන් කළ අතර ඉන් දෙදිනකට පසුව රාත්‍රි නින්දේ දී කුඩා දරුවකු ඉතාම ලස්සන ඇඳුම් සහිතව ගේට්ටුවක් ඉදිරිපස ඉන්නවා පෙනුණි. අහපු විට සර් කීවේ ඇය පසුව හොඳ තැනක උප්පත්තිය ලබනු ඇති බවයි .(එම සිහිනෙන් කියවෙනවා ඇත්තේ) මගේ මහත්තයා කතෝලික වන අතර අප පවුලේ කිසිම කෙනෙක් මෙවැනි දේ විශ්වාස නොකරන නමුත් මෙම සිදුවීමෙන් පසු අප සියලු දෙනා ඉමහත් පුදුමයට පත් වුණෙමු. සියලු ගැටලු සඳහා පිළිතුරු බුදුන් වහන්සේ ඉතා පිරිසිදුව දේශනා කළ ඇති බව වැටහී බුදුන් කෙරෙහි ඉමහත් ගෞරවයක් ඇති වුණි. එමෙන්ම නුවන් සර් එම පිරිසිදු ධර්මය අප වෙත ඇසීමට සලසන බවත් එම මාර්ගය ඉතාම නිවැරදි බවත් මට සිතේ. සර්ට තව තවත් මෙවැනි කාර්යයන් කිරීමට ශක්තිය ලැබේවා යි එක සිතින් ප්‍රාර්ථනා කරමි. sir you are truly a blessing for everyone like me. love you so much.... උපුටා ගැනීම අවසානයි........................................................ ඇය ඉහත කථාව ලියා එවා ඇති කතාව සහ මට පැවසූ යම් යම් කොටස් විස්තර කිරීම මගහැරී තියෙනවා. ඇය මට පැවසුවා දින 7කට පසු දින තමන් හීනයක් දැක්ක බවත් කොන්ඩේ දිග නපුරු මුහුණක් තියෙන කාන්තාවක් හිසේ සිට පාදාන්තය දක්වා මුළු සිරුරම දම්වැල්වලින් ගැටගසා තිබුණ බවත් ඇය ළඟට ගොස් ඒ සියල්ල තමන් ඉවත් කළ අතර එම කාන්තාවට මෙසේ පැවසුවා කිය..... ඔයාට ඔහොම උනේ ඔයාගේ හිත නිසා කියා...එවිට ඇය කේන්තියෙන් පුප්පමින් ඔරවමින් කෑ ගැසූ විට මැය බයවී නින්දෙන් ඇහැරිලා..... පසුදින මෙය මා හට පැවසූ විට මා කීවේ වැඩේ දැන් වැඩ කරලා තියෙන්නේ.... ඒත් එයා පව්.... එයාව හොඳ ආත්මයකට යවන්නට ඔබ උදව් කළ යුතුයි කියා... ඒ අතර ඇය පැවසුවා එයා හීනෙන් දැක්ක කාන්තාවගේ විස්තර කියද්දී සැමියාගේ ගෙදර අය හැඩහුරුකම් අසා පවසා ඇත්තේ සැමියාගේ නැන්දා කෙනෙක් මීට කලින් එම නිවසේ ජීවත් වී සිට ඇති බවත් පිළිකාවකින් ඈ මිය ගොස් ඇති බවත් ය. මා පැවසු ආකාරයට ඔවුන් ගමේ ඉන්නා සිල්වත් ...දුප්පත්... ..අසරණ ...කාන්තාවක් සොයාගෙන ඇය ගෙදරට කැඳවා ප්‍රණීත ආහාර පාන සහ ඇඳුම් ලබා දී ඇය සතුටු කොට මෙම කාන්තාවට පින් අනුමෝදන් කරන ලෙසයි.... ඔවුන් එලෙස කල අතර සිල්වත් කාන්තාව බොහෝ සෙයින් සතුටු වී තිබෙනවා. රසවත් ආහාර සහ විශේෂයෙන්ම ලැබුණු ඇඳුම් නිසා ඇය ඉතා සතුටට පත් වී තිබෙනවා. පසුව මහත් වූ ප්‍රීතියකින් අර මියගිය කාන්තාවට ඇය පින් අනුමෝදන් කර තිබෙනවා. මෙම සිදුවීමෙන් දින දෙකකට පසු අපගේ කතා නායිකාව රැයේ දී නැවතත් හීනයක් දැක තිබෙනවා. ඉතාම ලස්සන ගවුමක් ඇඳගත්තු පුංචි දැරියක් හිනාවෙමින් ගේට්ටුවෙන් එහා පැත්තේ ඉන්නව දැක තිබෙනවා.... ඇය පවසන පරිදි දැන් නිවස මෙතෙක් නොපැවති ආකාරයට ඉතාමත් සාමකාමී නිදහස් සහ ගෙදර ටිකෙන් ටික ආලෝකමත් ස්වභාවයක් කලින්ට වඩා තියෙන බව පවසා සිටියා.... ඒ වගේම ඇයගේ සැමියා සහ පවුලේ අනිත් අය මේ දේවල් විශ්වාස නොකළත් දැන් ඇති වී තිබෙන සාමකාමී තත්ත්වයෙන් ඔවුනද පුදුමයට පත්වී ඇති බවයි... ක්‍රමවේදය මෙයයි.............. .. දෙහි ගෙඩි හතරක් ගන්න.. .. මුහුදු වැලි කිලෝ එකක් හෝ දෙකක් ගන්න... .. නැවුම් මැටි කළයකට රෙදිකඩකින් හත් වතාවක් පෙරාගත් ජලය පුරවා ගන්න. ඒ සියල්ල බුදු පහනට යටින් මේසයක් මත තබා ගන්න.අතුරා ගන්න....සෑම දිනකම උදේ 6:00 ට පිරිසුදු වී බුදුන් වැඳ සියල්ල අවසානයේ සබ්බ පාපස්ස ගාථාව 108 වරක් සජ්ජායනා කරන්න...(පිරිත් කරන්න..) සෑම රාත්‍රියකම නමයට බුදුන් වැඳ සියල්ල අවසානයේ ජලනන්දන පිරිත 108 වරක් සජ්ජායනා කරන්න...(පිරිත් කරන්න) මෙසේ දින හතක් එක දිගට උදේ හවස කරගෙන යන්න...පටන් ගන්නා විට කෙම්මුර දවසකින් පටන් ගන්න......මෙම දින හත තුළ දී මස් මාළු ආදී පිලී ජාති නිවසෙන් සකස් නොකර සිටිනවා නම් ඉතා හොඳ යැයි සිතනවා... දින හතකට පසු පැන් කලයේ ජලය ගෙදර අයට පානය කරන්න දෙන්න ...ඉතිරි වන ජලය ගේ පුරා ඉසින්න.. මුහුදු වැලි ටික ගේ වටේ සහ ඉඩම පුරා ඉසින්න.... දෙහි ගෙඩි 4ක් ඉඩමේ මායිමේ හතර මුල්ලේ වළදාන්න ..... ඉන්පසු නැවතත් හත්වරක් පෙරා ගත් ජලය රැගෙන දින තුනක් පමන උදේ සහ රාත්‍රියේ දී තුන් සූත්‍රයෙන් පිරිත් කර ගේ ඇතුලේ සහ වටපිටාවේ ඉසින්න....... එපමණයි.......එය බලගතු ආරක්ෂාවක්....අවුරුදු කීපයක් යනකම් නැවත එවැනි බලපෑමක් එල්ල කරන්නට කාටවත්ම බැහැ..... මා අවසාන වශයෙන් පවසන්නේ මෙම ක්‍රමය ඉතාම බලගතු බවයි... මොකද බුද්ධ ශක්තිය ඇතුළත්ව ඇති ගාතාවල ශක්තිය තවමත් ගණනය කර නැහැ...දැන් ඔබටම එය අත් හදා බලන්නට පුළුවන්.මේ තුළින්...... ඔබේ මුදලුත් ඉතුරුවී..... රස්තියාදු නොවී.......කාලේ නාස්ති නොවී....අදෘශ්‍යමාන බලපෑමක් ඇත්නම් ඔබට එයින් නිදහස් විය හැක......අත්හදා බලා ප්‍රතිඵල අපටත් එවන්න.......
❤️ 🙏 👍 13

Comments