Mindfulness ( සිහිය)
Mindfulness ( සිහිය)
June 2, 2025 at 07:22 AM
දෙවියන් වහන්සේ කියනනේ මහා ශුන්‍යතාවයට කිව්වාම එක ප්‍රශ්නයක් විසදෙනවා . ඒ කියන්නේ දෙවියන්ව මැව්වේ කවුද කියන ප්‍රශ්නය ශුන්‍යතාවය කියන්නේ මැවිල්ලක් නෙමෙයි ශුන්‍යතාවය කාටවත් නිර්මාණය කරන්න බෑ. ඒක තියෙනවා. නිකම්ම ඒක තියෙනවා. ඒ කියන්නේ දෙවියන් වහන්සේ ඉන්නවා ඒ මහා ශුන්‍යතාවය තුලින් සියළු දේම නිර්මාණය වෙලා තිබෙනවා.. ඒ කියන්නේ දෙවියෝ තට්ට තනියම නිසා දෙවියන්ට කවුරුත් නැති නිසා දෙවියන්ට පාළු නිසා දෙවියෝ මේ ලෝකය මවාගෙන සෙල්ලම් කරනවා. ඉර හඳ පායනවා. වැහි වැටෙනවා, ගහ කොළ වැඩෙනවා, ප්‍රභාසංස්ලේෂණය සිද්දවෙනවා , ඇළ දොළ ගලා බසිනවා මේ තමයි ක්‍රියාකාරී දෙවියන් වහන්සේ, නැතිනම් ස්වභා දහම ඒ තුල මම කියන පුද්ගල සංඥාව හරහා දෙවියන් තමාව විඳිනවා මම තමාගේම මැවිල්ල තුල මං මුලාවෙලා තමා කවුරුද කියලා අමතක වෙලා. දෙකඩ බෙදාගෙන කරන මේ සෙල්ලම ඇත්තක් වෙලා මගේ විශ්වයෙ ඉන්න ඔබ මම ම බව මගේ විශ්වයේ තිබෙන හැම දූවිලි අංශුවක්ම, සෑම පරමාණුවක් ම, ප්‍රෝටෝනයක්, ඉලෙක්ට්‍රෝනයක්ම මම ම බව මට අමතක වෙලා.. මම හැර අන් කිසිවෙක් මේ විශ්වයේ නැති බව මට අමතක වෙලා.. සිහි එළවා ගත්තු දවසට මේ ගේම් එක අවසාන වෙනවා.. ✍️ඉන්දිකා වේවැල්පනාව
❤️ 🙏 21

Comments