Mindfulness ( සිහිය)
June 4, 2025 at 07:38 PM
සත්‍ය සිදුවීමක්..
බැඳීම් නිසා මේ මොහොතේ මානසිකව වැටිලා ඉන්න නංගිලා මල්ලිලා ගන්න දෙයක් තියෙනවා නම් ගන්න..
2012 අවුරුද්දේ HSBC වැඩකරන කාලෙ, මං වැඩකරන තැන කෙනෙකුට හදවත පිදුවා. මං මගෙ වෙලාව, කාලය රස්සාව ගැන හිතුවෙ නෑ.. හැමදේම කැපකලා බැඳීම වෙනුවෙන්. අවසානයේ ඇය office එකේම පිරිමි ළමයෙක් එක්ක යාලු උනා. මං ඇයට කිසිම දොසක් කියන්නෙ නෑ.. වැරැද්ද මගේ.. මට මාව බලාගන්න අමතක වුනා.. ඒ කාලෙ මට ලොකුවට අධ්‍යාපනයක්, පට්ටම්, මිළ මුදල් තිබුනෙත් නෑ..
බූට් එක කොච්චර සැරට වැදුනද කිව්වොත් 2013 අවුරුද්දෙම මගෙ performance down. රස්සාවෙන් මට ලැබුනේ පහළම rating එක. Bonus එකත් නැති උනා.
ඒ කාලෙ මාත් එක්ක එක team එකේ වැඩ කරපු Yashan Sathishya & Kosala Eranga සාක්කි දෙයි මං කොච්චර මානසිකව වැටිලා හිටියද කියලා..
මගේ පුරුද්දක් තිබුණා Break time වෙලාවට office එකේ building එකේ පිටුපස පඩිපෙළට ගිහින් පැරණි ආදරය ගැන මනෝ පාරක් ගහලා සුසුම්හෙලන්න..
2013 November මාසේ වගේ දවසක ඒ පඩිපෙළෙන් ගියපු උස මහත කළු කොල්ලෙක් නැවතිලා ඇහුවා "මචං are you okay" කියලා.. වැඩිය හිතන්නෙ නැතුව ඌට මගෙ දුක කථාව කියලා දැම්මා..
ඌ දුන්නා මට උපදෙස් ටිකක් - self love ගැන, මං කොහොමද මට ආදරය කරන්න ඕනේ, මට දැනටමත් ලැබිලා තියෙන මනුස්ස ජීවිතේ, සහ අනෙකුත් දේවල් ගැන සතුටු වෙන්න ඕන විදිහ, ඉස්සරහට මොනතරම් යහපත් දේවල් මගේ ජීවිතයට එන්න තියෙනවද කියලා..
ඌ කියපු එක අහලා මං එදා ඉඳන් මට ආදරය කරන්න පටන් ගත්තා, රස්සාවට 100%ක් දුන්නා, performance පෙන්නලා, monthly, quarterly award ගහලා team එකේ වැඩිම salary increment එකත් ගත්තා, ලොකු bonus එකකුත් ලැබුනා, ඒ මුදල් වලින් මං ලස්සනට අඳින්න පළඳින්න, ආස දේවල් කන්න බොන්න ගත්තා..
ටික දවසකින් තේරුණා මං මට ආදරය කරන්න පටන් ගද්දි, විශ්වයත් මට පෙරළා ආදරේ කරන්න පටන් අරගෙන කියලා..
මං අදටත් හොයනවා ඒ පඩි පෙළේදී මට හම්බවුණ පොර කවුද කියලා. ඌට ස්තූති කරන්න හිතාගෙන building එකේ හැම floor එකක්ම පීරුවත්, ඌව හොයාගන්න බැරි උනා.. ඌ fb එකෙත් නෑ.. Linkedin එකෙත් නෑ.. ඒකත් මාරයි..
ඌ කවුරු උනත් යහපතක්ම වේවා ! 🙏🏻🪷
Dilruksha
❤️
🙏
👍
❤
✨
🌸
💞
😊
101