Mindfulness ( සිහිය)
Mindfulness ( සිහිය)
June 19, 2025 at 08:58 AM
ඔබ වෙනුවෙන් ලෝකයක් ඉතිරි නොකරම මහල්ලන් තමන්ගේ අවසන් සුසුම් වාතලයට මුසු කරනු ඇත.. මහ මොළකරුවන් බොහෝ විට මහල්ලන්‍ ය. ජීවිත කාලයක් පුරා තමන් සතු බුද්ධි මහිමය, නිරමාණාත්මක හැකියාව ලෝකයේ විනාශය පිණිස යොදවන මේ බුද්ධිමතුන් නිර්මාණය වී ඇත්තේද පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ ගන්ධ රස, ඕජා යන රූප කලාප මිනිස් මනසට නොගැනිය හැකි තරම් ප්‍රමාණ වලින් එකිනෙකා සමග සංයෝජනය වීමෙනි.. ඒ සංයෝජන, බන්ධන කැඩී බිඳී විසිරී නැවත මූල ප්‍රභවය කරා එකතුවීමෙන් මේ මහල්ලන්ද නුදුරේදීම මේ මිහිතලයෙන් මැකී යනු ඇත.. නමුත් ලෝකයක් නසන්නට තමන් මෙහෙය වූ ඒ බුද්ධි බලය ඔවුන්ට ලැබුණේ කොහෙන්ද? ඒ දෙවියන් වහන්සේගෙනි එහෙමත් නැතිනම් ස්වභා දහමෙනි.. පිනට ලද ඒ බුද්ධි මහිමය.. දෙවියනගේ ආශිර්වාදය.. විනාශය පිණිස යොදවා අවසන ඔවුන්ද ඒ ලෝ දහමට හිස නමා අවසන් ගමන් යයි.. ලෝකයක් නසන්නට අත දරා සිටින අවි බිම දමා, ලෝකයක් හැඬ කරන්නට මනුෂ්‍යත්වය හදවතේ දරා ගෙන ජීවිතය නම් කෙටි චාරිකව හමාර කලා නම් ලෝකය මොනතරම් සුන්දර තැනක් වේවිද ✍️ඉන්දිකා වේවැල්පනාව
❤️ 🌻 👍 🌸 🙏 16

Comments