
🌹BOOK 𝙻𝚘𝚟𝚎𝚛𝚜❤️✨
June 13, 2025 at 02:38 AM
මගේ ආදරණීය නිල් කට්රොල් මලට,🥺💙
කළු ගල් වල ,වැටකෙයියා පින්සලකින්
ගැහැනුන්ගෙ රූප ඇදපු මට,
නුඹේ හිත ගියෙ කොහොමද කියලා
මන් නුඹෙන් අහන්නද.....
ඒ හැම රූපයක්ම එච්චර ලස්සන වුනේ
නුඔ නිසා වග නුඔ දන්නවද....
නුඔ කැමති මගේ නම වෙනුවට,
මම කැමති මගේ නමින් නුඔ කතා කරනකොට
ඇත්තමයි , ඒ හුස්ම හිරවුනේ පපුවට දැනුන
ආදරේ දරාගන්න බැරුව කියලා නුඔට එවලෙ හිතුනෙ නැද්ද .....
" මන් බයෙන් බලාගෙන හිටියේ දේවමිත්ත සිතුවම ඇතුලෙ මාව ඕනෑවට වඩා සුදු කරයිද කියලා " ,නුඔ එහෙම කියනකොට
"මට පිස්සුද මගේ ලස්සන නිල් කට්රොල් මල කැත කරන්න " කියලා කියන්න හිතුනු වග නුඔට දැනුනෙ නැද්ද ......
ඉතින් ඇත්තමයි ,
නුඔ පිටතිනුත් ,ඇතුලතිනුත් හරි ලස්සන නිල් කට්රොල් මලක් . නැත්නම් කොහොමද එච්චර කාලයක් එහෙම මාව හිතේ තියන් මන් වෙනුවෙන් බලන් හිටියේ.......
මන් ,මගේ හිතේ නුඔ ගැන තිබුනු ඒ ආදරය. නුඔටත් හොරෙන් සිත්තම් කෙරූ නුඹේම ආදරණීය සිත්තරා
දෙව්......💙✨
*Oder now 078 444 3223*

❤️
15